එන්න, මා අනුගමනය කරන්න
ජූලි 27–අගෝස්තු 2. ඇල්මා 39–42: “ප්‍රීතියේ ශ්‍රේෂ්ට සැලැස්ම”


“ජූලි 27–අගෝස්තු 2. ඇල්මා 39–42: ‘ප්‍රීතියේ ශ්‍රේෂ්ට සැලැස්ම,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“ජූලි 27–අගෝස්තු 2. ඇල්මා 39–42,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

යේසුස්වහන්සේ සහ මරියා

මාර්ක් ආර්. පුග් විසින්, ස්ත්‍රිය, ඔබ හඬා වැලපෙන්නේ ඇයි?

ජූලි 27–අගෝස්තු 2

ඇල්මා 39–42

“ප්‍රීතියේ ශ්‍රේෂ්ට සැලැස්ම”

ඔබ ඇල්මා 39–42 අධ්‍යයනය කරන විට, ශුද්ධාත්මයාණන්ට ඔබේ ජීවිතයේ සිදුවන දේවල් පිළිබඳව අවබෝධයක් ලබාදිය හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

අප ආදරය කරන කෙනෙකු බරපතල වැරැද්දක් කර ඇති විට, ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය දැනගැනීම දුෂ්කර විය හැකිය. ඇල්මා 39–42 මෙතරම් වටිනාකමක් ඇති කරවන දෙය නම්, පසුතැවිලි වීමට තමාගේම දරුණු පාපයන් කළ—ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වූ ඇල්මා—එවැනි තත්වයක් හසුරුවන ආකාරය එයින් හෙළිකරයි. ඇල්මාගේ පුත් කොරියන්ටන් ලිංගික පාපයක් කර ඇති අතර, ඇල්මා, බොහෝවිට කළාක් මෙන්, පසුතැවිල්ල දිරිගැන්වීම සඳහා සැබෑ දහමේ බලය කෙරෙහි විශ්වාසය තැබීය (ඇල්මා 4:19; 31:5 බලන්න). මෙම පරිච්ඡේදවල, පාපය හෙළාදැකීමට ඇල්මාගේ නිර්භීතකම සහ කොරියන්ටන්ට ඇති ඔහුගේ මුදු මොළොක් බව හා ආදරය අපි නිරීක්ෂණය කරමු. අවසාන වශයෙන්, පසුතැවිලි වන අයට ගැලවුම්කරුවාණන් පසුතැවිලි වන අයගේ “පාපය ඉවතට ගෙන යාමට සහ ගැලවීම වෙතට යහපත් ආරංචි ප්‍රකාශ කිරීමට පැමිණෙන බව” යන ඇල්මාගේ විශ්වාසය අපට දැනේ (ඇල්මා 39:15). කොරියන්ටන් අවසානයේදී දේවසේවයට නැවත පැමිණීම (ඇල්මා 49:30 බලන්න) අප “කරදරයක” සිටින විට, අපගේම පව් ගැන හෝ අපි ආදරය කරන කෙනෙකුගේ පව් නිසා, සමාව හා මිදීම සඳහා බලාපොරොත්තුවක් අපට ලබාදිය හැකිය (ඇල්මා 42:29).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ඇල්මා 39

ලිංගික පාපය යනු ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි.

ලිංගික පාපයේ බරපතලකම තම පුතුට කාවැද්දීමට ඇල්මා මෙසේ ඉගැන්වූයේය, “එනම් මේවා ස්වාමින්වහන්සේගේ පෙනීම ඉදිරියේ පිළිකුලක්ය” (ඇල්මා 39:5). පිරිසිඳුකම ඔබට වැදගත් වන්නේ ඇයි? එය ස්වාමින්වහන්සේට වැදගත් වන්නේ ඇයි? වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ්ගේ පහත පැහැදිලි කිරීම ප්‍රයෝජනවත් විය හැකිය:

“මරණීය ජීවිතය පිළිබඳ ඔහුගේ ලොකුම කනස්සල්ල වන්නේ යමෙකු මෙලොවට පිවිසෙන ආකාරය සහ එයින් පිටවෙන්නේ කෙසේද යන්නයි. උන්වහන්සේ මේ කාරණා සම්බන්ධයෙන් ඉතා දැඩි සීමාවන් පනවා ඇත.

“… මිනිස් සමීපතාවය විවාහක යුවළක් සඳහා වෙන්කර ඇත්තේ එය සම්පුර්ණ එක්සත්කම, සමස්ථය සහ දෙවියන්වහන්සේ විසින් නියම කරන ලද සහ නිර්වචනය කරන ලද එක්වීමක අවසාන සංකේතය වන බැවිනි. … විවාහය යන්නෙන් අදහස් කළේ පිරිමියෙකු හා ස්ත්‍රියක් සම්පූර්ණයෙන් ඒකාබද්ධ කිරීමයි. … මෙය සම්පූර්ණත්වයේ එකමුතුවක් වන අතර එහි සදාකාලික පොරොන්දුව ප්‍රකාශ කිරීම සඳහා අපි මුද්‍රාව යන වචනය භාවිතා කරමු” (“Personal Purity,” Ensign, Nov. 1998, 76).

