“නොවැම්බර් 9–15. ‘ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැත’: දානියෙල් 1–7,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“නොවැම්බර් 9–15. ‘ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැත,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
ග්‍රාන්ට් රොම්නි ක්ලෝසන් විසින්, Daniel Interprets Nebuchadnezzar’s Dream [දානියෙල් නෙබුකද්නෙශර්ගේ සිහිනය අර්ථකථනය කරයි]
නොවැම්බර් 9–15: “ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැත”
දානියෙල් 1–7
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල නිසා කිසිවෙක් ඔබව ගිනි උදුනකට හෝ සිංහ ගුහාවකට දමන බවට තර්ජනය කරන එකක් නැහැ. නමුත් අප කිසිවෙකු ඇදහිල්ලේ පරීක්ෂාවකින් තොරව මේ ජීවිතය ගත කරන්නේ නැහැ. ඒ නිසා බලගතු බැබිලෝනියානු අධිරාජ්‍යය විසින් යෞවනයන් ලෙස වහල්භාවයට ගෙන ගිය දානියෙල්, ෂද්‍රක්, මේෂක් සහ අබේද්–නෙගෝ වැනි අයගේ ආදර්ශවලින් අපට ප්‍රයෝජන ගත හැකියි (බලන්න 2 රාජාවලිය 24:10–16). විවිධ වටිනාකම් සහිත නුහුරු සංස්කෘතියකින් වට වී සිටි ඔවුන් තම විශ්වාසයන් සහ දැහැමි සම්ප්‍රදායන් අත්හැරීමට මහත් පෙළඹවීම්වලට මුහුණ දෙනු ලැබුවා. එහෙත් ඔවුන් ඔවුන්ගේ ගිවිසුම්වලට එකඟව සිටියා. ඔවුන් එය කළේ කොහොමද? කුඩා හා සරල දේවල් කිරීමෙන්—යාච්ඤා කිරීම, නිරාහාරව සිටීම, හොඳ මිතුරන් තෝරා ගැනීම, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම සහ අන් අයට ආලෝකයක් වීම වැනි දේ කිරීමට දෙවියන්වහන්සේ අප සැමගෙන් ඉල්ලා සිටිනවා. ඊජිප්තුවේ යෝසෙප් සහ පර්සියාවේ එස්තර් මෙන්, දානියෙල් සහ බැබිලෝනියේ ඔහුගේ මිතුරන් දෙවියන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල තබා ගත් අතර, දෙවියන්වහන්සේ අද දක්වාම ඇදහිලිවන්තයන්ව දිරිගන්වන හාස්කම් සිදු කරනවා.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
දානියෙල් 1; 3; 6
මගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක්වන විට මට ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.
එක් විදිහකින්, අපි හැමෝම ජීවත් වෙන්නේ බැබිලෝනියේ. අපගේ ප්‍රමිතීන් පාවාදීමට සහ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඉවත් කිරීමට අප බොහෝ විට පරීක්ෂාවන්ට මුහුණ දෙනවා. ඔබ දානියෙල් 1, 3, සහ 6, කියවන විට, වැරදි බව දැන සිටියත් ඒ දේවල් කිරීමට දානියෙල්, ෂද්‍රක්, මේෂක් සහ අබේද්–නෙගෝට බලපෑම් එල්ල වූ ආකාරය සැලකිල්ලට ගන්න. මෙම තත්වයන්ට ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? (බලන්න දානියෙල් 1:10–13; 3:15–18; 6:10). ඔවුන්ගේ ඇදහිල්ලේ ප්‍රතිඵල මොනවාද? ඔබ මෙම අත්දැකීම් වලින් ඉගෙනගන්නා, ඔබ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විට ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට උපකාර වන දේවල් මොනවාද? පහත ප්‍රශ්න ද සලකා බලන්න:
-
ඔබ වැරදි බව දන්නා දෙයක් කිරීමට ඔබට පීඩනයක් දැනී ඇත්තේ කවදාද? උන්වහන්සේගේ ආඥා පිළිපැදීම නිසා ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කළේ කෙසේද?
