“නොවැම්බර් 30–දෙසැම්බර් 6. “උන්වහන්සේ කරුණාවට ප්‍රිය වේ”: මීකා; නාහුම්; හබක්කුක්; ශෙපනියා,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“නොවැම්බර් 30–දෙසැම්බර් 6. ‘උන්වහන්සේ කරුණාවට ප්‍රිය වේ,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
ඊවා තිමෝති විසින් In the Beginning Was the Word [පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටි සේක]
නොවැම්බර් 30–දෙසැම්බර් 6: “උන්වහන්සේ කරුණාවට ප්‍රිය වේ”
මීකා; නාහුම්; හබක්කුක්; ශෙපනියා
පරණ ගිවිසුම කියවීම යනු බොහෝ විට විනාශය පිළිබඳ අනාවැකි කියවීමයි. තම විනිශ්චයන් ගැන දුෂ්ටයන්ට අනතුරු ඇඟවීමට ස්වාමින්වහන්සේ නිතරම අනාගතවක්තෘවරුන් කැඳවා තිබෙනවා. මීකා, නාහුම්, හබක්කුක් සහ ශෙපනියාගේ දේවසේවය ඒ සඳහා හොඳ උදාහරණයි. භයංකර ලෙස විස්තරාත්මකව, මෙම අනාගතවක්තෘවරුන්, එකල ශක්තිමත් සහ බලවත් ලෙස පෙනුණු නගරවල වැටීම ගැන පුරෝකථනය කළා: නිනිවය, බැබිලෝනිය සහ යෙරුසලම වැනි. නමුත් ඒ මීට වසර දහස් ගණනකට කළින්. අද දින මෙම අනාවැකි කියවීම වටින්නේ ඇයි?
ඒ උඩඟු, දුෂ්ට නගර විනාශ වුනත්, උඩඟු දුෂ්ටකම පැවතුණා. අපිට අපේම හදවත් තුළ පවා එහි සලකුණු හඳුනාගන්න පුළුවන්. පරණ ගිවිසුමේ අනාගතවක්තෘවරුන් අපට මෙම නපුරෙන් ඉවත් විය හැකි ආකාරය හෙළි කරනවා. සමහර විට එය අපි අදටත් ඔවුන්ගේ වචන කියවීමට එක් හේතුවක් වෙන්න පුළුවන්. ඔවුන් විනාශයේ අනාගතවක්තෘවරුන් පමණක් නොවේ—ඔවුන් විමුක්තියේ අනාගතවක්තෘවරුන් වුණා. විනාශය පිළිබඳ විස්තර ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ සමාව ලබා ගැනීමට ආරාධනා කිරීම මගින් මෘදු කර තිබෙනවා. මීකා පැවසූ පරිදි, ස්වාමින්වහන්සේ අපව හෙළා දැකීමට ප්‍රිය නොකරන නමුත් “උන්වහන්සේ කරුණාවට ප්‍රිය වේ” (මීකා 7:18). මෙය පුරාණයේ ස්වාමින්වහන්සේගේ මාර්ගය වූ අතර අදද එය උන්වහන්සේගේ මාර්ගයයි. “උන්වහන්සේගේ ගමන් පුරාණෙහි මෙන් විය” (හබක්කුක් 3:6).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
මීකා 6:1–8
“ස්වාමින්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?”
“ස්වාමින්වහන්සේ ඉදිරියට ඇවිත් උසස්වූ දෙවියන්වහන්සේට වැඳ වැටීම” (මීකා 6:6). කෙබඳු විය හැකිදැයි සිතා බැලීමට මීකා අපට ආරාධනා කරනවා. ස්වාමින්වහන්සේ ඔබගේ ජීවිතය ඇගයීමට ලක් කරන විට උන්වහන්සේට වැදගත් වන දේ ගැන 6–8 පදවලින් ඔබට යෝජනා කරන්නේ මොනවාද?
තවත් බලන්න ඩේල් ජී. රෙන්ලන්ඩ්, “යුක්තිසහගත ලෙස කටයුතු කරන්න, කරුණාවට ප්‍රේම කරන්න, එමෙන්ම දෙවියන්වහන්සේ සමඟ යටහත්ව ගමන් කරන්න,” ලියහෝනා, නොවැ. 2020, 109–12.
“ස්වාමින්වහන්සේ යහපත්ය, විපත්ති දවසේදී බලකොටුවක්ය” (නාහුම් 1:7).
