ශුද්ධලියවිලි
ඇල්මා 14


14 වන පරිච්ඡේදය

ඇල්මා සහ ඇමියුලෙක් සිරගත කර පහර දෙනු ලබයි – ඇදහිලිවන්තයන් සහ ඔවුන්ගේ ශුද්ධ ලියවිලි ගින්නෙන් පුළුස්සා දමනු ලබයි – මෙම ප්‍රාණ පරිත්‍යාගිකයින් ස්වාමීන්වහන්සේ විසින් මහිමයෙන් පිළිගනු ලබන්නේය – සිරගෙදර බිත්ති පැළී බිදී වැටෙයි – ඇල්මා සහ ඇමියුලෙක් මුදා හරිනු ලබයි, ඔවුන්ට පීඩා කරන්නන් මරා දමනු ලබයි. ක්‍රි.පූ. 82–81 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, ඔහු ජනතාවට කතා කිරීම අවසන් කළ පසු ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔහුගේ වචන විශ්වාස කර, තවද පසුතැවිලි වී, තවද ශුද්ධ ලියවිලි සෙවීමට පටන් ගත්තෝය.

2 එහෙත් ඔවුන්ගෙන් වැඩි කොටසක් ඇල්මා සහ ඇමියුලෙක් විනාශ කිරීමට ආශාවෙන් සිටියෝය; මක්නිසාද, ඔහු සීස්රොම්ට පැවසූ වචනවල සරල බව නිසා, ඔවුන් ඇල්මා සමඟ කෝප වී සිටියෝය; තවද එනම් ඇමියුලෙක් ඔවුන්ට බොරු කී බවත්, ඔවුන්ගේ නීතියට සහ ඔවුන්ගේ නීතිඥයින්ට සහ විනිශ්චයකරුවන්ට ද අපහාස කළ බවත් ඔවුන් පැවසුවෝය.

3 තවද ඔවුන් ඇල්මා සහ ඇමියුලෙක් සමඟ ද කෝප වූවෝය; තවද ඔවුන් ඔවුන්ගේ දුෂ්ඨකම්වලට විරුද්ධව ඉතා පැහැදිලිව සාක්ෂි දුන් නිසාවෙන්, ඔවුන් රහසිගතව ඔවුන්ව ඉවත් කිරීමට උත්සාහ කළෝය.

4 එහෙත් එය මෙසේ සිදු විය, එනම් ඔවුන් එසේ නොකළෝය; එහෙත්, ඔවුන් ඔවුන්ව රැගෙන ශක්තිමත් පටිවලින් බැඳ, තවද දේශයේ ප්‍රධාන විනිශ්චයකාරුවා ඉදිරියට ඔවුන්ව ගෙන ගියෝය.

5 තවද ජනතාව ඉදිරියට ගොස් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දුන්නෝය – ඔවුන් එනම් නීතියටත්, ඔවුන්ගේ නීතිඥයන්ටත් තවද දේශයේ විනිශ්චයකරුවන්ටත්, දේශයේ සිටි සියලු ජනයාටත් විරුද්ධව, නින්දා කළ බවට සාක්ෂි දුන්නෝය. තවද එකම දෙවියන් කෙනෙකුන් සිටින බවත්, උන්වහන්සේ තම පුත්‍රයාණන් ජනතාව අතරට එවිය යුතු බවත්, නමුත් උන්වහන්සේ ඔවුන්ව ගලවා නොගත යුතු බවටත් සාක්ෂි දුන්නෝය; ජනතාව ඇල්මාට සහ ඇමියුලෙක්ට විරුද්ධව එවැනි බොහෝ දේ සාක්ෂි දුන්නෝය. දැන් මෙය දේශයේ ප්‍රධාන විනිශ්චයකාරවරයා ඉදිරියේ සිදු කරන ලද්දේය.

