“අප්‍රියෙල් 27–මැයි 3. මොසායා 7-10: ‘ස්වාමින්වහන්සේගේ ශක්තියෙන්,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“අප්‍රියෙල් 27–මැයි 3. මොසායා 7-10,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
මිනර්වා කේ. ටීචර්ට් (1888-1976), ලිම්හි රජු ඉදිරියේ අම්මෝන්, 1949-1951, මේසොනයිට් මත තෙල්, අඟල් 35 15/16 x 48. බ්‍රිගම් යන්ග් විශ්වවිද්‍යාලයේ කලා කෞතුකාගාරය, 1969.
අප්‍රියෙල් 27–මැයි 3
මොසායා 7–10
“ස්වාමින්වහන්සේගේ ශක්තියෙන්”
ඔබ කියවන විට, සමහර වාක්‍ය ඛණ්ඩ හෝ ඡේද ආත්මයාණන්වහන්සේ ඔබේ අවධානයට යොමුකරයි. එම ඡේද ඔබට අදාළ යැයි ඔබට හැඟෙන ආකාරය ලියන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
මොසායා රජුගේ ජනයා සාරාහෙම්ලාහි “අඛණ්ඩ සාමය” භුක්තිවිඳිමින් සිටියදී (මොසායා 7:1), මීට වසර ගණනාවකට පෙර ලෙහි-නෙපි දේශයේ වාසය කිරීමට පිටත්ව ගිය අය වන තවත් නෙපිවරුන් කණ්ඩායමක් වෙත ඔවුන්ගේ සිතුවිලි යොමුවිය. පරම්පරාවන් ගෙවී ගොස් ඇති අතර, මොසායාගේ සෙනග ඔවුන්ගෙන් කිසිවක් අසා නැත. එබැවින් පිටත්ව ගිය නෙපිවරුන් සොයා සෙවීමේ පාර්ශවයක් මෙහෙයවන ලෙස මොසායා අම්මෝන්ගෙන් ඉල්ලා සිටියේය. “අයුතුකම නිසා” (මොසායා 7:24) එම නෙපිවරුන් ලාමන්වරුන්ට වහල්භාවයේ සිටින බව සෙවුම් පාර්ශවය සොයාගත්තේය. නමුත් අම්මෝන්ගේ සහ ඔහුගේ සහෝදරයන්ගේ පැමිණීමත් සමගම, හදිසියේම ගැළවීම පිළිබඳ බලාපොරොත්තුවක් එහි ඇති විය.
සමහරවිට අපිත් මේ වහල් නෙපිවරුන් වගෙයි, අපගේ පව් නිසා දුක්විඳිමින්, අපට නැවත සාමය ලැබෙන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටී. සමහරවිට අපි අම්මෝන්ට සමානය, අන් අය වෙත ළඟාවීමට පෙලඹීමක් ඇති වන අතර අවසානයේ අපගේ උත්සාහයන් “ඔවුන්ගේ හිස ඔසවා ප්‍රීතිවීමට හා දෙවියන්වහන්සේ කෙරෙහි [ඔවුන්ගේ] විශ්වාසය තැබීමට” ඔවුන්ව පොළඹවා ඇති බව සොයාගනී (මොසායා 7:19). අපගේ තත්වයන් කුමක් වුවත්, අප සියල්ලන්ම පසුතැවිලිවී “සම්පූර්ණ අරමුණ ඇතිව ස්වාමින්වහන්සේ වෙතට හැරිය යුතුය”, “උන්වහන්සේ … අපව ගළවාගනු ඇත” (මොසායා 7:33).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මම ස්වාමින්වහන්සේ වෙත හැරී, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේට සේවය කරන්නේ නම්, උන්වහන්සේ මා ගළවාගන්නේය.
සාරාහෙම්ලාහි නෙපිවරයෙකු වූ අම්මෝන්ව මුණගැසීම, ලිම්හි රජුට බලාපොරොත්තුවක් ලබාදුන් අතර, එම බලාපොරොත්තුව තම සෙනගට භාරදීමට ඔහුට අවශ්‍ය විය. ඔබ මොසායා 7:14–33 කියවන විට, තම ජනතාව ධෛර්යමත් කිරීමට, ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට, හා දෙවියන්වහන්සේ ඔවුන්ට උපකාර කරයි කියා බලාපොරොත්තුවක් ලබාදෙන ලෙස ලිම්හි පැවසූ දේ සැලකිල්ලට ගන්න. ලිම්හිගේ මිනිසුන් කළ පාප වලට මෙන්ම ඔබ වැරදිකරු නොවුනත්, ඔහුගේ වචන ස්වාමින්වහන්සේ වෙත හැරීමට ඔබට උපකාර කරන්නේ කෙසේද? නිදසුනක් වශයෙන්, දෙවියන්වහන්සේගේ ගැලවීම පිළිබඳ අතීත වාර්තා ගැන ලිම්හි තම ජනයාට මතක්කර ඇති බව ඔබට පෙනෙනු ඇත (18-20 පද බලන්න). මෙම වාර්තා මෙන්ම, වෙනත් ශුද්ධලියවිලි වාර්තා හෝ පෞද්ගලික අත්දැකීම්, දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට ඔබට උපකාර කරන්නේ කෙසේද?
