ශුද්ධලියවිලි
හීලමන් 3


3 වන පරිච්ඡේදය

නීෆායිවරුන් බොහෝමයක් දේශයේ උතුරු දිශාවට සංක්‍රමණය කරති – ඔවුන් සිමෙන්තියෙන් නිවෙස් සාදා තවද බොහෝ වාර්තා තබති – දස දහස් ගණනක් හැරවී බෞතීස්මය ලබති – දෙවියන්වහන්සේගේ වචනය මනුෂ්‍යයින් ගැලවීම කරා ගෙන යන්නේය – හීලමන්ගේ පුත් නීෆායි විනිශ්ච-ආසනය පුරවයි. ක්‍රි.පූ. 49–39 පමණ.

1 තවද එය මෙසේ සිදු විය, විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ හතලිස් තුන්වෙනි වසරෙහි, මානය යන්තමින් සභාවේ තිබූනමුත් නීෆායිගේ ජනතාව අතර මතභේද නොවීය, එය ජනතාව අතර යන්තමින් මතභේද උපදවා, එම කටයුතු හතලිස් තුන්වැනි වසරෙහි නිරවුල් විය.

2 තවද හතලිස් හතරවැනි වසරෙහි ජනතාව අතර කිසිඳු මතභේද නොවීය; හතලිස් පනස්වැනි වසරෙහි ද මතභේද නොතිබුණි.

3 තවද එය මෙසේ සිදු විය, හතලිස් හයවැනි වසරෙහි, එසේය, බොහෝ මතභේද ද අසමගි ද තිබුනේය; සරහෙම්ලා දේශයෙන් නික්ම වූ බොහෝදෙනෙකු සිටියෝය, තවද දේශය උරුම කරගැනීමට දේශය වෙත ඉදිරියට ගියෝය.

4 තවද ඔවුන් මහත් දුරක් ගමන් ගත්තෝය, එනම් එපමණින්ම විශාල ජල කඳන් සහ ගංඟාවන් වෙත ඔවුන් පැමිණියෝය.

5 එසේය, දේශය පෙර උරුමකරගත් වැසියන් බොහෝමයක් නිසාවෙන්, දැව නැති සහ පාළු ලෙස විදහාපෑ ඕනෑම කොටස්වලට, තවද දේශයේ සියලු කොටස්වලට ඔවුන් විසිර ගියෝය.

6 තවද දැන් දැව මිස, දේශයෙහි කිසිඳු කොටසක් පාළු නොවීය; එහෙත් දේශය පෙර උරුමකරගත් ජනතාවගේ විනාශයෙහි මහත්භාවය නිසාවෙන් එය පාළුකරය ලෙස නම් කරන ලදී.

7 තවද ඔවුන් වාසය කරන ස්ථානයේ, දේශයේ මුහුණුවරයෙහි තිබෙන්නාවූ දැව මඳ වූ බැවින්, එසේනමුත් ඉදිරියට ගිය ජනතාව සිමෙන්ති සෑදීමේ අතිශයින් ප්‍රවීණයන් විය.

8 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් බෝ වී විසිර ගියෝය, තවද ඔවුන් දේශයේ දකුණුදෙස සිට උතුරුදෙසට ගියෝය, තවද මුහුදේ බස්නාහිර සිට මුහුදේ නැගෙනහිර දෙසට, මුහුදේ දකුණේ සිට මුහුදේ උතුර දෙසට, තවද එපමණින්ම එනම් ඔවුන් මුළු පොළොවෙහිම මුහුණුවරය ආවරණය කරන්නට පටන් ගත්තෝය.

9 තවද දේශයේ උතුරුදෙසින් සිටි ජනතාව කූඩාරම්වල වාසය කළෝය, තවද සිමෙන්තියෙන් සෑදූ නිවෙස්වල වූ අතර, දේශයේ මුහුණුවරය මත හටගන්නාවූ කුමන නමුත් ගස වැඩෙන මෙන් ඔවුන් වින්දෝය, එනම් නිසි කාලයෙහි ඔවුන්ට ඔවුන්ගේ නිවෙස් ද, එසේය, ඔවුන්ගේ නගර ද, තවද ඔවුන්ගේ දේවමාළිගාවන් ද, ඔවුන්ගේ සිනගෝග ද, ඔවුන්ගේ ශුද්ධස්ථාන ද, සහ ඔවුන්ගේ සියලු ආකාරයේ ගොඩනැගිලි ද, සාදා ගැනීමට දැව ඇති වන බැවින් ය.

