43 වන පරිච්ඡේදය
ඇල්මා සහ ඔහුගේ පුත්‍රයන් වචනය දේශනා කරති – සෝරම්වරුන් සහ අනෙක් විරුද්ධ මතධාරිහු වූ නීෆායිවරුන් ලේමන්වරුන් බවට පත් වෙයිි – ලේමන්වරුන් නීෆායිවරුන්ට එරෙහිව යුද්ධ කිරීමට පැමිණෙති – මොරෝනායි නීෆායිවරුන්ව ආරක්ෂක සන්නාහයෙන් සන්නද්ධ කරවයි – ලේමන්වරුන්ගේ උපාය ඇල්මාට එළිදරව් කරන සේක – නීෆායිවරුන් ඔවුන්ගේ නිවෙස්ද, ස්වාධීනතාවයන්ද, පවුල්, සහ ආගම ආරක්ෂා කරති – මොරෝනායිගේ සහ ලීහායිගේ සේනා ලේමන්වරුන්ව වට කරති. ක්‍රි.පූ. 74 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මාගේ පුත්‍රයන් ජනතාව ඉදිරියට ගොස්, ඔවුන් හට වචනය ප්‍රකාශ කළෝය. තවද ඇල්මා, එසේම, ඔහුටද, විවේකයක් ගන්නට නොහැකි වුන අතර, තවද ඔහු එසේම ඉදිරියට ගියේය.
2 දැන් ඔවුන්ගේ දේශනා කිරීම් පිළිබඳව අප තව නොකියන්නමු, එනම් අනාවැකියේ සහ එළිදරව් කිරීමේ ආත්මයට අනුව, ඔවුන් වචනය ද, සත්‍යය ද, දේශනා කරන බව මිසක්; තවද ඔවුන්ව කැඳවනු ලද්දාවූ ඒ දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ සංවිධානයට අනුව දේශනා කළෝය.
3 තවද දැන් විනිශ්චයකරුවන්ගේ රාජ්‍යය පාලන සමයේ දහ අටවැනි වසරෙහි, නීෆායිවරුන් සහ ලේමන්වරුන් අතර ඇති වූ යුද්ධ පිළිබඳව විස්තරයක් මම නැවත දෙන්නෙමි.
4 මක්නිසාද බලව, එය මෙසේ සිදු විය, එනම් සෝරම්වරුන් ලේමන්වරුන් බවට පත් විය; එසේහෙයින්, දහ අටවැනි වසරේ ආරම්භයේදී ලේමන්වරුන් ඔවුන් මතට පැමිණෙන බව නීෆායිවරුන්ගේ ජනතාව දුටුවෝය; එසේහෙයින් ඔවුන් යුද්ධවලට සූදානම් වූවෝය; එසේය, ඔවුන් ඔවුන්ගේ සේනා ජෙර්ශොන් දේශයෙහි එක් රැස් කරගත්තෝය.
5 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන් ඔවුන්ගේ දහස්ගණන් සමඟ ආවෝය; තවද සෝරම්වරුන්ගේ දේශය වූ, ඔවුන් ඇන්ටියෝනම් දේශය තුළට ආවෝය; තවද සෙරහෙම්නා යනුවෙන් හැඳින්වුනු මනුෂ්‍යයෙකු ඔවුන්ගේ නායකයා විය.
6 තවද දැන්, ඔවුන්ගේ තුළ සහ ඔවුන් මඟින්, ලේමන්වරුන්ට වඩා ඉතාමත් නපුරු සහ මිනීමරු ස්වභාවයකින් යුක්තව සිටි ඇමලකායිවරුන්, එසේහෙයින්, ලේමන්වරුන් කෙරෙහි සෙරහෙම්නා ප්‍රධානා කපිතාන් ලෙස නියම කළ අතර, ඔවුන් සියළු දෙනාම ඇමලකායිවරුන් සහ සෝරම්වරුන් විය.
7 දැන් ඔහු මෙය සිදු කළේ එනම් ඔහු ඔවුන් නීෆායිවරුන් වෙත ඇති ද්වේෂය රකින මෙන් ය, එනම් ඔහුගේ නිර්මාණයන්හි සමාප්තිය වෙත ඔවුන්ව යටත් කිරීම පිණිසය.