-
ඔබේ ඇදහිල්ල ඔබ සොයන ආශ්චර්යයන් කරා ඔබව ගෙන නොයන්නේ නම් කුමක් කළ යුතුද? (උදාහරණයක් ලෙස, බලන්න ඇල්මා 14:8–13). දානියෙල් 3:13–18 තුළ ඔබ කියවූ දේ මත පදනම්ව, ඔබ සිතන ආකාරයට ෂද්‍රක්, මේෂක් සහ අබේද්–නෙගෝ මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද? ඔබ ඔබේ පරීක්ෂාවන් වෙත ළඟා වන ආකාරයට ඔවුන්ගේ ආදර්ශය බලපෑ හැක්කේ කෙසේද?
-
ඔබේ ධර්මිෂ්ඨ තේරීම් අන් අයව ස්වාමින්වහන්සේ කෙරෙහි වැඩි ඇදහිල්ලකට ගෙන යා හැක්කේ කෙසේද? (බලන්න දානියෙල් 2:47; 3:28–29). ඔබේ තේරීම් අන් අයට ඇති කළ හැකි බලපෑම් ගැන මෙනෙහි කරන්න.
සෑම කෙනෙකුවම සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන්න. ගැලවුම්කරුවාණන් “සියල්ලන්ටම තමා වෙතට පැමිණ උන්වහන්සේගේ යහපත්කමට පංගුකාර වන ලෙස ආරාධනා කරන සේක” (2 නෙපී 26:33). ඔබ ඔබේ පවුලට හෝ පන්තියකට උගන්වන්නේ නම්, ඔබට සෑම කෙනෙකුටම යම් ආකාරයකින් සහභාගී වීමට අවස්ථාවක් ලබා දිය හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න. උදාහරණයක් වශයෙන්, ඔබට එක් එක් පුද්ගලයාට ශුද්ධලියවිල්ලේ ඡේදයක්, සම්මන්ත්‍රණ පණිවිඩයක කොටසක් හෝ ගීතිකාවක පදයක් මෙනෙහි කිරීමට සහ අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙන්න පුළුවන්. සහභාගී වීමට කිසිවෙකුට බලපෑම් කරන්න එපා, නමුත් ඔවුන්ට අවස්ථා ලබා දෙන්න.
විලියම් මෝගන් විසින්, Shadrach, Meshach, and Abednego in the Fiery Furnace [ගිනි උදුන තුළ සිටින ෂද්‍රාක්, මේෂාක් සහ අබේද්–නෙගෝ]
දානියෙල් 2
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව යනු පොළොවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයයි.
නෙබුකද්නෙශර්ගේ සිහිනය අනාගත ලෞකික රාජ්‍යයන් මෙන්ම “කිසිදා විනාශ නොවන” දෙවියන්වහන්සේගේ අනාගත රාජ්‍යය ගැන පුරෝකථනය කළ බව එළිදරව්වක් තුළින් දානියෙල් දුටුවා (දානියෙල් 2:44). “සභාව යනු අනාවැකි පළ කළ පසුදවස්වල රාජ්‍යය වේ,” වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් මෙසේ ඉගැන්නුවා, “මිනිසා විසින් මවන ලද නොව, ස්වර්ගයේ දෙවියන්වහන්සේ විසින් පිහිටුවන ලද අතර, පොළොවේ පිරවීම සඳහා අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැළවී යයි” (“Why the Church,” Liahona, Nov. 2015, 111). ඔබ දානියෙල් 2:34–35, 44–45 තුළ එම ගල පිළිබඳ විස්තර කියවන විට දෙවියන්වහන්සේගේ පසුදවස්වල රාජ්‍යය ගැන සිතන්න. මෙම අනාවැකිය ඉටු වීමට උපකාර කිරීමේ ඔබේ කාර්යභාරය කුමක්ද?
God Gave Them Knowledge
දානියෙල් 2:1–30
එළිදරව් ලැබීම සඳහා අධ්‍යාත්මික සූදානමක් අවශ්‍ය වේ.
