එන්න, මා අනුගමනය කරන්න
අප්‍රියෙල් 13–19. මොසායා 1–3: “දෙවියන්වහන්සේ හා සියලු මිනිසුන් කෙරෙහි ප්‍රේමයෙන් පිරී”


“අප්‍රියෙල් 13–19. මොසායා 1-3: ‘දෙවියන්වහන්සේ හා සියලු මිනිසුන් කෙරෙහි ප්‍රේමයෙන් පිරී,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“අප්‍රියෙල් 13–19. මොසායා 1-3,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

බෙන්යමින් රජු ඔහුගේ සෙනගට උගන්වමින්

මිනර්වා කේ. ටීචර්ට් (1888-1976), බෙන්යමින් රජුගේ සමුගැනීමේ කථාව, 1935, මේසොනයිට් මත තෙල්, අඟල් 36 x 48. බ්‍රිගම් යන්ග් විශ්වවිද්‍යාලයේ කලා කෞතුකාගාරය.

අප්‍රියෙල් 13–19

මොසායා 1–3

“දෙවියන්වහන්සේ හා සියලු මිනිසුන් කෙරෙහි ප්‍රේමයෙන් පිරී”

අපගේ අධ්‍යාත්මික හැඟීම් වාර්තා කිරීමට බෙන්යමින් රජ එක් හේතුවක් ඉදිරිපත් කළේය: “අපගේ පියාවූ ලෙහිට මෙම සියලු දේවල් සිහියේ තබාගෙන මෙම තහඩු වල උපකාරය නොමැතිව ඔහුගේ දරුවන්ට ඒවා ඉගැන්වීමට පුලුවන් නොවන්නේය” (මොසායා 1:4)

ඔබේ හැඟීම් සටහන් කරන්න

රජ යන වචනය ඇසෙන විට ඔබට ඔටුනු, මාළිගා, සේවකයන් සහ සිංහාසන ගැන සිතිය හැකිය. මොසායා 1–3 හි, ඔබ වෙනත් ආකාරයේ රජෙකු ගැන කියවනු ඇත. බෙන්යමින් රජ තම සෙනගගේ වෙහෙස මහන්සියෙන් ජීවත්වෙනවා වෙනුවට “තමාගේම දෑතින් වෙහෙස මහන්සිවී වැඩ කළේය” (මොසායා 2:14). අන් අය තමාට සේවය කරනවා වෙනුවට, “ස්වාමින්වහන්සේ ඔහුට දුන් සියලු ශක්තියෙන්, මනසින් හා ශක්තියෙන්” ඔහු තම සෙනගට සේවය කළේය (මොසායා 2:11). මේ රජ තම සෙනග තමාට නමස්කාර කරනවාට කැමති වුණේ නැත; නමුත්, තමාට වඩා ශ්‍රේෂ්ට රජෙකුට නමස්කාර කිරීමට ඔහු ඔවුන්ට ඉගැන්නුවේය, මක්නිසාදයත් “සර්වබලධාරි ස්වාමින්වහන්සේ රජකම් කරන” බව ඔහු තේරුම්ගෙන සිටියේය (මොසායා 3:5). දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සිටින සියලුම ශ්‍රේෂ්ට නායකයන් මෙන්, බෙන්යමින් රජුගේ වචන සහ ආදර්ශය අපව යොමුකරන්නේ ස්වර්ගික රජු වන, ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතටය. යේසුස්වහන්සේ “ස්වර්ගයෙන් බැස” “බලවත් හාස්කම් කරමින් මිනිසුන් අතරට ගියේය” කියා බෙන්යමින් රජ සාක්ෂි දුන්නේය. … තවද බලන්න, උන්වහන්සේ උන්වහන්සේගේ ස්වකීයයන් වෙතට පැමිණෙන සේක, ඒ කරණකොටගෙන උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල තුළින් වුවත් මනුෂ්‍ය දරුවන් හට ගැළවීම පැමිණෙන්නේය” (මොසායා 3:5, 9).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මොසායා 2:1-9

දෙවියන්වහන්සේගේ වචනය ලැබීමට සූදානම්වීම අවශ්‍ය වේ.

බෙන්යමින් රජ තම සෙනග සමග කතා කිරීමට කැමති බව පණිවිඩයක් යැවූ විට, “ඔවුන්, ඔවුන්ව ගණන් නොකළ අතර” (මොසායා 2:2) බොහෝ දෙනෙක් පැමිණියහ. ඔවුන් පැමිණියේ, ඔවුන්ගේ නායකයාට දැක්වූ කෘතඥතාව සහ ආදරය නිසාය. නමුත් වඩා වැදගත් දෙය නම්, ඔවුන් දේව වචනය ඉගෙනගැනීමට පැමිණියහ.