නාහුම් 1
ස්වාමින්වහන්සේ බලවත් හා දයාවන්ත ය.
නාහුම්ගේ මෙහෙවර වූයේ නිනිවයේ විනාශය පුරෝකථනය කිරීමයි—එය ඉශ්‍රායෙල් දේශය විසුරුවා හරිමින් යුදා දේශයට දරුණු ලෙස පහර දුන්, ප්‍රචණ්ඩ අධිරාජ්‍යය ඇසිරියාවේ අගනුවරයි. නාහුම් ආරම්භ කළේ දෙවියන්වහන්සේගේ උදහස සහ අසමසම බලය විස්තර කිරීමෙනි, නමුත් ඔහු දෙවියන්වහන්සේගේ දයාව සහ යහපත්කම ගැන ද කතා කළා. ඔබ දකින දෙවියන්වහන්සේගේ වෙනත් ගුණාංග සහ—ඔබට මෙම එක් එක් ගුණාංග තේරුම් ගැනීමට උපකාර වන 1 වෙනි පරිච්ඡේදයේ ඇති පද සොයන්න ස්වාමින්වහන්සේ ගැන මේ සෑම දෙයක් ගැනම දැනගැනීම වැදගත් යැයි ඔබ සිතන්නේ ඇයි?
හබක්කුක්
මට ස්වාමින්වහන්සේගේ කැමැත්ත සහ උන්වහන්සේගේ කාලය විශ්වාස කළ හැකියි.
අනාගතවක්තෘවරුන්ට පවා සමහර අවස්ථාවලදී ස්වාමින්වහන්සේගේ මාර්ග ගැන ප්‍රශ්න තිබෙනවා. යුදා හි දුෂ්ටකම් බහුලව පැවති කාලයක ජීවත් වූ හබක්කුක්, ඔහුගේ වාර්තාව ආරම්භ කළේ ස්වාමින්වහන්සේගෙන් ප්‍රශ්න අසමින් (බලන්න හබක්කුක් 1:1–4). හබක්කුක්ගේ කනස්සල්ල ඔබ සාරාංශ කරන්නේ කොහොමද? අද දින මිනිසුන් දෙවියන්වහන්සේ ගැන අසන ඒ හා සමාන ප්‍රශ්න මොනවාද? ඔබට කවදා හෝ ඒ හා සමාන හැඟීම් ඇති වී තිබෙනවාද? ඔබට ඔහුගේ ප්‍රශ්න මාර්ක් 4:37–38 සහ දහම සහ ගිවිසුම් 121:1–6 වැනි ශුද්ධලියවිලිවල ඇති අනෙකුත් ප්‍රශ්න සමඟ සංසන්දනය කළ හැකිය.
ස්වාමින්වහන්සේ හබක්කුක්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ යූදාට දඬුවම් කිරීමට කල්දිවරුන් (බැබිලෝනිවරුන්) යවන බව පවසමිනි (බලන්න හබක්කුක් 1:5–11). නමුත් හබක්කුක් තවමත් කලබල වී සිටියේ, “දුෂ්ටයා [බැබිලෝනිය] වඩා ධර්මිෂ්ඨ තැනැත්තා [යුදාව] නාස්තිකරන කල” (බලන්න පද 12–17). ස්වාමින්වහන්සේ නිකන් සිටීම අසාධාරණ බව පෙනුණු නිසයි. ඔබට පිළිතුරු නොමැති ප්‍රශ්න ඇති විට ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට ඔබව පොළඹවන හබක්කුක් 2:1–4 තුළ ඔබ සොයාගන්නා දේවල් මොනවාද? (තවත් බලන්න මාර්ක් 4:39–40; දහම සහ ගිවිසුම් 121:7–8).