6 තවද එය මෙසේ සිදු විය, එනම් සීස්රොම් කථා කර ඇති වචන ගැන පුදුමයට පත් විය; එමෙන්ම ඔහු තම බොරු වචනවලින් ජනතාව අතර ඇති කළ සිත් අන්ධභාවය ගැනද, ඔහු දැන සිටියේය. ඔහුගේ ආත්මය ඔහුගේම වරදකාරිත්වයේ විඥානය යටතේ කම්පනයට පත් වීමට පටන් ගත්තේය; එසේය, ඔහු නිරයේ වේදනාවෙන් වටවීමට පටන්ගත්තේය.

7 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු මෙසේ කියමින් ජනතාවට මොරගසන්නට පටන්ගත්තේය: බලව, මම වැරදිකරුවෙක් වන්නෙමි, මෙම මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ අභිමුඛයෙහි නොකැළැල් වන්නේය. ඔහු එතැන් පටන් ඔවුන් වෙනුවෙන් කන්නලව් කරන්න පටන්ගත්තෝය; නමුත් ඔවුන් මෙසේ කියමින් ඔහුට නින්දා කළෝය: නුඹත් යක්ෂයාගෙන් ආවේශ වී ඇත්තේද? ඔවුන් ඔහුට කෙළ ගසා, ඔහු ද, තවද එසේම ඇල්මා සහ ඇමියුලෙක් විසින් පැවසූ වචන විශ්වාස කළා වූ ඔවුන්වද ඔවුන් අතරෙන් නෙරපා දැමුවෝය; ඔවුන්ව එළවා දමා, තවද ඔවුන්ට ගල් ගැසීමට මනුෂ්‍යයන් යැව්වෝය.

8 තවද ඔවුන් ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් ද, දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කිරීමට හෝ විශ්වාස කිරීමට උගන්වා ඇති ඕනෑම කෙනෙකුන් එක්රැස් කළ අතර ගින්නට හෙළීමට ඔවුන් සැලැස්වීය; තවද, ඔවුන් ශුද්ධ ලියවිල්ල අඩංගු ඔවුන්ගේ වාර්තා ද ගෙනැවිත්, ගින්නෙන් පුළුස්සා විනාශ කරන පිණිස, එනම් ඒවා ද ගින්නට දැමුවෝය.

9 තවද එය මෙසේ සිදු විය, එනම් ගින්නෙන් ඇවිලුනා වූ ඒ අයගේ විනාශය ඔවුන් දකින පිණිස, ඔවුන් ඇල්මා සහ ඇමියුලෙක් රැගෙන, ප්‍රාණ පරිත්‍යාග කරන්නා වූ ස්ථානයට ගෙන ගියෝය.

10 තවද ඇමියුලෙක් ගින්නෙන් දැවෙන්නා වූ කාන්තාවන්ගේ හා දරුවන්ගේ වේදනාව දුටු විට, ඔහුටද එසේම වේදනාවක් ඇති විය; තවද ඔහු ඇල්මාට මෙසේ කීවේය: මෙම භයානක වූ දර්ශනය අප දකින්නේ කෙසේද? එසේහෙයින් අපි අපගේ දෑත් දිගු කර, තවද අප තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ බලය ක්‍රියාත්මක කර, තවද ඔවුන්ව ගිනිදැල්වලින් ගලවා ගනිමු.

11 එහෙත් ඇල්මා ඔහුට මෙසේ කීවේය: මාගේ දෑත් දිගු නොකරන ලෙස ආත්මයාණන් මට බල කරන සේක; මක්නිසාද, බලව, ස්වාමීන්වහන්සේ මහිමයෙන්, ඔවුන් තමන්වහන්සේ වෙතට පිළිගන්නා සේක; තවද ඔවුන් මේ දේ කිරීමට හෝ එනම් ජනතාව ඔවුන්ගේ සිත්වල දැඩිකමට අනුව ඔවුන්ට මේ දේ කිරීමට උන්වහන්සේ ඉඩ සලස්වන්නේ උන්වහන්සේ තමන්වහන්සේගේ උදහසින් ඔවුන් පිට ක්‍රියාත්මක කරන විනිශ්චයන් යුක්ති සහගත වනු පිණිසය; තවද නිර්දෝෂී වූවන්ගේ රුධිරය ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් ලෙස පෙනී සිටින්නේය, එසේය, තවද අන්තිම දවසේදී ඔවුන්ට විරුද්ධව බලවත් ලෙස මොරගසන්නේය.

