“දෙසැම්බර් 21–27. නත්තල: ‘උන්වහන්සේගේ සෙනග මුදවාගැනීම සඳහා උන්වහන්සේ ලෝකයට පැමිණෙනු ඇත,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“දෙසැම්බර් 21–27. නත්තල,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
වෝල්ටර් රනේ විසින්, බලන්න දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්
දෙසැම්බර් 21–27
නත්තල
“උන්වහන්සේගේ සෙනග මුදවාගැනීම සඳහා උන්වහන්සේ ලෝකයට පැමිණෙනු ඇත”
නත්තල් සමය අපගේ ගැලවුම්කරුවාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත ගැන මෙනෙහි කිරීමට හා කෘතඥතාව පළකිරීමට කාලයකි. උන්වහන්සේගේ උපත හා ජීවිතය පිළිබඳව ඔබ මේ සතියේ කියවා මෙනෙහි කරන විට, මේ වසරේ මොර්මොන්ගේ පොත පිළිබඳ ඔබේ අධ්‍යයනයෙන් උන්වහන්සේ ලෝකයේ ගැළවුම්කරුවාණන් බවට ඔබගේ සාක්ෂිය ශක්තිමත් කර ඇති ආකාරය සලකා බලන්න. ඔබ වෙත පැමිණෙන හැඟීම් සටහන් කරන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
නෙපි සිට මොරෝනි දක්වා මොර්මොන්ගේ පොතේ සෑම අනාගතවක්තෘවරයෙක්ම මාතෘකා පිටුවෙහි සාරාංශ ගත කර ඇති “යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව [සියලු ජනයාට] ඒත්තු ගැන්වීම” යන පරිශුද්ධ අරමුණ වෙනුවෙන් කැපවී සිටිති. එක් අනාගතවක්තෘවරයෙක් ඔහුව පෙර ආත්මයක් ලෙස දුටු අතර, තවත් අයෙක් ඔහුගේ උපත හා දේවසේවය දර්ශනයකින් දුටුවේය. එක් අයෙක් උන්වහන්සේගේ උපත හා මරණය පිළිබඳ සංඥා ප්‍රකාශ කිරීම සඳහා පවුරක් මත සිටගෙන සිටි අතර, තවත් අයෙක් උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටි ශරීරය ඉදිරිපිට දණ ගසා, උන්වහන්සේගේ අත්, පාද සහ පැත්තෙහි ඇති තුවාල ස්පර්ශ කළේය. ඔවුන් සියලුදෙනාම මෙම අත්‍යවශ්‍ය සත්‍යය දැන සිටියහ: “එනම් එහි වෙනත් මාර්ගයක් හෝ ආකාරයක් මගින් මනුෂ්‍යයා මුදවීමට නොමැත්තේය, එහෙත් ඒ පැමිණෙන්නට සිටින යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය තුලින් පමණි; … උන්වහන්සේ ලෝකය මිදවීමට පැමිණෙන සේක” (හිලමන් 5:9).
ඉතින් මේ නත්තල් සමයේදී, ලොව පුරා සිටින ඇදහිලිවන්තයන්, තම පුත්‍රයාණන් එවීමේ දෙවියන්වහන්සේගේ යහපත්කම හා ප්‍රේමය සමරන අතරතුර, මොර්මොන්ගේ පොත ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කර ඇති ආකාරය ගැන මෙනෙහි කරන්න. උන්වහන්සේගේ උපත ගැන ඔබ සිතන විට, උන්වහන්සේ පැමිණියේ මන්දැයි සහ උන්වහන්සේගේ පැමිණීම ඔබගේ ජීවිතය වෙනස් කර ඇති ආකාරය ගැන මෙනෙහි කරන්න. එවිට නත්තලේ සැබෑ ප්‍රීතිය—එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට දෙන ත්‍යාගය ඔබට අත්විඳිය හැකිය.
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
1 නෙපි 11:13–36; මොසායා 3:5–10; හිලමන් 14:1–13; 3 නෙපි 1:4–22
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ ගැලවුම්කරුවාණන් වීමට පොළොවට ආවේය.
