“දෙසැම්බර් 7–13. ‘ස්වාමින්වහන්සේට ශුද්ධ බව’: හග්ගයි 1–2; සෙකරියා 1–4; 7–14’ එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“දෙසැම්බර් 7–13. ‘ස්වාමින්වහන්සේට ශුද්ධ බව,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
ලයි හවායි දේවමාළිගාව
දෙසැම්බර් 7–13: “ස්වාමින්වහන්සේට ශුද්ධ බව”
හග්ගයි 1–2; සෙකරියා 1–4; 7–14
දශක ගණනාවක වහල්භාවයෙන් පසු, අනාගතවක්තෘවරුන් වන හග්ගයි සහ සෙකරියා ඇතුළු ඉශ්‍රායෙල් සෙනඟ කණ්ඩායමකට නැවත යෙරුසලමට යාමට අවසර ලැබුණා. දේවමාළිගාව විනාශ වෙන්න කලින් තිබුණු ආකාරය මේ කණ්ඩායමේ සමහරුන්ට මතක තිබුණා. එය නැවත කවදා හෝ ස්වාමින්වහන්සේගේ “මේ ගෘහයේ එහි පළමු තේජස ඇතුව” (හග්ගයි 2:3) සමාන වේදැයි කල්පනා කළ අයට, හග්ගයි ස්වාමින්වහන්සේගේ දිරිගැන්වීමේ වචන කථා කළා: “නුඹත් බලවත්ව සිටපන්න; දේශයේ සෙනඟ සියල්ලෙනි, නුඹලාත් බලවත්ව සිට වැඩකරපල්ලායයි ස්වාමින්වහන්සේ කියන සේක. මක්නිසාද මම නුඹලා සමග සිටිමියි, … භය නොවෙල්ලා.” “මේ ගෘහය තේජසින් පුරවන්නෙමියි, … මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමියි” (හග්ගයි 2:4–5, 7, 9).
නමුත් නැවත ගොඩනැඟීම අවශ්‍ය වී තිබුණේ ශුද්ධ වූ දේවමාළිගාව සඳහා පමණක් නොවේ. බොහෝ ආකාරවලින්, දෙවියන්වහන්සේගේ සෙනඟ ආත්මිකව නටඹුන් වී සිටියා. ඒවගේම ශුද්ධ වූ සෙනඟක් නැවත ගොඩනැඟීම සඳහා, ශුද්ධ වූ ගෘහයක් තැනීම සඳහා ගල් කැපීමට හා ස්ථානගත කිරීමට වඩා වැඩි යමක් කිරීමට අවශ්‍ය වෙනවා. එහි තේරුම “ස්වාමින්වහන්සේට ශුද්ධ බව” යන පිළිගැන්වීමේ වාක්‍යය කැටයම් කළ යුත්තේ දේවමාළිගාවේ බිත්තියේ පමණක් නොව, “අශ්වයන්ගේ මිණිගෙඩිවල” සහ “යෙරුසලමෙහි තිබෙන සැළි සියල්ලෙහි” (සෙකරියා 14:20–21) එසේ කළ යුතුමයි. ඒවා සෑම හදවතකම කැටයම් කළ යුතුමයි.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
හග්ගයි 1; 2:1–9
“නුඹලාගේ මාර්ග සිතට ගනිල්ලා.”
යෙරුසලම නැවත ගොඩනැඟීම සඳහා බොහෝ වැදගත් දේවල් කිරීමට සිදු වුණා. නමුත් ඉශ්‍රායෙල් සෙනඟ නැවත පැමිණ වසර 15ක් පමණ ගත වූ පසු, දේවමාළිගාව නැවත ගොඩනැඟීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා නොදීම ගැන ස්වාමින්වහන්සේ සතුටට පත්වුණේ නෑ (බලන්න හග්ගයි 1:2–5; තවත් බලන්න එස්රා 4:24). ඔබ හග්ගයි 1; 2:1–9, කියවන විට මෙවැනි ප්‍රශ්න සලකා බලන්න:
-
දේවමාළිගාව නිම නොකළ නිසා ඉශ්‍රායෙල් සෙනඟ මුහුණ දුන් ප්‍රතිවිපාක මොනවාද?
