20 වන පරිච්ඡේදය
ස්වාමීන්වහන්සේ ඇමන්ව මිද්දෝනි වෙත යවන්නේ ඔහුගේ සිරගතව සිටින සහෝදරයන් ගළවා ගැනීම සඳහාය – ඇමන් සහ ලැමෝනායි ලැමෝනායිගේ පියාව හමු වේ, ඔහු මුළු දේශයේම රජතුමා වේ – ඇමන් තම සහෝදරයන් නිදහස් කිරීම අනුමත කරන ලෙස මහළු රජුට බල කරයි. ක්‍රි.පූ. 90 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් එම දේශයේ සභාවක් ස්ථාපිත කළ විට, එනම් ඔහු ඔහුගේ පියාට පෙන්වන පිණිස, ඇමන් ඔහු සමඟ නීෆායි දේශයට ගමන් කරනවාට ලැමෝනායි රජු ආශා කළේය.
2 තවද ස්වාමීන්වහන්සේගේ හඬ මෙසේ පවසමින්, ඇමන් වෙත පැමිණි සේක: නුඹ නීෆායි දේශය වෙත ඉහළට නොයන්න, මක්නිසාද බලව, රජු නුඹගේ ජීවිතය සොයනු ඇත; එහෙත් නුඹ මිද්දෝනි දේශය වෙත යන්න; මක්නිසාද බලව, නුඹගේ සොහොයුරු වන ආරොන්, තවද එසේම මුලෝකි හා ඈම්මා සිරගෙදර තුළ සිටිති.
3 දැන් එය මෙසේ සිදු විය, එනම් ඇමන් මෙය ඇසූ විට, ඔහු ලැමෝනායි හට මෙසේ කීවේය: බලව, මාගේ සොහොයුරු සහ සහෝදරයන් මිද්දෝනි හි සිරගෙදර තුළය, තවද මා ඔවුන්ව ගළවනු පිණිස මම යමි.
4 දැන් ලැමෝනායි ඇමන් හට මෙසේ කතා කොට: ස්වාමීන්වහන්සේගේ ශක්තියෙන් නුඹට සියලු දේ කළ හැකි බව, මම දනිමි. එහෙත් බලව, මම නුඹත් සමඟ මිද්දෝනි දේශයට යන්නෙමි; මක්නිසාද මිද්දෝනි දේශයේ රජු, ඔහුගේ නාමය ඇන්ටියොම්නෝ වන අතර, ඔහු මා හට මිත්‍රයෙකි; එබැවින් මම මිද්දෝනි දේශයට යමි, එනම් මම දේශයේ රජුට ප්‍රශංසා කර, තවද ඔහු නුඹගේ සහෝදරයන්ව සිරගෙදරින් නෙරපන පිණිසය. දැන් ලැමෝනායි ඔහුට කීවේය: නුඹගේ සහෝදරයන් සිරගෙදර තුළ බව නුඹට කීවේ කවුරුන් ද?
5 තවද ඇමන් ඔහුට කතා කොට: දෙවියන්වහන්සේ මිස, කිසිවෙකු මා හට කීවේ නැත; තවද උන්වහන්සේ මා හට කී සේක – යන්න නුඹගේ සහෝදරයන් ගළවා ගන්න, මක්නිසාද ඔවුන් මිද්දෝනි දේශයේ සිරගතව ඇත්තේය.
6 දැන් ලැමෝනායි මෙය ඇසූ විට ඔහු ඔහුගේ සේවකයන් ඔහුගේ අශ්වයන් සහ ඔහුගේ අශ්ව රථ සූදානම් කරන්නට සැලැස්වීය.
7 තවද ඔහු ඇමන් හට කීවේය: එන්න, මම නුඹත් සමඟ පහළට මිද්දෝනි දේශයට යන්නෙමි, තවද එනම් ඔහු නුඹගේ සහෝදරයන් සිරගෙදරින් පිට කරන පිණිස, මම රජුට ආයාචනා කරන්නෙමි.