නත්තල් සමයේදී අලුත් ගිවිසුමේ ගැලවුම්කරුවාණන්ගේ උපත පිළිබඳ කතාව කියවීම සම්ප්‍රදායිකය, නමුත් ඔබට මෙම පූජනීය සිදුවීම පිළිබඳ චලනය වන අනාවැකි මොර්මොන්ගේ පොතෙන්ද සොයාගත හැකිය. නිදසුනක් වශයෙන්, ගැලවුම්කරුවාණන්ගේ උපත සහ දේවසේවය පිළිබඳ අනාවැකි 1 නෙපි 11:13–36; මොසායා 3:5–10; හිලමන් 14:1–13; සහ 3 නෙපි 1:4–22 හි සොයාගත හැකිය. මෙම ඡේද කියවා උන්වහන්සේගේ උපතේ සලකුණු වල අර්ථයන් විය හැකි දේවල් පිළිබඳව මෙනෙහි කරන විට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබට ඇතිවන හැඟීම් මොනවාද? පුරාණ ඇමරිකාවේ මෙම අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂි ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ මෙහෙවර පිළිබඳ ඔබගේ සාක්ෂිය ශක්තිමත් කරන්නේ කෙසේද?
මතෙව් 1:18–25; 2; ලූක් 2 ද බලන්න.
2 නෙපි 2:6; ඇල්මා 7:7–13; 11:40; හිලමන් 5:9; 14:16–17
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයාගේ මිදුම්කරුවාණන්ය.
දුක් පීඩා වලින් සනසවමින්, සහ “උන්වහන්සේ තුළ සර්ව සම්පූර්ණ වීමට” අපට උපකාර කරමින් උන්වහන්සේ අපව පාපයෙන් හා මරණයෙන් ගලවාගැනීමේ, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය නොවන්නට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සැමරීමට අපට කිසිම හේතුවක් නැති වන්නට තිබුණි (මොරෝනි 10:32). ඔබව මුදවාගැනීමට ගැලවුම්කරුවාණන්ට ඇති බලය ගැන ඔබ මේ වසරේ මොර්මොන්ගේ පොතෙන් ඉගෙනගත්තේ මොනවාද? ඔබට කැපීපෙනෙන කුමන හෝ කතන්දර හෝ ඉගැන්වීම් ඇත්ද? ගැලවුම්කරුවාණන්ගේ මුදවාගැනීමේ මෙහෙයුම පිළිබඳව පහත උදාහරණ මගින් ඔබට උගන්වන්නේ කුමක්ද යන්න සලකා බලන්න: 2 නෙපි 2:6; ඇල්මා 7:7–13; 11:40; සහ හිලමන් 5:9; 14:16–17. උන්වහන්සේට ඔබේ කෘතඥතාව පෙන්වීමට ඔබට කුමක් කිරීමට පෙළඹවීමක් දැනේද? (Christmas.ComeuntoChrist.org හි ඔබට ආරම්භ කළ හැකි අදහස් කිහිපයක් ඇත.)
1 නෙපි 6:4; 19:18; 2 නෙපි 25:23, 26; 33:4, 10
මොර්මොන්ගේ පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමකි යන්න මොර්මොන්ගේ පොත සඳහා උපසිරැසියකට වඩා වැඩි යමකි, එය එහි දිව්‍යමය අරමුණ පිළිබඳ ප්‍රකාශයකි. ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දීමට මොර්මොන්ගේ පොතේ මෙහෙවර පිළිබඳ පහත සඳහන් ශුද්ධලියවිලි පද වලින් ඔබ ඉගෙනගන්නා දේ මෙනෙහි කරන්න: 1 නෙපි 6:4; 19:18; සහ 2 නෙපි 25:23, 26; 33:4, 10.
මේ වසරේ මොර්මොන්ගේ පොත අධ්‍යයනය කිරීමෙන් ඔබ ක්‍රිස්තුස්වහන්සේට සමීප වූයේ කෙසේ දැයි දින පොතක වාර්තා කිරීම සලකා බලන්න. පහත දැක්වෙන විමසීම් උදව් විය හැකිය:
-
“මේ වසරේ ගැළවුම්කරුවාණන් ගැන මම ඉගෙනගත් අලුත් දෙයක් වන්නේ …”
-
“[ගැළවුම්කරුවාණන් පිළිබඳ පද] කියවීමෙන් මා වෙනස් විය…”
-
“මොර්මොන්ගේ පොතේ මගේ ප්‍රියතම පුද්ගලයා [හෝ කතාව] ගැළවුම්කරුවාණන් පිළිබඳ මට ඉගැන්වූයේ …”
පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
1 නෙපි 11:13–23; මොසායා 3:5–10; හිලමන් 14:1–13; 3 නෙපි 1:4–22
1 නෙපි 11:13–23; මොසායා 3:5–10; හිලමන් 14:1–13; සහ 3 නෙපි 1:4–22 හි ක්‍රිස්තුස්වහන්සේගේ උපත හා දේවසේවය පිළිබඳ කතා කියවන විට ඇසෙන දේවලින් පින්තූර ඇඳීමෙන් දරුවන් සතුටු විය හැකිය. එවිට ඔබේ දරුවන්ට ඔවුන් ඇඳ ඇති පින්තූර භාවිතා කර කතන්දර නැවත පැවසිය හැකිය.
