“අගෝස්තු 3–9. ඇල්මා 43–52: ‘ක්‍රිස්තුස්වහන්සේගේ තුල ඇදහිල්ලෙන් ස්ථිරව සිටින්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“අගෝස්තු 3–9. ඇල්මා 43–52,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ස්කොට් එම්. ස්නෝ විසින්, නිදහසේ ආශිර්වාදයන් සඳහා
අගෝස්තු 3–9
ඇල්මා 43–52
“ක්‍රිස්තුස්වහන්සේගේ තුල ඇදහිල්ලෙන් ස්ථිරව සිටින්න”
ඇල්මා 43–52 හි විස්තර කර ඇති සිදුවීම් ඔබට විශේෂයෙන් අදාළ නොවන බව පෙනෙන්නට හැකිය. නමුත් සෑම ශුද්ධලියවිල්ලකම මෙන්, ස්වාමින්වහන්සේට ඔබ වෙනුවෙන් පණිවිඩයක් ඇත. යාච්ඤාශීලීව එය සොයන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
ඇල්මා 43 වන පරිච්ඡේදයේ ආරම්භයේදී අපි මෙම වචන කියවන විට— “දැන් මම නෙපිවරුන් සහ ලාමන්වරුන් අතර යුද්ධ පිළිබඳ විස්තරයක් වෙත ආපසු යමි” —මෝර්මොන් තහඩු මත සීමිත ඉඩකඩ තිබියදී මෙම යුධ කථා ඇතුළත් කළේ මන්දැයි සිතීම ස්වාභාවිකය (මෝර්මොන්ගේ වචන 1:5 බලන්න). අවසාන දිනවල අපගේ යුද්ධ වල කොටස අප සතුව ඇති බව සත්‍යයකි, නමුත් යුද්ධයේ උපායමාර්ගය සහ ඛේදවාචකය පිළිබඳ විස්තරයෙන් ඔබ්බට ඔහුගේ වචන වල වටිනාකමක් තිබේ. “we are all enlisted” (ගීතිකා අංක 250), හි ඇති නපුරු බලවේගයන්ට එරෙහිව අප දිනපතා සටන් කරන යුද්ධයටද ඔහුගේ වචන අපව සූදානම් කරයි. මෙම යුද්ධය ඉතා සැබෑ වන අතර, එහි ප්‍රතිඵලය අපගේ සදාකාල ජීවනයට බලපායි. නෙපිවරුන් මෙන් අපද, එනම් “අපගේ දෙවියන්වහන්සේ, අපගේ ආගම සහ නිදහස සහ අපගේ සාමය, අපගේ [පවුල්]” යන “වඩා හොඳ හේතු නිසා පෙළඹී ඇත.” මොරෝනි මෙය හැඳින්වූයේ, අද අප සටන් කරන්න එම හේතුව වන “කිතුනුවන්ගේ හේතුව” ලෙසයි (ඇල්මා 43:45; 46:12, 16).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මෝර්මොන් පොතේ සටන් මට නපුරට එරෙහි මගේ සටන් ගැන උගන්වයි.
ඔබේ පෞද්ගලික අධ්‍යාත්මික සටන් වලට සමාන්තරව ඔබ ඒ ගැන සොයන්නේ නම්, නෙපිවරුන් සහ ලාමන්වරුන් අතර යුද්ධ ගැන කියවීම ඔබට වඩාත් අර්ථවත් වනු ඇත. ඔබ ඇල්මා 43-52 කියවන විට, ඔවුන් සාර්ථක (හෝ අසාර්ථක) වීමට නෙපිවරුන් කළ දේවල් සැලකිල්ලට ගන්න. ඔබේ අධ්‍යාත්මික සටන් ජයග්‍රහණය කිරීමට ඔබට ඉගෙනගත් දේ ඔබ භාවිතා කරන්නේ කෙසේදැයි සිතාබලන්න. ඔබ පහත සඳහන් පද වැනි පද අධ්‍යයනය කරන විට, ඔබට නෙපිවරුන්ගේ ආදර්ශය අනුගමනය කළ හැකි ආකාරය ගැන ඔබේ අදහස් ලියන්න:
-
ඇල්මා 43:19 නෙපිවරුන් සන්නාහයෙන් සූදානම් වූහ. (අධ්‍යාත්මික සන්නාහයෙන් මා සූදානම් කිරීමට මට උත්සාහ කළ හැකිය.)
-
ඇල්මා 43:23-24 ඔවුන් අනාගතවක්තෘවරයාගේ මගපෙන්වීම සෙවීය.
