“නොවැම්බර් 30–දෙසැම්බර් 6. මොරෝනි 1–6: ‘ඔවුන්ව නිවැරදි මාර්ගයේ තබාගැනීමට,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“නොවැම්බර් 30–දෙසැම්බර් 6. මොරෝනි 1–6,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
මිනෙර්වා කේ. ටෙයිචර්ට් (1888–1976), ඇල්මා මොර්මොන්ගේ ජලයේ මිනිසුන්ව බව්තීස්ම කරමින්, 1949–1951, මැසොනයිට් මත තෙල්, 35⅞ x 48 අඟල්. බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේ කලා කෞතුකාගාරය, 1969.
නොවැම්බර් 30–දෙසැම්බර් 6
මොරෝනි 1–6
“ඔවුන්ව නිවැරදි මාර්ගයේ තබාගැනීමට”
මොරෝනි “යම් අනාගත දවසකදී වටිනාකමක් ලැබෙනු ඇතැයි” අපේක්ෂා කළ දේ සටහන් කළේය (මොරෝනි 1:4). මොරෝනි 1–6 තුළ ඔබ සොයාගන්නා ඔබට වටිනා දේවල් මොනවාද? ඔබ සොයාගත් දේ වාර්තා කර එය වටිනා යැයි සිතිය හැකි කෙනෙකු සමග බෙදාගැනීම ගැන සලකා බලන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
තම පියාගේ නෙපිවරුන්ගේ වාර්තාව අවසන් කිරීමෙන් පසුව සහ යාරෙද්වරුන්ගේ වාර්තාව සංක්ෂිප්ත කිරීමෙන් පසුව, මොරෝනි මුලින් සිතුවේ ඔහුගේ වාර්තා තබාගැනීමේ කටයුතු සිදුකර අවසාන බවයි (මොරෝනි 1:1 බලන්න). මුළුමනින්ම විනාශ වූ ජාතීන් දෙකක් ගැන තවත් කුමක් කියන්නට ඇත්ද? නමුත් මොරෝනි අපේ කාලය දැක ඇත (මොර්මොන් 8:35 බලන්න), “සමහරවිට ඒවා අනාගතයේ දී වටිනාකමක් ලැබෙනු ඇති … තවත් දේවල් කිහිපයක් ලිවීමට” ඔහුට පෙලඹීමක් ලැබී ඇත (මොරෝනි 1:4). පූජක වත්පිළිවෙත් හා පොදුවේ ආගම පිළිබඳ ව්‍යාකූලත්වයක් ඇති කරන, ඇදහිල්ලෙන් වැටීම පුළුල් ලෙස පැමිණෙන බව ඔහු දැනසිටියේය. සක්‍රමේන්තුව, බව්තීස්මය, ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය ප්‍රදානය කිරීම සහ සෙසු ඇදහිලිවන්තයන් සමග “[එකිනෙකා] නිවැරදි මාර්ගයේ තබාගැනීමට… අපගේ ඇදහිල්ලේ කතෘ සහ අවසන් කරන්නා වන, ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග මත පමණක් රඳා සිටීම” පිළිබඳ පැහැදිලි විස්තර ඔහු ලබාදුන්නේ මේ නිසා විය හැකිය (මොරෝනි 6:4). මෙවැනි වටිනා තීක්ෂ්ණ බුද්ධිය සඳහා අපට ස්තූතිවන්ත වීමට හේතුවක් වන්නේ ස්වාමින්වහන්සේ මොරෝනිගේ ජීවිතය ආරක්ෂා කළ නිසා ඔහුට “තවත් කරුණු කිහිපයක් ලිවීමට” හැකිවීමයි (මොරෝනි 1:4).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් විරුද්ධවාදිකම් නොතකා විශ්වාසවන්තව සිටිති.
සමහර අයට, පහසුවෙන් සහ සැනසිලිදායක කාල වලදී විශ්වාසවන්තව සිටීම පහසුය. නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, පීඩා හා විරුද්ධවාදිකම් වලට මුහුණදෙන විටත් අප විශ්වාසවන්තව සිටිය යුතුයි. ඔබ මොරෝනි 1 කියවන විට, මොරෝනි ස්වාමින්වහන්සේට විශ්වාසවන්තව සිටීම සහ ඔහුගේ කැඳවීම ගැන ඔබව පොලඹවන්නේ කුමක්ද? ඔහුගේ ආදර්ශය ඔබට අනුගමනය කළ හැක්කේ කෙසේද?
ස්වාමින්වහන්සේගේ අණ පරිදි පූජක වත්පිළිවෙත් ක්‍රියාත්මක කළ යුතුය.
