එන්න, මා අනුගමනය කරන්න
මාර්තු 30–අප්‍රියෙල් 12. පාස්කුව: “උන්වහන්සේගේ පියාපත් තුල සුවයත් සමග … උන්වහන්සේ නැගී එන සේක”


“මාර්තු 30–අප්‍රියෙල් 12. පාස්කුව: ‘උන්වහන්සේගේ පියාපත් තුල සුවයත් සමග … උන්වහන්සේ නැගී එන සේක,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“මාර්තු 30–අප්‍රියෙල් 12. පාස්කුව,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

මරණයෙන් නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන් සමග

ඩෙල් පාර්සන් විසින්, ක්‍රිස්තුස්වහන්සේ සහ ගෝලයන්

මාර්තු 30–අප්‍රියෙල් 12

පාස්කු

“උන්වහන්සේගේ පියාපත් තුල සුවයත් සමග … උන්වහන්සේ නැගී එන සේක”

පාස්කු ඉරිදා දක්වා දිවෙන දිනවල, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය, මරණය, නැවත නැගිටීම සහ වන්දිගෙවීමේ බලය පිළිබඳ මොර්මොන්ගේ පොතේ බලවත් සාක්ෂියට ඔබේ අවධානය දීම ඔබගේ පෞද්ගලික සහ පවුල් ශුද්ධලියවිලි අධ්‍යනයේදී සලකා බලන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

පුරාණ ප්‍රේරිතවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ නැවත නැගිටීම පිළිබඳ සාක්ෂි වලින් නිර්භීත වූහ. මිලියන ගණනක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන අතර බයිබලයේ සඳහන් ඔවුන්ගේ වචන නිසා උන්වහන්සේව අනුගමනය කිරීමට වෑයම් කරති. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මුළු ලෝකයේම ගැළවුම්කරුවාණන් නම්, උන්වහන්සේව ඇසින් දුටු සාක්ෂිකරුවන් අතළොස්සක් දෙනාට පමණක් සීමා වූයේ ඇයි? යන්න තවමත් සමහරු පුදුම වන කරුණකි.

මෝර්මොන්ගේ පොත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ගැළවුම්කරුවාණන් බවට, ඒත්තු ගන්වන අමතර සාක්ෂියක් ලෙස නැගී සිටින අතර, “සියලු ජාතීන්ට තමන්වහන්සේව ප්‍රකාශ කර” (මොර්මොන්ගේ පොතේ හැඳින්වීම) උන්වහන්සේ වෙතට පැමිණෙන සියල්ලන්ට ගැලවීම ලබාදෙයි. මීට අමතරව, මෙම දෙවන සාක්ෂියත් ගැලවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කරයි. “ක්‍රිස්තුස්වහන්සේව දැනසිටි බවත් … ඔවුන්ටත් උන්වහන්සේගේ මහිමය ගැන බලාපොරොත්තුවක් තිබූ බවත්” අනාගත පරම්පරාවන්ට ප්‍රකාශ කරනු පිණිස—නෙපි, යාකොබ්, මෝර්මොන් සහ සියලු අනාගතවක්තෘවරුන් “තහඩු මත මෙම වචන කෙටීමට උද්‍යෝගයෙන්” වෙහෙසුනහ (යාකොබ් 4:3–4). මෙම පාස්කු සමය තුළ, ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලය විශ්වීය සහ පෞද්ගලිකව— ලෝකය මුදවා ගැනීම සහ ඔබව මුදවා ගැනීම යන දෙකටම බවට මෝර්මොන්ගේ පොතෙහි ඇති සාක්ෂි ගැන මෙනෙහි කරන්න.

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

2 නෙපි 9:6–15, 22; ඇල්මා 11:41–45; 40:21–23; 3 නෙපි 26:4–5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි නිසා සියලු මිනිසුන්ව මරණයෙන් නැවත නැගිටුවනු ඇත.

පාස්කු ඉරිදා දින යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම මෙනෙහි කිරීම සාම්ප්‍රදායිකය, නමුත් නැවත නැගිටුවීම යන්නෙන් ඇත්තෙන්ම අදහස් කරන්නේ කුමක්ද? මෝර්මොන්ගේ පොත මරණයෙන් නැවත නැගිටීම ගැන ඉදිරිපත් කරන කරුණු මොනවාද? සමහරවිට ඔබගේ පාස්කු සැමරීමේ කොටසක් ලෙස ඔබට 2 නෙපි 9:6–15, 22; ඇල්මා 11:41–45; 40:21–23; සහ 3 නෙපි 26:4–5; තුලින් මරණයෙන් නැවත නැගිටීම ගැන සත්‍යයන් සොයාගත හැකිය. මෙම එක් එක් සත්‍යයක්ම දැනගැනීම වැදගත් යැයි ඔබ සිතන්නේ මන්දැයි ඔබට සටහන් කළ හැකිය.

