“අප්‍රියෙල් 20–26. මොසායා 4-6: ‘බලවත් වෙනසක්,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“අප්‍රියෙල් 20–26. මොසායා 4-6,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
වෝල්ටර් රනේ විසින්, ඔබේ දෙවියන්වහන්සේගේ සේවයේ
අප්‍රියෙල් 20–26
මොසායා 4–6
“බලවත් වෙනසක්”
ඔබ මොසායා 4–6 කියවා මෙනෙහි කරද්දී, ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම් කෙරෙහි අවධානය යොමුකරන්න. කුමන යහපත් දේ කිරීමට ඔබ පෙලඹී ඇත්ද? (මොසායා 5:2 බලන්න).
ඔබේ හැඟීම් සටහන් කරන්න
යමෙකු කථා කරන දේ අසා, ඔබේ ජීවිතය වෙනස් කිරීමට පෙළඹවීමක් ඔබට කෙදිනක හෝ දැනී ඇත්ද? ඔබ ඇසූ දේ නිසා, ටිකක් වෙනස් ලෙස ජීවත්වීමට හෝ බොහෝ වෙනස් ආකාරයකින් ජීවත්වීමට සමහරවිට ඔබ තීරණය කළා විය හැකිය. බෙන්යමින් රජුගේ දේශනය එබඳු දේශනයක් වූ අතර ඔහු ඉගැන්වූ සත්‍යයන් ඒවා ඇසූ අය කෙරෙහි එබඳු බලපෑමක් ඇති කළේය. “ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ රුධිරය” තුළින් පුදුමාකාර ආශිර්වාද ලැබිය හැකි බව—දේවදූතයෙක් තමාට ඉගැන්වූ දේ බෙන්යමින් රජ තම සෙනග සමග බෙදාගහ්තේය (මොසායා 4:2). ඔහුගේ පණිවිඩය තමන් ගැන ඔවුන්ගේ සම්පූර්ණ දෘෂ්ටියම වෙනස් කළේය (මොසායා 4:2 බලන්න), ඔවුන්ගේ ආශාවන් වෙනස් කළේය (මොසායා 5:2 බලන්න), ඔවුන් සැමවිටම දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන බවට දෙවියන්වහන්සේ සමග ගිවිසුමක් ඇති කරගැනීමට ඔවුන්ව පොලඹවා ඇත (මොසායා 5:5 බලන්න). බෙන්යමින් රජුගේ වචන ඔහුගේ ජනතාවට බලපෑවේ මේ ආකාරයටය. ඒවා ඔබට බලපාන්නේ කෙසේද?
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන මට මගේ පව් වලට සමාව ලබාගෙන රඳවාගත හැකිය.
ස්වාභාවික මිනිසා ජයගැනීම පහසු නැත. “ස්වාමින් වන ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුලින් සාන්තුවරයෙකු වීමට” විශාල උත්සාහයක් අවශ්‍යයි (මොසායා 3:19). සමහරවිට, ඔබේ පව් වලට සමාව ලැබී ඇති බවක් ඔබට දැනුනත්, එම හැඟීම තබාගෙන ධර්මිෂ්ට මාවතේ රැඳී සිටීමට ඔබට අරගල කරනවා විය හැකිය. පව් වලට සමාව ලබාගෙන සහ රඳවා තබාගෙන සාන්තුවරයෙකු ලෙස නිරතුරුවම ජීවත්විය හැකි ආකාරය බෙන්යමින් රජ තම ජනයාට ඉගැන්වූයේය. ඔබ මොසායා 4 වන පරිච්ඡේදය අධ්‍යයනය කරන විට, මෙවැනි ප්‍රශ්ණ ඔබට ඔබෙන්ම අසාගත හැකිය:
-
1-12 දක්වා පද.බෙන්යමින් රජුගේ ජනයා පව් සමාව ලබාගැනීමෙන් ලද ආශිර්වාද මොනවාද? ඔවුන්ගේ පව් සමාව රඳවාගැනීමට උදව් වීමට බෙන්යමින් රජ ඔවුන්ට ඉගැන්වූයේ මොනවාද? අපට ගැලවීම ලැබෙන ආකාරය ගැන ඔහු ඉගැන්වූයේ මොනවාද? අප “සැමවිටම මතකයේ තබාගත යුතුයි” (11 පදය) ලෙස බෙන්යමින් රජු පැවසූ දේ සැලකිල්ලට ගන්න. මේ දේවල් මතක තබාගැනීමට ඔබට කුමක් කළ හැකි යැයි හැඟෙන්නේද?
