එන්න, මා අනුගමනය කරන්න
අගෝස්තු 17–23. හිලමන් 1-6: “අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය”


“අගෝස්තු 17–23. හිලමන් 1-6: “අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“අගෝස්තු 17–23. හිලමන් 1-6,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

පර්වත මත රළ කඩා වැටීම

අගෝස්තු 17–23

හිලමන් 1–6

“අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය”

මෙම දළ සටහනෙහි ඇති මූලධර්ම මගින් හිලමන් 1–6 පිළිබඳ ඔබේ අධ්‍යයනයට මගපෙන්විය හැකි නමුත් ඒවාට ඔබව සීමාකිරීමට ඉඩනොදෙන්න. ශුද්ධාත්මයාණන් විසින් ඔබ ඉගෙනගත යුතු සත්‍යයන් වෙත මගපෙන්වනු ඇත.

ඔබේ හැඟීම් සටහන් කරන්න

හිලමන්ගේ පොත නෙපිවරුන් සහ ලාමන්වරුන් අතර ජයග්‍රහණ හා ඛේදවාචකයන් වාර්තා කරයි. එය ආරම්භ වන්නේ “නෙපි ජනයා අතර බරපතල දුෂ්කරතාවයකින්ය” (හිලමන් 1:1), එමෙන්ම එම දුෂ්කරතා වාර්තාව පුරාම පැමිණෙමින් පවතී. දේශපාලන කුමන්ත්‍රණ, මංකොල්ලකරුවන්ගේ කණ්ඩායම්, අනාගතවක්තෘවරුන් ප්‍රතික්ෂේප කිරීම සහ රට පුරා ආඩම්බරකම සහ අවිශ්වාසය ගැන අපි මෙහි කියවමු. නමුත් දිවි ගලවාගත් අය පමණක් නොව අධ්‍යාත්මිකව දියුණු වූ, නෙපි සහ ලෙහි සහ “ජනතාවගේ වඩාත් නිහතමානී කොටස” වැනි උදාහරණ අපට හමුවේ (හිලමන් 3:34). ඔවුන් එය කළේ කෙසේද? ඔවුන්ගේ ශිෂ්ටාචාරය පිරිහීමට හා බිඳවැටීමට පටන්ගත් විට ඔවුන් ශක්තිමත්ව සිටියේ කෙසේද? යක්ෂයා “[අපට] පහරදීමට” එවන එම “බලවත් කුණාටුව” තුළ අපෙන් ඕනෑම කෙනෙකු ශක්තිමත්ව සිටින එම ආකාරය නම්—අප අපගේ ජීවිත ගොඩනැගිය යුත්තේ “දෙවියන්වහන්සේගේ පුත්‍රයාවූ, ක්‍රිස්තුස්වහන්සේවූ, අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය මතය; … එම අත්තිවාරම මත මනුෂ්‍යයා ගොඩනැගෙන්නේ නම් ඔවුහු නොවැටෙන්නෝය” (හිලමන් 5:12).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

හිලමන් 1–6

උඩඟුකම ස්වාමින්වහන්සේගේ ආත්මයෙන් හා ශක්තියෙන් මා වෙන් කරයි.

ඔබ හිලමන් 1–6 සහ මෝර්මොන්ගේ පොත පුරාම කියවන විට—නෙපිවරුන්ගේ හැසිරීමේ රටාවක් ඔබට දැකගත හැකිය: නෙපිවරුන් ධර්මිෂ්ට වන විට දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන අතර ඔවුන් සමෘද්ධිමත් වේ. ටික කලකට පසු, ඔවුන් ආඩම්බර හා දුෂ්ට බවට පත්වන අතර, විනාශයට හා දුක් වේදනාවලට තුඩු දෙන තේරීම් කරති. එවිට ඔවුන් නිහතමානී වී පසුතැවිලි වීමට පෙලඹී ඇති අතර දෙවියන්වහන්සේ ඔවුන්ට නැවත වරක් ආශිර්වාද කරයි. රටාව බොහෝ විට පුනරාවර්තනය වන අතර සමහර මිනිසුන් එය “ආඩම්බර චක්‍රය” ලෙස හඳුන්වයි.

