“නොවැම්බර් 23–29. ‘ස්වාමින්වහන්සේ සොයාපල්ලා, එවිට නුඹලා ජීවත්වන්නහුය’: ආමොස්; ඔබදියා; යෝනා,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“නොවැම්බර් 23–29. ‘ස්වාමින්වහන්සේ සොයාපල්ලා, එවිට නුඹලා ජීවත්වන්නහුය,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
ඩැනියෙල් ලුවිස් විසින්, Jonah on the Beach at Nineveh [යෝනා නිනිවයේ වෙරළ තීරයේ]
නොවැම්බර් 23–29: “ස්වාමින්වහන්සේ සොයාපල්ලා, එවිට නුඹලා ජීවත්වන්නහුය”
ආමොස්; ඔබදියා; යෝනා
යෝනා හිටියේ තර්ෂීෂ්ට බලා යන නැවකයි. යෝනා දෙවියන්වහන්සේගේ පණිවිඩය බෙදා හැරීමට යාමට නියමිතව තිබුණ නිනිවයෙන් බොහෝ දුරින් පිහිටා තිබීම හැර, තර්ෂීෂ්ට වෙත යාත්‍රා කිරීමේ වෙනත් වරදක් තිබුණේ නැහැ. නැව දරුණු කුණාටුවකට මුහුණ දුන් විට, එය ඔහුගේ අකීකරුකම නිසා බව යෝනා දැන සිටියා. යෝනාගේ බලකිරීම මත, ඔහුගේ සෙසු නාවිකයන් කුණාටුව නැවැත්වීම සඳහා ඔහුව මුහුදේ ගැඹුරට දැමුවා. එය පෙනෙන්නේ යෝනාගේ සහ ඔහුගේ දේවසේවයේ අවසානය වගෙයි. නමුත් උන්වහන්සේ නිනිවයේ සෙනඟව, ඉශ්‍රායෙල් වංශය හෝ අපගෙන් කිසිවෙකුව අත්හැරියේ නැති ආකාරයටම—ස්වාමින්වහන්සේ යෝනාවත් අත්හැරියේ නැහැ .
යෝනා, ආමොස්, ඔබදියා සහ අද අපේ අනාගතවක්තෘවරුන්ව වගේ—අපි පසුතැවිලි වුණොත් අපිව සදහටම නෙරපා හරින්නේ නැහැ කියන පණිවිඩය සමඟ—උන්වහන්සේ දිගින් දිගටම අනාගතවක්තෘවරුන්ව එවනවා. දෙවියන්වහන්සේ හෙළි කරන සියලුම “රහස්” අතුරින් (බලන්න ආමොස් 3:7), ඉතා වටිනා ඒවා අතර මෙය තිබෙනවා: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා, අප වෙනස් වීමට ප්‍රමාද නැහැ. අපි උන්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම්වලට අනුව ජීවත් වීමට අපට උපකාර කිරීමට උන්වහන්සේට තවමත් අවශ්‍ය වන අතර, උන්වහන්සේ අපට තවත් අවස්ථාවක් ලබා දීමට කැමැත්තෙන් සිටිනවා.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
ආමොස් 3:1–8; 7:10–15
ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් සත්‍යය හෙළි කරන සේක.
ආමොස් 3:3–6 තුළ අනාගතවක්තෘ ආමොස් අපට ඇසෙන හෝ දකින සංඥා වලින් අපට උකහා ගත හැකි නිගමන සඳහා උදාහරණ ඉදිරිපත් කළා: සිංහයෙකු ගර්ජනා කරන විට, එය ගොදුර අල්ලාගෙන තිබිය යුතුය; කුරුල්ලෙකු උගුලකට හසු වුවහොත් එහි ඇමක් තිබිය යුතුය. 7–8 පදවල, ආමොස් මෙම තර්කය අනාගතවක්තෘවරුන්ට අදාළ කළා. අනාගතවක්තෘවරයෙක් අනාවැකි කියන විට අපට ගත හැකි නිගමන මොනවාද? ආමොස් 7:10–15 තුලින් ඔබ අනාගතවක්තෘවරුන් ගැන තවත් ඉගෙන ගන්නේ මොනවාද?
ස්වාමින්වහන්සේ තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබට හෙළි කළේ මොනවාද?
