එන්න, මා අනුගමනය කරන්න
සැප්තැම්බර් 14–20. 3 නෙපි 8–11: “නැගිට මා වෙතට එන්න”


“සැප්තැම්බර් 14-20. 3 නෙපි 8-11: ‘නැගිට මා වෙතට එන්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“සැප්තැම්බර් 14-20. 3 නෙපි 8-11,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

යේසුස්වහන්සේ නෙපිවරුන්ට පෙනීසිටිමින්

ජේම්ස් ෆුලර් විසින්, මම ලෝකයේ ආලෝකය වෙමි

සැප්තැම්බර් 14–20

3 නෙපි 8–11

“නැගිට මා වෙතට එන්න”

3 නෙපි 8–11 දක්වා, දෙවියන්වහන්සේ ඔවුන්ට කතා කරන හඬ ජනතාවට ඇසුණි. ඔබ මෙම පරිච්ඡේද කියවන විට, උන්වහන්සේගේ කටහඬ ඔබට පවසන දේ කෙරෙහි අවධානය යොමුකරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

“බලව, ලෝකය තුළට පැමිණෙන්නේ යයි අනාගතවක්තෘවරුන් සාක්ෂි දැරුවාවූ මම එම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නෙමි” (3 නෙපි 11:10) මෙම වචන වලින්, නැවත නැගිටුවනු ලැබූ ගැළවුම්කරුවාණන් තමා හඳුන්වාදුන්නේ, වසර 600 කට අධික මෝර්මොන්ගේ අනාවැකි ඉටුකරමිනි. වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් මෙසේ ලීවේය, “එම පෙනුම සහ එම ප්‍රකාශය, මෝර්මොන්ගේ පොතේ සමස්ත ඉතිහාසයේ, උත්තරීතර මොහොතේ, කේන්ද්‍රීය ස්ථානය පිහිටවූයේය. සෑම නෙපිවර අනාගතවක්තෘවරයෙකුටම දැනුම්දී ආනුභාව ලත් ප්‍රකාශනය හා නියෝගය එයයි. … සෑම කෙනෙක්ම උන්වහන්සේ ගැන කතා කළෝය, උන්වහන්සේ ගැන ගායනා කළෝය, උන්වහන්සේ ගැන සිහින මැව්වෝය, උන්වහන්සේගේ දර්ශනය ගැන යාච්ඤා කළෝය—නමුත් මෙන්න ඔහු ඇත්තටම මෙහිය. දවස් වල දවස! සෑම අඳුරු රාත්‍රියක්ම උදෑසන ආලෝකය බවට හරවන දෙවියන්වහන්සේ පැමිණ තිබේ” (Christ and the New Covenant [1997], 250–51).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

3 නෙපි 8–11

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ආලෝකයය.

භෞතික හා අධ්‍යාත්මික යන දෙකේම—අන්ධකාරය හා ආලෝකය සම්බන්ධ තේමාවන් 3 නෙපි 8–11 පුරාම පුනරාවර්තනය වන බව ඔබට පෙනෙනු ඇත. අධ්‍යාත්මික අන්ධකාරය සහ ආලෝකය ගැන මෙම පරිච්ඡේද වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔබේ ජීවිතයට අන්ධකාරය ගෙන එන්නේ මොනවාද? ආලෝකය ගෙන එන්නේ මොනවාද? ඔබ සිතන ලෙස ගැලවුම්කරුවාණන් තමාව “ලෝකයේ ආලෝකය සහ ජීවනය” ලෙස හඳුන්වාදීමට තෝරාගත්තේ ඇයි? (3 නෙපි 9:18; 11:11). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ ජීවිතයේ ආලෝකයක් වූයේ කෙසේද?

3 නෙපි 8-10

මම පසුතැවිලි වුවහොත්, ගැළවුම්කරුවාණන් මා එක්රැස් කර, ආරක්ෂා කර, සුව කරනු ඇත.

3 නෙපි 8 හි විස්තර කර ඇති විනාශය සහ අන්ධකාරය අත්විඳීමෙන් පසු ජනතාවට දැනුනේ කෙසේද? 9 සහ 10 පරිච්ඡේදවල ආලෝකය, දයාව සහ මිදීම ගැන ගැළවුම්කරුවාණන්ගේ හඬ ඇසෙන විට ඔවුන්ට හැඟෙන්නට ඇතැයි ඔබ සිතන්නේ කෙසේද?

