එන්න, මා අනුගමනය කරන්න
සැප්තැම්බර් 28–ඔක්තෝම්බර් 11. 3 නෙපි 17–19: “බලන්න, මාගේ ප්‍රීතිය සම්පූර්ණය”


“සැප්තැම්බර් 28–ඔක්තෝම්බර් 11: ‘බලන්න, මාගේ ප්‍රීතිය සම්පූර්ණය’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“සැප්තැම්බර් 28–ඔක්තෝම්බර් 11. 3 නෙපි 17-19,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

යේසුස්වහන්සේ නෙපිවරුන්ට පෙනීසිටිමින්

ගැරී එල්. කැප් විසින්, උන්වහන්සේගේ මුහුණෙහි ආලෝකය ඔවුන් මත බැබලුවේය

සැප්තැම්බර් 28–ඔක්තෝම්බර් 11

3 නෙපි 17–19

“බලන්න, මාගේ ප්‍රීතිය සම්පූර්ණය”

3 නෙපි හි පෙර පරිච්ඡේදයන් ප්‍රධාන වශයෙන් ගැලවුම්කරුවාණන්ගේ වචන කෙරෙහි අවධානය යොමුකරන අතර, 17-19 පරිච්ඡේදවල උන්වහන්සේගේ දේවසේවය සහ ජනතාව අතර ඉගැන්වීම් විස්තර කෙරේ. ඔබ මෙම පරිච්ඡේද කියවන විට, ගැලවුම්කරුවාණන් ගැන ආත්මයාණන්වහන්සේ ඔබට උගන්වන්නේ කුමක්ද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බවුන්ටිෆුල් දේශයේ දේවසේවයේ යෙදෙමින්, උන්වහන්සේගේ සුභාරංචිය ඉගැන්වීම, නැවත නැගිටුවනු ලැබූ ශරීරයේ සලකුණු දැකීමට හා දැනීමට ජනයාට අවස්ථාව ලබාදීම සහ උන්වහන්සේ පොරොන්දු වූ ගැලවුම්කරුවාණන් බවට සාක්ෂි දෙමින් දවස ගතකළ සේක. දැන් උන්වහන්සේට යාමට කාලය පැමිණ තිබේ. උන්වහන්සේට තම පියාණන් වෙතට නැවත පැමිණීමට අවශ්‍ය වූ අතර, උන්වහන්සේ ඉගැන්වූ දේ ගැන මෙනෙහි කිරීමට මිනිසුන්ට කාලය අවශ්‍ය බව උන්වහන්සේ දැනසිටියේය. ඊළඟ දවසේ ආපසු එන බවට පොරොන්දු වූ උන්වහන්සේ සමූහයා ඔවුන්ගේ නිවෙස් වලට පිටත් කර හැරියේය. නමුත් කිසිවෙකු ගියේ නැත. ඔවුන්ට හැඟෙන දේ ඔවුන් නොකියූ නමුත් යේසුස්වහන්සේට එය තේරුම්ගත හැකි විය: ඔවුන් බලාපොරොත්තු වූයේ උන්වහන්සේ “ඔවුන් සමග තව ටික වේලාවක් රැඳී සිටිනු ඇතැයි කියාය” (3 නෙපි 17:5). උන්වහන්සේට තවත් වැදගත් දේවල් කළ යුතුව තිබුණත්, අනුකම්පාව පෙන්වීමේ අවස්ථාව සෑමවිටම පහසු වේලාවක නොපැමිණෙන බැවින්, යේසුස්වහන්සේ තව ටික වේලාවක් ජනතාව සමග නැවතී සිටියේය. ශුද්ධලියවිලි වල වාර්තා කර ඇති දේවසේවයේ වඩාත් මුදු මොළොක් උදාහරණය අනුගමනය විය. පැමිණ සිටි අයට කිව හැක්කේ එය විස්තර කළ නොහැකි යැයි ලෙස පමණි (3 නෙපි 17:16–17 බලන්න). මෙම සරල වචන වලින් යේසුස්වහන්සේ විසින්ම නොවරදින අධ්‍යාත්මික ගලායාම සාරාංශ කරන ලදි: “තවද දැන් බලන්න, මාගේ ප්‍රීතිය සම්පූර්ණය” (3 නෙපි 17:20).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

3 නෙපි 17

දේවසේවය සඳහා මගේ හොඳම උදාහරණය ගැලවුම්කරුවාණන්ය.

3 නෙපි 11-18 හි වාර්තා කර ඇති පරිදි, ක්‍රිස්තුස්වහන්සේගේ පළමු සංචාරය අත්විඳින ලද පුද්ගලයන් 2500 ක් පමණ සිටි බව අපි දනිමු (3 නෙපි 17:25 බලන්න). නමුත් ගැළවුම්කාරයාණන් ඔවුන්ට එකිනෙකාට සේවය කිරීමට ක්‍රමයක් සොයාගත්තේය. මෙම පරිච්ඡේදයේ ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශයෙන් සේවය කිරීම ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? උන්වහන්සේ සේවය කළේ කුමන අවශ්‍යතා සඳහාද? උන්වහන්සේගේ ආදර්ශය අන් අයට දේවසේවය කිරීමට ඔබට උපකාර කරන්නේ කෙසේදැයි සිතා බලන්න.