වැඩිහිටි උලිසස් සෝර්ස් මෙසේ පැවසුවා “දිවැසිවරයෙක් සිටීම දෙවියන්වහන්සේගේ ආදරයේ සලකුණකි” (“අනාගතවක්තෘවරුන් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුලින් කතාකරයි,” ලියහෝනා, මැයි 2018, 99). ඔබ මෙම වාක්‍යය සම්පූර්ණ කරන්නේ කෙසේදැයි සලකා බලන්න: “දෙවියන්වහන්සේ මට ප්‍රේම කරන බව මම දනිමි, මන්ද …” සඳහා උන්වහන්සේ අනාගතවක්තෘවරුන් එවන සේක” ඒ සඳහා උපකාරයට ගත හැකි ශුද්ධලියවිලි පද කිහිපයක් මෙන්න: ද්වීතීය කථාව 18:18; එසකියෙල් 3:16–17; එපීස 4:11–14; 1 නෙපී 22:2; දහම සහ ගිවිසුම් 21:4–6; 84:36–38; 107:91–92.
අද අනාගතවක්තෘවරුන් අවශ්‍ය නැතැයි හැඟෙන කෙනෙකුට ඔබ කියන්නේ කුමක්ද?
ආමොස් 4:–5
“ස්වාමින්වහන්සේ සොයාපල්ලා, එවිට නුඹලා ජීවත්වන්නහුය.”
ආමොස් 4:6–13 ට අනුව, ඉශ්‍රායෙල් සෙනඟ පීඩාවලට මුහුණ දුන් පසු සිදුවනු ඇතැයි ස්වාමින්වහන්සේ බලාපොරොත්තු වූයේ කුමක්ද? (තවත් බලන්න හිලමන් 12:3). ඔබගේ පරීක්ෂාවන් දෙවියන්වහන්සේ විසින් එවා නොතිබුණත්, උන්වහන්සේ වෙත හැරීමට ඒවා ඔබට අවස්ථාව ලබා දී ඇත්තේ කෙසේද?
ඔබ ආමොස් 5:4, 14–15 කියවන විට, ස්වාමින්වහන්සේ ඔබට කරුණාව දැක්වූ ආකාරය ගැන මෙනෙහි කරන්න. උන්වහන්සේව සෙවීම ඔබට ජීවය ගෙන දුන්නේ කෙසේද?
ආමොස් 8:11–12
ස්වාමින්වහන්සේගේ වචනයට අධ්‍යාත්මික කුසගින්න සහ පිපාසය තෘප්තිමත් කළ හැකියි.
ඔබ ආමොස් 8:11–12 කියවන විට, දෙවියන්වහන්සේගේ වචනය නොමැතිව ජීවත් වීම සඳහා සාගතය හොඳ සංසන්දනයක් වන්නේ මන්දැයි සිතා බලන්න (තවත් බලන්න යොහන් 6:26–35; 2 නෙපී 9:50–51; 32:3; ඊනෝස් 1:4–8). ඔබ අධ්‍යාත්මිකව කුසගින්නෙන් සිටින විට ඔබ ඒ බව දැනගන්නේ කෙසේද?
මෙම පද මහා ඇදහිල්ලෙන් වැටීමට ද අදාළ විය හැකිය. එම අධ්‍යාත්මික “සාගතය” දෙවියන්වහන්සේගේ දරුවන්ට බලපා ඇත්තේ කෙසේද? නැවත පිහිටුවීම ඔබගේ අධ්‍යාත්මික කුසගින්න තෘප්තිමත් කර ඇත්තේ කෙසේද?
The Great Apostasy
ඔබදියා 1:21
සියොන් කන්දේ සිටින “ගැලවුම්කාරයෝ” කවුද?
ඔබදියා 1:21 ට ආදාළව, සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි පැහැදිලි කළේ දේවමාළිගාවේ මිය ගිය අය සඳහා නියෝග ලැබුණු විට අපි සියොන් කන්දේ ගැලවුම්කරුවෝ වන බවයි (බලන්න“Closing Remarks,” Liahona, Nov. 2004, 105). කුඩා ආකාරයකින් පමණක් වුවත්—එලෙස කිරීම ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කළ දේට සමාන වන්නේ කෙසේද? මෙම කාර්යය ගැලවුම්කරුවාණන්ට සමීප වීමට ඔබට උපකාර වී ඇත්තේ කෙසේද?
යෝනා 1–4
ස්වාමින්වහන්සේ උන්වහන්සේ වෙතට හැරෙන සියල්ලන්ට දයාවන්ත ය.
