“සැප්තැම්බර් 21–27. 3 නෙපි 12–16: ‘ව්‍යවස්ථාවත් ආලෝකයත් මම වන්නෙමි,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“සැප්තැම්බර් 21–27. 3 නෙපි 12–16,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ගැරී එල්. කැප් විසින්, තෙවන නෙපි: මා තෝරාගත් මේ දොළොස්දෙනා
සැප්තැම්බර් 21–27
3 නෙපි 12–16
“ව්‍යවස්ථාවත් ආලෝකයත් මම වෙන්නෙමි”
3 නෙපි 12-16 දක්වා සොයාගැනීමට බොහෝ මූලධර්ම තිබේ. සමහර ඒවා මෙම දළ සටහනෙහි ලකුණු කර ඇත, නමුත් ඔබට අනෙකුත් ඒවාත් සොයාගත හැකිය. ස්වර්ගික පියාණන්වහන්සේට, උන්වහන්සේගේ ආත්මය තුලින්, ඔබට මේ වේලාවේ අවශ්‍ය දේ උගන්වන්නට ඉඩදෙන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
ගලීලයේ කන්දට රැස්වූ යේසුස්වහන්සේගේ ගෝලයන් මෙන්, බවුන්ටිෆුල් දේවමාළිගාවට රැස්වූ ජනතාව මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ ජීවත් වූහ. ඔවුන් එය අනුගමනය කළේ එය ඔවුන්ගේ ආත්මය ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමුකළ නිසාය (යාකොබ් 4:5 බලන්න), දැන් ක්‍රිස්තුස්වහන්සේ උසස් ව්‍යවස්ථාවක් ප්‍රකාශ කරමින්, ඔවුන් ඉදිරියෙහි සිටගෙන සිටින සේක. නමුත් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට කිසිවිටෙකත් ජීවත්නොවූ අප වැනි අයට පවා යේසුස්වහන්සේ සිය ගෝලයන් සඳහා නියම කළ ප්‍රමිතිය ඊට වඩා උසස් ව්‍යවස්ථාවක් බව වටහාගත හැකිය. නුඹලාත් පරිපූර්ණව සිටිය යුතු වීමට කැමැත්තෙමි” ලෙස උන්වහන්සේ ප්‍රකාශ කළ සේක (3 නෙපි 12:48). මෙය ඔබට ප්‍රමාණවත් නොවන බවක් හැඟේ නම්, යේසුස්වහන්සේ කී දෙය මතකතබාගන්න, “මා වෙතට පැමිණෙන්නාවූ ආත්මයෙන් දිළින්දෝ ආශිර්වාද ලද්දේය; මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය” (3 නෙපි 12:3). මෙම උසස් ව්‍යවස්ථාව ආරාධනයකි—“මා වෙතට පැමිණ ගැලවීම ලබාගන්න” යනුවෙන් පැවසීමේ තවත් ක්‍රමයකි (3 නෙපි 12:20). මෝසෙස්ගේ ව්‍යවස්ථාව මෙන්, මෙම ව්‍යවස්ථාවද අපව ගලවා පරිපූර්ණ කළ හැකි එකම තැනැත්තා වන—ක්‍රිස්තුස්වහන්සේ වෙතට අපව යොමුකරයි. “බලව,” උන්වහන්සේ මෙසේ පැව්සූ සේක, “ව්‍යවස්ථාවත් ආලෝකයත් මම වන්නෙමි. මා දෙස බලන්න, තවද අවසානය දක්වා දරාගන්න, තවද නුඹලා ජීවත්වන්නහුය” (3 නෙපි 15:9).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
සැබෑ අනුගාමිකයෙකු වන්නේ කෙසේද යන්න ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් වලින් මට පෙන්වයි.
3 නෙපි 12-14 හි බොහෝ සත්‍යයන්, උපදේශ වචන සහ අනතුරු ඇඟවීම් තිබේ. මෙම පරිච්ඡේදවල ගැලවුම්කරුවාණන් ඉගැන්වූ දේ අධ්‍යයනය කිරීමට හා අදාළ කරගැනීමට එක් ක්‍රමයක් මෙන්න: පද සමූහයක් තෝරාගන්න, ඉන්පසු “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් …” ලෙස ආරම්භ වන එක් වාක්‍යයකින් පදවල උගන්වන දේ සාරාංශගත කළ හැකිදැයි බලන්න, උදාහරණයක් ලෙස, 3 නෙපි 14:1-5 දක්වා සාරාංශය “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් විනිශ්චය කරන්නේ නැත” යනුවෙන් විය හැකිය. ඔබට විශේෂයෙන් අර්ථවත් වන පද මෙම පරිච්ඡේද වලින් තෝරාගැනීමට ඔබට අවශ්‍ය විය හැකි අතර එය කටපාඩම් කිරීමට හෝ එය ඔබට නිතරම බැලීමට පහසු ස්ථානයක තැබිය හැකිය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වඩා හොඳ අනුගාමිකයෙකු වීමට ඔබ ගන්නා පුද්ගලික උත්සහයන්ට ඔබ ඉගෙනගත් දේ අදාළ කරගන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න.