8 මක්නිසාද බලව, ඔහුගේ නිර්මාණයන් වූයේ නීෆායිවරුන්ට එරෙහිව කෝප වීමට ලේමන්වරුන්ව පෙළඹවීමය; ඔහු මෙය සිදු කළේ එනම් ඔහු ඔවුන් කෙරෙහි මහත් බලය අයුත්තෙන් පැහැර ගැනීමට වූ අතර, එසේම එනම් නීෆායිවරුන්ව වහල්භාවය තුළට ගෙන ඒමෙන් ඔහු බලය ලබා ගන්නා පිණිසය.
9 තවද දැන් නීෆායිවරුන්ගේ නිර්මාණය වූයේ ඔවුන්ගේ දේශයන්වලට උපකාර කිරීමටය, තවද ඔවුන්ගේ නිවෙස් ද, ඔවුන්ගේ භාර්යාවන් ද, ඔවුන්ගේ දරුවන් ද, එනම් ඔවුන්ගේ සතුරන්ගේ දෑත්වලින් ඔවුන්ව රකින මෙන් ය; තවද එසේම එනම් ඔවුන්ගේ අයිතීන් සහ වරප්‍රසාදයන් රකින මෙන් ය, එසේය, තවද එසේම ඔවුන්ගේ නිදහස ද, එනම් ඔවුන්ගේ ආශාවන්වලට අනුව ඔවුන් දෙවියන්වහන්සේට නමස්කාර කරන පිණිසය.
10 මක්නිසාද ඔවුන් ලේමන්වරුන්ගේ දෑත් තුළට වැටුණහොත්, එනම් ආත්මයෙහි සහ සත්‍යයෙහි, සත්‍ය සහ ජීවමාන වූ දෙවියන්වහන්සේ වන, දෙවියන්වහන්සේට නමස්කාර කරන කවරෙකු වූවත්, ලේමන්වරුන් විනාශ කරන බව, ඔවුන් දැන සිටියෝය.
11 එසේය, තවද ඇන්ටි-නීෆායි-ලීහායි ජනතාව වූ, ඇමන්ගේ ජනතාව ලෙස හැඳින්වනු ලැබූ, ඔවුන්ගේ සහෝදරයන් කෙරෙහි තිබූ ලේමන්වරුන්ගේ අතිශය ද්වේශය ද ඔවුන් දැන සිටියෝය – තවද ඔවුන් ආයුධ නොගන්නා සේ, එසේය, ඔවුන් ගිවිසුමකට ඇතුළත් වී තවද එය ඔවුන් කඩන්නේ නැත – එසේහෙයින්, ඔවුන් ලේමන්වරුන්ගේ දෑත් තුළට වැටෙන්නේ නම් ඔවුන් විනාශ වනු ඇත්තේය.
12 තවද නීෆායිවරුන් ඔවුන් විනාශ වීමට ඉඩ නොදුන්නෝය; එසේහෙයින් ඔවුන්ගේ උරුමයන් ලෙස ඔවුන් ඔවුන්ට දේශයන් ලබා දුන්නෝය.
13 තවද ඇමන්ගේ ජනතාව ඔවුන්ගේ සේනාවන්ට උපකාර කිරීමට ඔවුන්ගේ වස්තුවලින් විශාල කොටසක් නීෆායිවරුන් හට ලබා දුන්නෝය; තවද එසේ තනිව, ලේමන් සහ ලෙමුවෙල්ගේ සංයෝගයක් වූ, තවද ඉශ්මායෙල්ගේ පුත්‍රයන් ද, තවද නෝවාගේ පූජකවරුන්ගෙන් පැවත එන්නන් ද, ඇමලකායිවරුන් සහ සෝරම්වරුන් වූ ඔවුන්, නීෆායිවරුන්ගෙන් විරුද්ධ වූ සියළු දෙනා ද, ලේමන්වරුන්ට එරෙහිව යටත් නොවී සිටීමට, නීෆායිවරුන් හට බල කරන ලදී.
14 දැන් එම පැවත එන්නන් ගණනින් බොහෝ විය, බොහෝ දුරට, නීෆායිවරුන් ද එසේ විය; තවද මෙසේ ලේ වැගිරීම කරා වුවද, ඔවුන්ගේ සහෝදරයන් සමඟ සටන් කිරීමට නීෆායිවරුන්ට බැඳී සිටියෝය.