10 තවද එය මෙසේ සිදු විය, දේශයේ උතුරුදෙසින් දැව අතිශයින් හිඟ වූ බැවින්, නැව්ගත කිරීම මාර්ගයෙන් ඔවුන් බොහෝසෙයින් යවන ලදී.

11 තවද එසේ දැව සහ සිමෙන්තියෙන් යන දෙකෙන්ම, බොහෝ නගර ගොඩනඟන්නට හැකි වන මෙන් ඔවුන් දේශයේ උතුරු දෙසින් ජනතාවට පැවරුවෝය.

12 තවද එය මෙසේ සිදු විය, උපතින් ලේමන්වරුන් වූ, මෙම දේශය තුළට එසේම ගියා වූ, එනම් ඇමන්ගේ ජනතාව බොහෝ විය.

13 තවද දැන් මෙම ජනතාවගේ ක්‍රියාවන් පිළිබඳව තිබූ වාර්තා බොහෝමයක් ඇත, මෙම ජනතාව බොහෝ දෙනෙකු පිළිබඳව, ඔවුන් සම්බන්ධයෙන් වූ අතර, ඒවා සුවිශේෂ සහ ඉතා විශාල විය.

14 එහෙත් බලව මෙම ජනතාවගේ ක්‍රියාවන්හි සියවැනි කොටසක්, එසේය, ලේමන්වරුන්ගේ සහ නීෆායිවරුන්ගේ යුද්ධ පිළිබඳව ද, මතභේද ද, අසමගීන් ද, ඔවුන්ගේ දේශනා කිරීම් ද, ඔවුන්ගේ අනාවැකියන් ද, ඔවුන් නැව් සාදා සහ ඔවුන්ගේ නැව්ගත කිරීම් ද, ඔවුන් දේවමාළිගා ගොඩනැඟීම ද, ඔවුන් සිනගෝග සහ ඔවුන්ගේ ශුද්ධස්ථාන ද, ඔවුන්ගේ ධර්මිෂ්ඨකම ද, සහ ඔවුන්ගේ දුෂ්ටකම ද, ඔවුන්ගේ මිනීමැරුම් ද, ඔවුන්ගේ සොරකම් කිරීම් ද, ඔවුන්ගේ කොල්ලකෑම් ද, තවද සියළු ආකාරයේ පිළිකුල් සහගත සහ වේශ්‍යාකම්, මෙම කාර්යයෙහි අඩංගු කළ නොහැකිය.

15 එහෙත් බලව, සෑම ආකාරයේම බොහෝ කෘතීන් ද බොහෝ වාර්තා ද ඇත, තවද ඒවා නීෆායිවරුන් විසින් ප්‍රධානව තබා ඇත්තේය.

16 තවද ඒවා පරම්පරාවෙන් පරම්පරාවට භාර දෙන ලදී, ඔවුන් පාපය තුලට වැටී තවද මර දැමූ තෙක් පවා ද, කොල්ලකෑමට ලක් වී, තවද දඩයමට ලක් වී, තවද පලවා හැර, තවද ඝාතනය වී, තවද පොළෝ තලය මත විසුරවා, තවද ඔවුන් තවදුරටත් නීෆායිවරුන් ලෙස හඳුන්වනු නොවන තෙක් ලේමන්වරුන් සමඟ මුසු කර, දුෂ්ට වී, තවද වනචාරී වී, සහ රෞද්‍ර වී, එසේය, ලේමන්වරුන් වීම පවා ද විය.

17 තවද දැන් මම නැවතත් මාගේ විස්තරයට එන්නෙමි; එසේහෙයින්, මා පැවසූ දේ නීෆායි ජනතාව අතර වූ, මහත් මතභේද ද, කෝලාහල ද, තවද යුද්ධ ද, අසමගියන් ද, පසුවෙන් ය.

18 හතලිස් සයවැනි විනිශ්චයකරුවන්ගේ පාලන සමය අවසන් විය;

19 තවද එය මෙසේ සිදු විය, එනම් දේශයේ තවමත් මහත් මතභේද තිබුනේය, එසේය, හතලිස් හත්වැනි වසරෙහි පවා ද, තවද හතලිස් අටවැනි වසරේ ද විය.