යේසුස්වහන්සේ නෙපිවරුන්ගේ දරුවන්ට ආශිර්වාද කරමින්

ගැරී එල්. කැප් විසින්, ඔබේ පුංචි අය බලන්න

3 නෙපි 17:13–22; 18:15–25; 19:6–9, 15–36

ගැලවුම්කරුවාණන් යාච්ඤා කළ යුතු ආකාරය අපට ඉගැන්නුවේය.

ගැළවුම්කරුවාණන් ඔබ වෙනුවෙන් යාච්ඤා කිරීම ඇසීම කෙබඳු වේදැයි සිතා බලන්න. උන්වහන්සේ ඔබ වෙනුවෙන් කුමක් කියයිද? මෙම පරිච්ඡේදවල උන්වහන්සේගේ ඉගැන්වීම් සහ යාච්ඤාවන් ඔබට අදහසක් ලබාදෙනු ඇත. ඔබ ඉගෙනගන්නා විට, ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශයෙන් ඔබගේ යාච්ඤා වඩාත් අර්ථවත් කළ හැකි කුමක් ඔබ ඉගෙනගන්නේද? ඔබේ ජීවිතයේ ඔබ දැක ඇති යාච්ඤාවෙන් ලැබෙන ආශිර්වාද මොනවාද?

3 නෙපි 18:1–12

මම සක්‍රමේන්තුවට සහභාගි වන විට මට ආත්මිකව පූර්ණ විය හැකිය.

ඔබ 3 නෙපි 18:1–12 කියවන විට, සක්‍රමේන්තුව ගැනීමෙන් ඔබට අධ්‍යාත්මිකව “පූර්ණ වීමට” හැකිවන්නේ කෙසේදැයි සිතා බලන්න (3 නෙපි 18:3–5, 9; 3 නෙපි 20:1–9 ද බලන්න). නිදසුනක් වශයෙන්, “ගැලවුම්කරුවාණන් මා වෙනුවෙන් කළ පරිත්‍යාගය ගැන මට හැඟෙන්නේ කෙසේද?” වැනි සක්‍රමේන්තුව ගන්නා විට පුද්ගලික පිළිබිඹුවක් ඇති කිරීම සඳහා ඔබට ප්‍රශ්න ලැයිස්තුවක් සෑදිය හැකිය. “උන්වහන්සේගේ පරිත්‍යාගය මගේ දෛනික ජීවිතයට බලපාන්නේ කෙසේද?” හෝ “අනුගාමිකයෙකු වශයෙන් මා කරන්නේ කුමක්ද, සහ මට දියුණු විය හැක්කේ කෙසේද?”

සභාපති හෙන්රි බී. අයිරින්ග්ගේ මෙම වචන ඔබට අධ්‍යාත්මික වශයෙන් පූර්ණ වීමට උපකාරවත් වන එක් මාර්ගයක් ගැන මෙනෙහි කිරීමට උපකාරී වේ: “සක්‍රමේන්තුව පිළිබඳ වත්පිළිවෙත තුළ ඔබ ඔබේ ජීවිතය පරීක්ෂා කර බලන විට, ඔබේ සිතුවිලි කේන්ද්‍රගත වන්නේ ඔබ කළ වැරදි වලට පමණක් නොව—ස්වර්ගික පියාණන්වහන්සේ සහ ගැළවුම්කරුවාණන් ඔබ ගැන සතුටු වූ බව ඔබට හැඟුණු ඔබ නිවැරදි දේ කළ මොහොතවල් පිළිබඳවද එසේ වේ යැයි මම බලාපොරොත්තුවෙමි. සක්‍රමේන්තුව අතරතුර ඔබට මේ දේවල් දැකීමට උදව් කරන්නැයි දෙවියන්වහන්සේගෙන් ඉල්ලීමට මොහොතක් ලබාගත හැකිය. … මම මෙය කළ විට, ආත්මයාණන් මට සහතික වී ඇත්තේ මා තවමත් පරිපූර්ණ නොවන අතර, මම ඊයේට වඩා අද හොඳ බවය. ගැළවුම්කරුවාණන් නිසා, මට හෙට තවත් වැඩියෙන් හොඳ විය හැකි බවට, මෙය මට විශ්වාසයක් ලබාදෙයි” (“Always Remember Him,” Ensign, Feb. 2018, 5).

3 නෙපි 18:36–37; 19:6–22

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ශුද්ධාත්මයාණන්වහන්සේගේ ත්‍යාගය සොයයි.