15 තවද එය මෙසේ සිදු විය, ඇන්ටියෝනම් දේශයේ ලේමන්වරුන්ගේ සේනාවන් එකට එක්රැස් වූ විට, බලව, ඔවුන්ව ජෙර්ශොන් දේශයේ මුණ ගැසීමට නීෆායිවරුන්ගේ සේනාවන් සූදානම් වී සිටියෝය.
16 දැන්, නීෆායිවරුන්ගේ නායකයා, නැතහොත් නීෆායිවරුන් කෙරෙහි ප්‍රධාන කපිතාන් ලෙස පත් කරන ලද්දාවූ – දැන් ප්‍රධාන කපිතාන් නීෆායිවරුන්ගේ සියළු සේනාවන්ගේ පාලනය ගත්තේය – තවද ඔහුගේ නම මොරෝනායි විය;
17 තවද මොරෝනායි ඔවුන්ගේ යුද්ධයන්හි ආණ්ඩුවද, සියළු පාලනය ද, ගත්තේය. තවද නීෆායිවරුන්ගේ සේනාවන් කෙරෙහි ප්‍රධාන කපිතාන් ලෙස ඔහුව තෝරාපත් වූ විට ඔහුට වයස අවුරුදු විසි පහක් පමණ විය.
18 තවද එය මෙසේ සිදු විය, එනම් තවද ඔහුගේ ජනතාව සමඟ කඩුවලින් සන්නද්ධ වී, විසල් පිහිවලින් ද, තවද සියළු ආකාරයේ යුද ආයුධවලින් ද, ඔහු ජෙර්ශොන්හි මායිම්වල ලේමන්වරුන් මුණ ගැසුණේය.
19 තවද එනම් මොරෝනායි නැතහොත්, නීෆායි ජනතාව ළයවැස්ම සහ අත් පලිහ ද සමඟ ඔහුගේ ජනතාව සූදානම් කර තිබූ බැවින්, එසේය, තවද එසේම ඔවුන්ගේ හිස් ආරක්ෂා කරගැනීමට පලිහ ද, තවද එසේම ඔවුන් ඝන සළුපිළිවලින් ඇඳ, බව ලේමන්වරුන්ගේ සේනාවන් දුටු විට –
20 දැන් එවැනි දෙයක් සඳහා සරහෙම්නාවේ සේනාව සූදානම්ව සිටියේ නැත; ඔවුන් සතුව තිබුනේ ඔවුන්ගේ කඩු ද, ඔවුන්ගේ විසල් පිහි ද, ඔවුන්ගේ ඊතල් සහ දුනු ද, ඔවුන්ගේ ගල් සහ ගල්පටි ද පමණය; තවද ඔවුන් නිර්වස්ත්‍රව සිටියෝය, ඔවුන්ගේ ඉණ ප්‍රදේශය වටා බැඳ තිබූ සම මිස; එසේය, සෝරම්වරුන් සහ ඇමලකායිවරුන් හැර, සැවොම නිර්වස්ත්‍රව සිටියෝය;
21 එහෙත් ඔවුන් ළයවැස්මවලින් ද, නොහොත් පලිහවලින් ද සන්නද්ධ නොවූවෝය – එසේහෙයින්, එසේ තිබිය දීත් ඔවුන්ගේ සංඛ්‍යාව නීෆායිවරුන්ට වඩා මහත් සේ වූවද, ඔවුන් නීෆායිවරුන්ගේ සේනාවන්වලට අතිශයින් බිය වුයේ ඔවුන්ගේ යුද සන්නාහය නිසාවෙනි.
22 බලව, දැන් එය මෙසේ සිදු විය, එනම් ජෙර්ශොන් සීමාවන්වල ඔවුන් නීෆායිවරුන්ට එරෙහිව පැමිණීමට කටයුතු නොකළෝය; එසේහෙයින් ඔවුන් ඇන්ටියෝනම් දේශයෙන් පිටතට ගොස් වනාන්තරය තුළට ගියෝය, සිදොන් ගංගාවේ මුලින් එතෙර, එනම් ඔවුන් මැන්ටායි දේශය තුළට පැමිණ එම දේශය හිමි කරගන්නා පිණිස, තවද ඔවුන් ඔවුන්ගේ ගමන වනාන්තරය වටා සැරිසැරුවෝය; මක්නිසාද මොරෝනායිගේ සේනාවන් ඔවුන් නික්ම වූයේ කොයිදෙසට ද යනුවෙන් අනුමාන නොකළ බැවිනි.