ආඩම්බර චක්‍රය

“ආඩම්බර චක්‍රය”

ඔබ කියවන විට මෙම චක්‍රයේ උදාහරණ සොයන්න. ඔබ උදාහරණ සොයාගත්විට ඒවා සලකුණු කිරීමට පවා ඔබට අවශ්‍ය විය හැකිය. මෙම රටාව තේරුම්ගැනීමට සහ එය ඔබට අදාළ වන්නේ කෙසේදැයි බැලීමට ඔබට උදව් වන ප්‍රශ්න කිහිපයක් මෙන්න:

  • නෙපිවරුන් අතර ඔබ දකින උඩඟුකමේ සාක්ෂි මොනවාද? (උදාහරණයක් ලෙස, හිලමන් 3:33–34; 4:11–13 බලන්න). ඔබ තුල ආඩම්බර වීමට සමාන උදාහරණ ඔබ දකිනවාද?

  • උඩඟුකමේ හා දුෂ්ටකමේ ප්‍රතිවිපාක මොනවාද? (හිලමන් 4:23-26 බලන්න). නිහතමානීකමේ හා පසුතැවිල්ලේ ප්‍රතිවිපාක මොනවාද? (හිලමන් 3:27–30, 35; 4:14–16 බලන්න).

  • තම පුතුන් මතක තබාගැනීමට හිලමන්ට අවශ්‍ය වූයේ මොනවාද? (හිලමන් 5:4–12 බලන්න). මෙම සත්‍යයන් මතක තබාගැනීමෙන් ආඩම්බරවීම වළක්වා ගතහැක්කේ කෙසේද?

Dieter F. Uchtdorf, “Pride and the Priesthood,” Ensign or Liahona, Nov. 2010, 55–58 ද බලන්න.

හිලමන් 3:24–35

මාගේ සිත දෙවියන්වහන්සේට භාරදීමෙන් මට පවිත්‍ර විය හැකිය.

සහාව කෙතරම් සමෘද්ධිමත් හා ආශිර්වාද ලත් කාලයක්දැයි හිලමන් 3 හි මෝර්මොන් විස්තර කළේ නායකයන් පවා පුදුමයට පත්වූ බවය (24-32 පද බලන්න). අවසානයේදී සමහර අය ආඩම්බර වූ අතර තවත් සමහරු “ඔවුන්ගේ යටහත්කමෙහි ශක්තිමත් වූහ, … ඔවුන්ගේ හදවත් පවිත්‍රකමින්ද, ශුද්ධවන්තකමට වුවත් පූර්ණවිය” (හිලමන් 3:35). වඩා නිහතමානී මිනිසුන් 34-35 පදවල පවිත්‍ර වීමට කළ දේ සැලකිල්ලට ගන්න. මේ දේවල් ඔබට වඩාත් පවිත්‍ර වීමට උපකාර කරන්නේ කෙසේද? ශුද්ධලියවිලි මගපෙන්වීම (scriptures.ChurchofJesusChrist.org) පවිත්‍රවීම නිර්වචනය කරන්නේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධවූ වන්දිගෙවීම තුළින් පාපයෙන් නිදහස්, පිරිසිඳු, නිර්මල හා ශුද්ධ බවට පත්වීමේ ක්‍රියාවලිය” ලෙස බව දැනගැනීම උදව් විය හැකිය. මෙම අනුගාමිකයින්ගේ ආදර්ශය අනුගමනය කිරීමට ඔබව පොළඹවන්නේ මොනවාද? ඔබේ සිත දෙවියන්වහන්සේට භාරදීමට ඔබ කරන්නේ මොනවාද?

හිලමන් 5:14–52

මගේ ඇදහිල්ල ශක්තිමත් වන්නේ “[මට ලැබී ඇති] සාක්ෂි වල ශ්‍රේෂ්ටත්වය” මගිනි.

වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් වරක් තම ඇදහිල්ල සමග අරගල කරන අයට මෙසේ පැවසීය: “මෝර්මොන්ගේ පොත ‘සාක්ෂි වල ශ්‍රේෂ්ටත්වය’ ලෙස හඳුන්වන නිසා ඔබ සිතනවාට වඩා ඔබට විශ්වාසයක් තිබේ [හිලමන් 5:50]. … සුභාරංචිය අනුව ජීවත්වීමේ ඵල සෑම තැනකම පසු-දවස්වල ශුද්ධවන්තයින්ගේ ජීවිත තුළින් දැකගත හැකිය” (“Lord, I Believe,” Ensign or Liahona, May 2013, 94). ඔබ මෙම පද කියවන විට, ස්වාමින්වහන්සේ ඔබට දී ඇති සාක්ෂි ගැන සිතා බලන්න. නිදසුනක් වශයෙන්, සමහරවිට ඔබ ස්වාමින්වහන්සේගේ හඬ ඇත්තෙන්ම අසා නැති නමුත් “ඔබේ ප්‍රාණයටම පවා කිඳාබසින” ශුද්ධාත්මයාණන්ගේ “මිමිණුම” ඔබට දැනී ඇත්ද? (හිලමන් 5:30; දහම සහ ගිවිසුම 88:66 ද බලන්න). සමහරවිට ඔබ අන්ධකාරයේ සිට ඇති අතර, වැඩි විශ්වාසයක් සඳහා දෙවියන්වහන්සේට හඬා, “එම කිව නොහැකි ප්‍රීතියෙන් පිරී” තිබෙන්නට ඇත (හිලමන් 5:40–47). ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ සුභාරංචිය කෙරෙහි ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කර ඇති වෙනත් අත්දැකීම් මොනවාද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

