“මැයි 18–24. මොසායා 25–28: ‘ඔවුහු දෙවියන්වහන්සේගේ ජනතාව ලෙස නම්කරනු ලැබූහ,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“මැයි 18–24. මොසායා 25-28,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ගැරී එල්. කැප් විසින්, බාල ඇල්මාගේ හැරීම
මැයි 18–24
මොසායා 25–28
“ඔවුහු දෙවියන්වහන්සේගේ ජනතාව ලෙස නම්කරනු ලැබූහ”
“ස්වාමින්වහන්සේගේ හඬ [ඇල්මා] වෙත පැමිණි පසු,” “ඔහු සමග තිබෙන පිණිස” ස්වාමින්වහන්සේ ඔහුට පැවසූ දේ ඔහු ලියා තැබුවේය (මොසායා 26:14, 33). ඔබ ඇල්මාගේ ආදර්ශය අනුගමනය කරන්නේ කෙසේද?
ඔබේ හැඟීම් සටහන් කරන්න
පරම්පරා තුනකට ආසන්න කාලයක් වෙන වෙනම ස්ථාන වල ජීවත්වීමෙන් පසු නෙපිවරු නැවත එක් ජනතාවක් වූහ. ලිම්හිගේ ජනතාව, ඇල්මාගේ ජනතාව සහ මොසායාගේ ජනතාව - නෙපිගෙන් පැවත එන්නේ නැති—සාරාහෙම්ලාහි වැසියන් පවා දැන් සියල්ලන්ම “නෙපිවරුන් සමග ගණන් කර ඇත” (මොසායා 25:13). ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඇල්මා විසින් පිහිටුවන ලද සභාවේ සාමාජිකයන් වීමටද අවශ්‍ය විය. එබැවින් “ක්‍රිස්තුස්වහන්සේගේ නාමය පිළිගැනීමට කැමති” සියල්ලෝ බෞතීස්ම වූහ, “තවද ඔවුන්ව දෙවියන්වහන්සේගේ සෙනග ලෙස හැඳින්වූවෝය” (මොසායා 25:23-24). වසර ගණනාවක ගැටුම් හා වහල්භාවයෙන් පසු, නෙපිවරුන් අවසානයේ සාමකාමී කාලයක් භුක්ති විඳිනු ඇති බව පෙනෙන්නට තිබුණි.
නමුත් වැඩිකල් යන්නට මත්තෙන්, නොඇදහිලිවන්තයන් සාන්තුවරයන්ට පීඩාකිරීමට පටන් ගත්හ. මෙහි විශේෂයෙන් සිත් කම්පා කරවන කාරණය නම්, මොසායාගේ පුත්‍රයන් සහ ඇල්මාගේ එක් පුතෙකුද ඇතුළුව, මෙම නොඇදහිලිවන්තයන්ගෙන් බොහෝ දෙනෙක් ඇදහිලිවන්තයන්ගේම දරුවන් වන “නැගී එන පරම්පරාව” (මොසායා 26:1) විය. එවිට ප්‍රාතිහාර්යයක් සිදුවූ අතර, එම ප්‍රාතිහාර්යය පිළිබඳ වාර්තාව සිත් තැවුලට පත් දෙමව්පියන්ට පරම්පරා ගණනාවක් තිස්සේ බලාපොරොත්තුවක් ලබාදී ඇත. නමුත් ඇල්මාගේ හැරීම පිළිබඳ කථාව හුදෙක් හිතුවක්කාර දරුවන්ගේ දෙමව්පියන් සඳහා පමණක් නොවේ. සත්‍ය පරිවර්තනය යනු අප සියලුදෙනා තුළ, එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින්, සිදුවිය යුතු ප්‍රාතිහාර්යයකි.
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මගේම ඇදහිල්ල හා සාක්ෂි සඳහා මම වගකිව යුතුය.
බෙන්යමින් රජුගේ දේශනය ඇසූ අය පුදුමාකාර පරිවර්තනයක් අත්විඳ ඇත (මොසායා 5:1–7 බලන්න), නමුත් හැරීම යනු කෙනෙකුගේ දරුවන්ට උරුමයක් ලෙස ලබාදිය නොහැකි පෞද්ගලික අත්දැකීමකි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචියට අපම හැරීම අප සැවොම අත්විඳිය යුතුය. නොඇදහිලිවන්ත නෙපිවරුන්ගේ “නැගී එන පරම්පරාව” ගැන ඔබ මොසායා 26:1–6 කියවන විට, ඔවුන්ගේ අවිශ්වාසයේ ප්‍රතිවිපාක සැලකිල්ලට ගන්න. ඔබට ඔබ ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමට කැමති අය ගැනද සිතිය හැකිය. ඔබට ඔවුන්ගේ පරිවර්තනය ලබාදිය නොහැකි අතර, ඇදහිල්ල සොයාගැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා ඔබට කළ හැකි දේ ආත්මයාණන් ඔබට මුමුණනු ඇත. ඇල්මා සහ අනෙකුත් සභාවේ සාමාජිකයන් නැගී එන පරම්පරාවට උපකාර කළ ආකාරය ගැන ඔබ මොසායා 25-28 දක්වා කියවන විට, අමතර සිතුවිලි ඔබ වෙත පැමිණෙනු ඇත.