නැවත නැගිටීම පිළිබඳ සත්‍යයන් බොහෝවිට උගන්වනු ලබන්නේ අවසාන විනිශ්චයේ සහයෝගය තුළ බව ඔබට පෙනෙනු ඇත. ගැලවීමේ සැලැස්මේ නැවත නැගිටීමේ වැදගත්කම ගැන ඔබට උගන්වන්නේ මොනවාද යන්න මෙනෙහි කරන්න.

තවත් බලන්න ලූක් 24:36–43; ක්‍රියා 24:15; 1 කොරින්ති 15:12–23.

මොසායා 3:7; 15:5–9; ඇල්මා 7:11–13

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ පාප, වේදනා සහ දුර්වලතා උන්වහන්සේ වෙතටම ගත් සේක.

අපගේ පාප උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්දිගෙවූ බව බයිබලය පැහැදිලිවම උගන්වයි. කෙසේවෙතත්, මෝර්මොන්ගේ පොත, ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගය හා දුක් වේදනා පිළිබඳ අපගේ අවබෝධය වැදගත් ආකාර වලින් පුළුල් කරයි. මොසායා 3:7; 15:5–9; සහ ඇල්මා 7:11–13 පද වල ඔබට මෙම ඉගැන්වීම් කීපයක් සොයාගත හැකියි. ඔබ මෙම ඡේද කියවීමෙන් පසු, ඔබ සොයාගත් දේ මෙවැනි වගුවක සටහන් කිරීම සලකා බලන්න:

ගැළවුම්කරුවාණන් විඳි දුක කුමක්ද?

උන්වහන්සේ දුක්වින්දේ ඇයි?

මෙය මට අදහස් කරන්නේ කුමක්ද?

ගැළවුම්කරුවාණන් විඳි දුක කුමක්ද?

උන්වහන්සේ දුක්වින්දේ ඇයි?

මෙය මට අදහස් කරන්නේ කුමක්ද?

තවත් බලන්න යෙසායා 53; හේබ්‍රව් 4:14–16.

ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනි උයනේ යාච්ඤා කරමින්

මයිකල් ටී. මාල්ම් විසින්, ගෙත්සෙමනිය

මොසායා 5:1–2; 27:8–28; ඇල්මා 15:3–12; 24:7–19

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම මා පවිත්‍ර කර මා පරිපූර්ණ කිරීමට උපකාර කරයි.

මොර්මන්ගේ පොත, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා වෙනස් වූ ජනතාවකගේ විශාල වාර්තාවක් බව කිව හැකිය. ඇත්තවශයෙන්ම, ඔවුන්ගේ ඇදහිල්ල නිසා අති මහත් වෙනසක් ගැලවුම්කරුවාණන්ගේ බලය තුලින් ඔවුන් මත සිදුවීමට පෙර, එම ජනතාවගෙන් සමහරක් දරුණු පාපයන් කළ අතර දෙවියන්වහන්සේගේ සෙනගගේ සතුරන් පවා වූවේය. මොසායා 5:1–2; 27:8–28; සහ ඇල්මා 15:3–12; 24:7–19; හි මෙම අත්දැකීම් සමහරක් ඔබට කියවිය හැකි අතර, අධ්‍යයනය කිරීමට වෙනත් උදාහරණ ගැනද ඔබට සිතිය හැකිය. මෙම සෑම අත්දැකීමකම ඔබ දකින පොදු දෙය කුමක්ද? ඔබ දකින වෙනස්කම් මොනවාද? ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමට ඔබව වෙනස් කළ හැක්කේ කෙසේද යන්න මෙම වාර්තා ඔබට උගන්වන්නේ කුමක්ද?

තවත් බලන්න ඇල්මා 5:6–14; 13:11–12; 18; 19:1–16; 22:1–26; 36:16–21; ඊතර් 12:27; මොරෝනි 10:32–33.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ පාස්කුව ඔබේ පවුලේ අය සමග සමරන විට, මරණයෙන් නැවත නැගිටීම ඇතුළුව ගැලවුම්කරුවාණන් ගැන සහ උන්වහන්සේගේ වන්දිගෙවීම ගැන එකට එක්ව ඉගෙනගැනීමට ක්‍රම සොයන්න. මෙන්න අදහස් කිහිපයක්.