මෙම වාර්තා මෙන්ම, වෙනත් ශුද්ධලියවිලි වාර්තා හෝ පෞද්ගලික අත්දැකීම්, දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට ඔබට උපකාර කරන්නේ කෙසේද?
ලිම්හි ජනයාගෙන් කුඩා කණ්ඩායමක් සාරාහම්ලා දේශය සඳහා අසාර්ථක ලෙස සොයමින් සිටියදී, නුහුරු භාෂාවක කැටයම් සහිත රන් තහඩු 24 ක් සොයාගත්හ. අවසානයේදී මොසායා රජු විසින් පරිවර්තනය කරන ලද මෙම තහඩු, යාරෙද්වරුන් නමින් හැඳින්වෙන ජනතාවක් ගැන පැවසූ අතර, ඔවුන් බාබෙල් කුළුණෙන් පොරොන්දු දේශයට පැමිණ අවසානයේදී විනාශ විය (මොසායා 28:11-19 බලන්න). පසුව මොරෝනි මෙම තහඩු වල සංක්ෂිප්තයක් සිදුකළේය (ඊතර් 1:1-2 බලන්න), එය ඊතර්ගේ පොත බවට පත්විය. මොසායාගේ සෙනගට මෙම වාර්තාවෙන් සිදුවූ බලපෑම මොසායා 28:18 හි බලන්න.
ස්වාමින්වහන්සේ අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් මනුෂ්‍ය වර්ගයාට ප්‍රයෝජනවත්වීම පිණිස සපයයි.
ස්වාමින්වහන්සේ අනාගතය දකින්නෙකු එසවූ බවට අම්මෝන්ගේ සාක්ෂිය ලිම්හිට ඇසුණු විට, ලිම්හි “අතිශයින් ප්‍රීතිවී දෙවියන්වහන්සේට ස්තූති කළේය” (මොසායා 8:19). ඔහුට එසේ හැඟී ඇතැයි ඔබ සිතන්නේ ඇයි? මොසායා 8: 13–19 හි අම්මෝන්ගේ වචන වලින් අනාගතය දකින්නන් ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? අපේ කාලයේ, “පළමු සභාපතිත්වය සහ දොළොස්දෙනාගේ සභාව අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් ලෙස ස්ථීර කරනු ලැබේ” (Bible Dictionary, “Seer”). අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් හා එළිදරව් කරන්නන් පොළොවෙහි සිටීමේ ආශිර්වාදය ගැන ඔබ අවසන් වරට මෙනෙහි කළේ කවදාද? අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් ඔබට “විශාල වාසියක්” වී ඇති ආකාරය ඔබට වාර්තා කළ හැකිය (මොසායා 8:18).
ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා අපගේ කාලපරිච්ඡේදයේ ප්‍රධානියා ලෙස පෙනී සිටින ශ්‍රේෂ්ට අනාගතය දකින්නෙකි (බලන්න ද සහ ගි 21:1; 124:125; Joseph Smith—History 1:62). දේවසේවයේ යෙදී සිටි කාලයකදී අම්මෝන්ගේ විස්තරය ඔහු නිදර්ශනය කළේ කෙසේද?
මගේ අභියෝග වලට “ස්වාමින්වහන්සේගේ ශක්තියෙන්” මට මුහුණදිය හැකිය.
තමා වැරදි කළ බව සෙනිෆ් පිළිගත්තේය. ඔහු විටින් විට අධික ලෙස වෙහෙසට පත්වූ අතර, ඔහු තම ජනතාව වන ලිම්හිගේ ජනයාගේ මුතුන් මිත්තන්—දුෂ්කර තත්වයකට පත්කළේ—ලාමන් රජු සමග වැරදි උපදෙස් ලබාගැනීමෙනි. නමුත් පසුව, ඔහු ලාමන්වරුන්ට විරුද්ධව යුද්ධයට ගිය විට, තම ජනතාවට ඔවුන්ගේ අභියෝගයන්ට ඇදහිල්ලෙන් මුහුණදීමට උපකාර කළේය. ඔබ මොසායා 9-10 කියවන විට, සෙනිෆ්ගේ ජනතාව ඔවුන්ගේ ඇදහිල්ල පෙන්වීමට කළේ කුමක්දැයි සොයාබලන්න. දෙවියන්වහන්සේ ඔවුන්ව ශක්තිමත් කළේ කෙසේද? “ස්වාමින්වහන්සේගේ ශක්තියෙන්” ඉදිරියටම යාම ඔබට ගෙනෙන්නේ කුමන අදහසක්ද? (මොසායා 9:17; 10:10–11).