-
ඔවුන් උන්වහන්සේගේ ගෘහය ගොඩනඟා අවසන් කළහොත් ස්වාමින්වහන්සේ ඔවුන්ට ලබාදෙන්නට පොරොන්දු වූ ආශිර්වාද මොනවාද?
-
හග්ගයි 1:5–7 තුළින් ඔබට ලැබෙන ස්වාමින්වහන්සේගේ පණිවිඩය කුමක්ද? ඔබ ඔබේ ප්‍රමුඛතා ස්වාමින්වහන්සේ සමඟ පෙළගස්වා ගන්නේ කොහොමද? ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේට මුල් තැන දීම නිසා ඔබ ආශිර්වාද ලබා ඇත්තේ කෙසේද?
මුල් පසුදවස්වල ශුද්ධවන්තයින් හග්ගයිගේ කාලයේ ඉශ්‍රායෙල් සෙනඟට සමාන තත්වයකට මුහුණ දුන්නා (බලන්න දහම සහ ගිවිසුම් 95). දේවමාළිගා ගැන ස්වාමින්වහන්සේගේ හැඟීම් ගැන මෙම උදාහරණ දෙකෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?
තවත් බලන්න ඩේල් ජී. රෙන්ලන්ඩ්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිධානයයි,” ලියහෝනා, නොවැ . 2023, 96–99; ටෙරන්ස් එම්. වින්සන්, “ගැලවුම්කරුවාණන්ගේ සැබෑ අනුගාමිකයන්,” ලියහෝනා, නොවැ . 2019, 9–11.
Provo City Center Temple Completed
සෙකරියා 1–3; 7–8; 14
ස්වාමින්වහන්සේට මා ශුද්ධවන්ත කළ හැකිය.
ඔබේ මතය අනුව, සෙකරියා 14:20 තුළ සඳහන් වන පරිදි එදිනෙදා භාණ්ඩ මත “ස්වාමින්වහන්සේට ශුද්ධ බව” කැටයම් කර තිබීමේ වටිනාකම කුමක්ද? (තවත් බලන්න නික්මයාම 28:36–38). අද දේවමාළිගාවල එය කැටයම් කර තිබීමේ වටිනාකම කුමක්ද? මෙම වැකියෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? ඔබ ශුද්ධකම ඔබේ දෛනික ජීවිතයේ කොටසක් කරගන්නේ කෙසේද? සෙකරියා 1:1–6; 3:1–7; 7:8–10; 8:16–17 තුළ තව තවත් ශුද්ධ වීමට ස්වාමින්වහන්සේගේ සෙනඟට කරන ආරාධනා ගැන ඔබ කියවන විට මෙම ප්‍රශ්න ගැන මෙනෙහි කරන්න
අපි සියල්ලෝම ස්වාමින්වහන්සේ සමඟ ශුද්ධව වාසය කරන අනාගත දිනක ජීවිතය කෙබඳු වේදැයි ඉගෙන ගැනීමට ඔබට සෙකරියා 2:10–11; 8:1–8; 14:9–11, 20–21 කියවන්නත් පුළුවන් යෙරුසලමේ අනාගතය ගැන සෙකරියාගේ දර්ශනය ගැන ඔබේ සිත් ගත්තේ කුමක්ද? මෙහි ඔබ සොයා ගත් ඔබ ඔබේ ප්‍රජාව තුළ ඔබ දැකීමට කැමති දේවල් මොනවාද? සෙකරියා විස්තර කළ තත්වයන් තුළ ජීවත් වීමට ඔබට සූදානම් විය හැක්කේ කෙසේද?
“බලව, නුඹේ රජ නුඹ වෙතට එන සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක” (සෙකරියා 9:9). හැරී ඇන්ඩර්සන් විසින්, Triumphal Entry, [ජයග්‍රාහී ප්‍රවේශය]
සෙකරියා 9:9–11; 11:12–13; 12:10; 13:6–7; 14:1–9
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු පොරොන්දු වූ මෙසියස්වහන්සේය.