23 එහෙත් එය මෙසේ සිදු විය, ඔවුන් වනාන්තරය තුළට නික්මුනු සැනෙකින්ම ඔවුන්ගේ කඳවුර රැකීමට මොරෝනායි ඔත්තුකාරයන් යැව්වේය; තවද මොරෝනායි, එසේම, ඇල්මාගේ අනාවැකියන් දැන, ඔහු වෙත ඇතැම් මනුෂ්‍යයින් යැව්වේය, එනම් ලේමන්වරුන්ට එරෙහිව ඔවුන්ව ආරක්ෂා කිරීමට නීෆායිවරුන්ගේ සේනාවන් කොයි දෙසට යා යුතු බව ඔහු ස්වාමීන්වහන්සේගෙන් විමසීමට ආශාවෙන් සිටියේය.
24 තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේගේ වචනය ඇල්මා වෙත පැමිණි සේක, තවද ඇල්මා මොරෝනායිගේ පණිවිඩකරුවන් හට දැනුම් දුන්නේය, එනම් වනාන්තරය අවට ලේමන්වරුන්ගේ සේනාවන් ගමන් ගන්නා බවත්, එනම් ඔවුන් මැන්ටායි දේශය තුළට පැමිණීමට හැකි මෙන්, එනම් ඔවුන් ජනතාවගේ දුර්වල කොට්ඨාශයට පහර දීමට පටන් ගන්නට හැකි මෙන් ය. තවද ඒ පණිවිඩකරුවන් ගොස් තවද එම පණිවිඩය මොරෝනායි හට ලබා දුන්නෝය.
25 දැන් මොරෝනායි, ජෙර්ශොන් දේශයෙහි ඔහුගේ සේනාවේ කොටසක් තබා පිටත්ව, කිසියම් ආකාරයකින් ලේමන්වරුන්ගේ කොටසක් දේශය තුළට පැමිණ නුවර හිමි කර නොගන්නා මෙන්, ඔහුගේ සේනාවේ ඉතිරි කොටස රැගෙන මැන්ටායි දේශය තුළට ගමන් කළේය.
26 තවද එනම් ඔවුන්ගේ අයිතීන් සහ ඔවුන්ගේ නිදහස ද, ඔවුන්ගේ දේශයන් සහ ඔවුන්ගේ රට ආරක්ෂා කිරීමට, දේශයේ ඒ ප්‍රදේශයෙහි සියළු ජනතාව ඔවුන්ව එක්රැස් කර ලේමන්වරුන්ට එරෙහිව සටන් කිරීමට ඔහු කටයුතු කළේය; එසේහෙයින් ලේමන්වරුන්ගේ පැමිණීමේ කාලයට එරෙහිව ඔවුන් සූදානම්ව සිටියෝය.
27 තවද එය මෙසේ සිදු විය, එනම් වනාන්තරයේ තිබූ සිදොන් ගංගාවෙහි බටහිර දෙසින් පිහිටි, සිදොන් ගංගාව අසළ තිබෙන්නාවු නිම්නයේ සැඟවීමට මොරෝනායි සැලැස්වූවේය.
28 තවද මොරෝනායි අවට ඔත්තුකරුවන් ස්ථානගත කළේය, එනම් ලේමන්වරුන්ගේ කඳවුර කවදා පැමිණෙන්නේදැයි ඔහු දැන ගැනීම පිණිසය.
29 තවද දැන්, ලේමන්වරුන්ගේ අභිප්‍රාය මොරෝනායි දැන සිටි හෙයින්, එනම් ඔවුන්ගේ අභිප්‍රාය වූයේ ඔවුන්ගේ සහෝදරයන් විනාශ කිරීමට, නැතහොත් ඔවුන්ව යටත් කර සහ ඔවුන්ව වහල්භාවයට ගෙන ඒමට, එනම් ඔවුන්, ඔවුන් හට දේශය පුරාවටම රාජ්‍යයක් ගොඩනඟන්නට හැකි වන පිණිසය.