දරුණු විනාශය මිනිසුන්ගේ පව්වල ප්‍රතිඵලයක් බව ගැලවුම්කරුවාණන් ප්‍රකාශ කළද, උන්වහන්සේ වෙතට හැරී පසුතැවිලි වන අයව සුව කරන බවට උන්වහන්සේ පොරොන්දු විය (3 නෙපි 9:2, 13 බලන්න). වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් මෙසේ පැවසීය: “අත්හැර දමා ඇති පාපය කෙතරම් ආත්මාර්ථකාමී වුවත්, පසුතැවිලි වූ තැනැත්තා කෙරෙහි ගැලවුම්කරුවාණන්ගේ දයාව සහ ප්‍රේමය ගැන, මම පුදුම වෙමි. ගැලවුම්කරුවාණන්ට අපගේ පව් වලට සමාව දීමට හැකියාවක් ඇති බව මම සාක්ෂි දෙමි ” (“Repent … That I May Heal You,” Ensign or Liahona, Nov. 2009, 40).

ක්‍රිස්තුස්වහන්සේගේ දයාව සහ සමාව දීමට උන්වහන්සේ දක්වන උනන්දුව පිළිබඳ සාක්ෂි සඳහා 3 නෙපි 9-10 සොයන්න. නිදසුනක් වශයෙන්, 3 නෙපි 9:13–22 සහ 10:1–6 හි ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය හා දයාව දැනීමට ඔබට උපකාරවත් වන්නේ මොනවාද? උන්වහන්සේ ඔබව “එක්රැස් කර” “පෝෂණය” කරන බව ඔබට දැනුණු විට ඔබේ අත්දැකීම් මෙනෙහි කරන්න (3 නෙපි 10:4 බලන්න). මෙම අත්දැකීම් දිනපොතක වාර්තා කිරීම හෝ ඒවා ඔබගේ ආදරණීයයන් සමග බෙදාගැනීම සලකා බලන්න.

3 නෙපි 11:1–8

දෙවියන්වහන්සේගේ කටහඬ ඇසීමට සහ තේරුම්ගැනීමට මට ඉගෙනගත හැකිය.

දෙවියන්වහන්සේ ඔබට සන්නිවේදනය කරන පණිවිඩයක් තේරුම්ගැනීමට ඔබ වෙහෙසෙන බව ඔබට කවදා හෝ හැඟී තිබේද? 3 නෙපි 11:1–8 හි මිනිසුන්ගේ අත්දැකීම් මගින් දෙවියන්වහන්සේගේ හඬ ඇසීමේ සහ තේරුම්ගැනීමේ මූලධර්ම තේරුම්ගැනීමට ඔබට හැකි වේ. මිනිසුන් ඇසූ දෙවියන්වහන්සේගේ හඬේ ලක්ෂණ සහ එය වඩා හොඳින් තේරුම්ගැනීමට ඔවුන් කළ දේ ඔබට සටහන් කරගත හැකිය. පුද්ගලික එළිදරව් කිරීම් තුළින් ඔබගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ හඬ ඇසීමට සහ හඳුනාගැනීමට ඔබ දරන උත්සාහයට මෙම වාර්තාව අදාළ වන්නේ කෙසේද?

3 නෙපි 11:8–17

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට ආරාධනා කරන්නේ උන්වහන්සේ පිළිබඳව පෞද්ගලික සාක්ෂියක් ලබාගැනීමටය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන වන විට බවුන්ටිෆුල් හි 2500 ක් පමණ ජනයා රැස්ව සිටියහ (3 නෙපි 17:25 බලන්න). මෙම විශාල සංඛ්‍යාව සිටියදීත්, ගැළවුම්කරුවාණන් තම අත් සහ පාදවල ඇණ ලකුණු ස්පර්ශ කර බලන ලෙස “එකිනෙකාට” ආරාධනා කළේය (3 නෙපි 11:14-15). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනංවන පෞද්ගලික අත්දැකීම් තිබීමේ වැදගත්කම ගැන මෙයින් ඔබට යෝජනා කරන්නේ කුමක්ද? ගැලවුම්කරුවාණන් ඔබට “නැගිට උන්වහන්සේ වෙතට එන්න” ලෙස ආරාධනා කරන්නේ කුමන ආකාර වලින්ද? (3 නෙපි 11:14). උන්වහන්සේ ඔබේ ගැලවුම්කරුවාණන් බවට සාක්ෂියක් ලබාගැනීමට ඔබට උපකාරවත් වූ අත්දැකීම් මොනවාද? මෙම පදවල ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අන් අයට දේවසේවය කිරීමට ඔබ දරන උත්සාහයට අනුබල දෙන්නේ කෙසේද යන්නත් ඔබට සලකා බැලිය හැකිය.

