“අගෝස්තු 10–16. ඇල්මා 53–63: ‘උන්වහන්සේගේ පුදුමාකාර බලයෙන් සුරක්ෂිත වී,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“අගෝස්තු 10–16. ඇල්මා 53-63,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ආර්නොල්ඩ් ෆ්‍රිබර්ග් විසින්, දෙදහසක් වූ රණශූරයන්
අගෝස්තු 10–16
ඇල්මා 53–63
“උන්වහන්සේගේ පුදුමාකාර බලයෙන් සුරක්ෂිත වී”
ඇල්මා 53-63 හි ඇති වාර්තා මගින් සුභාරංචි සත්‍යයන් අනුව ජීවත්වීමේ හෝ ඒවා ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිවිපාක දැකගත හැකිය. ඔබ ඇල්මා 53-63 කියවන විට, ඔබ ඉගෙනගන්නා සත්‍යයන් අනුව ජීවත්විය හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න සහ එම පෙළඹවීම් වාර්තා කරන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
ලාමන්වරුන්ගේ හමුදාවන් හා සසඳන විට, තරුණ නෙපිවරුන් 2,000 ක් සිටින හිලමන්ගේ “කුඩා හමුදාවට” (ඇල්මා 56:33) අවස්ථාවක් නොතිබීමට ඉඩ තිබුණි. සංඛ්‍යාවෙන් ස්වල්පයක් වීමට අමතරව, හිලමන්ගේ සොල්දාදුවන් “සියලුදෙනාම… ඉතා තරුණ වූ අතර,” “ඔවුන් කිසිවිටෙකත් සටන් කර තිබුණේ නැත” (ඇල්මා 56:46–47). යම් යම් ආකාර වලින්, සාතන්ට හා ලෝකයේ නපුරු බලවේගයන්ට එරෙහි අපගේ පසුකාලීන සටනේදී සමහරවිට ඔවුන් අභිබවා යන බවක් සහ යටකරගැනීමක් දැනෙන අපට ඔවුන්ගේ තත්වය හුරුපුරුදු යැයි පෙනෙන්නට හැකියි.
එහෙත් හිලමන්ගේ හමුදාවට ලාමන්වරුන්ට වඩා සංඛ්‍යා හෝ හමුදා කුසලතා සමග කිසිදු සම්බන්ධයක් නැති ඔවුන්ට වඩා යම් යම් වාසීන් තිබුණි. ඔවුන් මෙහෙයවීම සඳහා අනාගතවක්තෘවරයකු වූ, හිලමන්ව, තෝරාගත්හ (ඇල්මා 53:19); “ඔවුන්ගේ මව්වරුන් විසින් ඔවුන්ට උගන්වා තිබුණේ ඔවුන් සැක නොකරන්නේ නම් දෙවියන්වහන්සේ ඔවුන්ව ගලවාගන්නා බවය” (ඇල්මා 56:47); ඔවුන්ට “ඉගැන්වූ දේ කෙරෙහි අධික විශ්වාසයක් ඔවුන්ට තිබුණි.” එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ව ආරක්ෂා කරනු ලැබුවේ “දෙවියන්වහන්සේගේ පුදුමාකාර බලය” නිසාවෙනි (ඇල්මා 57:26). ඔවුන් සියල්ලන්ම යුද්ධයෙන් තුවාල ලැබුවද, “ඔවුන්ගෙන් එක් ප්‍රාණයක්වත් විනාශ නොවීය” (ඇල්මා 57:25). එබැවින් ජීවිතය අප සෑම කෙනෙකුටම අධ්‍යාත්මික තුවාල සිදුකරන විට, අපට ධෛර්යය ලබාගත හැකිය—හිලමන්ගේ හමුදාවේ පණිවිඩය නම් “එනම් එය සාධාරණ දෙවියන්වහන්සේ කෙනෙකු සිටි බවය, තවද කවරෙකු වුවත් සැක නොකරන්නේ නම්, එනම් ඔවුහු උන්වහන්සේගේ පුදුමාකාර බලයෙන් සුරක්ෂිත විය යුතු වන්නෝය” යන්නයි (ඇල්මා 57:26).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
ඇල්මා 53:10–22; 56:43–48, 55–56; 57:20–27; 58:39–40
මම දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට, උන්වහන්සේගේ පුදුමාකාර බලයෙන් මට ආශිර්වාද කරනු ඇත.
