එන්න, මා අනුගමනය කරන්න
මැයි 11-17. මොසායා 18–24: “අපි උන්වහන්සේ සමග ගිවිසුමකට එළඹ ඇත්තෙමු”


“මැයි 11-17. මොසායා 18–24: ‘අපි උන්වහන්සේ සමග ගිවිසුමකට එළඹ ඇත්තෙමු”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“මැයි 11-17. මොසායා 18–24,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

ලිම්හිගේ ජනතාව පලායමින්

මින්වර්ට් කේ. ටේචර්ට් (1888-1976), ලිම්හායි රජු සහ ඔහුගේ ජනතාවගේ පලායාම, 1949-1951, මැසොනයිට් මත තෙල්, 35 7/8 x 48 අඟල්. බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේ කලා කෞතුකාගාරය, 1969.

මැයි 11-17

මොසායා 18–24

අපි උන්වහන්සේ සමග ගිවිසුමකට එළඹ ඇත්තෙමු

සභාපති තෝමස් එස්. මොන්සන් මෙසේ ඉගැන්වූයේය, “අපි ශුද්ධලියවිලි කියවා මෙනෙහි කරද්දී, අපගේ ප්‍රාණයන්ට ආත්මයාණන්ගේ මිහිරි මිමිණුම් අපි අත්විඳිනු ඇත” (“We Never Walk Alone,” Ensign or Liahona, Nov. 2013, 122).

ඔබේ හැඟීම් සටහන් කරන්න

මොසායා 18 23-24 දක්වා ඇල්මා සහ ඔහුගේ සෙනග පිළිබඳ විස්තරය පෙන්වන්නේ “නුඹලා දෙවියන්වහන්සේගේ රැල තුළට පැමිණීම” යන්නෙහි තේරුමයි (මොසායා 18: 8). ඔවුන් බෞතීස්ම වූ විට, “උන්වහන්සේට සේවය කර උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට” දෙවියන්වහන්සේ සමග ගිවිසුමක් ඇති කරගත්හ (මොසායා 18:10). මෙය දැඩි පෞද්ගලික කැපවීමක් වූවත්, ඔවුන් එකිනෙකාට සැලකූ ආකාරය සමගද එය සම්බන්ධ විය. ඔව්, ස්වර්ගික පියාණන්වහන්සේ වෙත ආපසු යන ගමන පුද්ගලික සහ තනි වන අතර, කිසිවෙකුට අපගේ ගිවිසුම් අප වෙනුවෙන් තබාගත නොහැක, නමුත් එයින් අපි තනිව සිටින බවක් අදහස් නොකෙරෙයි. අපට එකිනෙකා අවශ්‍යයි. ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන් වශයෙන්, අපි එකිනෙකාට උපකාර කරමින් හා සේවය කරමින්, “එකිනෙකාගේ බර දරාගනිමින්” (මොසායා 18:8-10) දෙවියන්වහන්සේට සේවය කිරීමට ගිවිසුමක් තබාගන්නෙමු. අප සියලුදෙනා මෙන්, ඇල්මාගේ මිනිසුන්ට දරාගැනීමට අනිවාර්යයෙන්ම බරක් තිබිණි. ස්වාමින්වහන්සේ අපට උපකාර කරන එක් ක්‍රමයක් නම් “අපගේ බර දැරීමට ලෙහෙසිවීමට ශක්තිමත් කරමින්” (මොසායා 24:15) අපි ඔවුන් වෙනුවෙන් කරන්නට පොරොන්දු වූ ආකාරයටම, අප සමග වැලපෙමින් සැනසීමට පොරොන්දු වූ සාන්තුවරයන්ගේ ප්‍රජාවක් අපට ලබාදීමයි.

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මොසායා 18:1–17

බෞතීස්මයට දෙවියන්වහන්සේට සේවය කිරීම හා උන්වහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස සිටීම සඳහා වූ ගිවිසුමක් ඇතුළත් වේ.

බෞතීස්ම ගිවිසුම ගැන හෝ බෞතීස්මයේදී අපි දෙවියන්වහන්සේට දුන් පොරොන්දුව ගැන ඇල්මාගේ ඉගැන්වීම් මොසායා 18:8-10 හි අඩංගු වේ. ඔබ මෙම පද කියවන විට, පහත සඳහන් ප්‍රශ්න මෙනෙහි කරන්න:

  • බෞතීස්මයේදී ඔබ දුන් පොරොන්දු ගැන මෙම පද වලින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? දෙවියන්වහන්සේ ඔබට පොරොන්දු වන්නේ කුමක්ද?

  • දෙවියන්වහන්සේට සේවය කිරීමේ ගිවිසුම (10 වන පදය බලන්න) එකිනෙකාට සේවය කිරීමට අප දරන උත්සාහයට සම්බන්ධ වන්නේ කෙසේද? (8-9 පද බලන්න).