ඔබ මොසායා 2:1–9 කියවන විට, ඔවුන් දෙවියන්වහන්සේගේ වචනය අගය කළ බව පෙන්වීමට මිනිසුන් කළේ කුමක්දැයි සොයා බලන්න. දෙවියන්වහන්සේගේ වචනය ඇසීමට සූදානම් වීම සඳහා බෙන්යමින් රජ ඔවුන්ගෙන් කුමක් කරන ලෙස ඉල්ලා සිටියේද? (9 වන පදය බලන්න). ඔබගේ පෞද්ගලික හා පවුල් අධ්‍යයනයේදී සහ සභාවේ රැස්වීම් වලදී දෙවියන්වහන්සේගේ වචනය ලැබීමට ඔබ වඩාත් හොඳින් සූදානම් වන්නේ කෙසේද?

තවත් බලන්න මතෙව් 13:18–23; ඇල්මා 16:16–17.

මොසායා 2:10–26

මම අන් අයට සේවය කරන විට, මම දෙවියන්වහන්සේටද සේවය කරමි.

සේවය කිරීමට කාලය සොයාගැනීමට ඔබ වෙහෙසෙනවාද, නැතහොත් ඔබේ සේවය ඔබට වැඩි ප්‍රීතියක් ගෙන ආවා නම් කියා ප්‍රාර්ථනා කරනවාද? ඔහුගේ සම්පූර්ණ “බලයෙන්, මනසින් හා ශක්තියෙන්” ඔහු සේවය කළේ ඇයි කියා ඔබ ඔහුගෙන් ඇසුවොත් බෙන්යමින් රජු කුමක් කියයිද? (මොසායා 2:11). ඔබ මොසායා 2:10-26 කියවන විට, බෙන්යමින් රජ සේවය ගැන ඉගැන්වූ සත්‍යයන් හඳුනාගෙන ඒවා ඔබේ ජීවිතයට යොදාගත හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න. නිදසුනක් වශයෙන්, ඔබ අන් අයට සේවය කරන විට, ඔබ දෙවියන්වහන්සේටත් සේවය කරන බව දැනගැනීම ඔබට හැඟෙන්නේ කෙසේද? (මොසායා 2:17 බලන්න). මේ සතියේ ඔබට යමෙකුට සේවය කළ හැකි ක්‍රමයක් ගැන සිතන්න!

මතෙව් 25:40 ද බලන්න.

කාන්තාවන් දෙදෙනෙක් වැළඳගනිමින්

මම අන් අයට සේවය කරන විට, මම දෙවියන්වහන්සේටද සේවය කරමි.

මොසායා 3:1-20

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් මට ස්වාභාවික මිනිසා ජයගෙන ශාන්තුවරයකු විය හැකිය.

බෙන්යමින් රජතුමා සියලු අනාගතවක්තෘවරුන් මෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දුන්නේය, ඒ ඔහුගේ සෙනග “ඔවුන්ගේ පාපයට පව්කමාව ලබා, බලවත්වූ ප්‍රීතියකින් ප්‍රීති වන පිණිසය” (මොසායා 3:13) ගැලවුම්කරුවාණන් තම වන්දිගෙවීම තුළින් අපව පවිත්‍ර කරනවා පමණක් නොව නමුත් “ස්වාභාවික මිනිසා” ඉවත් කර “සාන්තුවරයෙකු” බවට පත්වීමට බලය ලබාදෙන බවද ඔහු ඉගැන්වීය (මොසායා 3:19; see also Guide to the Scriptures, “Natural Man,” scriptures.ChurchofJesusChrist.org).

වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ පැහැදිලි කළේය: “පාපය මැඩපැවැත්වීමට අපට උපකාර වන පවිත්‍ර කිරීමේ සහ මුදවාගැනීමේ බලය මෙන්ම අපගේ ශක්තිය මත පමණක් රඳා සිටීමෙන් පමණක් අපට හැකි පමණින් යහපත් වීමට වඩා අපට උපකාර වන පවිත්‍රවීමේ සහ ශක්තිමත්වීමේ බලය ලබාදෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමයි. එම අසීමිත වන්දිගෙවීම අප සෑමකෙනෙකු තුලම සිටින පව්කාරයාට මෙන්ම සාන්තුවරයාටද වේ” (“Clean Hands and a Pure Heart,” Ensign or Liahona, Nov. 2007, 82).

මොසායා 3:1–20 හි බෙන්යමින් රජුගේ ගැලවුම්කරුවාණන් පිළිබඳ සාක්ෂිය කියවන විට මෙනෙහි කළ යුතු ප්‍රශ්න කිහිපයක් මෙන්න:

  • ගැළවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ මෙහෙවර ගැන මෙම පද වලින් මා ඉගෙනගන්නේ කුමක්ද?