ලාමන්වරුන් සහ නෙපි විරුද්ධවාදීන් නෙපිවරුන්ව පරාජය කිරීමට උත්සාහ කළ ආකාරයද සැලකිල්ලට ගන්න. සතුරා ඔබට පහරදීමට උත්සාහ කරන්නේ කෙසේද යන්න ගැන මේ දේවල් වලට ඔබට අනතුරු ඇඟවිය හැකිය. ඔබ අධ්‍යයනය කරන විට, සාතන් ඔබට ඒ හා සමාන ආකාරයකින් පහරදිය හැකි ආකාර ලියන්න:
-
ඇල්මා 43:8 ඔහුට ඔවුන් මත බලය ලබාගැනීමේ උවමනාවෙන්, සාරාහෙම්නා තම සෙනගව කෝපයට පත්කිරීමට උත්සාහ කළේය. (මම අන් අය සමග කෝපවන විට, මම මා කෙරෙහි සාතන්ට බලය ලබාදෙමි.)
-
ඇල්මා 43:29 නෙපිවරුන්ව වහල්භාවයට ගෙන ඒමට ලාමන්වරුන්ට අවශ්‍ය විය.
Minerva•K. Teichert (1888–1976), Defense of a Nephite City, 1935, oil on masonite, 36 x 48 inches. බ්‍රිගම් යන්ග් විශ්වවිද්‍යාලයේ කලා කෞතුකාගාරය.
මම මොරෝනි මෙන් විශ්වාසවන්තව සිටීමට උත්සාහ කරන විට, මම වඩ වඩාත් ගැළවුම්කරුවාණන් මෙන් වන්නෙමි.
ඔබට වඩ වඩාත් ගැලවුම්කරුවාණන් මෙන් වීමටත්, ඔබේ ජීවිතයේ සතුරාගේ බලය අඩු කිරීමටත් ඔබ කැමතිද? ඇල්මා 48:17 හි ඇති අවවාදය අනුගමනය කරන්නට එක් ක්‍රමයක් නම් “මොරෝනිට සමාන” වීමයි. ඇල්මා 43-52 පුරා විස්තර කර ඇති නමුත් විශේෂයෙන් 46:11–28 සහ 48:7–17 දක්වා විස්තර කර ඇති මොරෝනිගේ ගුණාංග සහ ක්‍රියාවන් කෙරෙහි අවධානය යොමුකරන්න. මෙම “බලවත් මිනිසා” ගැන කුමක් ඔබව පුදුම කරනවාද? ඔහුගේ වැනි ගුණාංග හා ක්‍රියාවන් ඔබේ ජීවිතයේ යක්ෂයාගේ බලය දුර්වල කරන්නේ කෙසේද? මොරෝනිගේ ආදර්ශය අනුගමනය කර වඩ වඩාත් ගැළවුම්කරුවාණන් මෙන් වීමට ඔබට පෙලඹීමක් ඇති කරන දේ ගැන මෙනෙහි කරන්න.
සාතන් ටිකෙන් ටික අපව පොළඹවයි සහ රවටයි.
අපගෙන් බොහෝදෙනෙක් විශාල පව් කිරීමට හෝ විශාල බොරු විශ්වාස කිරීමට අකමැති බව සාතන් දනී. එමනිසා, අපි පිළිගනී යැයි ඔහු සිතනා තරමටම—ඔහු අපව සුළු පාපයන් වෙතට ගෙන ඒමට සියුම් බොරු හා පෙළඹවීම් භාවිතා කරයි. ධර්මිෂ්ටව ජීවිත්වීමේ සුරක්ෂිතභාවයෙන් බොහෝ ඈතට අප ඉවත්වන තුරු ඔහු මෙය දිගටම කරගෙන යයි.
ඇල්මා 47 හි සොයාගත හැකි අමලිකියා ලෙහොන්ටි රවටා ඇති ආකාරය පිළිබඳ විස්තරයෙන් ඔබට මෙම රටාව සොයාගත හැකිය. ඔබ අධ්‍යයනය කරන විට, සාතන් ඔබව රවටාගැනීමට උත්සාහ කරන්නේ කෙසේදැයි සිතා බලන්න, වැඩිහිටි රොබට් ඩී. හේල්ස් විස්තර කළ පරිදි:
“ද්‍රෝහී අමලිකියා ලෙහොන්ටිගෙන් ඉල්ලා සිටියේ ‘පහළට බැස’ මිටියාවතේදී ඔහුව මුණගැසෙන ලෙසයි. නමුත් ලෙහොන්ටි උස් භූමියෙන් ඉවත්ව යන විට, ඔහු මිය යන තුරුම ස්වල්පයෙන් ස්වල්පය විෂ දී තිබූ අතර, ඔහුගේ හමුදාව අමලිකියාගේ අතට පත්විය (ඇල්මා 47 බලන්න). තර්ක හා චෝදනා වලින්, සමහර අය උස් බිමෙන් ඉවත්ව යන ලෙස අපට ඇමක් ගසති. උස් බිම ආලෝකය ඇති තැනයි. … එය ආරක්ෂිත භූමියයි” (“Christian Courage: The Price of Discipleship,” Ensign or Liahona, Nov. 2008, 74).