30 තවද එනම් එසේම ඔවුන්ගේ දේශයන් ද, ඔවුන්ගේ නිදහස ද, ඔවුන්ගේ සභාව ද, ආරක්ෂා කිරීම නීෆායිවරුන්ගේ එකම ආශාව වූ බව ඔහු දැන සිටි අතර, එසේහෙයින් ඔහු ඔවුන්ව උපක්‍රමශීලී ලෙස ආරක්ෂා කිරීම පාපයක් නොවන බව ඔහු සිතුවේය; එසේහෙයින්, ඔහුගේ ඔත්තුකාරයන්ගේ මාර්ගයෙන් ලේමන්වරුන්ගේ ගමන් ගන්නට සිටි මාර්ගය කුමක්දැයි සොයාගත්තේය.
31 එසේහෙයින්, තවද ඔවුන්ව නැගෙනහිර දිශාවෙන් වසං කර, තවද රිප්ලා කන්දෙහි දකුණු දිශාවෙන් ද, ඔහු ඔහුගේ සේනාව වෙන්කර තවද කොටසක් නිම්නය තුළට රැගෙන ආවේයය;
32 තවද ඔහු ඉතිරි වූවන් සිදොන් ගංගාවෙහි බටහිර දෙසින්, තවද පහත මැන්ටායි දේශයේ මායිම් තුළ, බටහිර නිම්නයේ සඟවා තැබුවේය.
33 තවද මෙසේ ඔහුගේ ආශාවට අනුව ඔහුගේ සේනාව ස්ථානගත කළ පසුු, ඔවුන්ව මුණගැසීමට ඔහු සූදානම්ව සිටියේය.
34 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායිගේ සේනාවේ කොටසක් වසං කර තැබූ ස්ථානයකට, කන්දෙහි උතුරු දෙසින් ඉහළට ලේමන්වරුන් පැමිණියෝය.
35 තවද ලේමන්වරුන් රිප්ලා කන්ද පසු කර, තවද නිම්නය තුළට ආ විට, තවද සිදොන් ගංගාවෙන් එතෙර වන්නට පටන් ගත්තෝය, කන්දෙහි දකුණු දෙසින් වසංව සිටි සේනාව, එය ලීහායි යන නමින් සිටි මනුෂ්‍යයෙකු විසින් මඟ පෙන්වනු ලැබුවේය, තවද ඔහු ඔහුගේ සේනාව ඉදිරියට මඟ පෙන්වා ලේමන්වරුන්ගේ පසුපසෙහි නැගෙනහිර දිශාවෙන් ඔවුන්ව වට කළේය.
36 තවද එය මෙසේ සිදු විය, එනම් ලේමන්වරුන්, ඔවුන්ගේ පසුපසෙහි නීෆායිවරුන් ඔවුන් මත පැමිණෙන බව දුටු විට, ඔවුන් නැවත හැරී ලීහායිගේ සේනාවත් සමඟ සටන් වදින්නට පටන් ගත්තෝය.
37 තවද දෙපාර්ශවයෙන්ම මරණයේ කාර්යය ආරම්භ විය, එහෙත් එය ලේමන්වරුන්ගේ පාර්ශවයට වඩාත් දරුණු විය, මක්නිසාද ඔවුන්ගේ නිර්වස්ත්‍රභාවය නිසා, නීෆායිවරුන්ගේ කඩු සහ ඔවුන්ගේ විසල් පිහිවලින් ඇති වූ බරපතළ සෑම පහරකින්ම සම්පූර්ණයෙන්ම වාගේ මරණය ගෙන ආවේය.
38 ඒ අතරතුරෙහි අනෙක් අතට, නීෆායිවරුන් අතර ඉඳහිට මනුෂ්‍යයෙකු වැටුණේය, ඔවුන්ගේ කඩුවලින් සහ ඔවුන්ගේ රුධිර නැතිවීමෙන් ය, ඔවුන් ඔවුන්ගේ ශරීරයෙහි වඩාත් අත්‍යවශ්‍ය වූ කොටස් ආරක්ෂා කර, නැතහොත් ශරීරයෙහි වඩාත් අත්‍යවශ්‍ය වූ කොටස් ලේමන්වරුන්ගෙන් ආරක්ෂා වූයේ, ඔවුන්ගේ ළයවැස්ම, සහ ඔවුන්ගේ අත් පලිහ, සහ ඔවුන්ගේ හිස් – වැස්මවලින් ය; තවද එසේ නීෆායිවරුන් මරණයේ කාර්යය ලේමන්වරුන් අතර ගෙන ගියෝය.
39 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සිදොන් ගංගාව වෙත පලා යන්නට පටන්ගන්නා විට පවා ද, ඔවුන් මත තිබූ මහත් විනාශය නිසාවෙන්, ලේමන්වරුන් බිය විය.
