එන්න, මා අනුගමනය කරන්න
ඔක්තෝම්බර් 26–නොවැම්බර් 1 “මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි”: යෙරමියා 31–33; 36–39; විලාප ගී 1; 3


“ඔක්තෝම්බර් 26–නොවැම්බර් 1 ‘මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි’: යෙරමියා 31–33; 36–39; විලාප ගී 1; 3,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“ඔක්තෝම්බර් 26–නොවැම්බර් 1 ‘මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026

යෙරමියා ඔහුගේ අත මත හිස තබාගෙන සිටියි

රෙම්බ්‍රන්ඩ් වැන් රිජන් විසින්, Jeremiah Lamenting the Destruction of Jerusalem [යෙරුසලමේ විනාශය ගැන ශෝක වන යෙරමියා]

ඔක්තෝම්බර් 26–නොවැම්බර් 1: “මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි”

යෙරමියා 31–33; 36–39; විලාප ගී 13

ස්වාමින්වහන්සේ මුලින්ම යෙරෙමියාව අනාගතවක්තෘවරයෙකු වීමට කැඳවූ විට, උන්වහන්සේ ඔහුට පැවසුවේ ඔහුගේ මෙහෙවර “උදුරන්ට හා කඩාදමන්ටත්” (යෙරමියා 1:10) බවයි—ඒවගේම යෙරුසලමේ, උදුරන්ට හා කඩාදමන්ටත් බොහෝ දුෂ්ටකම් තිබුණා. නමුත් මෙය යෙරෙමියාගේ මෙහෙවරේ කොටසක් පමණයි—ඔහුව “ගොඩනගන්ට හා සිටුවන්ටත්” කැඳව තිබුණා (යෙරමියා 1:10). ගිවිසුම් සෙනඟගේ කැරැල්ලෙන් ඉතිරි වූ පාළු නටඹුන් තුළ ගොඩනැගිය හැක්කේ හෝ සිටුවිය හැක්කේ මොනවාද? වෙනත් ආකාරයකින් ඇසුවොත්, පාපය හෝ විපත්තිය අපගේ ජීවිත විනාශ කර දැමූ විට, අපි නැවත ගොඩනගා, නැවත සිටුවන්නේ කොහොමද? එයට පිළිතුර පොරොන්දු වූ මෙසියස්වහන්සේ වන “ධර්මිෂ්ඨකමේ පැලෑටිය,”(යෙරමියා 33:15) තුළ තිබෙනවා. උන්වහන්සේ ළැදියාවේ බාහිර පෙනුමට වඩා වැඩි යමක් අවශ්‍ය කරන—“අලුත් ගිවිසුමක්” ගෙන එනවා (යෙරමියා 31:31). උන්වහන්සේගේ ව්‍යවස්ථාව “[අපගේ] අභ්‍යන්තර කොටස්වල” “[අපගේ] හදවත් තුළ” තිබිය යුතුයි. ස්වාමින්වහන්සේ “[අපගේ] දෙවියන්වහන්සේ” වීම සහ අප “[උන්වහන්සේගේ] සෙනඟ වීම” (යෙරමියා 31:33) යන්නෙන් අදහස් කරන්නේ එයයි. එය ජීවිත කාලය පුරාවටම සිදුවන ක්‍රියාවලියක් වන අතර, අප තවමත් විටින් විට වැලපීමට හේතුවන වැරදි සිදු කරනවා. නමුත් අප එසේ කරන විට, “මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි”(යෙරමියා 31:13) කියා ස්වාමින්වහන්සේ පොරොන්දු වෙනවා.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

යෙරමියා 3133

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ගිවිසුම් සෙනඟ වහල්භාවයෙන් පිටතට ගෙන එනු ඇත.

යෙරමියා 3133 තුළ ඉශ්‍රායෙල් සෙනඟ වහල්භාවයේ අත්දකින්නට ඇති “වැලපීමද දුක්ඛිත ඇඬීමද” (යෙරමියා 31:15) ස්වාමින්වහන්සේ පිළිගත්තා. කෙසේවෙතත්, උන්වහන්සේ සැනසිල්ලේ සහ බලාපොරොත්තුවේ වචනද ඉදිරිපත් කළා. ඔබ මෙම පරිච්ඡේද කියවන විට ඒවා සොයන්න. ඔබ සිතන ආකාරයට ඔබට අදාළ වන පොරොන්දු මොනවාද?

යෙරමියා 31:31–34; 32:37–42.

සෙමනේරි නිරූපකය
“ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.”