තවත් බලන්න මතෙව් 5–7; ලූක් 6:20–49.
3 නෙපි 12:1–2; 15:23–24; 16:1–6
නොපෙනෙන නමුත් විශ්වාස කරන අය භාග්‍යවන්තයෝය.
දෙවියන්වහන්සේගේ මුළු දරුවන් සංඛ්‍යාව හා සසඳන කල, බවුන්ටිෆුල් හි ජනතාව මෙන් ගැළවුම්කරුවාණන්වහන්සේ සහ උන්වහන්සේව දුටු සහ උන්වහන්සේගේ හඬ ඇසූ අය ස්වල්ප දෙනෙක් පමණි. අපෙන් බොහෝදෙනෙක් 3 නෙපි 12:2; 15:23; සහ 16:4–6 හි විස්තර කර ඇති මිනිසුන්ට සමානය. මෙම පදවල එවැනි අයට දී ඇති පොරොන්දු මොනවාද? මෙම පොරොන්දු ඔබේ ජීවිතයේ ඉටුවී ඇත්තේ කෙසේද?
තවත් බලන්න යොහාන් 20:26–29; 2 නෙපි 26:12–13; ඇල්මා 32:16–18.
3 නෙපි 12:21–30; 13:1–8, 16–18; 14:21–23
ධර්මිෂ්ට ක්‍රියාවන් ප්‍රමාණවත් නොවේ; මාගේ සිතද පිරිසිඳු විය යුතුමය.
පිටත ක්‍රියාවන් වලින් ධර්මිෂ්ට වීම පමණක් නොවේ නමුත් අපේ හදවත් තුලින්ද එසේ වීම සඳහා—උසස් නීතියකට අනුව ජීවත්වීම ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය බව මෙම පරිච්ඡේදවල ඔබ කියවිය හැකි එක් තේමාවකි. ස්වාමින්වහන්සේ තර්ක (3 නෙපි 12:21–26), දුරාචාරය (3 නෙපි 12:27–30), යාච්ඤාව (3 නෙපි 13:5–8), සහ නිරාහාර ශීලය (3 නෙපි 13:16–18), ගැන කථා කරන විට මෙම තේමාව සොයන්න. ඔබට සොයාගත හැකි වෙනත් උදාහරණ මොනවාද? පිටත ක්‍රියාවන් ගැන පමණක් අවධානය යොමුකරනවා වෙනුවට ඔබගේ හදවතේ ආශාවන් පිරිසිඳු කිරීම සඳහා ඔබට කුමක් කළ හැකිද?
මම ස්වර්ගික පියාණන්ගෙන් “යහපත් දේ” සොයන්නේ නම්, මට ලැබෙනු ඇත.
සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවේය: “දෙවියන්වහන්සේට ඇත්තෙන්ම ඔබට කථාකිරීමට අවශ්‍යද? ඔව්! … අහෝ, ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ඔබ දැනගැනීමට අවශ්‍ය බොහෝ දේ ඇත” (“සභාව සඳහා එළිදරව්, අපේ ජීවිත සඳහා එළිදරව්,” එන්සයින් හෝ ලියහෝනා, මැයි 2018, 95). 3 නෙපි 14:7-11 හි ඉල්ලීමට, සෙවීමට හා තට්ටු කිරීමට, වූ ස්වාමින්වහන්සේගේ ආරාධනය ඔබ කියවන විට, උන්වහන්සේ කැමතිවන්නේ මොනයම් “යහපත් දේ” ඔබ ඉල්ලනවාට දැයි මෙනෙහි කරන්න. පහත සඳහන් අමතර ශුද්ධලියවිලි පද ඔබට ඇසිය යුතු, සෙවිය යුතු හා තට්ටු කළ යුතු ආකාරය තේරුම්ගැනීමට උපකාරී වෙයි. සමහර යාච්ඤාවන්ට අපි බලාපොරොත්තු වන ආකාරයට පිළිතුරු ලැබෙන්නේ නැත්තේ ඇයි යන්න මේවා විස්තර කරයි: යෙසායා 55:8–9; හිලමන් 10:5; මොරෝනි 7:26–27, 33, 37; සහ දහම සහ ගිවිසුම 9:7–9.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
3 නෙපි 12:48
මෙම පදයේ ගැලවුම්කරුවාණන්ගේ වචන තේරුම්ගැනීමට වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ්ගේ පණිවිඩය “Be Ye Therefore Perfect—Eventually” (Ensign or Liahona, Nov. 2017, 40–42) අපට උපකාර කරන්නේ කෙසේද? මොරෝනි 10:32-33 හි වුවද ඔබට උපකාර සොයාගත හැකිය.