20 එසේනමුත් හීලමන් විනිශ්ච-ආසනය යුක්තිය සහ සාධාරණත්වයෙන් සම්පූර්ණ කළේය; එසේය, ඔහු ව්‍යවස්ථාවන් ද, විනිශ්චයන් ද, දෙවියන්වහන්සේගේ අණ පනත් ද පිළිපැදීමට උත්සාහ දැරුවේය; තවද එනම් දෙවියන්වහන්සේගේ දෑස් අභිමුඛයෙහි නිවැරදි දේ ඔහු නිරතුරුවම කළේය; තවද ඔහු ඔහුගේ පියාගේ මාර්ගයන් අනුව ගමන් ගත්තේය, එනම් ඒපමණින්ම ඔහු දේශයේ සමෘද්ධිමත් විය.

21 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහුට පුත්‍රයන් දෙදෙනෙකු සිටියේය. ඔහු වැඩිමලා හට නීෆායි යන නාමය දී, තවද බාලයා හට, ලීහායි යන නාමය තැබුවේය. තවද ඔවුන් ස්වාමීන්වහන්සේ හට වැඩි වීමට පටන් ගත්තෝය.

22 තවද එය මෙසේ සිදු විය, එනම් කුඩා මට්ටමින්, නීෆායිවරුන්ගේ ජනතාව අතර, විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ හතලිස් අටවැනි වසරෙහි අවසානය අගදී යුද්ධ සහ මතභේද අඩු වීමට පටන් ගත්තේය.

23 තවද එය මෙසේ සිදු විය, විනිශ්චයකරුවන්ගේ පාලන සමයෙහි හතලිස් නවවැනි වසරෙහි, දේශයේ නිරන්තර සාමය පිහිටුවා තිබුනේය, සියල්ල හැර ගැඩියැන්ටන් යන සොරා දේශයේ වඩාත් තැන්පත් වූ කොටස්හි රහස්‍ය කල්ලි මිස, එකල ආණ්ඩුවේ මූලිකව සිටි අය හට එය නොහැඟුනේය; එසේහෙයින් ඔවුන් දේශයෙන් පිටතට විනාශ වූයේ නැත.

24 තවද එය මෙසේ සිදු විය, එනම් මෙම වසරෙහිම අතිශයින්ම මහත් සේ සභාවේ සමෘද්ධිය ඇති විය, එනම් සභාව වෙතට ඔවුන්ව දහස්ගණනින් බැඳී තවද පසුතැවීම වෙතට බෞතිස්‍මය ලැබුවෝය.

25 තවද සභාවේ සමෘද්ධිය මහත් සේ විය, තවද උත්තම පූජකයන් ද ගුරුවරුන් ද ඔවුන්වම නියමයෙන් විස්මයට පත් වූ සේ පවා ද, තවද ජනතාව මත වගුරුවනු ලැබූ ආශිර්වාද එතරම් බොහෝමයක් විය.

26 තවද එය මෙසේ සිදු විය, එනම් දෙවියන්වහන්සේගේ සභාවේ බෞතීස්ම කිරීම සහ එක්සත් කිරීම වෙත ස්වාමීන්වහන්සේගේ කාර්යයන් බොහෝ ප්‍රාණයන් කෙරෙහි, එසේය, දස දහස් ගණනක් ද, සමෘද්ධිමත් කළ සේක.

27 එසේ ඔවුන්ගේ හදවත්වල ඇති අවංකකමෙහි, උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය මත හඬගසන්නා වූ, සියලු දෙනා හට ස්වාමීන්වහන්සේ දයාවන්ත වන බව අප දකින්නෙමු.

28 එසේය, එසේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය විශ්වාස කරන්නාවූ ඔවුන්ට පවා ද, එනම් ස්වර්ගයෙහි දොරටුව සියළු දෙනා හට විවර වී ඇති බව අප දකින්නෙමු.

29 එසේය, එනම් කඩිනම් සහ බලවත් වන, දෙවියන්වහන්සේගේ වචනය මත රැඳී අල්ලාගෙන සිටින්නාවූ කවරෙකු නමුත්, එනම් යක්ෂයාගේ සියලු කපටි සහ උගුල් සහ ප්‍රයෝග දෙකඩව වෙන්කරර, තවද එනම් දුෂ්ඨ වූවන් ගිල දැමීම සඳහා සූදානම් කර ඇති, සදාතනික දුක්ඛිතකමෙන් වූ ආගාධයට විරුද්ධව ක්‍රිස්තුස්වහන්සේගේ මනුෂ්‍යයා ඍජු සහ පටු මාර්ගයක මඟ පෙන්වන බව අප දකින්නෙමු –

30 තවද ඔවුන්ගේ ප්‍රාණයන්, එසේය, ඔවුන්ගේ අමරණීය ප්‍රාණයන්, ස්වර්ග රාජ්‍යයෙහි දෙවියන්වහන්සේගේ හස්තයේ දකුණුපසට පැමිණීමට, ආබ්‍රහම් සමඟ ද, ඊසාක් සමඟ ද, යාකොබ් සමඟ ද, තවද අපගේ ශුද්ධ වූ පියවරුන් සියළු දෙනා සමඟ ද, තවදුරටත් පිටතට නොයන ලෙස හිඳ ගත යුතු හෙයින්ය.