ඉශ්‍රායෙල් සෙනඟ ඔවුන්ගේ ගිවිසුම් කඩ කර තිබුණද, ස්වාමින්වහන්සේ නැවතත් ඔවුන් සමඟ “නව” සහ “සදාකාලික ගිවිසුමක්” පිහිටුවන බව යෙරමියා අනාවැකි පළ කළා (යෙරමියා ; 32:40). ඒ ගිවිසුම කුමක්ද?

ඔබ යෙරමියා 31:31–34; 32:37–42, කියවන විට පහත ඒවා මෙනෙහි කරන්න:

  • දෙවියන්වහන්සේගේ ගිවිසුම් සෙනඟගේ කොටසක් වීම ඔබ අදහස් කරන්නේ කෙසේද.

  • උන්වහන්සේගේ නීතිය ඔබේ හදවතේ ලියා තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද.

  • ඔබ උන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගන්නා විට ස්වාමින්වහන්සේ පොරොන්දු වන්නේ කුමක්ද.

  • ස්වාමින්වහන්සේ සමඟ ඔබේ ගිවිසුම් සම්බන්ධතාවය ඔබව වෙනස් කරන්නේ කෙසේද.

ඔබ පූජනීය නියෝග වලට සහභාගී වන විට ඔබ දෙවියන්වහන්සේට දී ඇති පොරොන්දු මොනවාද. උන්වහන්සේ ඔබට දුන් පොරොන්දු ඉටු කරන්නේ කෙසේද?

තවත් බලන්න ඩේවිඩ් ඒ. බෙඩ්නර්, ““තවද නුඹ මා තුළත්, මා නුඹ තුළත් වාසය කරන්නෙහිය; එමනිසා මා සමඟ ගමන් කරපන්න”,” ලියහෝනා, මැයි 2023, 123–26.

යෙරමියා 36

මාව නපුරෙන් ඈත් කිරීමට ශුද්ධලියවිලි වලට බලය ඇත.

යෙරමියා 36:2–3 ට අනුව, ස්වාමින්වහන්සේ යෙරමියාට තම අනාවැකි සටහන් කරන ලෙස ආඥා කළේ ඇයි? ඔබ යෙරමියා 36 කියවන විට, මෙම අනාවැකි ගැන පහත සඳහන් පුද්ගලයන්ට හැඟුණු ආකාරය සැලකිල්ලට ගන්න:

  • ස්වාමින්වහන්සේ (බලන්න 1–3, 27–31 පද)

  • යෙරමියා (බලන්න 4–7, 32 පද)

  • බාරුක් (බලන්න 4, 8–10, 14–18 පද)

  • යෙහූදී සහ රජවූ යෙහෝයාකීම් (බලන්න 20–26 පද)

  • එල්නාතාන් දෙලායා සහ ගෙමරියා (බලන්න 25 වෙනි පදය)

ශුද්ධලියවිලි ගැන ඔබට හැඟෙන ආකාරය ගැන මෙනෙහි කරන්න. නපුරෙන් ඉවත් වීමට ඒවා ඔබට උදව් කළේ කෙසේද?

යෙරමියා 37–39

දෙවියන්වහන්සේ අනාගතවක්තෘවරුන් අනුගමනය කිරීමේදී ස්ථිරව සිටින්න.

යෙරමියා 37:1–3, 15–21; 38:1–6, 14–28, තුළ යෙරෙමියා ස්වාමින්වහන්සේගේ සැබෑ අනාගතවක්තෘවරයා බව ශෙදෙකියා රජු විශ්වාස කළ බවට ඔබ දකින සාක්ෂි මොනවාද? ශෙදකියා විශ්වාස නොකළ බවට ඔබ දකින සාක්ෂි මොනවාද? මෙම සැසඳීමෙන් ඔබ ඉගෙන ගන්නේ කුමක්ද? ඔබ යෙරමියා 39 කියවන විට, ශෙදෙකියා සහ ඔහුගේ සෙනඟ අනාගතවක්තෘවරයාව අනුගමනය කර ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපැද්දා නම්, එයින් ඇති වන වෙනස ගැන මෙනෙහි කරන්න. (1 නෙපී 1–2 තුළ ලෙහිගේ පවුලට සිදු වූ දෙය සමඟ ශෙදෙකියාට සිදු වූ දෙය සසඳන්න.)

යෙරමියා 38:6–13; 39:15–18

හරි දේ වෙනුවෙන් පෙනී සිටීමට මට නිර්භීත වෙන්න පුළුවන්.