3 නෙපි 12:9, 38–42; 14:3–5, 12
පවුලේ සාමාජිකයන් අතර අන්තර්ක්‍රියා සඳහා මෙම පද අදාළ වන්නේ කෙසේද? සමහරවිට මෙම මූලධර්ම අනුව ඇදහිලිවන්තව ජීවත්වීමට එකට එක්ව අරමුණක් සාදාගැනීමට ඔබේ පවුලට හැකිය.
3 නෙපි 13:19–21
මෙම පද ඔබේ පවුලට වැදගත් කුමක්ද යන්න පිළිබඳ සාකච්ඡාවකට පෙළඹවිය හැකිය. ස්වර්ගයේ වස්තුව රැස්කිරීමට ඔබට බාධා කරන පොළොවේ ඔබට යම් යම් වස්තූන් තිබේද? ඔබගේ නිවස තුළ යම් යම් දේවල් සොයන්නට නිධන් සෙවීමක් කිරීමට ඔබේ පවුල මෙහෙයවමින්, ඔබේ පවුලේ සාමාජිකයින්ට සදාකාලික වටිනාකමකින් යුත් නිධන් ගැන මතක් කරදීමෙන් ඔබට මෙම කාරණාව ශක්තිමත් කළ හැකිය.
3 නෙපි 14:7–11
3 නෙපි 14:8-9 මගින් පෙළඹී, කුඩා දරුවන්ට ක්‍රීඩාවක් භුක්තිවිඳිය හැකිය, එහිදී ඔවුන් යමක් ඉල්ලා සිටින අතර සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් ලබාගනී. උන්වහන්සේ මෙම උදාහරණය බෙදාගත් විට, ස්වර්ගික පියාණන්වහන්සේ ගැන අපි කුමක් දැනගන්නවාට ගැලවුම්කරුවාණන්ට අවශ්‍ය වූයේද?
3 නෙපි 14:15–20
ජෝසෆ් ස්මිත්, හෝ සභාවේ වත්මන් සභාපති සැබෑ අනාගතවක්තෘවරයකු බව දැනගැනීමට අපට උපකාරවත් වන “හොඳ ඵල” මොනවාද?
3 නෙපි 14:24–27
මෙම පදවල ඇති උපමාව දෘශ්‍යමාන කිරීමට ඔබේ පවුලට උපකාර කළ හැකි ක්‍රම ගැන සිතන්න. සමහරවිට පවුලේ සාමාජිකයින්ට පින්තූර ඇඳීමට, ක්‍රියාවන් කිරීමට හෝ ඝන සහ වැලි සහිත අත්තිවාරම් මත දේවල් ගොඩනැගීමට හැකිය.
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
භාණ්ඩ යොදාගන්නා පාඩම් බෙදාගන්න. හුරුපුරුදු වස්තූන් ගැන සඳහන් කරමින් ගැලවුම්කරුවාණන් ගැඹුරු සත්‍යයන් කථා කළ සේක. ඔබේ පවුලේ අය 3 නෙපි 12-16 කියවන විට ඔබට ඒ හා සමාන දෙයක් කළ හැකිය. උදාහරණයක් ලෙස, ඔබ 12 වන පරිච්ඡේදය කියවන විට, ඔබට ලුණු, ඉටිපන්දමක් සහ කබායක් පෙන්විය හැකිය. මෙය හොඳ සමාලෝචන ක්‍රියාකාරකමක් සඳහාද හේතු විය හැකිය. ඔබ මෙම පරිච්ඡේද කියවීමෙන් පසු, එම භාණ්ඩ නැවත පෙන්වා, ගැලවුම්කරුවාණන් ඒ එක එකක් ගැන ඉගැන්වූයේ කුමක්ද යන්න පවුලේ සාමාජිකයින්ගෙන් අසන්න.
ග්ලෙන් එස්. හොප්කින්සන් විසින්, ඇමරිකාවේ ජනතාව වෙත ගැලවුම්කරුවාණන්ගේ බැහැදැකීම