8 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමන් සහ ලැමෝනායි ඒ වෙත ගමන් කරමින් සිටින විට, මුළු දේශයේම රජු වූ, ලැමෝනායිගේ පියා ඔවුන්ට මුණගැසුණි.
9 තවද බලව, ලැමෝනායිගේ පියා ඔහු හට මෙසේ කීවේය: මා මාගේ පුත්‍රයන්ට ද, මාගේ ජනතාව උදෙසා උත්සවයක් පැවැත්වූ බලවත් දිනයේ උත්සවයට නුඹ නොපැමිණියේ මන්ද?
10 තවද එසේම ඔහු කීවේය: බොරුකාරයෙකුගේ දරුවන්ගෙන් කෙනෙකු වන, මෙම නීෆායි ජාතිකයා සමඟ නුඹ කොතැනට යන්නෙහි ද?
11 තවද එය මෙසේ සිදු විය, එනම් ලැමෝනායි ඔහු කොයිදෙසට යන්නේ දැයි ඔහු හට විස්තර කළේය, මක්නිසාද ඔහුව අමනාප කරගැනීමට ඔහු බිය විය.
12 තවද එනම් ඔහුගේ පියා විසින් සූදානම් කළ ඔහුගේ මංගල්‍යයට තමන් ඔහු වෙතට නොගිය බව, ඔහු තමාගේ රාජ්‍යයේ රැඳී සිටීමට සියලු හේතු ද ඔහු ඔහුට කීවේය.
13 තවද දැන් ලැමෝනායි මේ සියලු දේ ඔහුට විස්තර කළ විට, බලව, ඔහුගේ පුදුමයට, ඔහුගේ පියා ඔහු සමඟ කෝප විය, තවද කීවේය: ලැමෝනායි, බොරුකාරයෙකුගේ පුත්‍රයන් වන, මේ නීෆායිවරුන්ව ගළවාගන්නට නුඹ යන්නෙහිය. බලව, ඔහු අපගේ පියවරුන්ව මංකොල්ල කා ඇත; තවද දැන් ඔහුගේ දරුවන් ද එසේම අප අතරට පැමිණෙන්නේ එනම් ඔවුන්, ඔවුන්ගේ කපටිකමින් හා මුසාවන් විසින්, අපව මුළා කරන පිණිස, එනම් ඔවුන් නැවතත් අපව අපගේ දේපළවලින් කොල්ලකන පිණිසය.
14 දැන් ලැමෝනායිගේ පියා ඔහු කඩුවෙන් ඇමන්ව නසන ලෙස ඔහුට අණ කළේය. තවද ඔහු මිද්දෝනි දේශයට නොගොස්, එහෙත් එනම් ඔහු ඔහුත් සමඟ ඉෂ්මායෙල් දේශයට ආපසු යන ලෙසට ඔහුට අණ කළේය.
15 එහෙත් ලැමෝනායි ඔහුට මෙසේ කතා කොට: මම ඇමන් නොමරමි, එමෙන්ම මම ඉෂ්මායෙල් දේශයට ආපසු නොයමි, එහෙත් මම මිද්දෝනි දේශයට යමි, එනම් ඇමන්ගේ සහෝදරයන් නිදහස් කරන පිණිස, මක්නිසාද ඔවුන් යුක්තිසහගත මනුෂ්‍යයන් බව සහ එකම සත්‍ය වූ දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් වන බව මම දනිමි.
16 දැන් ඔහුගේ පියා මේ වචන ඇසූ විට, ඔහු ඔහුත් සමඟ කෝප විය, තවද ඔහුව පොළොවට වැටෙන්නට පහර දෙන ලෙසට ඔහු ඔහුගේ කඩුව ගත්තේය.
17 එහෙත් ඇමන් ඉදිරියට පැමිණ තවද ඔහුට මෙසේ කතා කොට: බලව, නුඹ නුඹගේ පුත්‍රයාව නොමරන්න; එසේනමුත්, නුඹට වඩා ඔහු වැටීම යහපත්, මක්නිසාද බලව, ඔහු ඔහුගේ පාපවලට පසුතැවිලී වී ඇත්තේය; එහෙත් මේ වෙලාවේ නුඹ වැටෙන්නේ නම්, නුඹගේ කෝපය තුළ, නුඹගේ ආත්මය ගලවා ගැනීමට නොහැකිවන්නේය.