40 තවද ලීහායි සහ ඔහුගේ මනුෂ්‍යයන්ගෙන් ඔවුන්ව ලුහුබඳින ලදී; තවද ලීහායි මඟින් ඔවුන්ව සිදොන්හි ජලයන් තුළට පලවා හරින ලදී, තවද ඔවුන් සිදොන්හි ජලයෙන් එතෙර වූවෝය. තවද ඔවුන් එතෙර නොවන ලෙස ලීහායි ඔහුගේ සේනාවන් සිදොන් ගංගාවේ ඉවුර මත රඳවා ගත්තේය.
41 තවද එය මෙසේ සිදු විය, එනම් සිදොන් ගංගාවේ එතෙරෙන්, මෝරෝනායි සහ ඔහුගේ සේනාව ලේමන්වරුන් නිම්නයේ මුණගැසී, තවද ඔවුන් මත වැටී තවද ඔවුන්ව මරා දමන්නට පටන් ගත්තෝය.
42 තවද ලේමන්වරුන් නැවතත්, මැන්ටායි දේශය වෙත, ඔවුන්ගේ ඉදිරියෙන් පලා ගියෝය; තවද ඔවුන් නැවතත් මොරෝනායිගේ සේනාවන් සමඟ මුණගැසුණෝය.
43 දැන් මේ අවස්ථාවේදී ලේමන්වරුන් බොහෝසෙයින් සටන් කිරීමට පටන් ගත්තෝය; එසේය, නැත, පටන්ගැන්මේ සිටද නොතිබූ, එවැනි අතිශයින් ඉමහත් ශක්තියෙන් සහ නිර්භීතකමෙන් යුක්තව සටන් කිරීමට ලේමන්වරුන්ව කවරදාකවත් සැලකිල්ලටගෙන නොතිබුනේය.
44 තවද ඔවුන්ගේ ප්‍රධාන කපිතාන්වරු සහ නායකයන් වූ, ඔවුන්ව සෝරම්වරුන් සහ ඇමලකායිවරුන්ගෙන්, සහ ඔවුන්ගේ ප්‍රධාන කපිතාන් වූ, සෙරහෙම්නාගෙන් ද, නැතහොත් ඔවුන්ගේ ප්‍රධාන කපිතාන් සහ ආණ්ඩුකරු විසින් පොළඹවා තිබුණෝය; එසේය, ඔවුන් මකරන් මෙන් සටන් කළෝය, තවද ඔවුන්ගේ දෑත්වලින් නීෆායිවරුන් බොහෝදෙනෙකු මරා දැමුවෝය, එසේය, මක්නිසාද ඔවුන් දෙදෙනා බැගින් ඔවුන්ගේ හිස් – වැස්මෙන් පහර දුන් අතර, ඔවුන්ගේ ළයවැස්මෙන් බොහෝ දෙනෙකු සිදුරු කළෝය, තවද ඔවුන් බොහෝ දෙනෙකුගේ දෑත් කපා හැරුවෝය; තවද එසේ ලේමන්වරුන් ඔවුන්ගේ බිහිසුණු කෝපයෙන් පහර දුන්නෝය.
45 එසේනමුත්, නීෆායිවරුන් ඊටත් වඩා යහපත් කටයුත්තකින් පොළඹවා සිටියෝය, මක්නිසාද ඔවුන් ආධිපත්‍යයට ද නොහොත් බලයට ද සටන් නොකළ අතර එහෙත් ඔවුන් සටන් කළේ ඔවුන්ගේ නිවෙස් සහ ඔවුන්ගේ නිදහස වෙනුවෙන් ද, ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ද, ඔවුන්ගේ සියළු දේවල්වලට ද, එසේය, නමස්කාර කිරීමට ඔවුන්ගේ ආගමික පිළිවෙත් වෙනුවෙන් සහ ඔවුන්ගේ සභාව සඳහා ය.
46 තවද ඔවුන්ගේ දෙවියන්වහන්සේට ඔවුන් ණයගැති යැයි ඔවුන්ට හැඟුනු රාජකාරිය ඔවුන් කළෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් හට, සහ එසේම ඔවුන්ගේ පියවරුන් හට ද, මෙසේ පැවසූ සේක, එනම්: නුඹලා පළමුවන වරදට වැරදිකාර නොවෙන හෙයින්, දෙවෙන වරදට ද, නුඹලා නුඹලාගේ සතුරන්ගේ දෑත්වලින් මරණය ලැබීමට නුඹලා පීඩාවෙන් නොපෙළෙන්නෝය.