31 තවද මෙම වසරෙහි සරහෙම්ලා දේශයෙහි නිරතුරු ප්‍රීතිමත් වීම ඇති විය, තවද නීෆායිවරුන් විසින් හිමිකරගත් දේශය මුළුල්ලෙහි පවා ද, අවට තිබූ සියළු ප්‍රදේශයන්හී ද විය.

32 තවද එය මෙසේ සිදු විය, එනම් හතලිස් නවවැනි වසරේ ඉතිරියෙහි සාමය සහ අතිශයින් වූ මහත් ප්‍රීතිය ඇති විය; එසේය, තවද එසේම විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ පනස්වැනි වසරෙහි නිරන්තර සාමය ද මහත් ප්‍රීතිය ද ඇති විය.

33 තවද විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ පනස් පළවැනි වසරෙහි ද සාමය ඇති විය, සභාව තුළට පැමිණෙන්නට පටන් ගත් මානය හැර – දෙවියන්වහන්සේගේ සභාව තුළට නොව, එහෙත් දෙවියන්වහන්සේගේ සභාවට අයිති බව ප්‍රකාශ කළ ජනතාවගේ හදවත් තුළට ය –

34 තවද ඔවුන්ගේ බොහෝ සහෝදරයන්ගේ පීඩා කිරීම් වෙත පවා ද, ඔවුන් මානයෙහි ඔසවා තබන ලදී. දැන් මෙය මහත් නපුරක් විය, තවද බොහෝ පීඩාවන් තුළින් එරී ගමන් කිරීමට ද, ජනතාවගේ ඉතාමත් නිහතමානී පිරිස මහත් පීඩා කිරීම් විඳින්නට ද මෙය පෙළඹවීය.

35 එසේනමුත් ඔවුන් නිරතුරුව යාච්ඤා කර නිරාහාරයේ යෙදී, තවද ඔවුන්ගේ නිහතමානීභාවයේ තවත් ශක්තිමත්ව වර්ධනය වූ අතර, ඔවුන්ගේ ප්‍රාණයන් ප්‍රීතියෙන් සහ සැනසීමෙන් සම්පූර්ණ වීම වෙත ද, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඉතාමත් ස්ථිරවම, එසේය, ඔවුන්ගේ හදවත්වල පවිත්‍ර කිරීම සහ පාපයෙන් පිරිසිදු කිරීම වෙත පවා ද, එනම් පවිත්‍ර කිරීම පැමිණෙන්නේ ඔවුන් ඔවුන්ගේ හදවත් දෙවියන්වහන්සේ හට පවරා දෙන නිසාවෙන්ය.

36 තවද එය මෙසේ සිදු විය, එනම් පනස් දෙවැනි වසර ද සාමයෙන් අවසන් වුණි, ජනතාවගේ හදවත්වලට ඇතුළු වූ අතිශයින් මහත් මානය මිස; තවද එය ඔවුන්ගේ අතිශයින් මහත් වූ ධනයන් සහ දේශයේ ඔවුන් සමෘද්ධිමත් වීම නිසාවෙන්ය; තවද එය ඔවුන් මත දිනෙන් දින වැඩෙන්නට විය.

37 තවද එය මෙසේ සිදු විය, විනිශ්චයකරුවන්ගේ පාලන සමයේ පනස් තුන්වැනි වසරෙහි, හීලමන් මිය ගියේය, තවද ඔහුගේ වැඩිමහල් පුත් වූ නීෆායි ඔහුගේ ස්ථානයෙහි රාජ්‍ය පාලනය කිරීමට පටන් ගත්තේය. තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු විනිශ්ච-ආසනය යුක්තිය සහ සාධාරණත්වයෙන් සම්පූර්ණ කළේය; එසේය, ඔහු දෙවියන්වහන්සේගේ අණ පනත් පිළිපැද, තවද ඔහුගේ පියාගේ මාරගයන්හි ගමන් ගත්තේය.