12 දැන් ඇමියුලෙක් ඇල්මාට මෙසේ කීවේය: බලව, බොහෝවෙලාවට ඔවුන් අපවත් එසේම පුළුස්සා දමනු ඇත්තෝය.

13 තවද ඇල්මා කීවේය: එය ස්වාමීන්වහන්සේගේ කැමැත්ත පරිදි වේවා. එහෙත්, බලව, අපගේ ක්‍රියාවන් නිම වී නැත්තේය; එසේහෙයින් ඔවුන් අපව පුළුස්සා නොදමන්නෝය.

14 දැන් එය මෙසේ සිදු විය, එනම් ගින්නට දැමූ අයගේ ශරීර සහ එසේම ඔවුන් සමඟ දැමූ වාර්තා ද දැවී ගිය විට, දේශයේ ප්‍රධාන විනිශ්චයකරු පැමිණ, ඇල්මා සහ ඇමියුලෙක්, ඔවුන් බැඳ සිටින විට ඔවුන් ඉදිරියෙහි සිටගත්තේය; තවද ඔහු ඔවුන්ගේ කම්මුල්වලට ඔහුගේ අතින් ගසා, තවද ඔවුන්ට මෙසේ කීවේය: නුඹලා දුටු දෙයින් පසු, එනම් මෙම ජනතාව ගිනි හා ගෙන්දගම් විලට හෙළනු ලබන පිණිස, ඔවුන්ට නැවත දේශනා කරන්නෙහිද?

15 බලව, එනම් ගින්න තුළට දමනු ලැබුවාවූ අයව ගලවා ගැනීමට නුඹලාට බලයක් නොමැති බව නුඹලාට පෙනෙන්නෙහිය; නැතහොත් ඔවුන් නුඹලාගේ ඇදහිල්ලෙන් පැවතීම නිසා දෙවියන්වහන්සේද ඔවුන්ව ගලවා නොගත් සේක. තවද විනිශ්චයකරුවා නැවතත් ඔවුන්ගේ කම්මුල්වලට පහර දී මෙසේ ඇසුවේය: නුඹලා නුඹලාම ගැන කුමක් කියන්නේද?

16 දැන් මෙම විනිශ්චයකරුවා ගිඩියොන්ව මරණයට පත් කලා වූ, නිහොර්ගේ නියෝග සහ ඇදහිල්ල අනුව සිටියේය.

17 තවද එය මෙසේ සිදු විය, එනම් ඇල්මා සහ ඇමියුලෙක් ඔහුට කිසිඳු පිළිතුරුක් නොදුන්නේය; තවද ඔහු නැවත ඔවුන්ට පහර දුන්නේය, තවද ඔවුන්ව සිරගෙය තුළට දමන පිණිස නිලධාරීන්ට භාර දුන්නේය.

18 තවද ඔවුන්ව සිරගෙය තුළට දමා දවස් තුනක් වූ විට, නිහොර්ගේ වෘත්තියට අයත් වන්නාවූ, බොහෝ නීතිඥවරුන්ද, විනිශ්චයකරුවන්ද, පූජකයන්ද, ගුරුවරුන්ද පැමිණියෝය; තවද ඔවුන්ව දැකීම පිණිස ඔවුන් සිරගෙය තුළට පැමිණි අතර, තවද ඔවුන් ඔවුන්ව බොහෝ වචන වලින් ප්‍රශ්න කළෝය; එහෙත් ඔවුන් කිසිවකට පිළිතුරු නොදුන්නෝය.