සෙකරියාගේ ලේඛන කිහිපයක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පොළොවේ දේවසේවය සහ අවසානයේ සිදුවන උන්වහන්සේගේ දෙවන පැමිණීම යන දෙකම පෙන්වා දෙනවා. පහත දැක්වෙන්නේ සෙකරියාගේ අනාවැකි කිහිපයක් සහ ඒවායේ ඉටුවීම පිළිබඳ ශුද්ධලියවිලි පදයි. ඔබ මෙම පද අධ්‍යයනය කරන විට, ඔබෙන්ම මෙසේ අසන්න: ගැලවුම්කරුවාණන් ගැන මෙයින් මට උගන්වන්නේ කුමක්ද?
-
සෙකරියා 9:9–11 (බලන්න මතෙව් 21:1–11; 1 පේත්‍රැස් 3:18–19)
-
සෙකරියා 11:12–13 (බලන්න මතෙව් 26:14–16; 27:1–7)
-
සෙකරියා 12:10 (බලන්න යොහන් 19:37; එළිදරව්ව 1:7)
-
සෙකරියා 13:6–7; 14:1–9 (බලන්න මතෙව් 26:31; දහම සහ ගිවිසුම් 45:47–53)
ඔබ සිතන ආකාරයට සෙකරියා 9:9–11 තුළ විස්තර කර ඇති පරිදි යෙරුසලමට යේසුස්වහන්සේව පිළිගන්නා මිනිසුන් අතර සිටීම කෙබඳු විය හැකිද? ඔබ ඔබේ ජීවිතයට, ඔබේ නිවෙස්වලට සහ ඔබේ ප්‍රජාවට උන්වහන්සේව පිළිගන්නේ කෙසේද?
තවත් බලන්න රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, “මහෝත්තම වූ දෙවිඳුන්ට හෝසන්නා,” ලියහෝනා, මැයි 2023, 108–12.
The Lord's Triumphal Entry into Jerusalem
වැඩි විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
හග්ගයි 1:2–8
“නුඹලාගේ මාර්ග සිතට ගනිල්ලා.”
-
ඔබ ඔබේ දරුවන් සමඟ හග්ගයි 1:2–5 තුළ ඇති කොටස් කියවන විට, ස්වාමින්වහන්සේ ඒ සෙනඟ ගැන සතුටු නොවූයේ මන්දැයි සොයා බැලීමට ඔවුන්ට උපකාර කරන්න. සමහර විට ඔබේ දරුවන්ට 6 වෙනි පදයෙන් වාක්‍ය ඛණ්ඩයක් තෝරාගෙන එහි පින්තූරයක් ඇඳිය හැකිය. ඔවුන්ට එය එකිනෙකාට පෙන්විය හැකි අතර එක් එක් චිත්‍රය නියෝජනය කරන්නේ කුමන වාක්‍ය ඛණ්ඩයක්දැයි අනුමාන කළ හැකිය. ස්වාමින්වහන්සේට අවශ්‍ය දේ හැරෙන්නට වෙනත් දේ සඳහා අප කාලය ගත කරන විට, එය අනුභව කළත් තෘප්තිමත් නොවීම වගේ වෙන්නේ කෙසේද? ස්වාමින්වහන්සේට වැදගත් වන දේවල් සඳහා ඔබට කාලය ගත කළ හැකි ආකාරය ගැන ඔබට එකිනෙකා සමඟ කතා කරන්න පුළුවන්.
-
ඔබට 8 වෙනි පදය ඔබේ දරුවන්ට කියවා “ කඳු රටට නැගී ගොස්,” “ලී ගෙනවුත්,” සහ “[ස්වාමින්වහන්සේගේ] ගෘහය ගොඩනැගීම” ලෙස රඟ දැක්වීමට ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකියි. ස්වාමින්වහන්සේ ඔවුන්ගෙන් කිරීමට ඉල්ලා ඇති දේවල් ද ඇතුළත් කර ඔබේ දරුවන්ට ඔවුන් සාමාන්‍ය දිනයක කරන දේවල් ලැයිස්තුවක් සාදා ගත හැකිය. ඔවුන්ගේ ලැයිස්තුවේ ඇති වැදගත්ම දේ ලෙස ස්වාමින්වහන්සේ පැවසිය හැකි දේ රවුම් කිරීමෙන් “[ඔවුන්ගේ] මාර්ග සිතට ගන්නට” කියා ඔබේ දරුවන්ට කියන්න.