18 තවද නැවතත්, එනම් නුඹ ඉවසනවා නම් යෝග්‍ය වන්නේය; මක්නිසාද නුඹ නුඹගේ පුත්‍රයාව මරන්නේ නම්, ඔහු අහිංසක මනුෂ්‍යයෙක් වන බැවින්, ඔහුගේ රුධිරය පොළවේ සිට ඔහුගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ වෙත මොර ගසනු ඇත, මක්නිසාද පළිගැනීම නුඹ මත පැමිණෙනු පිණිස; තවද සමහරවිට නුඹගේ ආත්මය නුඹට නැති වනු ඇත.
19 දැන් ඇමන් ඔහුට මේ වචන පැවසූ විට, ඔහු ඔහුට පිළිතුරු දෙමින්: මම මාගේ පුත්‍රයාව මරන්නේ නම්, මම අහිංසක රුධිරය වගුරුවන බව මම දනිමි; මක්නිසාද ඔහුව විනාශ කිරීමට උත්සාහ කළේ නුඹයි.
20 තවද ඔහු ඇමන්ව මරණයට පත් කරන්න අත දිගු කළේය. එහෙත් ඇමන් ඔහුගේ පහරවල් වළක්වා, තවද එසේම ඔහුට එය භාවිත කළ නොහැකි ලෙස ඔහුගේ අතට පහර දුන්නේය.
21 දැන් ඇමන්ට ඔහුව මරා දැමීමට හැකි බව දුටු රජු, ඔහුගේ ජීවිතය ඔහූ නැති කිරීමෙන් වළකින ලෙස ඇමන් සමඟ ඔහු ආයාචනා කරන්නට පටන් ගත්තේය.
22 එහෙත් ඇමන් තම කඩුව ඔසවා, තවද ඔහුට කතා කොට: බලව, මාගේ සහෝදරයන් සිරගෙයින් නෙරපා දැමීම මා හට අවසර දෙනවා මිසක මම නුඹට පහර දෙන්නෙමි.
23 දැන් රජු, තමාගේ ජීවිතය අහිමිවනු ඇතැයි බියෙන්, මෙසේ පැවසුවේය: නුඹ මා අත්හරින්නේනම් නුඹ ඉල්ලන ඕනෑම දෙයක්, රාජ්‍යයෙන් අඩක් වූවත්, මම නුඹට දෙන්නෙමි.
24 දැන් ඇමන් තම ආශාව අනුව මහලු රජුට සිදු කළ බලපෑම දුටු විට, ඔහු ඔහුට කීවේය: මාගේ සහෝදරයන් සිරගෙයින් නෙරපා හරින්න අවසර දෙන්නේ නම්, තවද එසේම ලැමෝනායි වෙත ඔහුගේ රාජ්‍යයට රැක ගන්නා පිණිසත්, තවද එනම් නුඹ ඔහු කෙරෙහි අප්‍රසාද නොවන පිණිසත්, එහෙත් ඔහුට ඔහු සිතන කුමක් හෝ දෙයක් වුවද ඔහුගේ ආශාව පරිදි ක්‍රියා කරන පිණිසත් අවසර දෙන්නේ නම්, එවිට මම නුඹව ඉතිරි කරන්නෙමි; නැතහොත් මම නුඹට පහර දී පොළොවට හෙළන්නෙමි.
25 දැන් ඇමන් මේ වචන කී පසු, රජතුමා ඔහුගේ ජීවිතය නිසා ප්‍රීතිවන්නට පටන් ගත්තේය.