-
12-16 දක්වා පද.මෙම පද වලට අනුව, 11 වන පදයේ විස්තර කර ඇති දේ කළහොත් අපගේ ජීවිතයේ කුමක් සිදුවේද? ඔබේ ජීවිතයේ මෙම වෙනස්කම් ඔබ අත්විඳ තිබේද? මොසායා 3:19 හි විස්තර කර ඇති වෙනස්කම් වලට ඒවා සම්බන්ධවන්නේ කෙසේද?
-
16-30 දක්වා පද.දුප්පතුන් සමග බෙදාගැනීම අපගේ පව් සමාව රඳවාගැනීමට උපකාරී වන්නේ කෙසේද? ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට ඔබ දරන උත්සාහයට 27 වන පදය යොදාගත හැක්කේ කෙසේද?
David A. Bednar, “Always Retain a Remission of Your Sins,” Ensign or Liahona, May 2016, 59–62; Dale G. Renlund, “Preserving the Heart’s Mighty Change,” Ensign or Liahona, Nov. 2009, 97–99 ද බලන්න.
ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්ට මාගේ සිතේ බලවත් වෙනසක් ඇති කළ හැකිය.
මෙසේ පැවසීම මිනිසුන්ට අසාමාන්‍ය දෙයක් නොවේ, “මට වෙනස්විය නොහැක. ඒ මගේ හැටි.” ඊට වෙනස්ව, බෙන්යමින් රජුගේ ජනයාගේ අත්දැකීම් අපට පෙන්වන්නේ ස්වාමින්වහන්සේගේ ආත්මයට අපගේ හදවත් සැබවින්ම වෙනස් කළ හැකි ආකාරයයි. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වූයේය: “අපට අපගේ හැසිරීම වෙනස් කළ හැකිය. අපගේ ආශාවන් වෙනස් විය හැකිය. … සැබෑ වෙනසක්—ස්ථිර වෙනසක්—පැමිණිය හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ සුවකිරීමේ, පවිත්‍ර කිරීමේ සහ සක්‍රීය කිරීමේ බලය තුළින් පමණි. … යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය වෙනස්වීමේ සුභාරංචියකි!” (“Decisions for Eternity,” Ensign or Liahona, Nov. 2013, 108).
බෙන්යමින් රජුගේ ජනයා අත්විඳින ලද වෙනස ගැන ඔබ කියවන විට, සැබෑ පරිවර්තනයකට තුඩු දෙන “බලවත් වෙනස” ඔබේ ජීවිතයේ සිදුවී ඇති ආකාරය—හෝ සිදුවිය හැකි ආකාරය—ගැන සිතාබලන්න. “බලවත්” අවස්ථා කිහිපයක් ඔබගේ සිත වෙනස් කිරීමට හේතු වී තිබේද, නැතහොත් ඔබේ හැරීම ක්‍රම-ක්‍රමයෙන් සිදුවී තිබේද?
බලන්න එසකියෙල් 36:26–27; ඇල්මා 5:14; David A. Bednar, “Converted unto the Lord,” Ensign or Liahona, Nov. 2012, 106–9.
ගැලවුම්කරුවාණන්ට අපගේ හදවත් හා ජීවිත වෙනස් කළ හැකිය. ඇඩම් ඒබ්‍රම් විසින්, සුවකරන දෑත්
මම ගිවිසුම් ඇති කරගන්නා විට ක්‍රිස්තුස්වහන්සේගේ නාමය මා විසින්ම ගන්නෙමි.
බෙන්යමින් රජුට තම සෙනග ඇමතීමට අවශ්‍ය වූ එක් හේතුවක් වූයේ “මේ ජනතාවට නමක් දීම” සඳහාය. සමහරු නෙපිවරුන් වූ අතර තවත් සමහරු මුලෙක්ගෙන් පැවත එන්නෝ වූහ, නමුත් ඔහුගේ සිතේ තිබූ නම් මේවා නොවේ. දෙවියන්වහන්සේට කීකරුවීමේ ගිවිසුමේ කොටසක් ලෙස “ක්‍රිස්තුස්වහන්සේගේ නාමය” තමන් වෙතට ගන්නා ලෙස ඔහු සෙනගට ආරාධනා කළේය (මොසායා 1:11; 5:10). ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔබ විසින්ම ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන මොසායා 5:7–9 දක්වා ඔබ ඉගෙනගන්නේ මොනවාද?
වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් මෙසේ ඉගැන්වූයේය, “[සදාචාරාත්මක හා අධ්‍යාත්මික බලයේ] ප්‍රභවය දෙවියන්වහන්සේය. එම බලයට අපගේ ප්‍රවේශය ලැබෙන්නේ උන්වහන්සේ සමග ඇති අපගේ ගිවිසුම් මගිනි” (“The Power of Covenants,” Ensign or Liahona, May 2009, 20). ඔබ මොසායා 5:5-15 කියවන විට, ඔබ දෙවියන්වහන්සේ සමග ඇති කරගත් ගිවිසුම් රකින විට ඔබේ ජීවිතයට ලැබෙන ආශිර්වාද ලැයිස්තුවක් සාදන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ වන්දිගෙවීම තුලින් ඔබ තුළ සිදුකර ඇති “බලවත් වෙනස” රඳවාගැනීමට ඔබේ ගිවිසුම් තබාගැනීම ඔබට උපකාර කරන්නේ කෙසේද?
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
මොසායා 4:9-12
ඔබේ පවුල සම්පූර්ණයෙන්ම “දෙවියන්වහන්සේව විශ්වාස කරන්නේ” (මොසායා 4: 9) සහ “සැමවිටම දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ටත්වය සිහිකරන්නේ” කෙසේද? (මොසායා 17:20. සමහරවිට පවුලේ සාමාජිකයන්ට මොසායා 4:9-12 කියවා දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනගාගැනීමට උපකාර වන වාක්‍ය ඛණ්ඩ හඳුනාගත හැකියි. එවිට ඔවුන්ට මෙම වාක්‍ය ඛණ්ඩ ලියා ඒවා මතක් කිරීමක් ලෙස නිවස වටා තැබිය හැකිය. මේවා මතක තබාගැනීම අපට “සැමවිටම ප්‍රීතිවීමට” සහ “අපගේ පව් වලින් සමාව ලබාගැනීමට” උපකාරී වන්නේ කෙසේද? (මොසායා 4:12).
මොසායා 4:14–15
මෙම පද වලින් රණ්ඩු කිරීම හා කෝලාහාල කිරීම ගැන අප ඉගෙනගන්නේ කුමක්ද?
මොසායා 4:16–26
අප සියලුදෙනාම යාචකයින් වන්නේ කුමන අර්ථයෙන්ද? මෙම පද වලට අනුව, අපි දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට සැලකිය යුත්තේ කෙසේද? (මොසායා 4:26 බලන්න). අපේ උදව් අවශ්‍ය කාටද?
මොසායා 4:27
ඔබේ පවුල ඔබට ශක්තිය තිබෙනවාට වඩා වේගයෙන් දුවනවාද? ඔවුන් කඩිසරව මෙන්ම ඥානවන්තව සිටින බවට වගබලාගැනීමට සමහර විට ඔබට පවුලේ සාමාජිකයින්ට ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඇගයීමට ආරාධනා කළ හැකිය.
මොසායා 5:5-15
ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප කෙරෙහි ගැනීමෙන් උන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය ගැන අදහස් කරන්නේ කුමක්ද? සමහරවිට මිනිසුන් තම බඩු බාහිරාදිය මත ඔවුන්ගේ නම් ලිවීමට හේතුව ගැන කතාකිරීම එයට උදව් වනු ඇත. අප ගැලවුම්කරුවාණන්ට “අයිති” බව පෙන්වන්නේ කෙසේද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
ආදරණීය වාතාවරණයක් පෝෂණය කරන්න. පවුලේ සාමාජිකයන් එකිනෙකාට සලකන ආකාරය ඔබේ නිවසේ ආත්මයාණන්ට රැඳීමට බෙහෙවින් බලපායි. ආදරණීය, ගෞරවනීය නිවසක් ස්ථාපිත කිරීමට සියළුම පවුලේ සාමාජිකයින්ට උදව් කරන්න, එවිට සෑම කෙනෙකුටම අත්දැකීම්, ප්‍රශ්න සහ සාක්ෂි බෙදාගැනීමට ආරක්ෂිත බවක් හැඟිය හැකිය. (බලන්න Teaching in the Savior’s Way, 15.)
ග්‍රෙග් කේ. ඔල්සන් විසින්, උන්වහන්සේගේ නිරන්තර රැකවරණය තුළ