  • ඔබේ පොරොන්දු ඉටුකිරීමට ඔබ කරන්නේ මොනවාද?

  • බෞතීස්ම ගිවිසුම පැවැත්වීම ඔබට “ආත්මයාණන්ගෙන් පූර්ණ” වීමට උපකාර කරන්නේ කෙසේද? මොසායා 18:14). ඔබේ ගිවිසුම පවත්වාගැනීමට ආත්මයාණන්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේද?

සාගරයේ බෞතීස්මය

මම දෙවියන්වහන්සේ සමග ගිවිසුම් ඇති කරගන්නා විට, මට උන්වහන්සේගේ ආශිර්වාද ලැබේ.

බෞතීස්මයේ නිසි ආකාරයද මෙම වාර්තාවෙන් හෙළිකරයි. බෞතීස්ම කළ යුතු ආකාරය ගැන 14–17 පද වල ඔබ ඉගෙනගන්නේ කුමක්ද? බෞතීස්මය ගැන ඔබ මතෙව් 3:16; රෝම 6:3–5; 3 නෙපි 11:21–28; සහ දහම සහ ගිවිසුම 20:72–74 යන පද වලින් ඉගෙනගන්නා අනෙකුත් දේවල් මොනවාද?

දහම සහ ගිවිසුම 20:37, 77, 79 ද බලන්න.

මොසායා 18:17–30

දෙවියන්වහන්සේගේ ජනතාව එක්සත් විය යුතුය.

ඇල්මා සහ ඔහුගේ ජනයා සොයාගත් පරිදි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම සමහර විට අදහස් කරන්නේ අලුත් හා වෙනස් දෙයක් සඳහා හුරුපුරුදු ජීවන රටාවක් අත්හැරීමයි. නමුත් ඇල්මාගේ ජනයා “ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ” කොටසක් ලෙස එකිනෙකාගෙන් ශක්තිය ලබාගත්හ (මොසායා 18:17). මොසායා 18:17-30 හි ඇති ඉගැන්වීම් සභාවේ වඩා හොඳ සාමාජිකයෙකු වීමට ඔබව පොලඹවන්නේ කෙසේද? ඔබේ කොට්ටාශ හෝ ශාඛා සාමාජිකයින්ට “එකමුතුකමින් හා ආදරයෙන් බැඳී සිටීමට” උපකාර වීමට ඔබට කළ හැක්කේ කුමක්ද?? (මොසායා 18:21).

බලන්න Henry B. Eyring, “Our Hearts Knit as One,” Ensign or Liahona, Nov. 2008, 68–71.

මොසායා 19–20

අනාගතවක්තෘවරුන්ගේ වචන ඉෂ්ට වනු ඇත.

ඔවුන් පසුතැවිලි වීම ප්‍රතික්ෂේප කළහොත් නෝවා රජුට සහ ඔහුගේ සෙනගට කුමක් සිදුවේද යන්න පිළිබඳව අබිනාඩි නිශ්චිත අනාවැකි පළ කළේය. කෙසේවෙතත්, විශේෂයෙන් නෙපිවරුන් අවුරුදු 50 කට ආසන්න කාලයක් ලාමන්වරුන්ට එරෙහිව සාර්ථකව ආරක්ෂා වී සිටි නිසා (මොසායා 9:16-18; 11:19 බලන්න), මෙම අනාවැකි විශ්වාස කළ නොහැකි බවක් පෙනෙන්නට තිබුණි (මොසායා 12:1–8, 14-15 බලන්න). නමුත් අබිනාඩිගේ මෙන්ම අපේ කාලයේදීද—අනාගතවක්තෘවරුන්ගේ වචන සියල්ලම ඉටුවනු ඇත.

අබිනාඩිගේ අනාවැකි ඉටුවී ඇති බව ප්‍රකාශ කිරීමට මොසායා 19-20 දක්වා පද වල ගිඩියොන්ව මෙහෙයවූයේ කුමක්දැයි ඔබ දකින්නේද? (මොසායා 20:21 බලන්න). මෙම වාර්තාව දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ අනතුරු ඇඟවීම් සහ උපදෙස් සහ ඔවුන්ගේ වචන පිළිපැදීමට ඇති ඔබගේ කැපවීම ශක්තිමත් කරන්නේ කෙසේද? අනාගතවක්තෘවරයෙකුගේ වචන අපේ කාලයේදී ඉටුවූ බව ඔබ දැක ඇත්තේ කවදාද?

මොසායා 21-24

දෙවියන්වහන්සේට මාගේ බර සැහැල්ලු කළ හැකිය.