නිවස කේන්ද්‍ර කරගත් ඉගැන්වීම. සභාපති රසල් එම්. නෙල්සන් උගන්වා ඇත්තේ නිවස “ශුභාරංචි ඉගෙනීමේ මධ්‍යස්ථානය” විය යුතු බවයි (“ආදර්ශමත් පසුදවස් වල ශුද්ධවන්තයන් බවට පත්වීම,” ලියහෝනා, 2018 නොවැම්බර්, 113). ඔබේ පවුල “නුඹලාගේ මාර්ග සිතට ගනිල්ලා” යන හග්ගයිගේ උපදෙස අධ්‍යයනය කරන විට, ඔබේ පවුල් ජීවිතයේදී දෙවියන්වහන්සේට මුල් තැන දෙන ආකාරය ගැන ඔබට කතා කළ හැකිය.
සෙකරියා 3:1–7
ගිවිසුම් ඇති කර ගැනීම සහ ඒවා පවත්වා ගැනීම මට ස්වර්ගීය පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට උදව් වේ.
-
දර්ශනයකින්, සෙකරියා “කිලුටු වස්ත්‍ර ඇඳගන” සිටි උත්තම පූජකයෙකු දුටුවා (සෙකරියා 3:3). දේවදූතයෙක් ඔහුට පිරිසිඳු ඇඳුම් දුන්නා. එකට එක්ව සෙකරියා 3:1–7 කියවීමෙන් සහ අපිරිසිඳු ඇඳුම් සහ පිරිසිඳු ඇඳුම්වලින් නියෝජනය වන දේ ගැන කතා කිරීමෙන් ඔබේ දරුවන්ට වැදගත් සත්‍යයන් සොයා ගැනීමට ඔබට උපකාර කළ හැකිය. අප බව්තීස්ම වූ පසුව පවා අපි අපගේ පාපවලින් පවිත්‍ර වන්නේ කෙසේද? අපගේ බව්තීස්ම ගිවිසුම අපට “[ස්වාමින්වහන්සේගේ] මාර්ගවල ගමන් කිරීමට” උපකාර කරන්නේ කෙසේද?
-
ඔබට සහ ඔබේ දරුවන්ට මෙම දළ සටහනේ තිබෙන ආකාරයට බව්තීස්මයේ පින්තූරයක් දෙස බැලිය හැකිය. බව්තීස්මයේදී අපි සුදු අඳින්නේ ඇයි? ඔබට බව්තීස්මය ගැන ගීතයක් ගායනා කළ හැකිය.
සෙකරියා 9:9–11; 11:12; 13:6–7
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු පොරොන්දු වූ මෙසියස්වහන්සේය.
-
යේසුස්වහන්සේ තම ලෞකික ජීවිතයේ අවසාන සතියේදී යෙරුසලමට පැමිණිම ගැන සෙකරියා 9:9 තුළ පුරෝකථනය කර ඇති සිදුවීම සිතින් මවා ගැනීමට ඔබේ දරුවන් කැමති විය හැකිය. මෙයට උදවු කිරීම සඳහා, මෙම දළ සටහනේ ඇති පින්තූරය වැනි සිද්ධියේ පින්තූරයක් ඔවුන්ට පෙන්වන්න. පින්තූරවල “බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන” පුද්ගලයන්ව ඔබේ දරුවන්ට පෙන්වා දිය හැකිය. සෙකරියා 9:9 තුළ රජු කවුද? අපි උන්වහන්සේ වෙනුවෙන් ස්තූතිවන්ත විය යුතු වන්නේ ඇයි?
1:35Chapter 44: The Savior Goes to Jerusalem
-
ඒවායේ ඉටුවීම විස්තර කරමින් සෙකරියාගේ අනාවැකි සමඟ අලුත් ගිවිසුමේ පද සංසන්දනය කිරීමට ඔබේ දරුවන්ට උපකාර කිරීම ගැන සලකා බලන්න. මෙන්න උදාහරණ කිහිපයක්: සෙකරියා 9:9 සහ මතෙව් 21:5–9; සෙකරියා 9:11 සහ 1 පේත්‍රැස් 3:18–19; සෙකරියා 11:12 සහ මතෙව් 26:14–16; සෙකරියා 13:7 සහ මතෙව් 26:31. මෙම පදවලින් ගැලවුම්කරුවාණන් ගැන අපි ඉගෙන ගන්නේ මොනවාද?
වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.