ඒවා එතරම් අපහසු යැයි පෙනෙන නිසා, හිලමන්ගේ තරුණ රණශූරයින්ගේ ජයග්‍රහණ වැනි ආශ්චර්යමත් කථා සම්බන්ධ කිරීමට අපහසු විය හැකිය. නමුත් එවැනි කතන්දර ශුද්ධලියවිලි වල තිබීමට එක් හේතුවක් නම්, අපට ඇදහිල්ල ඇතිවිට, දෙවියන්වහන්සේට අපගේ ජීවිතවල ප්‍රාතිහාර්යයන් කළ හැකි බව පෙන්වීමයි. පහත දැක්වෙන පදවල කැපී පෙනෙන රණශූරයන් ගැන ඔබ කියවන විට, ඔවුන් දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කළ ආකාරය, ඔවුන්ගේ ඇදහිල්ල එතරම් ශක්තිමත් වූයේ කෙසේද සහ ප්‍රාතිහාර්යයන් සිදුවන්නට හේතු වූයේ කුමක්ද යන්න පිළිබඳ ඉඟි සොයන්න: ඇල්මා 53:10–22; 56:43–48, 55–56; 57:20–27; සහ 58:39–40. පහත වගුව මගින් ඔබ සොයාගත් දේ වාර්තා කළ හැකි එක් ක්‍රමයක් යෝජනා කරයි.
|
හිලමන්ගේ රණශූරයන්ගේ ලක්ෂණ: | |
|
ඔවුන්ට උගන්වා තිබූ දේ: | |
|
ඔවුන් කළ දේ: | |
|
ඔවුන්ට ලැබුණු ආශිර්වාද: |
මෙම පද අධ්‍යයනය කිරීමෙන් පසු, ඔබේ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම සඳහා ඔබ කිරීමට පෙළඹවීමක් දැනෙන්නේ මොනවාද?
තරුණ රණශූරයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා මව්වරුන්ගේ කාර්යභාරය හිලමන් සඳහන් කළේය (බලන්න ඇල්මා 56:47–48; 57:20–27). ඔබේ ඇදහිල්ල ගොඩනැගීමේදී පවුලේ සාමාජිකයන් සහ වෙනත් අය ඉටුකර ඇති කාර්යභාරය කුමක්ද? ඔබේ පවුලේ අයගේ සහ මිතුරන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට ඔබට කුමක් කළ හැකිද?
ජෝසප් බ්‍රිකී විසින්, ඔවුන් සැක නොකළහ
මට අන් අයගේ හොඳම දේ සිතීමට තෝරාගත හැකි අතර අමනාප නොවිය හැකිය.
හිලමන් සහ පහෝරන් යන දෙදෙනාටම අමනාප වීමට හොඳ හේතු තිබුණි. හිලමන්ට තම හමුදාවන්ට ප්‍රමාණවත් සහායක් නොලැබුණු අතර, එම සහයෝගය රඳවා නොගත් බවට මොරෝනි විසින් පහෝරන්ට බොරු චෝදනා එල්ල කළේය (බලන්න ඇල්මා 58:4–9, 31–32; 60). ඇල්මා 58:1–12, 31–37 සහ ඇල්මා 61 හි ඔවුන්ගේ ප්‍රතික්‍රියා ගැන ඔබව පුදුමයට පත්කරන්නේ කුමක්ද? සමාන අවස්ථා වලදී ඔබ ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කරන්නේ කෙසේද?
වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ ඉගැන්වීය: “යම් ආකාරයකින් හා යම් වේලාවක මෙම සභාවේ කෙනෙකු අහිතකර ලෙස සැලකිය හැකි දෙයක් කරයි හෝ කියයි. එවැනි සිදුවීමක් අප සෑම කෙනෙකුටම නිසැකවම සිදුවනු ඇත—සහ එය එක් වරකට වඩා වැඩි වාර ගණනක් සිදුවනු ඇත. … ඔබටත් මටත් අන් අයගේ චේතනා හෝ හැසිරීම පාලනය කළ නොහැක. කෙසේවෙතත්, අපි ක්‍රියාකරන්නේ කෙසේද යන්න අපි තීරණය කරන්නෙමු. කරුණාකර මතක තබාගන්න ඔබත් මමත් සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහසක් ඇති බලයෙන් සැරසුණු නියෝජිතයන් වන අතර අපට අමනාප නොවී සිටීමට තෝරාගත හැකිය” (“And Nothing Shall Offend Them,” Ensign or Liahona, Nov. 2006, 91).