විවිධ හේතූන් නිසා සහ විවිධ තත්වයන් යටතේ වුවද ලිම්හිගේ ජනතාව සහ ඇල්මාගේ ජනතාව වහල්භාවයට පත්විය. මොසායා 19-22 හි ලිම්හිගේ ජනයාගේ හා මොසායා 18; 23-24 හි ඇල්මාගේ ජනයාගේ වාර්තා සන්සන්දනය කිරීමෙන් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද? මෙම සෑම කණ්ඩායමක්ම වහල්භාවයට ප්‍රතිචාර දැක්වූ ආකාරය හෝ අවසානයේදී එක් එක් අය එයින් මිදුණු ආකාරය ඔබට සටහන් කළ හැකිය. ඔබ එසේ කරන විට, ඔබේ ජීවිතයට අදාළ වන පණිවිඩ සොයන්න. නිදසුනක් වශයෙන්, මෙම වාර්තා වලින් ඔබේ බර උසුලන්නට උපකාරී වන කුමන දේවල් ගැන ඔබ ඉගෙනගන්නවාද?

මොසායා 23:21–24; 24:8–17

මට ස්වාමින්වහන්සේව විශ්වාස කරන්නට හැකිය.

ඔවුන් කළ පාප ගැන පසුතැවිලි වුවද, ඇල්මා සහ ඔහුගේ ජනතාව තවමත් වහල්භාවයේ සිටියහ. ඔවුන්ගේ අත්දැකීම් වලින් පෙනීයන්නේ ස්වාමින්වහන්සේව විශ්වාස කිරීම හා අපගේ ගිවිසුම් වලට අනුව ජීවත්වීම සැමවිටම දුෂ්කරතා වලක්වා නොගන්නා නමුත්, ඒවා ජයගැනීමට එය අපට උපකාරී වන බවයි. ඔබ මොසායා 23:21–24 සහ 24:8–17 කියවන විට, ඔබගේ තත්වයන් නොසලකා දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට ඉගෙනගැනීමට උපකාර වන වචන සහ වාක්‍ය ඛණ්ඩ සටහන් කරන්න.

බලන්න Thomas S. Monson, “I Will Not Fail Thee, nor Forsake Thee,” Ensign or Liahona, Nov. 2013, 85–87.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

මොසායා 18:1–4

ඔබට ඇපල් ගෙඩියක බීජ ගණන් කළ හැකිය නමුත් ඔබට එක් බීජයකින් එන ඇපල් ගණන් කළ නොහැක, ලෙස කියමනක් ඇත. අබිනාඩිගේ සාක්ෂියට ප්‍රතිචාර දැක්වූයේ එක් අයෙකු පමණි, නමුත් එක් පුද්ගලයෙකු වන—ඇල්මා—නෙපිවරුන්ගේ පරම්පරාවන්ට බලපෑම් කළේය. මෙම මූලධර්මය නිරූපණය කිරීම සඳහා ඔබට බීජ සහිත පලතුරක් භාවිතා කළ හැකිය. මෙම පණිවිඩය අපගේ පවුලට අදාළ වන්නේ කෙසේද? අපගේ සාක්ෂි අන් අය සමග බෙදාගැනීමට අපට කුමක් කළ හැකිද?

මොසායා 18:8–10

බෞතීස්ම ගිවිසුම ගැන මෙම පද වලින් අපට ඉගෙනගත හැක්කේ මොනවාද? (දහම හා ගිවිසුම 20:73, 77–79 ද බලන්න). බෞතීස්ම ගිවිසුම සඳහා සූදානම් වීමට හෝ තබාගැනීමට අප කරන්නේ මොනවාද?

මොසායා 18:30

අපට එහි තිබූ අධ්‍යාත්මික අත්දැකීම් නිසා අපට විශේෂ අර්ථයක් ඇති ස්ථාන මොනවාද?

මොසායා 21:11–16; 24:10–15

ඇල්මාගේ මිනිසුන්ගේ සහ ලිම්හි වැසියන්ගේ වහල්භාවය සන්සන්දනය කිරීමෙන් අප ඉගෙනගන්නේ මොනවාද?

මොසායා 21:15; 24:11–15

ස්වාමින්වහන්සේ යාච්ඤා වලට පිළිතුරු දෙන ආකාර කිහිපයක් ගැන මෙම පද අපට උගන්වන්නේ මොනවාද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ඔබට පහසු කාලයක් සොයාගන්න. ඔබට බාධාවකින් තොරව ශුද්ධලියවිලි අධ්‍යයනය කළ හැකි විට එය ඉගෙනගැනීම බොහෝවිට පහසුය. ඔබට පහසු කාලයක් සොයාගන්න, සෑම දිනකම එම වේලාවේ නිරන්තරයෙන් අධ්‍යයනය කිරීමට ඔබේ උපරිමය කරන්න.

බෞතීස්ම වන මිනිසුන්

ජොර්ගෝ කොකෝ විසින්, මොර්මොන්ගේ ජලය