දහම සහ ගිවිසුම 68:25-29 ද බලන්න.
දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත සේවකයෝ උන්වහන්සේගේ කැමැත්ත කිරීමට උත්සාහ කරති.
ඇල්මා වැනි සභාවේ නායකයෙක් සෑමවිටම කළ යුතු නිවැරදි දේ දනී ලෙස සමහරවිට අපට සිතිය හැකිය. ඇල්මා සභාවේ කිසිවිටෙකත් කටයුතු නොකළ ගැටලුවක් ගැන මොසායා 26 හි අප කියවා ඇති අතර “ඔහු දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියේ එනම් ඔහු වැරදි දේ කිරීමට බියවිය” (මොසායා 26:13). මෙම තත්වය තුළ ඇල්මා කළේ කුමක්ද? (බලන්න මොසායා 26:13–14, 33–34, 38–39). ඔබගේ පවුලේ හෝ සභාවේ සේවයේ ඇති දුෂ්කර ගැටලු වලට ඔබ පිවිසිය හැකි ආකාරය ගැන ඇල්මාගේ අත්දැකීම් වලින් ඇඟවෙන්නේ කුමක්ද?
දෙවියන්වහන්සේ ඇල්මාට හෙළිකළ සත්‍යයන් මොසායා 26:15-32 හි සඳහන් කර තිබීම සිත්ගන්නා කරුණක් විය හැකිය. මෙම සමහර සත්‍යයන් ඇල්මාගේ ප්‍රශ්නයට සෘජුවම ප්‍රතිචාර නොදැක්වූ බව සැලකිල්ලට ගන්න. යාච්ඤාව සහ පුද්ගලික එළිදරව්ව ලැබීම පිළිබඳව මෙය ඔබට යෝජනා කරන්නේ කුමක්ද?
සියලුම ස්ත්‍රීන් හා පුරුෂයන් නැවත ඉපදිය යුතුය.
තරුණ ඇල්මාට අධ්‍යාත්මික නැවත ඉපදීමක් අවශ්‍ය බව පැහැදිලිය, මක්නිසාදයත් ඔහු සහ මොසායාගේ පුත්‍රයන් “දෙවියන්වහන්සේගේ සභාව විනාශ කිරීමට” ගිය “පව්කාරයන්ගෙන් ඉතාම නපුරු අය” වූ නිසාය (මොසායා 28:4; 27:10). නමුත් ඔහුගේ හැරීමෙන් ඉක්බිතිව, සෑම කෙනෙකුටම හැරීම ලබාගත හැකි බවත්—අත්‍යවශ්‍ය බවත්—ඇල්මා සාක්ෂි දුන්නේය: “පුදුමයට පත් නොවන්න,” ඔහු කීවේය, “සියලු මනුෂ්‍ය සංහතිය නැවත ඉපදිය යුතුය (මොසායා 27:25; ඇල අකුරු එකතු කරන ලදි). ඇත්තවශයෙන්ම, එයට ඔබ ඇතුළත් වේ.
මොසායා 27:8-37 හි සොයාගත් ඇල්මාගේ අත්දැකීම් ගැන ඔබ කියවන විට, ඔබට ඔහු වෙනුවට ඒ තැන ඔබව තැබීමට උත්සාහ කළ හැකිය. ඔබ සභාව විනාශ කිරීමට උත්සාහ නොකරයි, නමුත් වෙනස් විය යුතු දේවල් ගැන ඔබට නිසැකවම සිතිය හැකිය. ඇල්මාගේ පියා මෙන්, ඔබට සහයෝගය දක්වමින් “බොහෝ විශ්වාසයෙන්” ඔබ වෙනුවෙන් යාච්ඤා කරන්නේ කවුද? “දෙවියන්වහන්සේගේ බලය හා අධිකාරය පිළිබඳව [ඔබට] ඒත්තු ගැන්වීමට” උපකාරවත් වූ අත්දැකීම් මොනවාද?? (මොසායා 27:14). ඔබ “මතක තබාගත යුතු” ස්වාමින්වහන්සේ ඔබ හෝ ඔබේ පවුල වෙනුවෙන් කර ඇති “මහත් දේ” මොනවාද? (මොසායා 27:16). නැවත ඉපදීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව බාල ඇල්මාගේ වචන සහ ක්‍රියාවන්ගෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? මෙවැනි ප්‍රශ්න නැවත ඉපදීමේ ක්‍රියාවලියේ ඔබේ ප්‍රගතිය තක්සේරු කිරීමට උපකාරී වේ.