මගේ තේරීම් වලට පරම්පරාවන්ට බලපෑම් කළ හැකිය.
මොසායා 10:11–17 ට අනුව, ලාමන්වරුන්ගේ මුතුන් මිත්තන්ගේ ක්‍රියාවන් හා ආකල්පයන් ලාමන්වරුන් සත්‍යය දැනගැනීම වළක්වාගත්තේ කෙසේද? ලාමන්වරුන්ගේ මුතුන් මිත්තන්ගේ තේරීම් අනාගත පරපුරට බලපෑවේ කෙසේද? ඔබගේ විශ්වාසයන් හා තේරීම් වලින් බලපෑම් කළ හැකි පුද්ගලයින් ගැන සිතන්න; ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබාගැනීමට ඔවුන්ට උපකාර කිරීමට ඔබ කරන්නේ කුමක්ද?
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
මොසායා 7:19–20
තම සෙනගව විශ්වාස කිරීමට දිරිගැන්වීම සඳහා ලිම්හි පෙන්වා දුන් උදාහරණ සැලකිල්ලට ගන්න. “දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට” අපව පොලඹවන ශුද්ධලියවිලි උදාහරණ මොනවාද? දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (මොසායා 9:17; 10:19 ද බලන්න). දෙවියන්වහන්සේ කෙරෙහි වැඩි විශ්වාසයක් ඇතිකිරීම සඳහා අපගේ ජීවිත වලින් හෝ අපේ මුතුන් මිත්තන්ගේ ජීවිත වලින් අපට බෙදාගත හැකි කතන්දර මොනවාද?
මොසායා 7:26–27
මෙම පද වලින් ගැලවුම්කරුවාණන් ගැන අප ඉගෙනගන්නේ මොනවාද? (දහම සහ ගිවිසුම 130:22 ද බලන්න). මේ දේවල් දැනගැනීමට අප කෘතඥ වන්නේ ඇයි?
මොසායා 8:13–18
එළිදරව් දකින්නෙකු යනු කවුරුන් දැයි පවුලේ සාමාජිකයින්ට තේරුම්ගැනීමට උපකාර කිරීම සඳහා, දුරදක්න, දුරේක්ෂයක් හෝ අන්වීක්ෂයක් වැනි අපට වෙනත් ආකාරයකින් නොපෙනෙන දේවල් බැලීමට අපට උදව් වන මෙවලම් වල පින්තූර ඔවුන්ට පෙන්විය හැකිය. මෙම මෙවලම් අනාගතය දකින්නෙකු වැනි වන්නේ කෙසේද? (මෝසෙස් 6:35-36 බලන්න). අප නොදකින කුමක් අනාගතය දකින්නන් දකීද? ජෝසෆ් ස්මිත් අනාගතය දකින්නෙකු බවට අපට ඇති සාක්ෂි මොනවාද?
ඔබට අපගේ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ, අනාගතය දකින්නන්ගේ සහ එළිදරව් කරන්නන්ගේ පින්තූර පෙන්විය හැකි අතර ඔබේ පවුලේ අය ඔවුන් ගැන දන්නේ කුමක්දැයි විමසිය හැකිය. අපි ඔවුන්ව අනුගමනය කරන්නේ කෙසේද?
මොසායා 9:14–18; 10:1–10
ලාමන්වරු පහරදෙන විට, සෙනිෆ් වැසියන් ශාරීරිකව හා අධ්‍යාත්මිකව සූදානම්ව සිටියහ. අභියෝග සඳහා සූදානම්වීම ගැන සෙනිෆ් සහ ඔහුගේ ජනතාවගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
ඔබේම අධ්‍යාත්මික අවබෝධය සොයන්න. මෙම ආකෘතිය මගින් අවධානය යොමුකිරීමට ඡේද සහ මූලධර්ම යෝජනා කරයි, නමුත් මෙම යෝජනා ඔබගේ අධ්‍යයනය සීමා කිරීමට ඉඩනොදෙන්න. ඔබ මෙම පද වලින් පුදුමයට පත්විය හැකිය හෝ මෙහි සඳහන් නොවන මූලධර්ම සොයාගත හැකිය. ආත්මයාණන්වහන්සේට ඔබට මගපෙන්වන්නට ඉඩදෙන්න.
ක්ලාක් කෙලී ප්‍රයිස් විසින්, ජෝසෆ් ස්මිත්ට දර්ශනයක්