3 නෙපි 1117

මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන්ගේ ඇමරිකානු සංචාරය පාස්කු සමයේදී විශේෂයෙන් තේරුමක් ගෙන එන බව සමහර පවුල් සොයාගෙන ඇත. උන්වහන්සේගේ තුවාල කැළැල් දැනීම (3 නෙපි 11:14-15 බලන්න) හෝ උන්වහන්සේ ආශිර්වාද කළ දරුවන්ගෙන් කෙනෙකු වීම (3 නෙපි 17:21 බලන්න) කෙබඳු වේදැයි සිතාබැලීමට පවුලේ සාමාජිකයන්ව දිරිමත් කරන්න. මෙම වාර්තාව, ගැලවුම්කරුවාණන්ගේ නැවත නැගිටීම පිළිබඳව අපගේ කෘතඥතාව ගැඹුරු කරන්නේ කෙසේද? මෙම පොත සමග මෙම වාර්තාව නිරූපණය කරන සිතුවමක් ඇති අතර; අනෙක් ඒවා ChurchofJesusChrist.org වෙබ් අඩවියෙන් සොයාගත හැකිය. ඔබේ පවුලේ සාමාජිකයින්ට කියවන දේ පිළිබඳ ඔවුන්ගේම පින්තූර ඇඳීමටද හැකිය.

ප්‍රධාන සම්මන්ත්‍රණයේ පණිවිඩ

ලෝකයේ බොහෝ රටවල මෙම වසරේ අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය පාස්කු ඉරිදාට පෙර සති අන්තයේ පැවැත්වේ. සමහරවිට සම්මන්ත්‍රණයට සවන්දීමෙන් ඔබගේ පවුලට මෙම පාස්කු ඉරිදා ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමුකිරීමට උදව් විය හැකිය. උදාහරණයක් ලෙස, විශේෂයෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ විශේෂ සාක්ෂිකරුවන් වන ප්‍රේරිතයන්—යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ නැවත නැගිටීම ගැන සාක්ෂි දරන සම්මන්ත්‍රණ පණිවිඩ වලට සවන්දීමට ඔබට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කළ හැකිය. ඉන්පසු ඔබට මෙම පණිවිඩ එකට එක්ව සමාලෝචනය කර ගැලවුම්කරුවාණන් පිළිබඳ ඔබගේ සාක්ෂිය ශක්තිමත් කරන ඉගැන්වීම් හඳුනාගත හැකිය.

ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ: ප්‍රේරිතවරුන්ගේ සාක්ෂිය

පවුලක් ලෙස, “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ: ප්‍රේරිතවරුන්ගේ සාක්ෂිය” කියවන්න (එන්සයින් හෝ ලියාහෝනා, 2017 මැයි, මුල් කවරයේ ඇතුළත; ChurchofJesusChrist.org ද බලන්න) එමෙන්ම මෙම සාක්ශියෙන් පාස්කු පණිවිඩයක් අන් අය සමග බෙදාගැනීමට තෝරාගන්නා ලෙස පවුලේ සෑම සාමාජිකයෙකුටම ආරාධනා කරන්න. උදාහරණයක් ලෙස, ඔබට සමාජ මාධ්‍ය වල, ඔබේ ඉදිරිපස දොරේ හෝ කවුළුවක ප්‍රදර්ශනය කිරීම සඳහා පෝස්ටර් සෑදිය හැකිය.

වීඩියෝ: ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ විශේෂ සාක්ෂිකරුවන්

Special Witnesses of Christ ලෙස හඳුන්වන වීඩියෝ පෙළක් ChurchofJesusChrist.org හි සහ ශුභාරංචි පුස්තකාල යෙදුමෙහි ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂි දරන පළමු සභාපතිත්වයේ සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයෙහි එක් එක් සාමාජිකයාගේ වීඩියෝ එයට ඇතුළත්ය. ඔබේ පවුලට මෙම වීඩියෝ එකක් හෝ කීපයක් නරඹමින් ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කළ කුමන දේවල් ගැන ඒවා අපට උගන්වනවා දැයි සාකච්ඡා කළ හැකිය.

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය අනුව ජීවත්වන්න. දෙමාපියෙක් වශයෙන් ඔබට කළ හැකි වැදගත්ම දෙය වන්නේ ඔබේ හදවතින්ම සුහාරංචිය අනුව ජීවත්වීමයි. ශුද්ධාත්මයාණන්වහන්සේගේ මිත්‍රත්වය සඳහා සුදුසුකම් ලැබීමට හොඳම ක්‍රමය මෙයයි. ඔබ පරිපූර්ණ විය යුතු නැත, උනන්දුවෙන් ඔබේ උපරිමය කිරීමට උත්සාහ කරන්න සහ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම තුළින් සමාව සොයන්න. (බලන්න Teaching in the Savior’s Way, 13–14.)

ක්‍රිස්තුස්වහන්සේ නෙපිවරුන්ට ආචාර කරමින්

බෙන් සෝවර්ඩ්ස් විසින් නෙපිවරුන් සමග ක්‍රිස්තුස්වහන්සේගේ නිදර්ශනය