නිනිවය ප්‍රචණ්ඩත්වයට සහ කෲරත්වයට ප්‍රසිද්ධ ඉශ්‍රායෙල් සෙනඟගේ සතුරෙකි. ඔවුන් පසුතැවිලි වීමට සූදානම් බව යෝනාට පෙනුණේ යථාර්ථවාදී නොවන දෙයක් විදියටයි. යෝනාගේ ආකල්පය (බලන්න යෝනා 1; 3–4) ඇල්මාගේ සහ මොසායාගේ පුත්‍රයන්ගේ හැඟීම් සමඟ සංසන්දනය කිරීම සිත්ගන්නා සුළු වෙන්න පුළුවන් (බලන්න මොසායා 28:1–5; ඇල්මා 17:23–25). යෝනා 3 වෙතින් ඔබ ඉගෙන ගන්නා, වෙනස් වීමට සූදානම් නැති අය සමඟ පවා ශුභාරංචිය බෙදා ගැනීමට ඔබව පොළඹවන දේවල් මොනවාද?
ඔබ යෝනා කියවන විට, ස්වාමින්වහන්සේගේ දයාව පිළිබඳ උදාහරණ සොයන්න. ඔබ සිතන ආකාරයට, ස්වාමින්වහන්සේ නිනිවයේ වැසියන්ට දයාව දැක්වූ විට යෝනා “අප්‍රසන්නව” සහ “කෝප වූයේ” (යෝනා 4:1) ඇයි? ඔබට හැඟෙන ලෙස 4 වෙනි පරිච්ඡේදයේ ස්වාමින්වහන්සේ ඔහුට ඉගැන්වීමට උත්සාහ කළේ කුමක්ද? ඔබේ ජීවිතය තුළ ඔබ උන්වහන්සේගේ දයාව අත්විඳ ඇති ආකාරය ගැන මෙනෙහි කරන්න. ඔබට යෝනාගෙන් ඉගෙනගත හැකි, ඔබට වඩාත් දයාවන්ත වීමට උපකාර කළ හැකි දේවල් මොනවාද?
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
මෙම ඉරිදා මාසයේ පස්වන ඉරිදා බැවින්, ප්‍රාථමිකයේ ගුරුවරුන්ව “උපග්‍රන්ථය B: දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිත කාලයක් සඳහා දරුවන් සූදානම් කිරීම” තුළ ඇති ඉගෙනුම් ක්‍රියාකාරකම් භාවිතා කිරීමට දිරිමත් කරනු ලැබේ.
ආමොස් 3:7
අනාගතවක්තෘවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පණිවිඩකරුවන්ය.
-
ඔබේ දරුවන්ට ආමොස් 3:7 තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා, ඔබට ඔවුන්ගෙන් එක් අයෙකුට සරල පණිවිඩයක් පවසා අනෙක් දරුවන් සමඟ එම පණිවිඩය බෙදා ගැනීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකියි. මෙම ක්‍රියාකාරකමේ සිටින පණිවිඩකරු අනාගතවක්තෘවරයෙකුට සමාන වන්නේ කෙසේද? ස්වාමින්වහන්සේ අපට අනාගතවක්තෘවරුන් ලබා දෙන්නේ ඇයි?
-
අනාගතවක්තෘවරුන් කරන දේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා, ඔබට සහ ඔබේ දරුවන්ට සභාවේ වත්මන් සභාපතිවරයාගේ මෑත පණිවිඩ සමාලෝචනය කළ හැකියි. ඔබ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා අනුගමනය කිරීමට තීරණය කරන්නේ මන්දැයි එකිනෙකා සමඟ බෙදා ගන්න.
ශුද්ධලියවිලි පද කටපාඩම් කිරීමට දරුවන්ට උපකාර කරන්න. වැඩිහිටි රිචර්ඩ් ජී. ස්කොට් මෙසේ බෙදාගත්තා: “ශුද්ධලියවිල්ලක් කටපාඩම් කිරීම යනු නව මිත්‍රත්වයක් ඇති කර ගැනීමකි. එය අවශ්‍ය වේලාවට උපකාර කළ හැකි, ආශ්වාදයක් සහ සැනසීමක් ලබා දිය හැකි, සහ අවශ්‍ය වෙනස්කම් සඳහා පෙළඹවීමේ මූලාශ්‍රයක් විය හැකි නව පුද්ගලයෙකු සොයා ගැනීම වැනිය” (“The Power of Scripture,” Ensign, Nov. 2011, 6). ආමොස් 3:7 සම්පූර්ණ ලෙස හෝ කොටසක් කටපාඩම් කිරීමට ඔබේ දරුවන්ට උපකාර කිරීම සඳහා, ඔබට එය ලිවීමට හෝ නැවත නැවතත් එකට එක්ව කියවීම කරන්න පුළුවන්. ඉන්පසු ඔබේ දරුවන්ට එම සම්පූර්ණ පදය මතකයෙන් නැවත නැවතත් කියන තුරු ඔබට වරකට වචන කිහිපයක් මකා දැමීමට හෝ ආවරණය කිරීමට හැකියි.