යේසුස්වහන්සේ තම දෑතේ ඇති ලකුණු නෙපිවරුන්ට පෙන්වමින්

වෝල්ටර් රනේ විසින්, එකිනෙකා බැගින්

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

3 නෙපි 8–9

3 නෙපි 8-9 හි විස්තර කර ඇති අත්දැකීම් සමග ඔබේ පවුලට උපකාර කිරීම සඳහා, අඳුරු වූ කාමරයක මෙම පරිච්ඡේදවල කොටස් නැවත කීමට හෝ සවන්දීමට ඔබට හැකිය. දවස් තුනක් අන්ධකාරයේ සිටීම කෙබඳු විය හැකිදැයි සාකච්ඡා කරන්න. එවිට ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ලෝකයේ … ආලෝකය” වන්නේ කෙසේද යන්න ගැන කතා කළ හැකිය (3 නෙපි 9:18).

3 නෙපි 10:1–6

කිකිළියක් ඇගේ පැටවුන් එක්රැස් කිරීම නිරූපණය කිරීම ගැලවුම්කරුවාණාන්ගේ චරිතය සහ මෙහෙවර තේරුම්ගැනීමට දරුවන්ට උපකාර කිරීමට ප්‍රබල ඉගැන්වීමේ මෙවලමක් විය හැකිය. ඔබේ පවුලේ අය කිකිළියක් හා පැටවුන්ගේ පින්තූරයක් දෙස බලන අතරතුර ඔබට මෙම පද කියවිය හැකිය. කිකිළියකට ඇගේ පැටවුන් එකතු කරගැනීමට අවශ්‍ය ඇයි? ගැලවුම්කරුවාණන් අපව උන්වහන්සේට සමීප කරවීමට කැමති ඇයි? කැඳවූ විට පැටියෙකු රැස්නොවීමට තීරණය කළහොත් කුමක් සිදුවිය හැකිද?

3 නෙපි 11:1–7

සමහරවිට ඔබට මෙම පද සමහරක් මෘදු “කුඩා හඬකින්” කියවිය හැකිය (3 නෙපි 11: 3). ස්වර්ගයේ හඬ තේරුම්ගැනීමට මිනිසුන්ට කළ යුතුව තිබුණේ කුමක්ද? ඔවුන්ගේ අත්දැකීම් වලින් අප ඉගෙනගන්නේ කුමක්ද?

3 නෙපි 11:21–38

ඔබේ පවුලේ කිසිවෙකු බෞතීස්ම වීමට සූදානම් වෙමින් සිටිනවාද? 3 නෙපි 11:21–38 කියවීම ඔවුන්ට සූදානම් වීමට උපකාරී වේ. මෙම පදවල ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් ගැන මෙනෙහි කිරීම දැනටමත් බෞතීස්ම වී ඇති පවුලේ සාමාජිකයන්ට උපකාර වන්නේ කෙසේද?

3 නෙපි 11:29–30

මතභේද ගැන මෙම පද අපට උගන්වන්නේ කුමක්ද? අපේ නිවසේදී වාද විවාද “[ඇතිකර] නොගන්නේ” කෙසේද? (3 නෙපි 11:30).

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

හැඟීම් සටහන් කරන්න. වැඩිහිටි රිචඩ් ජී. ස්කොට් පැවසුවේ, “දැනුම ප්‍රවේශමෙන් සටහන් කරගැනීම යනු අවශ්‍ය වේලාවට ලබාගත හැකි දැනුමයි. … [අධ්‍යාත්මික හැඟීම් පටිගත කිරීම] ඔබට තවදුරටත් ආලෝකය ලැබීමේ සම්භාවිතාව වැඩි කරයි” (“Acquiring Spiritual Knowledge,” Ensign, Nov. 1993, 88).

යේසුස්වහන්සේ නෙපිවරුන්ට පෙනීසිටිමින්

හොවාර්ඩ් ලියොන් විසින්, එක් එඬේරෙක්