19 තවද එය මෙසේ සිදු විය, එනම් විනිශ්චයකරුවා ඔවුන් ඉදිරියේ සිටගෙන, තවද මෙසේ කීවේය: මෙම ජනතාවගේ වචනවලට නුඹලා පිළිතුරු නොදෙන්නේ මන්ද? එනම් නුඹලාව ගිනිදැල් මතට භාර දීමට මට බලය ඇති බව නුඹලා නොදෙන්නෙහුද? තවද ඔවුන්ට කථා කිරීමට ඔහු අණ කළේය; එහෙත් ඔවුන් කිසිවකට පිළිතුරු නොදුන්නෝය.

20 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් පිටව ගොස් ඔවුන්ගේ මාර්ගවල ගියෝය, එහෙත් පසුදා නැවත ආවෝය; තවද විනිශ්චයකරුවා නැවත එසේම ඔවුන්ගේ කම්මුල්වලට පහර දුන්නෝය. තවද බොහෝ දෙනෙකු ඉදිරියට පැමිණ මෙසේ කියමින්, ඔවුන්ට පහර දුන්නෝය: නුඹලා නැවත නැඟිට තවද මෙම ජනතාව විනිශ්චය කර, තවද අපගේ නීතිය හෙළා දකින්නෙහිද? නුඹලාට එතරම් විශාල බලයක් තිබෙන්නේ නම්, නුඹලා නුඹලාම ගලවා නොගන්නේ මන්ද?

21 තවද ඔවුන් ඔවුන්ට එවැනි බොහෝ දේ කීවෝය, ඔවුන් කෙරෙහි දත්මිටි කමින්, සහ ඔවුන් කෙරෙහි කෙළ ගසමින්, තවද මෙසේ කීවේය: අප ශාප ලත් විට අප කෙසේ පෙනෙනු ඇත්තෙහිද?

22 තවද මෙවැනි බොහෝ දේවල් කීවෝය, එසේය, මෙවැනි ආකාරයේ සියලු මහත් දේවල් ඔවුන් ඔවුන්ට කීවෝය; තවද මෙසේ බොහෝ දවසක් ඔවුන් ඔවුන්ට සරදම් කළෝය. තවද ඔවුන්ට එනම් කුසගින්න ඇති වන පිණිස ආහාරද, තවද එනම් ඔවුන්ට පිපාසය ඇති වන පිණිස ජලය ද, ඔවුන් ඔවුන් වෙතින් වළක්වන ලද්දෝය; එනම් ඔවුන් නිර්වස්ත්‍ර වන පිණිස, තවද ඔවුන් එසේම ඔවුන්ගේ වස්ත්‍ර ද ඔවුන් වෙතින් ගත්තෝය; තවද මෙසේ ඔවුන්ව ශක්තිමත් පටිවලින් බැඳ සිරගෙයිහි රැඳවුවෝය.

23 තවද එය මෙසේ සිදු විය, ඔවුන් බොහෝ දිනක් මෙසේ දුක් විඳීමෙන් පසු, (තවද එය නීෆායිගේ ජනතාව කෙරෙහි විනිශ්චයකරුවන්ගේ රාජ්‍යා පාලන සමයේ දසවන වසරේ, දසවන මාසයේ, දොළොස්වන දින විය) එනම් ඇමෝනිහා දේශය කෙරෙහි ප්‍රධාන විනිශ්චයකරු, සහ ඔවුන්ගේ ගුරුවරුන්ද, ඔවුන්ගේ නීතිඥයින් බොහෝ දෙනෙකු ඇල්මා සහ ඇමියුලෙක් පටිවලින් බැඳ තිබුනාවූ සිරගෙය වෙත ගියෝය.

24 තවද ප්‍රධාන විනිශ්චයකරුවා ඔවුන් ඉදිරියෙහි සිටගෙන, තවද ඔවුන්ට නැවතත් පහර දී, තවද ඔවුන් හට මෙසේ කීවේය: නුඹලාට දෙවියන්වහන්සේගේ බලය තිබෙන්නේ නම් මෙම පටි වලින් නුඹලාවම ගලවා ගන්න, එවිට නුඹලාගේ වචන අනුකුලව එනම් ස්වාමීන්වහන්සේ මෙම ජනතාව විනාශ කරන බව අප විශ්වාස කරන්නෙමු.