ගැලවුම්කරුවාණන් සිය ලෞකික දේවසේවයේදී බව්තීස්මය වැනි පූජනීය වත්පිළිවෙත් ලබාගත්තේය එමෙන්ම ක්‍රියාත්මක කළේය (බලන්න මතෙව් 3:13–17; Joseph Smith Translation, John 4:1–3 [in the Bible appendix]), පූජක වත්පිළිවෙත් (බලන්න මාර්ක් 3:13–19), සහ සක්‍රමේන්තුව (බලන්න මතෙව් 26:26–28). කෙසේවෙතත්, මහා ඇදහිල්ලෙන් වැටීම නිසා, අද බොහෝ මිනිසුන් වත්පිළිවෙත් ක්‍රියාත්මක කළ යුතු ආකාරය හා ඒවා කිසිසේත් අවශ්‍යද යන්න පිළිබඳව ව්‍යාකූල වී සිටිති. මොරෝනි 2–6 දක්වා, සමහර ව්‍යාකූලතා ඉවත් කිරීමට උපකාරී වන ඇතැම් පූජක වත්පිළිවෙත් පිළිබඳ වැදගත් තොරතුරු මොරෝනි විසින් සපයන ලදි. මෙම පරිච්ඡේද වල ඇති වත්පිළිවෙත් පිළිබඳව ඔබ ඉගෙනගන්නා විට ඇතිවන හැඟීම් මොනවාද? පහත දැක්වෙන්නේ ඔබට ඉගෙනගැනීමට උපකාර කිරීමට ඔබෙන් ඇසිය හැකි ප්‍රශ්න කිහිපයකි:
-
ස්ථිර කිරීම (මොරෝනි 2; 6:4).ස්ථිර කිරීමේ වත්පිළිවෙත ගැන මොරෝනි 2:2 හි ගැලවුම්කරුවාණන්ගේ උපදෙස් ඔබට උගන්වන්නේ කුමක්ද? “ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ක්‍රියා කර පවිත්‍ර කරනු ලැබීම” යන්නෙහි තේරුම කුමක් යැයි ඔබ සිතනවාද? (මොරෝනි 6:4).
-
පූජක වත්පිළිවෙත් (මොරෝනි 3).පූජකත්වය සඳහා වෙන්කිරීමට යමෙකුට සූදානම් විය හැකි මෙම පරිච්ඡේදයේ ඔබ සොයාගන්නා දේවල් මොනවාද? වත්පිළිවෙතක් සිදුකිරීමට කිරීමට කෙනෙකුට උපකාරවත් වන දේ කුමක් යැයි ඔබ සොයාගන්නේද?
-
සක්‍රමේන්තුව (මොරෝනි 4–5; 6:6).සක්රමේන්තු යාච්ඤා වල ඇති පොරොන්දු සැලකිල්ලට ගන්න (මොරෝනි 4:3; 5:2 බලන්න), එමෙන්ම ඔබේ පොරොන්දු ඉටුකිරීමට ඔබ කරන්නේ කුමක්දැයි මෙනෙහි කරන්න. ඔබ සක්‍රමේන්තුවට සහභාගි වන විට ආත්මයාණන්ගේ බලපෑමට වඩාත් ප්‍රබල ලෙස ආරාධනා කිරීමට ඔබට කුමක් කළ හැකිද?
-
බව්තීස්මය (මොරෝනි 6:1–3).බව්තීස්ම වීමෙන් පසුව පවා මෙම පද වල දක්වා ඇති බව්තීස්මය සඳහා වන සුදුසුකම් සපුරාලීමට ඔබට කුමක් කළ හැකිද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව මෙම පද වලින් ඔබට යෝජනා කරන්නේ කුමක්ද?
ඔබ ඉගෙනගත් දේ මත පදනම්ව, ඔබ සිතන ආකාරය, සහභාගී වන ආකාරය හෝ මෙම වත්පිළිවෙත් සඳහා අන් අය සූදානම් කරන ආකාරය ඔබ වෙනස් කරන්නේ කෙසේද? මෙම වත්පිළිවෙත් “ක්‍රිස්තුස්වහන්සේගේ ආඥා වලට අනුව … ක්‍රියාත්මක කිරීම” වැදගත් වන්නේ ඇයි? (මොරෝනි 4:1).
තවත් බලන්න “Ordinances,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
වත්පිළිවෙත් සිදුවිය යුතු ආකාරය යේසුස්වහන්සේ ඉගැන්වීය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් එකිනෙකාගේ ප්‍රාණයන්ගේ සුභසාධනය බලාගනී.