ඇල්මා 39:8-15 හි ඇල්මා කොරියන්ටන්ට දුන් උපදෙස් සලකා බලන්න. පිරිසිඳුකම පිළිබඳ නීතියේ වැදගත්කම සහ පරීක්ෂාවන් ජයගන්නේ කෙසේද යන්න තවදුරටත් තේරුම්ගැනීමට එය ඔබට උපකාර කරන්නේ කෙසේද? අප පසුතැවිලි වන විට සමාවදීමට ස්වාමින්වහන්සේ කොතරම් උනන්දුවක් දක්වනවාද යන්නත්, අප සියල්ලන්ටම බලාපොරොත්තුවක් ඇති බවත් ඇල්මාගේ ඉගැන්වීම් වලින් පෙන්නුම් කෙරේ. ඔබ මේ සතියේ ඇල්මා 39–42 කියවන විට, දෙවියන්වහන්සේගේ දයාව පිළිබඳ සාක්ෂි සොයන්න. දෙවියන්වහන්සේගේ දයාව ඔබට ආශිර්වාද කර ඇත්තේ කෙසේද?

යෞවනයේ ශක්තිය සඳහාලිංගික පාරිශුද්ධත්වය” 35-37 ද බලන්න.

ඇල්මා 40–41

මා නැවත නැගිටුවනු ලබන අතර විනිශ්චය කිරීමට දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්නෙමි.

කොරියන්ටන්ට නැවත නැගිටීම ගැන ප්‍රශ්න ඇති බව ඇල්මා දුටුවිට, අපි මියගිය පසු කුමක් සිදුවේදැයි ඔහු, ඔහුට ඉගැන්වීය. කොරියන්ටන්ට සහ පව් කළ ඕනෑම කෙනෙකුට—තේරුම්ගැනීමට උපකාර කළ හැකි 40-41 පරිච්ඡේදවල ඇල්මා ඉගැන්වූ සත්‍යයන් මොනවාද? ඇල්මා ආමන්ත්‍රණය කරන මාතෘකා (ආත්මික ලෝකය, නැවත නැගිටීම සහ නැවත පිහිටුවීම වැනි) හඳුනාගෙන ඔබ ඉගෙනගන්නා දේ සංවිධානය කළ හැකිය, පසුව ඒ එක එකක් ගැන ඇල්මා ඉගැන්වූ දේවල් ලියන්න. ඔබ පරීක්ෂාවට ලක්වූ විට හෝ සමාව සොයමින් සිටින විට මෙම සත්‍යයන් මතක තබාගැනීම ඔබට උපකාර කරන්නේ කෙසේද?

ඇල්මා 40

මගේ සුභාරංචි ප්‍රශ්න වලට ඇදහිල්ලෙන් පිළිතුරු සෙවිය හැකිය.

සෑම සුභාරංචි ප්‍රශ්නයකටම පිළිතුර අනාගතවක්තෘවරුන් දන්නා බව සමහරවිට අපට සිතිය හැකිය. නමුත් 40 වන පරිච්ඡේදය පුරාම, ඇල්මාට මරණයෙන් පසු ජීවිතය පිළිබඳව පිළිතුරු නොලැබුණු ප්‍රශ්න කිහිපයක් තිබූ බව සැලකිල්ලට ගන්න. පිළිතුරු සෙවීමට ඔහු කළේ කුමක්ද? ඔහුට පිළිතුරු නොමැති විට ඔහු කළේ කුමක්ද? ඔබට ඇති සුභාරංචි ප්‍රශ්න සඳහා ඇල්මාගේ උදාහරණය ඔබට උපකාර කරන්නේ කෙසේදැයි සලකා බලන්න.

කාන්තාවක් යාච්ඤා කරමින්

යාච්ඤාව යනු සුභාරංචි ප්‍රශ්න වලට පිළිතුරු සොයාගත හැකි එක් ක්‍රමයකි.

ඇල්මා 42

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම මගින් මිදීමේ සැලැස්ම යථාර්ථයක් කළේය.