  • පාපය ජයගැනීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට උපකාර කර ඇත්තේ කෙසේද? මගේ ස්වභාවය වෙනස් කර සාන්තුවරයෙකු මෙන් වීමට උන්වහන්සේ මට උපකාර කර ඇත්තේ කෙසේද?

  • මොසායා 3:19 හි සාන්තුවරයෙකු වීම ගැන මා ඉගෙනගන්නේ කුමක්ද?

මොසායා 3:8

බෙන්යමින් රජ යේසුස්වහන්සේව “ස්වර්ගයේ හා පොළොවේ පියාණන්” ලෙස හැඳින්වූයේ ඇයි?

සභාපති ජෝසෆ් එෆ්. ස්මිත් මෙසේ පැහැදිලි කළේය: යෙහෝවා ලෙස අප දන්නා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, මැවීමේ කාර්යයේදී, පියාණන් වන එලෝහිම්ගේ, විධායකයා විය. … මැවුම්කරුවාණන් වන නිසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව නිරතුරුවම ස්වර්ගයේ හා පොළොවේ පියාණන් ලෙස හැඳින්වේ…; උන්වහන්සේගේ නිර්මාණ සදාකාලික ගුණාත්මක බැවින් යුතු නිසා, උන්වහන්සේව ඉතා නිවැරදිව ස්වර්ගයේ හා පොළොවේ සදාකාලික පියාණන් ලෙස හැඳින්වේ” (Teachings of Presidents of the Church: Joseph F. Smith [1998], 357).

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

මොසායා 1:1–7

පිත්තල තහඩු සහ නෙපිගේ තහඩු බෙන්යමින් රජුගේ ජනයාට ආශිර්වාද කළේ කෙසේද? ශුද්ධලියවිලි අපේ පවුලට ආශිර්වාද කරන්නේ කෙසේද?

මොසායා 2-3

බෙන්යමින් රජුගේ කතාවට පසුබිමක් නිර්මාණය කිරීම ඔබගේ පවුලට විනෝදයක් විය හැකිය. ඔබට කුඩා කුළුණක් සාදා එය මත සිටගෙන සිටියදී බෙන්යමින් රජුගේ වචන කියවීමට පවුලේ සාමාජිකයින් එකිනෙකාට ඉඩදිය හැකිය. පවුලේ අනෙක් අයට තාවකාලික කූඩාරමක් ඇතුළත සිටද සවන්දිය හැකිය.

මොසායා 2:9–19

බෙන්යමින් රජුගේ ඉගැන්වීම් සහ ආදර්ශයෙන් අප සේවය ගැන ඉගෙනගන්නේ කුමක්ද? කරන්නට අපට පෙළඹවීමක් දැනෙන්නේ මොනවාද?

මොසායා 2:15–25

නිහතමානීකම ගැන සාකච්ඡාවක් පැවැත්වීම ඔබේ පවුලට ප්‍රයෝජනවත් වේද? බෙන්යමින් රජ තමා කළ සියල්ල ගැන පුරසාරම් දෙඩුවේ නැත්තේ ඇයි? දෙවියන්වහන්සේ සමග ඇති අපගේ සම්බන්ධතාවය ගැන ඔහුගේ ඉගැන්වීම් වලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

මොසායා 2:36–41

සත්‍යය දැනගෙනත් ඒ අනුව ජීවත් නොවීම නිසා ඇති වන ප්‍රතිවිපාක ගැන බෙන්යමින් රජු ඉගැන්වූයේ කුමක්ද? සැබෑ සතුට ලබාගන්නේ කෙසේද යන්න ගැන ඔහු ඉගැන්වූයේ කුමක්ද?

මොසායා 3:19

සාන්තුවරයන් වීමට අප කළ යුත්තේ මොනවාද? පවුලක් ලෙස සංවර්ධනය වීම කෙරෙහි අපට අවධානය යොමුකළ හැක්කේ මෙම පදයේ කුමන ලක්ෂණ වලටද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

කළමනාකරණය කළ හැකි ඉලක්ක තබාගන්න. දිනකට මිනිත්තු කිහිපයක් ගතකර ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමෙන් වුවද ඔබේ ජීවිතයට ආශිර්වාද ලැබිය හැකිය. සෑම දිනකම පාඩම් කිරීමට කැපවන්න, එමෙන්ම ඔබේ කැපවීම ඔබට මතක්කර දීමට මාර්ගයක් සොයාගන්න.

බෙන්යමින් රජු ඔහුගේ සෙනගට දේශනා කරමින්

ජෙරමි වින්බෝර්ග් විසින්, බෙන්යමින් රජුගේ කථාව