තවත් බලන්න මොසායා 5:6–9; ඇල්මා 36; “Conversion,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
වෝල්ටර් රනේ විසින්, ඔහුගේ පියා ප්‍රීතිවිය
දෙවියන්වහන්සේ මාගේ යාච්ඤා වලට සවන්දී උන්වහන්සේගේ කැමැත්තට අනුව පිළිතුරු දෙනු ඇත.
තම පුතා හෝ දියණිය විනාශකාරී තීරණ ගන්නා, වැඩිහිටි ඇල්මාගේ තත්වය තුළ සිටින දෙමාපියෙකු, සමහරවිට ඔබ දන්නවා ඇති. නැත්නම් ඔබ ඒ මවුපියන් විය හැකිය. ඔබට බලාපොරොත්තුවක් ලබාදෙන කුමක් මොසායා 27:14, 19-24 හි ඔබ සොයාගන්නේද? මෙම පද අන් අය වෙනුවෙන් ඔබගේ යාච්ඤා වලට බලපාන්නේ කෙසේද?
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
මොසායා 25:5–11
සෙනිෆ්ගේ ජනයාගේ සහ ඇල්මාගේ ජනයාගේ වාර්තා කියවූ පසු මොසායාගේ ජනයාට හැඟුණේ කෙසේද? ඔබට කියවිය හැකි වාර්තා ඔබගේ පවුලේ අය තබා තිබේද? සමහරවිට ඔබට ඔබගේ වාර්තා වලට එකතු කිරීමට හෝ ඔබේම දෑ තබාගැනීමට පටන්ගත හැකිය. ඔබේ පවුලට (අනාගත පරම්පරාවන් ඇතුළුව) “අතිශයින් ප්‍රීතියෙන් පිරී” සිටීමට සහ “දෙවියන්වහන්සේගේ ක්ෂණික යහපත්කම” ගැන ඉගෙනගැනීමට උපකාරවත් වන්නට ඔබ ඇතුළත් කරන්නේ මොනවාද?? (මොමොසායා 25:8, 10).
මොසායා 25:16
ස්වාමින්වහන්සේ ඔවුන්ව වහල්භාවයෙන් මුදවාගත් බව ලිම්හි වැසියන්ට මතක තබාගැනීම වැදගත් වූයේ ඇයි? අප මතක තබාගත යුතු ලෙස ස්වාමින්වහන්සේ අප වෙනුවෙන් කර ඇත්තේ මොනවාද?
මොසායා 26:29–31; 27:35
මෙම පද වලට අනුව, සමාව ලැබීමට පුද්ගලයෙකු කළ යුත්තේ කුමක්ද?
මොසායා 27:21–24
ඔබ මෙම පද කියවන විට, ඔබේ පවුලේ අයට යාච්ඤා කළ හැකි සහ නිරාහාරව සිටිය හැකි කෙනෙකු ගැන සලකා බලන්න.
මොසායා 27–28
මෙම පරිච්ඡේදවල ඇති වාර්තා දෘශ්‍යමාන කිරීමට ඔබගේ පවුලට උදව් කිරීම සඳහා, ඒවාට සම්බන්ධ පුද්ගලයින්ගේ පින්තූර ඇඳීමට සහ කතාව නැවත කියවීමට පින්තූර භාවිතා කිරීමට ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය. එසේත් නැතිනම් ඔවුන් කතාව රඟපෑමට කැමති විය හැකිය; ඇල්මා සහ මොසායාගේ පුතුන් අත්විඳින වෙනස ඔවුන් නිරූපණය කරන්නේ කෙසේද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
කලාව භාවිතා කරන්න. The Gospel Art Book සහ ChurchofJesusChrist.org හි Media Library තුළ සංකල්ප හෝ සිදුවීම් දෘශ්‍යමාන කිරීමට ඔබගේ පවුලට උදව් කළ හැකි බොහෝ පින්තූර සහ වීඩියෝ අඩංගු වේ.
කෙවින් කීල් විසින්, බාල ඇල්මා වෙත දේවදූතයෙකු පෙනීසිටීමේ නිදර්ශණය