තවත් බලන්න හිතෝපදේශ 16:32; මොරෝනි 7:45; David A. Bednar, “Meek and Lowly of Heart,” Ensign or Liahona, May 2018, 30–33.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
ඇල්මා 53:10–17
ලේ වැගිරවීම නොකිරීමට විරුද්ධ-නෙපි-ලෙහිවරු ගිවිසුමක් ඇතිකර ගත්හ. දෙවියන්වහන්සේ සමග අප කර ඇති ගිවිසුම් මොනවාද? අපගේ ගිවිසුම් වලට වඩා විශ්වාසවන්තව සිටීමට අපව පොලඹවන ඇල්මා 53:10–17 හි අප කියවන්නේ කුමක්ද?
ඇල්මා 53:20-21
අපි හිලමන්ගේ තරුණයන් හා වඩ වඩාත් සමාන වන්නේ කෙසේද? මෙම පදවල සමහර වාක්‍ය ඛණ්ඩවල තේරුම සාකච්ඡා කිරීමට එය උදව් වනු ඇත; උදාහරණයක් ලෙස, “ශක්තිය සහ ක්‍රියාකාරිත්වය සඳහා … එඩිතරකමින්” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? “[දෙවියන්වහන්සේ] ඉදිරියෙහි කෙළින් ගමන් කිරීම” යන්නෙහි අර්ථය කුමක්ද?
ඇල්මා 58:9–11, 33, 37
විශාල අවශ්‍යතාවයකදී, නෙපිවර සොල්දාදුවන් කළාක් මෙන්, අපි ස්වර්ගික පියාණන් වෙතට හැරෙනවාද? උන්වහන්සේ ඔවුන්ගේ යාච්ඤා වලට පිළිතුරු දුන්නේ කෙසේද? උන්වහන්සේ අපගේ යාච්ඤා වලට පිළිතුරු දෙන්නේ කෙසේද?
ඇල්මා 61:2, 9, 19
අපට බොරු චෝදනා එල්ල වූ විට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන පාහෝරන්ගෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?
ඇල්මා 62:39–41
අපගේ අත්හදාබැලීම් මගින් අපට “දැඩි” හෝ “මෘදු” වීමට තෝරාගත හැකි බව ඔබේ පවුලට තේරුම්ගත හැකි වස්තු පාඩමක් මෙන්න: අමු අර්තාපල් සහ අමු බිත්තරයක් උතුරන වතුර භාජනයක තබන්න. අර්තාපල් සහ බිත්තරය අප නියෝජනය කරන අතර ජලය අප මුහුණ දෙන පීඩා නිරූපණය කරයි. අර්තාපල් සහ බිත්තර තැම්බෙන විට, ඔබේ පවුලේ අය මුහුණදෙන සමහර පීඩා ගැන කතා කළ හැකිය. මෙවැනි අභියෝග වලට ප්‍රතිචාර දැක්වීමට ඇති විවිධ ක්‍රම මොනවාද? ඇල්මා 62:41 ට අනුව, පරීක්ෂාවන්ට අපගේ ප්‍රතික්‍රියා අපට බලපාන්නේ කෙසේද? අර්තාපල් සහ බිත්තර සම්පූර්ණයෙන් පිසින ලද පසු, අර්තාපල් කපා බිත්තරය විවෘත කර එම සමානම වූ “අභියෝගය” මගින් අර්තාපල් මෘදු කර බිත්තරය තද කර ඇති බව පෙන්වන්න. අපගේ පීඩා අපව නිහතමානී කර දෙවියන්වහන්සේට සමීප කරවීමට අපගේ පවුලට කුමක් කළ හැකිද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය ප්‍රකාශ කිරීමට ඉඩදෙන්න. “ඔබ [ඔබේ] දරුවන්ට සුභාරංචි මූලධර්මයක් හා සම්බන්ධ යමක් නිර්මාණය කිරීමට ආරාධනා කරන විට, එම මූලධර්මය වඩා හොඳින් වටහාගැනීමට ඔබ ඔවුන්ට උදව් කරන අතර, ඔවුන් ඉගෙනගත් දේ පිළිබඳ පැහැදිලි මතක්කිරීමක් ඔබ ඔවුන්ට ලබාදේ. … ගොඩනැගීමට, ඇඳීමට, වර්ණ කිරීමට, ලිවීමට සහ නිර්මාණය කිරීමට ඔවුන්ට ඉඩදෙන්න” (Teaching in the Savior’s Way, 25).
ක්ලාක් කෙලී ප්‍රයිස් විසින්, එය ඇත්ත, සර්, සියලුදෙනාම පැමිණ ගණන් දෙනු ලබයි