47 තවද නැවතත්, ස්වාමීන්වහන්සේ මෙසේ පැවසූ සේක, එනම්: ලේ වැගිරීම වෙත පවා ද නුඹලා නුඹලාගේ පවුල් ආරක්ෂා කරගන්නෝය. එසේහෙයින් ඔවුන්ව ද, ඔවුන්ගේ පවුල් ද, ඔවුන්ගේ දේශයන්, ඔවුන්ගේ රට, ඔවුන්ගේ අයිතීන්, සහ ඔවුන්ගේ ආගම් ද, ආරක්ෂා කරගැනීමට, මෙම කාරණය නිසාවෙන් නීෆායිවරුන් ලේමන්වරුන් සමඟ සටන් වැදුනෝය.
48 තවද එය මෙසේ සිදු විය, එනම් මොරෝනායිගේ මනුෂ්‍යයන් ලේමන්වරුන්ගේ කෝපය සහ බිහිසුණුභාවය දුටු විට, ඔවුන් ඇකිළී තවද ඔවුන්ගෙන් පලා යෑමට සූදානම්ව සිටියෝය. තවද මොරෝනායි, ඔවුන්ගේ අරමුණ දැක, ඉදිරියට යවා මේ සිතුවිලිවලින් ඔවුන්ගේ හදවත් පෙළඹවීය – එසේය, ඔවුන්ගේ දේශයන් පිළිබඳව සිතුවිලි ද, ඔවුන්ගේ නිදහස, එසේය, වහල්භාවයෙන් ඔවුන්ගේ නිදහස ය.
49 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් ලේමන්වරුන් මත හැරුණෝය, තවද ඔවුන් එක් හඬකින් ඔවුන්ගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ හට මොරගැසුවෝය, මක්නිසාද ඔවුන්ගේ නිදහස සහ වහල්භාවයෙන් නිදහස සඳහා ය.
50 තවද ඔවුන් බලයෙන් ලේමන්වරුන්ට එරෙහිව නැඟී සිටීමට පටන් ගත්තෝය; තවද එනම් එම පැයේදීම එනම් ඔවුන් ඔවුන්ගේ නිදහස උදෙසා ස්වාමීන්වහන්සේ හට මොරගැසූ අතර, ලේමන්වරුන් ඔවුන් ඉදිරියෙහි පලා යන්නට පටන් ගත්තෝය; තවද ඔවුන් සිදොන්හි ජලයන් වෙත පවා ද පලා ගියෝය.
51 දැන්, ලේමන්වරුන් ගණනින් තවත් බොහෝ විය, එසේය, නීෆායිවරුන්ගේ ගණනින් දෙගුණයකට වඩා ය; එසේනමුත්, ඔවුන් පලවා හැරිය පමණින්ම එනම් නිම්නයේ එක් සමූහයකින්, ඔවුන් සිදොන් ගංගාවේ ඉවුර මත, එක්රැස් වූවෝය.
52 එසේහෙයින් මොරෝනායිගේ සේනාවන් ඔවුන්ව වටකර තිබුණි, එසේය, ගංගාවේ දෙපැත්තෙහිම පවා ද, මක්නිසාද බලව, නැගෙනහිර දිශාවේ ලීහායිගේ මනුෂ්‍යයන් විය.
53 එසේහෙයින් සෙරහෙම්නා ලීහායිගේ මනුෂ්‍යයන් සිදොන් ගංගාවෙහි නැගෙනහිර දිශාවෙන් ද, තවද මොරෝනායිගේ සේනාවන් සිදොන් ගංගාවෙහි බටහිර දිශාවෙන්, එනම් ඔවුන් නීෆායිවරුන්ගෙන් වට වී ඇති බැවින් දුටු විට, ඔවුන් භීතියෙන් තැති ගත්තෝය.
54 දැන් මොරෝනායි, ඔහු ඔවුන්ගේ භීතිය දුටු විට, එනම් ඔවුන්ගේ ලේ වැගිරීම නවතා දමන මෙන් ඔහුගේ මනුෂ්‍යයන්ට අණ කළේය.