ඔබ මෑතකදී පැවසූ යාච්ඤාවක් ගැන සිතන්න. ඔබගේ ගැඹුරු ආශාවන් ගැන ඔබගේ යාච්ඤාවන් ඔබට උගන්වන්නේ කුමක්ද? ගැලවුම්කරුවාණන් ඉදිරියේ දිනක් ගතකිරීමෙන් පසු, සමූහයා ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය වන —“තමන් වඩාත්ම ආශා කළ දේ උදෙසා යාච්ඤා කළහ” (3 නෙපි 19:9). ඔබ මෙම ඡේද කියවන විට, ශුද්ධාත්මයාණන්ගේ මිත්‍රත්වය සඳහා ඔබේම ආශාව මෙනෙහි කරන්න. ශුද්ධාත්මයාණන්ගේ මිත්‍රත්වය සෙවීම ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

3 නෙපි 17

ඔබ පවුලක් ලෙස මෙම පරිච්ඡේදය කියවන විට, වරින් වර විරාමයක් තබා ඔබේ පවුලේ අයට මෙම සිදුවීම් අත්විඳිනවා යැයි සිතීමට ආරාධනා කරන්න. නිදසුනක් වශයෙන්, “සුවය ලැබීමට ගැලවුම්කරුවාණන් වෙත ඔබ ගෙන එන පීඩා මොනවාද?” වැනි ප්‍රශ්න ඔබට ඇසිය හැකිය. “උන්වහන්සේ ඔබ උදෙසා යාච්ඤා කරනවාට ඔබ කැමති කුමක්ද?” හෝ “ කුමන ආදරණීයයන්ව උන්වහන්සේ ආශිර්වාද කරනවාට ඔබ කැමතිද?” මෙම පරිච්ඡේදය කියවීමෙන් යේසුස්වහන්සේ කළාක් මෙන් ඔබේ පවුලේ සාමාජිකයන් එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කිරීමටද ඔබව පෙලඹවිය හැකිය.

3 නෙපි 18:1–12

සක්‍රමේන්තුවට සහභාගි වීමෙන් “පුරවනු ලැබීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද, සහ අප එය අත්විඳින්නේ කෙසේද? 5-7 පද වලින් යේසුස්වහන්සේ අපට සක්‍රමේන්තුව ලබාදුන් හේතුව කුමක් කියා අපි ඉගෙනගන්නවාද?

3 නෙපි 18:17–21

යාච්ඤාවේ අරමුණු ගැන මෙම පද වලින් අප ඉගෙනගන්නේ කුමක්ද? පුද්ගලයන් වශයෙන් සහ පවුලක් වශයෙන් අපගේ යාච්ඤා වල අධ්‍යාත්මික බලය වැඩිදියුණු කරන්නේ කෙසේද?

3 නෙපි 18:25; 19:1–3

අප අවට සිටින සියල්ලන්ටම අත්විඳිය හැකි යැයි අපි ප්‍රාර්ථනා කරන සුභාරංචිය තුළින් අපගේ පවුල අත්විඳ ඇති දේවල් මොනවාද? අපි සුභාරංචියේ සොයාගත් දේ ඔවුන්ටද “හැඟී දැකීමට” (3 නෙපි 18:25), ඒ මගින් අනෙක් අයව ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමට, “වෙහෙසවී වැඩකිරීමට” (3 නෙපි 19:3) මෙම පද වල මිනිසුන්ගේ ආදර්ශය අප අනුගමනය කරන්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ඔබේ අධ්‍යයනයට මගපෙන්වීමට ආත්මයාණන්ට ඉඩදෙන්න. ඔබ දිනපතා ඉගෙනගත යුතු දේ කෙරෙහි මගපෙන්වීමට ශුද්ධාත්මයාණන්ට හැකිය. ඔබ සාමාන්‍යයෙන් සිතනවාට වඩා වෙනස් මාතෘකාවක් කියවීමට හෝ වෙනත් ආකාරයකින් අධ්‍යයනය කිරීමට එම පෙළඹවීම් යෝජනා කළත්, උන්වහන්සේගේ පෙළඹවීම් කෙරෙහි සංවේදී වන්න. නිදසුනක් වශයෙන්, ඔබ 3 නෙපි 18 හි සක්‍රමේන්තුව ගැන කියවන විට, ඔබ සැලසුම් කළ ප්‍රමාණයට වඩා එම මාතෘකාව සඳහා වැඩි කාලයක් ගතකිරීමට ආත්මයාණන්වහන්සේ ඔබව පොළඹවනු ඇත.

දේවදූතයන් යේසුස්වහන්සේ සහ නෙපිවරුන්ගේ දරුවන් වටා

වෝල්ටර් රනේ විසින්, ස්වර්ගය විවෘත වනවා ඔවුන් දුටුවෝය