God Will Lift Us Up
3 වෙනි පරිච්ඡේදය හබක්කුක්ගේ ප්‍රශංසාව සහ ඇදහිල්ලේ යාච්ඤාවයි. 3 වෙනි පරිච්ඡේදයේ හබක්කුක්ගේ විලාසයෙහි ස්වභාවය 1 වෙනි පරිච්ඡේදයට වඩා වෙනස් වන්නේ කොහොමද? 17–19 පද මෙනෙහි කිරීමට ඔබට උපකාර වන අදහසක් මෙන්න: දෙවියන්වහන්සේ ඔබට දී ඇති ලෞකික සහ අධ්‍යාත්මික ආශිර්වාද ලැයිස්තුවක් සාදන්න. ඉන්පසු ඔබට ලෞකික ආශිර්වාද අහිමි වූ බව සිතන්න. අනිකුත් ආශිර්වාද ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? 17 වෙනි පදයේ විස්තර කර ඇති දුෂ්කරතා වලදී “ස්වාමින්වහන්සේ කෙරෙහි සන්තෝෂ වීම” (18 වෙනි පදය) අපහසු විය හැක්කේ ඇයි? ජීවිතය අසාධාරණ ලෙස පෙනුනත්, දෙවියන්වහන්සේ කෙරෙහි වැඩි ඇදහිල්ලක් වර්ධනය කරගත හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න.
තවත් බලන්න ජෙරිට් ඩබ්ලිව්. ගොන්ග්, “සියල්ල අපගේ යහපත සඳහා,” ලියහෝනා, මැයි 2024, 41–44.
ඉවසිලිවන්ත වෙන්න. සමහර වෙලාවට අපට අපගේ ප්‍රශ්නවලට වහාම පිළිතුරු අවශ්‍ය වෙනවා, නමුත් අධ්‍යාත්මික අවබෝධය සඳහා කාලය ගත වන අතර එයට බල කරන්න බැහැ. ස්වාමින්වහන්සේ හබක්කුක්ට පැවසූ පරිදි, “ඒ ගැන බලාසිටපන්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත” (හබක්කුක් 2:3).
ශෙපනියා
“දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, උන්වහන්සේ සොයාපල්ලා.”
ඔබ ශෙපනියාගේ අනාවැකි කියවන විට, විනාශයට තුඩු දුන් ආකල්ප සහ හැසිරීම් සැලකිල්ලට ගන්න—විශේෂයෙන් බලන්න ශෙපනියා 1:4–6, 12; 2:8, 10, 15; 3:1–4. ඉන්පසුව, දෙවියන්වහන්සේ ආරක්ෂා කරන මිනිසුන්ගේ ලක්ෂණ සොයන්න—බලන්න ශෙපනියා 2:1–3; 3:12–13, 18–19. ඔබට හැඟෙන ලෙස, මෙම පද වලින් ස්වාමින්වහන්සේ ඔබට දී ඇති පණිවිඩය කුමක්ද?
ශෙපනියා 3:14–20
ස්වාමින්වහන්සේ සයොනයෙහි උන්වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීති වන සේක.
ශෙපනියා 3:14–20 කියවීමෙන් පසු, ඔබට මෙම වාක්‍යය සම්පූර්ණ කළ හැකි ආකාර බලන්න: “මුළු සිතින් සන්තෝෂ වී ප්‍රීතිමත්වෙයන්න” මක්නිසාද යත් … ප්‍රීති වීමට මෙම හේතු ගැන දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි? ඔබට මෙම පද 3 නෙපී 17 තුළ විස්තර කර ඇති අත්දැකීම් සමඟ සංසන්දනය කර යේසුස් ක්‍රිස්තුස්වහන්සේට—ඔබත් ඇතුළුව තම සෙනඟ ගැන හැඟෙන්නේ කෙසේදැයි මෙනෙහි කළ හැකිය.
වැඩි විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
මීකා 5:2
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉපදුණේ බෙත්ලෙහෙමේදී ය.
-
බෙත්ලෙහෙමේදී යේසු බිලිඳුන් සොයා ගැනීමට ශාස්ත්‍රවන්තයින්ට උපකාර කළේ මීකාගේ අනාවැකියක් බව ඔබේ දරුවන් නොදන්නවා වෙන්න පුළුවන්. මීකා 5:2 සහ මතෙව් 2:1–6 භාවිතා කරමින්, සමහරවිට ඔබේ දරුවන්ට ඔවුන්ගේ අත්දැකීම් අලුත් කරගන්න පුළුවන්. යේසුස්වහන්සේ ඉපදීමට වසර ගණනාවකට පෙර අනාගතවක්තෘවරුන් ඒ ගැන දැන සිටි තරමට උන්වහන්සේගේ උපත එතරම් වැදගත් වූයේ මන්දැයි ඔබට කතා කළ හැකිය.
ඩැනා වුඩ් විසින්, The Holy Child Is Born [ශුද්ධ වූ දරුවා උපත ලබා ඇත]
නාහුම් 1:7
“ස්වාමින්වහන්සේ යහපත්ය, විපත්ති දවසේදී බලකොටුවක්ය.”