ඔබ දානියෙල් 2:1–15 සමාලෝචනය කරන විට, ඔබ දානියෙල්ගේ තත්වයට පත්වුවහොත් ඔබට හැඟෙන්නේ කෙසේදැයි සලකා බලන්න. දානියෙල් කළේ කුමක්ද? (බලන්න දානියෙල් 2:16–18). දෙවියන්වහන්සේ දානියෙල්ව සූදානම් කළ ආකාරය ගැන දානියෙල් 1:17 තුළින් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද? දානියෙල්ට ස්වාමින්වහන්සේගේ උපකාරය ලැබුණු පසු, ඔහු පැවසූ වචනවලින් සහ ක්‍රියාවලින් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද? (බලන්න දානියෙල් 2:19–30).
දානියෙල් 7:13–14
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාකාලික පියාණන්වහන්සේගේ පුත්‍රයාණන්ය.
ගැලවුම්කරුවාණන්ගේ පොළොවේ දේවසේවය අතරතුර, බොහෝ යුදෙව්වන් දානියෙල් 7:13 තුළ ඇති “මනුෂ්‍ය පුත්‍රයා” යන නාමය, පැමිණෙන මෙසියස්වහන්සේව හැඳින්වීමට භාවිතා කළා. දානියෙල් 7:13–14 තුළ මෙසියස්වහන්සේ ගැන ඔබ ඉගෙනගන්නේ කුමක්ද? (තවත් බලන්න මෝසෙස් 6:57).
ගැලවුම්කරුවාණන් බොහෝ විට තමාව හැඳින්වූයේ “මනුෂ්‍ය පුත්‍රයා” යනුවෙන්. උදාහරණ කිහිපයක් සමාලෝචනය කිරීම ගැන සලකා බලන්න: මතෙව් 25:31; මාර්ක් 9:31; 10:45. මෙම පද වලින් උන්වහන්සේ තමන්වහන්සේ ගැන උගන්වන්නේ කුමක්ද? මාර්ක් 14:61–64 තුළ, යේසුස්වහන්සේ මෙම නාමය භාවිතා කළේ උන්වහන්සේගේ ලෞකික ජීවිතයේ අවසාන දවසේදීය. උන්වහන්සේගේ ප්‍රකාශය ඇසූ මිනිසුන්ගේ ප්‍රතිචාරය සැලකිල්ලට ගන්න. මනුෂ්‍ය පුත්‍රයා පිළිබඳ දානියෙල්ගේ අනාවැකිය මාර්ක් 15 තුළ ඔහුට සිදු වූ දේ පිළිබඳ ඔබේ හැඟීම්වලට බලපාන්නේ කෙසේද?
යේසුස්වහන්සේ “මනුෂ්‍ය පුත්‍රයා” බව ප්‍රකාශ කිරීම නිසා වෛරයට පාත්‍ර වූවා සේම, සත්‍යය ප්‍රකාශ කිරීම නිසා ඔබටත් පීඩාවලට මුහුණ දීමට සිදු වෙන්න පුළුවන්. දානියෙල් 7:13–14 තුළ ඇති අනාවැකිය දහම සහ ගිවිසුම් 121:29, 46 තුළ ඇති පොරොන්දු සමඟ සසඳන්න.
තවත් බලන්න, දහම සහ ගිවිසුම් 49:6.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
දානියෙල් 1; 3; 6
දුෂ්කර අවස්ථාවලදී පවා පවා හරි දේ කිරීමට යේසුස්වහන්සේ මට උපකාර කරනු ඇත.
-
දානියෙල් පොතේ ඇති ආශ්වාදජනක කථාවලින් ඔබේ දරුවන්ට ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා, ඔබට දානියෙල් 1, 3, සහ 6 තුළ සිදුවීම්වල පින්තූර සොයාගත හැකියි. ඉන්පසු ඔබට එම පින්තූර වල මුහුණත පහළට සිටින සේ තබා එකක් පෙරළා එය නියෝජනය කරන කතාව ගැන කතා කිරීමට දරුවෙකුට ආරාධනා කළ හැකියි.