ආමොස් 8:11–12
ශුභාරංචිය නැවත පිහිටුවීම ඇදහිල්ලෙන් වැටීමේ සාගතය අවසන් කළේය.
-
ඔබ ආමොස් 8:11–12 කියවන විට කුසගින්නෙන් පෙළෙන බව පෙන්වීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න. අපි දෙවියන්වහන්සේගේ වචනයට කුසගිනි වූ විට එය දැනෙන්නේ කෙසේද? සමහර විට ඔබේ ප්‍රියතම ශුද්ධලියවිලි පද ඔබ එකිනෙකා සමඟ බෙදා ගන්නා විට ඔබේ දරුවන්ට ආහාර ගන්නා ආකාරයට මවා පෑමට පුළුවන්.
-
අපගේ දවසේදී ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීම ගැන ඔබ ස්තූතිවන්ත වන හේතු එකිනෙකා සමඟ බෙදාගන්න.
2:52After the New Testament
යෝනා 11–3
දුෂ්කර අවස්ථාවලදී පවා උන්වහන්සේට කීකරු වීමට ස්වාමින්වහන්සේ මට උපකාර කරනු ඇත.
-
-
යෝනා ස්වාමින්වහන්සේට කීකරු නොවූ විට සිදු වූයේ කුමක්ද? (බලන්න යෝනා 1:4–17).
-
පසුතැවිලි වීමට යෝනා කළේ කුමක්ද? (බලන්න යෝනා 1:10–12; 2:1–4, 9; 3:1–4).
-
යෝනා කීකරු වූ විට සිදු වූයේ කුමක්ද? (බලන්න යෝනා 3:5).
2:30Jonah the Prophet
-
-
ඔබේ දරුවන් යෝනාගේ කතාව නැවත කියන්නට හෝ එය රඟපාන්නට කැමති වෙන්න පුළුවන්. ඔබට අපහසු දෙයක් කිරීමට ස්වාමින්වහන්සේට අවශ්‍ය වූ අවස්ථා ගැන අත්දැකීම් කිහිපයක් එකිනෙකා සමඟ බෙදා ගන්න. උන්වහන්සේට කීකරු වීමට උන්වහන්සේ ඔබට උපකාර කළේ කෙසේද?
යෝනා 1–4
ස්වාමින්වහන්සේ උන්වහන්සේ වෙතට හැරෙන සියල්ලන්ට දයාවන්ත ය.
-
සමහරවිට ඔබේ දරුවන්ට යෝනාගේ අද්දැකීම් ගැන ඔහුව සම්මුඛ සාකච්ඡාවකට ලක් කරන බව රඟ දක්වන්න පුළුවන්. ඔවුන්ට ඔහුගෙන් ඇසිය හැකි ප්‍රශ්න මොනවාද? යෝනා ස්වාමින්වහන්සේ ගැන ඉගෙනගත්තේ මොනවාද කියා දැනගැනීමට ප්‍රශ්න ඇසීමට ඔවුන්ව දිරිගන්වන්න. උදාහරණයක් වශයෙන්, ස්වමින්වහන්සේගේ දයාව ගැන යෝනා කුමක් පැවසිය හැකිද? (බලන්න, උදාහරණයක් වශයෙන්, යෝනා 2:7–10; 3:10; 4:2).
ජේ. කර්ක් රිචඩ්ස් විසින්, Christ and the Palsied Man [ක්‍රිස්තුස්වහන්සේ සහ අංශභාගී මිනිසා]
-
මාර්ක් 2:3–12; ලූක් 23:33–34; සහ යොහන් 8:1–11 වැනි ගැලවුම්කරුවාණන් අන් අයට දයාව පෙන්වූ අවස්ථා ගැන උදාහරණ සිතීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න ඔබට සහ ඔබේ දරුවන්ට මෙම උදාහරණ සඳහා පින්තූර සෙවිය හැකියි. අන් අයට දයාවන්ත වීමට අපට තිබෙන අවස්ථා මොනවාද?
වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.