කොරියන්ටන් විශ්වාස කළේ පාපයන්ට දඬුවම් කිරීම සාධාරණ නොවන බවයි (ඇල්මා 42:1 බලන්න). නමුත් ඇල්මා ඉගැන්වූයේ පාපය අපව ඇති කරන “කාලකණ්ණි තත්වයෙන්” ගැලවීමට ක්‍රමයක් ඇති බවය: ඒ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දයානුකම්පිත හා යුක්තිසහගත වන, පසුතැවීම සහ වන්දිගෙවීම කෙරෙහි ඇදහිල්ලය (ඇල්මා 42:15 බලන්න). ඔබ ඇල්මා 42 කියවන විට, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම නිසා ඔබට “යුක්තිය කොල්ලකෑමකින් තොරව” දයාව ලබාගත හැක්කේ කෙසේදැයි සොයා බලන්න (25 පදය). උන්වහන්සේගේ දයාව දැනීමට ඔබට උපකාරවත් වන සත්‍යයන් මෙම පරිච්ඡේදයෙන් ඔබ සොයාගෙන තිබේද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

ඇල්මා 39:1–9

පිරිසිඳුකමේ නීතිය පිළිබඳ සාකච්ඡාවකින් ඔබේ පවුලට ප්‍රතිලාභ ලැබේද? එසේනම්, ඔබගේ පවුලේ අවශ්‍යතා අනුව පහත සඳහන් සම්පත් භාවිතා කිරීම සලකා බලන්න: ඇල්මා 39:1–9; “Sexual Purity,” For the Strength of Youth, 35–37; “Chastity,” Gospel Topics, topics.ChurchofJesusChrist.org; overcomingpornography.org; and the videos “What Should I Do When I See Pornography?” and “I Choose to Be Pure” (ChurchofJesusChrist.org). විවාහය තුළ පිරිසිඳුකම හා සමීප සම්බන්ධතාවයේ ආශිර්වාද තේරුම්ගැනීමට ඔබේ පවුලට උදව් කරන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න (උදාහරණයක් ලෙස මෙමෙ වීඩියෝව බලන්න “How to Talk to Your Kids about Intimacy” on ChurchofJesusChrist.org).

ඇල්මා 39:9-15

පාපයෙන් වැළකී සිටින්නේ කෙසේද යන්න පිළිබඳව මෙම පද වලින් අප ඉගෙනගන්නේ කුමක්ද?

ඇල්මා 42:4

ක්‍රිස්තුස්වහන්සේට සමාන ගුණාංග හෝ සුභාරංචි මූලධර්ම සහිත කඩදාසි කැබලි කාමරය පුරා විසිරී ඇති ක්‍රීඩාවක් ඔබට කළ හැකිය. නිශ්චිත කාලයක් තුළ පවුලේ සාමාජිකයින්ට කඩදාසි කැබලි කීයක් රැස්කර ගත හැකිදැයි ඔබට දැකගත හැකිය, ඉන්පසු කඩදාසි කැබලි වල ලියා ඇති දේවල් දෙවියන්වහන්සේ හා සමාන වීමට අපට උපකාර කරන්නේ කෙසේදැයි සාකච්ඡා කරන්න. පොළොවේ අපට “ලබාදී ඇති කාලය” මෙම ක්‍රීඩාවට වෙන්කර ඇති කාලය මෙන් වන්නේ කෙසේද? ගැළවුම්කරුවාණන් හා සමාන වීමට පොළොවේ අපගේ “පරිවාස කාලය” අපි භාවිතා කරන්නේ කෙසේද?

ඇල්මා 42:12–15, 22–24

මෙවැනි ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා සරල පරිමාණයක චිත්‍රයක් භාවිතා කිරීමෙන් යුක්තිය සහ දයාව අතර ඇති සම්බන්ධය ඔබට නිදර්ශනය කළ හැකිය: අප පව් කරන විට පරිමාණයට කුමක් සිදුවේද? පරිමාණය සමතුලිත වීමට යුක්තිය ඉල්ලා සිටින්නේ කුමක්ද? ගැලවුම්කරුවාණන් යුක්තියේ ඉල්ලීම් ඉටුකර දයාව ලබාදෙන්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ඔබේ පවුලට ආශිර්වාද කරන මූලධර්ම කෙරෙහි අවධානය යොමුකරන්න. ඔබ දෙවියන්වහන්සේගේ වචනය යාච්ඤාපූර්වකව අධ්‍යයනය කරන විට, ඔබෙන්ම මෙසේ අසාගන්න, “මගේ පවුලට විශේෂයෙන් අර්ථවත් වන කුමක් මා මෙහි සොයාගන්නේද?” මෙම සත්‍යයන් සොයාගැනීමට ඔබේ පවුලට උදව් කරන්නේ කෙසේදැයි මෙනෙහි කරද්දී ආත්මයාණන්ගේ මගපෙන්වීම සොයන්න.

ඇල්මා සහ කොරියැන්ටොන්

එල්ස්පෙත් කේට්ලින් යන්ග් විසින්, මේ මාගේ පුත්‍රයා