1:39Daniel and His Friends
1:39Shadrach, Meshach, and Abed-nego
1:45Daniel and the Lions’ Den
-
දානියෙල් සහ ඔහුගේ මිතුරන් දානියෙල් 1, 3, සහ 6 දී මෙන්, වැරදි තේරීමක් කිරීමට ඔවුන්ට බලපෑම් ඇතිවිය හැකි අවස්ථා ගැන සිතීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. දුෂ්කර වූ විට පවා නිවැරදි තේරීම කිරීම නිසා ඔබ ආශිර්වාද ලැබූ ආකාරය එකිනෙකා සමඟ බෙදා ගන්න. ඔබට මෙම මාතෘකාවට අදාළ ගීතයක් එකට එක්ව ගායනා කළ හැකියි.
ප්‍රඥාවේ වචනය විශ්වාස කිරීම
දානියෙල් 1:1–17
ස්වර්ගීය පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ මම මගේ ශරීරය රැකබලා ගන්නවාටයි.
-
දානියෙල් සහ ඔහුගේ මිතුරන් රජුගේ මස් සහ වයින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ කතාව කියවීමෙන් ස්වර්ගීය පියාණන්වහන්සේ අද අපට ලබා දී ඇති සෞඛ්‍ය නීතිය පිළිබඳ සංවාදයක් ඇතිකරගන්න පුළුවන් (බලන්න දහම සහ ගිවිසුම් 89). සමහරවිට ඔබට දානියෙල්ට සහ ඔහුගේ මිතුරන්ට ලැබුණු ආශිර්වාද සොයා බලා ඒවා ප්‍රඥාවේ වචනයේ පොරොන්දු වී ඇති ආශිර්වාද සමඟ සසඳන්න පුළුවන් (බලන්න දානියෙල් 1:15–17 සහ දහම සහ ගිවිසුම් 89:18–21).
දානියෙල් 2
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව යනු පොළොවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයයි.
-
ඔබ ඔබේ දරුවන් සමඟ දානියෙල් 2:31–35, 44–45 කියවන විට, ඔබට නෙබුකද්නෙශර්ගේ සිහිනයේ පින්තූරයක් අඳින්න ඔවුන්ට ආරාධනා කළ හැකියි. සිහිනයේ ඇති ගල යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව නියෝජනය කරන බව තේරුම් ගැනීමට ඔවුන්ට උදව් කරන්න. මෙම සිහිනයෙන් සභාව ගැන අප ඉගෙන ගන්නේ කුමක්ද? උන්වහන්සේගේ පසුදවස්වල සභාව පිහිටුවීමට ස්වර්ගීය පියාණන්වහන්සේ කළ සමහර දේවල් ඔබේ දරුවන්ට නම් කළ හැකිය. ඔවුන්ට උපකාර අවශ්‍ය නම්, ඔබට සභාවේ නැවත පිහිටුවීමේ සිදුවීම්වල පින්තූර පෙන්විය හැකියි.
දානියෙල් 6
ස්වර්ගීය පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ මා නිතර යාච්ඤා කිරීමයි.
-
ස්වර්ගීය පියාණන්වහන්සේට යාච්ඤා කිරීම දානියෙල්ට එතරම් වැදගත් වූයේ ඇයි? ඔබ එකට එක්ව දානියෙල් 6 කියවන විට ඔබට සහ ඔබේ දරුවන්ට එම ප්‍රශ්නය ගැන කතා කළ හැකියි. පසුව ඔබට යාච්ඤා කිරීම වැදගත් වන්නේ ඇයිදැයි එකිනෙකාට පැවසිය හැකියි. ඔබේ දරුවන් විවිධ අවස්ථාවන්හිදී ඔවුන් යාච්ඤා කරන පින්තූර ඇඳීමට කැමති වෙන්න පුළුවන්. අප කොතැනක සිටියත් අපට අවශ්‍ය දේ කුමක් වුවත් අපට ස්වර්ගීය පියාණන්වහන්සේට යාච්ඤා කළ හැකි බව එකිනෙකාට ඉගැන්වීමට ඔවුන්ගේ පින්තූර භාවිතා කරන්න ඔබට පුළුවන්.
වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.