26 තවද ඇමන් හට ඔහුව විනාශ කිරීමට කිසිදු ආශාවක් නොමැති බව ඔහු දුටු විට, තවද එසේම ඔහුගේ පුතු වූ ලැමෝනායි වෙත තිබූ මහත් ආදරය ද දුටු විට, ඔහු බෙහෙවින් මවිතයට පත් වී, මෙසේ කීවේය: නුඹ ආශා වූ සියල්ල මෙය වන බැවින්, එනම් මම නුඹගේ සහෝදරයන් නිදහස් කර, මාගේ පුත්‍ර ලැමෝනායිට ඔහුගේ රාජ්‍යය රැක ගන්නා ලෙස ඉඩ දෙන්නෙමි, බලව, මාගේ පුත්‍රයා මේ කාලයේ සිට සදාකාලය දක්වා ඔහුගේ රාජ්‍යය රඳවා ගන්නා පිණිස මම නුඹට අවසර දෙන්නෙමි; මම තවදුරටත් ඔහුව පාලනය නොකරන්නෙමි –
27 තවද එසේම නුඹගේ සහෝදරයන් සිරගෙදරින් පිටතට නෙරපා දැමීම මම නුඹට ලබා දෙන්නෙමි, තවද මාගේ රාජ්‍යය තුළ, නුඹ සහ නුඹගේ සහෝදරයන්ට මා වෙත පැමිණිය හැක; මක්නිසාද මට නුඹව දැකීමට මහත් ආශාවක් දක්වන්නෙමි. මක්නිසාද ඔහු කතා කළ වචන ගැනත්, තවද එසේම ඔහුගේ පුත්‍රයා වන ලැමෝනායි විසින් පවසන ලද වචන ගැනත් රජු බෙහෙවින් මවිතයට පත් විය, එබැවින් ඔහු ඒවා ඉගෙන ගැනීමට කැමති විය.
28 තවද එය මෙසේ සිදු විය, එනම් ඇමන් සහ ලැමෝනායි මිද්දෝනි දේශය දෙසට ඔවුන්ගේ ගමනේ නික්ම ගියෝය. තවද ලැමෝනායි දේශයෙහි වූ රජුගේ දෑසේ ප්‍රසාදයට ලක් විය; එබැවින් ඇමන්ගේ සහෝදරවරු සිරගෙදරින් පිටතට රැගෙන ආවෝය.
29 තවද ඇමන් ඔවුන් මුණගැසුණු විට ඔහු බොහෝ සෙයින් ශෝක විය, මක්නිසාද බලව ඔවුන් නිරුවත් ව සිටියෝය, තවද ශක්තිමත් රැහැන් වලින් බැඳී සිටීම නිසා ඔවුන්ගේ හම් බොහෝ සෙයින් ගෙවී ගොස් තිබුණි. තවද එසේම ඔවුන් කුසගින්නෙන්, පිපාසයෙන්, තවද සියලු ආකාරයේ දුක් පීඩාවන්ගෙන් වේදනා වින්ඳෝය; කෙසේ වෙතත් ඔවුන් ඔවුන්ගේ සියලු වේදනාවලදී ඉවසිලිවන්ත විය.
30 තවද, එය සිදු වූ පරිදි, වඩාත් දැඩි හා වඩාත් මුරණ්ඩු ජනතාවකගේ හස්තයට හසු වීම ඔවුන්ගේ ඉරණම විය; එබැවින් ඔවුන් ඔවුන්ගේ වචනවලට සවන් නොදුන්නෝය, තවද ඔවුන්ව පිටතට නෙරපා දැමුවෝය, තවද ඔවුන්ට පහර දී, තවද මිද්දෝනි දේශයට පැමිණෙන තෙක්, තවද ගෙයින් ගෙට, තවද තැනින් තැනට, ඔවුන් පලවා හැරියෝය; තවද එහි දී ඔවුන්ව රැගෙන ගොස් සිරගෙදරට දමන ලදී, තවද ශක්තිමත් පටි වලින් බැඳ, තවද දින ගණනාවක් ඔවුන්ව සිරගෙදර තුළ තබා, තවද ලැමෝනායි සහ ඇමන් විසින් ගළවාගන්නා ලදී.