හිලමන් 3:27–30

අනාගතවක්තෘ මෝර්මොන් මෙම පූජනීය වාර්තා සංක්ෂිප්ත කරද්දී, ඔහු විටින් විට වැදගත් සත්‍යයන් අවධාරණය කිරීම සඳහා “මේ අනුව අපට පෙනේ” යන වාක්‍ය ඛණ්ඩය භාවිතා කළේය. හිලමන් 3:27-30 හි අප දැකීමට ඔහුට අවශ්‍ය වූයේ කුමක්ද? මෙම සතියේ ඔබගේ අධ්‍යයනය පුරාම, පවුලේ සාමාජිකයන් කියවා ඇති දේ සම්බන්ධයෙන් “මේ අනුව අපට පෙනේ” යන වාක්‍ය ඛණ්ඩය සම්පූර්ණ කරන්නේ කෙසේදැයි විමසීමට ඔබට ඉඳහිට විරාමයක් ගත හැකිය. ඔවුන් අවධාරණය කිරීමට කැමති සත්‍යයන් මොනවාද?

හිලමන් 5:6–7

සභාපති ජෝර්ජ් ඇල්බට් ස්මිත්ගේ මියගිය සීයා ජෝර්ජ් ඒ. ස්මිත් සිහිනයකින් ඔහුට පෙනී සිටිමින්, “ඔබ මගේ නමෙන් කුමක් කර ඇත්දැයි දැනගැනීමට මම කැමතියි” යනුවෙන් විමසීය. සභාපති ස්මිත් ඊට ප්‍රතිචාර දක්වමින්, “මම කිසිවිටෙකත් ඔබගේ නම සමග ලැජ්ජා විය යුතු කිසිවක් කර නැත” (in Teachings of Presidents of the Church: George Albert Smith [2011], xxvi). හිලමන් 5:6-7 කියවීමෙන් පසු, ගැලවුම්කරුවාණන්ගේ නම ඇතුළුව, අප ඔසවාගෙන යන නම් මතක තබාගැනීම සහ ගෞරව කිරීම පිළිබඳව ඔබේ පවුලේ සාමාජිකයන් සමග කතා කළ හැකිය.

හිලමන් 5:12

“ස්ථිර පදනමක්” යන්නෙහි තේරුම ඔබේ පවුලේ අයට දෘශ්‍යමාන කිරීමට උපකාර කිරීම සඳහා, ඔබට කුඩා ව්‍යුහයක් එකට ගොඩනගා එය විවිධ පදනම් මත තැබිය හැකිය. ඒ මත ජලය ඉසීම සහ විදුලි පංකාවක් හෝ කෙස් වියළුමක් භාවිතා කරමින් සුළඟ නිර්මාණය කරමින්, ඔබට “බලවත් කුණාටුවක්” නිර්මාණය කළ හැකිය. විවිධ අත්තිවාරම් මත සිටින විට ව්‍යුහයට සිදුවූයේ කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ජීවිතයේ “ස්ථිර පදනමක්” වන්නේ කෙසේද?

හිලමන් 5:29–33

අපගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ හඬ හඳුනාගැනීමේ අපට ඇති අත්දැකීම් මොනවාද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ඔබ සමග ඉවසිලිවන්ත වන්න. ඇදහිල්ලේ පදනමක් වරකට එක කැබැල්ලක් බැගින් ගොඩනගා ඇත. සමහර මූලධර්ම ඔබට දැන් තේරුම්ගැනීමට අපහසු නම්, ඉවසිලිවන්ත වන්න. ඇදහිල්ලෙන් හා උනන්දුවෙන් අධ්‍යයනය කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ පදනම ගොඩනගාගන්නා විට අවබෝධය ලැබෙනු ඇතැයි විශ්වාස කරන්න.

නෙපි සහ ලෙහි සිරගෙදර

© The Book of Mormon for Young Readers, බ්‍රියානා ෂෝක්‍රොෆ්ට් විසින්, නෙපි සහ ලෙහි ගින්දරින් වටවී; පිටපත් නොකරන්න