“ත්‍යාගය උන්වහන්සේයි”
ස්වර්ගික පියාණන්වහන්සේ තම පුත්‍රයාණන් එවීමෙන් අපට දුන් ත්‍යාගය කෙරෙහි අවධානය යොමුකිරීමට ඔබේ පවුලට උපකාර කිරීම සඳහා, ඔබට නත්තල් ත්‍යාගයක් මෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරයක් එතිය හැකිය. පවුලේ සාමාජිකයින්ට තමන්ට ලැබී ඇති හෝ ලැබීමට කැමති ප්‍රියතම නත්තල් තෑගි ගැන කතා කළ හැකිය. එවිට ඔවුන්ට ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරය ලිහා, උන්වහන්සේ අපට අගනා ත්‍යාගයක් වූයේ කෙසේද යන්න සාකච්ඡා කළ හැකිය. “He Is the Gift” (ChurchofJesusChrist.org) වීඩියෝවෙන් ඔබට මෙම නත්තලේදී පවුලක් ලෙස ගැලවුම්කරුවාණන්ගේ ත්‍යාගය සොයාගැනීමට, වැලඳගැනීමට හා බෙදාගැනීමට හැකි ආකාරය සාකච්ඡා කිරීමට උපකාරී වේ.
එනම් අන් අයට කරුණාවන්ත වීමට උත්සාහ කිරීම හෝ නරක පුරුද්දක් ජයගැනීමට වැඩ කිරීම වැනි, ගැලවුම්කරුවාණන්ට දීමට කැමති “ත්‍යාගයක්” ගැන සිතීමෙන් ඔබගේ පවුලේ අයට ප්‍රයෝජන ලැබිය හැකිය. පවුලේ සාමාජිකයින්ට ඔවුන්ගේ අදහස් ලියා, ඒවා ත්‍යාගයක් මෙන් ඔතා, ඔවුන්ගේ තෑගි ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයක් වටා තැබීමට ආරාධනා කිරීම සලකා බලන්න.
නත්තල් ආත්මය
යමෙකුට සේවය කිරීම හෝ නත්තල් ගීතිකා එකට ගායනා කිරීම වැනි ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය දැනීම සඳහා නත්තලට පෙර දින වල ඔබගේ පවුලට කළ හැකි ක්‍රියාකාරකම් සැලසුම් කිරීම විනෝදජනක විය හැකිය. (අදහස් සඳහා, බලන්න Christmas.ComeuntoChrist.org.)
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම
ක්‍රියා කිරීමට කළ ආරාධනා පසුවිපරම් කර බලන්න. “ඔබ ක්‍රියා කිරීමට කළ ආරාධනයක් ගැන පසුවිපරම් කරන බලන විට, ඔබ [ඔබගේ පවුලේ සාමාජිකයින්ට] ඔබ ඔවුන් ගැන සැලකිලිමත් වන බවත් ශුභාරංචිය ඔවුන්ගේ ජීවිත වලට ආශිර්වාද කරන බවත් පෙන්වා දෙයි. ඔවුන්ගේ කැපවීම ශක්තිමත් වන සහ ශුභාරංචිය ජීවත්වීමේදී එකිනෙකාට සහයෝගය දැක්වීමට ඔවුන්ට ඉඩ සලසන, අත්දැකීම් බෙදාහදා ගැනීමටද ඔබ ඔවුන්ට අවස්ථාව ලබාදෙයි” (Teaching in the Savior’s Way, 35).
ජුඩිත් ඒ. මෙහර් විසින්, කන්‍යා මරියතුමිය පිළිබඳ නෙපිගේ දර්ශනය