25 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් සියල්ලෝම ඉදිරියට ගොස්, අන්තිමයා දක්වාම පවා එකම වචන කියමින්, තවද ඔවුන්ට පහර දුන්නෝය; තවද අන්තිමයා ඔවුන් හට කථාකළ විට, දෙවියන්වහන්සේගේ බලය ඇල්මා සහ ඇමියුලෙක් මත වූ අතර, තවද ඔවුන් නැඟිට ඔවුන්ගේ පාද මතින් සිට ගත්තෝය.

26 තවද ඇල්මා මොරගසමින්, මෙසේ කීවේය: අහෝ ස්වාමීන්වහන්ස, අප කොපමණ කාලයකට මෙම බලවත් පීඩාවන් විඳදරාගන්නෙමුද? අහෝ ස්වාමීන්වහන්ස, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ අපගේ ඇදහිල්ලට අනුකුලව, ගැලවීම සඳහා වුවද, අපට ශක්තිය දුන මැනව. තවද ඔවුන්ව බැඳ තිබුනාවූ එම පටි ඔවුන් කැඩුවෝය; තවද ජනතාව මෙය දුටු විට, ඔවුන් පලා යාමට පටන්ගත්තෝය, මක්නිසාද විනාශයේ බිය ඔවුන් මත පැමිණියෝය.

27 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් පොළොවට ඇද වැටෙන තරමට, එනම් ඔවුන්ගේ බිය බලවත් විය, තවද සිරගෙදර පිටත දොරට ලඟා වීමට නොහැකි විය; තවද පොළොව බලවත් ලෙස සෙලවුනේය, තවද සිරගෙදර බිත්ති එනම් ඒවා පොළොවට වැටෙන තරමට, දෙකඩව පැළුනේය; තවද ඇල්මා සහ ඇමියුලෙක් මත පහර දුන්නාවු ප්‍රධාන විනිශ්චයකරුද, නීතිඥයින්ද, පූජකයින්ද, ගුරුවරුන්ද, එහි වැටීමෙන් මරණයට පත් වූවෝය.

28 තවද ඇල්මා සහ ඇමියුලෙක් සිරගෙයින් පිටත ඉදිරියට පැමිණි අතර, තවද ඔවුන් හට කිසිදු හානියක් නොවීය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් හට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ලට අනුව බලය ලබා දී තිබුණෝය. තවද ඔවුන් එකෙණෙහිම සිරගෙයින් පිටත ඉදිරියට ආවෝය; තවද ඔවුන් ඔවුන්ගේ පටිවලින් ලිහිල් කරනු ලැබීය; තවද සිරගෙය පොළොවට වැටුණු අතර, ඇල්මා සහ ඇමියුලෙක් හැර, තවද එහිවු බිත්ති අතර සිටියාවූ සෑම ප්‍රාණයක්ම මරණයට පත් වූවෝය; තවද ඔවුන් එකෙණෙහිම නගරය තුළට පැමිණියෝය.

29 දැන් මහත් ශබ්දයක් ඇසුණු ජනතාව එම කාරණය දැන ගන්නා පිණිස ජන සමූහයක් මෙන් එක්ව දිව ආවෝය; තවද එහි වූ බිත්ති පොළොවට වැටී, තවද අල්මා සහ ඇමියුලෙක් සිරගෙයින් පිටත ඉදිරියට එනු ඔවුන් දුටු විට, ඔවුන් මහත් බියෙන් පහර ලැබ, තවද සිංහයන් දෙදෙනෙකු වෙතින් එළුවෙකු ඇයගේ පැටවුන් සමඟ පලා යන්නාක් මෙන් පවා ඇල්මා සහ ඇමියුලෙක්ගේ ඉදිරියෙන් පලා ගියෝය; තවද මෙසේ ඔවුන් ඇල්මා සහ ඇමියුලෙක් ඉදිරියෙන් පලා ගියෝය.