අප සැවොම “අපේම ගැලවීම ලබාගැනීමට වැඩ කරන” (මොර්මොන් 9:27) බව සත්‍යයක් වන අතර, මොරෝනි ඉගැන්වූයේ සෙසු ඇදහිලිවන්තයන් සමග “හැකි සෑමවිට හමුවීම” අපව “නිවැරදි මාර්ගයේ” තබාගැනීමට උපකාරී වන බවය (මොරෝනි 6:4–5). ඔබ මොරෝනි 6:4–9 කියවන විට, “ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ජනයා අතර ගණන්ගැනීම” තුළින් ලැබෙන ආශිර්වාද ගැන මෙනෙහි කරන්න (මොරෝනි 6:4). ඔබ නායකයෙකු හෝ සහභාගිවන්නෙකු වේවා, ඔබටත් අනෙක් අයටත් සභාවේ අත්දැකීම් මොරෝනි විස්තර කරන ආකාරයටම ලබාදීමට ඔබට උදව් කරන්නේ කෙසේද?
පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
මොරෝනි 1; මොරෝනි 6:3
“ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මොරෝනි 1:2–3). අපගේ “අවසානය දක්වා උන්වහන්සේට සේවය කිරීමේ අධිෂ්ඨානය” පෙන්වන්නේ කෙසේද? (මොරෝනි 6:3). උන්වහන්සේට සේවය කිරීමට මෙම අධිෂ්ඨානය ඇති ඔබ දන්නා පුද්ගලයින්ගේ උදාහරණ බෙදාගන්න.
මොරෝනි 4:3; මොරෝනි 5:2.
පවුලක් ලෙස සක්‍රමේන්තු යාච්ඤා කියවීමෙන් සක්‍රමේන්තුවට වඩා ගෞරවයෙන් සැලකීම පිළිබඳ සාකච්ඡාවකට මගපෑදිය හැකිය. සමහරවිට පවුලේ සාමාජිකයන්ට මෙම යාච්ඤා වලින් ඔවුන්ට විශේෂයෙන් අර්ථවත් වන වාක්‍ය ඛණ්ඩ සාකච්ඡා කළ හැකිය. ඔවුන්ට මෙම වාක්‍ය ඛණ්ඩ පිළිබඳ ඔවුන්ගේ අදහස් වාර්තා කිරීමට හෝ ගැලවුම්කරුවාණන් ගැන සිතීමට උපකාරී වන පින්තූරයක් ඇඳීමටද හැකිය. උන්වහන්සේ පිළිබඳ ඔවුන්ගේ සිතුවිලි කෙරෙහි අවධානය යොමුකිරීම සඳහා ඔවුන් ලියූ දේ හෝ චිත්‍රයට නැගූ දේ සක්‍රමේන්තු රැස්වීමකට ගෙන ඒමට ඔවුන්ට හැකිය. සක්‍රමේන්තුව සහ ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගය ගැන ඔබට හැඟෙන ආකාරය ඔබේ පවුලේ අයට කියන්න.
මොරෝනි 6:1–4
“බිඳුණු හදවතක් සහ පසුතැවුණු ආත්මයක්” තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (මොරෝනි 6:2). බව්තීස්ම වීමට සූදානම් වීමට මෙය අපට උපකාර කරන්නේ කෙසේද? අප බව්තීස්ම වීමෙන් පසු මෙය අපට උපකාර කරන්නේ කෙසේද?
මොරෝනි 6:4–9
මෙම පද වලට අනුව, “ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ජනයා අතර ගණන් ගැනීම” තුළින් ලැබෙන ආශිර්වාද මොනවාද? (මොරෝනි 6:4). අපට සභාව අවශ්‍ය ඇයි?
මොරෝනි 6:8
පසුතැවීම ගැන මෙම පදය උගන්වන්නේ කුමක්ද? “සැබෑ චේතනාවෙන්” සමාව සෙවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (මොරෝනි 6:8). “Help Me, Dear Father” (Children’s Songbook, 99) වැනි සමාව ගැන ගීතයක් ගායනා කිරීම සලකා බලන්න.
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
දෙවියන්ගේ ප්‍රේමය පිළිබඳ සාක්ෂි සොයන්න. සභාපති එම්. රසල් බැලර්ඩ් ඉගැන්වූයේ, “ශුභාරංචිය ප්‍රේමයේ ශුභාරංචියකි—එනම් දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමය සහ එකිනෙකා කෙරෙහි ප්‍රේමයයි” (“God’s Love for His Children,” Ensign, May 1988, 59). ඔබ ශුද්ධලියවිලි කියවන විට, දෙවියන්වහන්සේ ඔබ හා උන්වහන්සේගේ සියලු දරුවන් කෙරෙහි දක්වන ප්‍රේමයේ සාක්ෂි සටහන් කිරීම හෝ සලකුණු කිරීම සලකා බලන්න.
ජොර්ජ් කොකෝ විසින්, මොරෝනි ගුහාවක තුළ