-
නාහුම් 1:7 කියවීමෙන් පසු, ඔබේ දරුවන්ට සරල “බලකොටුවක්” හෝ විශාල බලකොටුවක් ගොඩනඟා ගැනීමට හෝ ඇඳීමට පුළුවන් (මෙම දළ සටහනේ එවැන්නක පින්තූරයක් ඇත). මිනිසුන්ට විශාල බලකොටුවක් අවශ්‍ය විය හැකි හේතු මොනවාද? අපේ දවස “විපත්ති දවසක්” බවට පත් කරන්නේ මොනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට බලකොටුවක් මෙන් වන්නේ කොහොමද?
හබක්කුක් 2:3
දෙවියන්වහන්සේ සැමවිටම උන්වහන්සේගේ පොරොන්දු ඉටු කරනු ඇත.
-
හබක්කුක් 2:3 හඳුන්වා දීමට, ඔබට සහ ඔබේ දරුවන්ට ඉදවීමට අවශ්‍ය පලතුරු හෝ පිළිස්සීමට අවශ්‍ය පිටි ගුලිය වැනි—අපි බලා සිටීමෙන් පසුව පමණක් සිදුවන හොඳ දේවල් ගැන කතා කළ හැකියි. අපි පලතුරු හෝ පිටි ගුලිය නිසි ලෙස සූදානම් වීමට පෙර කන්න උත්සාහ කළහොත් කුමක් සිදුවේද? ඉන්පසු ඔබට ස්වාමින්වහන්සේ ලෝකයේ දුෂ්ටකම නතර කරන්නේ කවදාදැයි දැන ගැනීමට අවශ්‍ය වූ අනාගතවක්තෘ හබක්කුක් ගැන කතා කරන්න පුළුවන්. හබක්කුක් 2:3 තුළ ස්වාමින්වහන්සේගේ පිළිතුර කියවන්න. දෙවියන්වහන්සේ පොරොන්දු වී ඇති දේවල් ගැන සිතීමට ඔබට ඔබේ දරුවන්ට උපකාර කළ හැකියි. එක් එක් උදාහරණය සමඟ, ඔබට එකට එක්ව මෙසේ පැවසිය හැකිය, “ඒ ගැන බලාසිටපන්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත.”
හබක්කුක් 2:14
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ දැනුමෙන් පොළොව පිරවීමට මට උදව් කරන්න පුළුවන්.
-
හබක්කුක් 2:14 නිදර්ශනය කිරීම සඳහා, ඔබට සහ ඔබේ දරුවන්ට යේසුස්වහන්සේ කළ හෝ ඉගැන්වූ දේවල් නියෝජනය කරන පින්තූර හෝ වචනවලින් භාජනයක් හෝ වෙනත් භාජනයක් පුරවා ගත හැකිය. ස්වාමින්වහන්සේ පිළිබඳ දැනුමෙන් ලෝකය පිරවීමට අපට උපකාර කළ හැක්කේ කොහොමද?
-
ඔබට ඔබේ දරුවන්ට ලෝක සිතියමක් පෙන්විය හැකිය. ඔවුන් ජීවත් වන ස්ථානය සහ ඔවුන් දන්නා ධර්මදුතයින් සේවය කළ ස්ථාන සොයා ගැනීමට ඔවුන්ට උදව් කරන්න. ඔබට ශුභාරංචිය බෙදාගැනීම ගැන ගීතයක් එකට එක්ව ගායනා කළ හැකිය. අපිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අනෙක් අයට පැවසිය හැක්කේ මොනවාද?
ශෙපනියා 3:14–20
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේව අනුගමනය කරන අය සමඟ ප්‍රීති වන සේක.
-
ශෙපනියා 3:14–20 හි, ඔබේ දරුවන්ට “ගී කියා, … මුළු සිතින් සන්තෝෂවී ප්‍රීතිමත් වීමට” අවශ්‍ය කරන යමක් සෙවිය හැකියි. සමහරවිට ඔබට ප්‍රීතිමත් ගීතිකා හෝ ගීත කිහිපයක් එකට එක්ව ගායනා කළ හැකි අතර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළ ඔබ සොයා ගන්නා ප්‍රීතිය ගැන කතා කරන්නත් පුළුවන්.
වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.