2 නෙපි 26:22; 28:21–22 ද බලන්න.
සමගිය ආරක්ෂාව ගෙන එයි.
ඇල්මා 50 ආරම්භයේදී වාර්තා වූ තත්වයන් තුළ, ලාමන්වරුන්ට නෙපිවරුන්ට එරෙහිව අවස්ථාවක් නොමැති බව පෙනෙන්නට තිබුණි. නෙපිවරුන්ගේ සන්නාහ, බලකොටු, සහ ඒකාබද්ධ උත්සාහයන් නිසා ඔවුන්ව පරාජය කළ නොහැකි බවක් පෙනෙන්නට තිබුණි (ඇල්මා 49:28-30 සහ 50:17-20 බලන්න). නමුත් මොරෝනි ශක්තිමත් කළ නගරද ඇතුළුව—ලාමන්වරුන් වැඩිකල් නොගොස් ඔවුන්ගේ නගර බොහෝමයක් අල්ලා ගත්හ (ඇල්මා 51:26-27 බලන්න). එය සිදු වූයේ කෙසේද? ඔබ මෙම පරිච්ඡේද කියවන විට පිළිතුරු සොයන්න (විශේෂයෙන් ඇල්මා 51:1–12 බලන්න). ඔබට සහ ඔබගේ පවුලේ අය සඳහා මෙම ගිණුමේ ඇති අනතුරු ඇඟවීම් ගැන සිතා බලන්න.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
ඇල්මා 45:2-8
මෙම පද එක්ව කියවීමෙන් ඇල්මා හිලමන් සමග කළ පරිදි, පවුලේ සාමාජිකයන් සමග එකට එක සුභාරංචි සංවාද පැවැත්වීමට ඔබේ පවුලට පෙලඹීමක් ඇති කළ හැකිය.
ඇල්මා 46:12-22
නිදහසේ කොඩිය දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට සහ ඔවුන්ගේ ඇදහිල්ල ආරක්ෂා කිරීමට නෙපිවරුන්ට පෙලඹීමක් ඇති කළේය. එලෙසම කිරීමට අපව පොලඹවන්නේ මොනවාද? සමහරවිට එනම්, දෙවියන්වහන්සේගේ ආඥා සෑමදිනකම පිළිපැදීමට ඔබට මතක්කර දෙන වචන හෝ රූප සහිත ධජයක් හෝ බැනරයක් වැනි—ඔබේ පවුලට ඔබේම නිදහසේ කොඩියක් නිර්මාණය කළ හැකිය.
ඇල්මා 48:7–9; 49:1–9; 50:1–6
ඔබේ පවුලේ අය නෙපිවරුන්ගේ බලකොටු ගැන කියවන විට, ඔබ ඔබේ නිවස විරුද්ධවාදියාට එරෙහිව ශක්තිමත් කරන්නේ කෙසේදැයි සාකච්ඡා කළ හැකිය. පුටු සහ පොරෝන වැනි වස්තූන්ගෙන් බලකොටුවක් තැනීමට ළමයින් ප්‍රිය විය හැකිය, නැතහොත් නෙපිවරුන්ගේ බලකොටුවල පෙනුම කුමක්දැයි ඔවුන්ට සිතෙන පරිදි චිත්‍රයට නැගිය හැකිය.
ඇල්මා 51:1–12
අපට වාද විවාද ඇති වූ විට අපගේ පවුල තුළ සිදුවිය හැකි දේ ගැන මෙම පද වලින් උගන්වන්නේ කුමක්ද? අපි අපේ සමගිය වැඩිකරගන්නේ කෙසේද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
ඔබ අධ්‍යනය කරන විට ප්‍රශ්ණ අසන්න. ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, ඔබ කියවන දේ අනුව ඔබ කෙතරම් හොඳින් ජීවත්වේදැයි සිතාබැලීමට උපකාර වන ප්‍රශ්ණ ඔබෙන්ම අසන්න.
ලැරී කොන්‍රැඩ් වින්බෝර්ග් විසින්, නිදහසේ කොඩිය