යෙරමියාගේ අනාවැකි තම සොල්දාදුවන් සටන් කිරීමට ඇති කැමැත්ත අඩු කරන බව රජුගේ නිලධාරීන්ට හැඟී ගිය අතර, එබැවින් ඔවුහු යෙරමියාව අපිරිසිඳු සිරගෙයකට දමනු ලැබුවා (බලන්න යෙරමියා 38:1–4). යෙරමියා 38:6–13 තුළ, ඉතියෝපියානු ජාතික ඒබෙද්–මෙලෙක්ගේ ප්‍රතිචාරය ගැන ඔබේ සිත් ඇදගන්නේ කුමක්ද? යෙරමියා 39:15–18 තුළ ස්වාමින්වහන්සේ ඒබෙද්–මෙලෙක්ට දුන් ආශිර්වාදය ද සැලකිල්ලට ගන්න.

ඔබට ඒබෙද්–මෙලෙක්ගේ ආදර්ශය අනුගමනය පුළුවන් කොහොමද?

යෙරමියා යෙරුසලමේ සිට, එක් අතක් දිගු කර අනෙක් අතෙහි හිසේ තබාගෙන

යෙරමියාගේ හැඬුම

විලාප ගී1; 3

පාපය නිසා මම විඳින දුක නැති කරන්න ස්වාමින්වහන්සේට පුළුවන්.

විලාප ගී පොත කියන්නෙ යෙරුසලම සහ එහි දේවමාළිගාව විනාශ කිරීමෙන් පසු ලියැවුණු කවි එකතුවක්. ඒවා සංරක්ෂණය වී තිබීම වැදගත් යැයි ඔබ සිතන්නේ ඇයි? විලාප ගී 1 සහ 3 හි ඇති රූපක ඉශ්‍රායලයට දැනුණු මහත් ශෝකය ගැන තේරුම් ගැනීමට ඔබට උපකාරවත් වන දේ සලකා බලන්න. ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ බලාපොරොත්තු වන පණිවිඩ මොනවාද? (විශේෂයෙන් බලන්න විලාප ගී 3:20–33; තවත් බලන්න මතෙව් 5:4; යාකොබ් 4:8–10; ඇල්මා 36:17–20).

සභාපති එම්. රසල් බැලර්ඩ් සමහරුන්ට බලාපොරොත්තු සුන් වීමට හේතු විය හැකි අවස්ථා කිහිපයක් සඳහන් කළ අතර, ඔහු බලාපොරොත්තුව සොයා ගත හැකි ස්ථානය පිළිබඳව උපදෙස් ලබා දුන්නා:

“අපගෙන් සමහරෙකුට අපගේ ජීවිත කලකිරීමෙන්, බලාපොරොත්තු සුන්වීමෙන් හා ශෝකයෙන් පිරී තිබෙනු දැකිය හැක. ලෝකයේ පවතින බව පෙනෙන අවුල් සහගත බව සමඟ කටයුතු කිරීමට බොහෝ දෙනෙකුට අසරණ බවක් දැනෙනවා. තවත් සමහරු සාරධර්ම දුර්වල වීමෙන් සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිරිහීම ඉක්මන් වීමෙන්, වේගයෙන් පහළට ගෙන යන පවුලේ සාමාජිකයන් ගැන දුක් වෙනවා. … ලෝකයේ දුෂ්ටකම සහ කුරිරුකම ආපසු හැරවිය නොහැකි යැයි පිළිගැනීමට බොහෝ දෙනෙක් යටහත් පහත් වී තිබෙනවා. ඔවුන් බලාපොරොත්තු අත්හැර තිබෙනවා. …

“… අප අතර සිටින සමහර අය පාපය සහ වරද නිසා සියලු බලාපොරොත්තු නැති කරගෙන ඇති. පුද්ගලයෙකුට ලෝකයේ මාර්ගවල ගැඹුරින් ගිලී යා හැකි අතර ඔහුට කිසිඳු මාර්ගයක් නොපෙනෙන අතර සියලු බලාපොරොත්තු නැති වෙලා යනවා. විරුද්ධවාදියාගේ මෙම උගුලට හසු වූ සියල්ලන්ටම මම ආයාචනය කරන්නේ කිසිදා අත් නොහරින ලෙසයි! දේවල් කෙතරම් මංමුලා සහගත බවක් පෙනුනත් ඒවා කෙතරම් මංමුලා සහගත විය හැකි වුවත්, කරුණාකර මාව විශ්වාස කරන්න, ඔබට සැමවිටම බලාපොරොත්තුවක් තිබිය හැකිය. සැමවිටම” (“The Joy of Hope Fulfilled,” Ensign, Nov. 1992, 31–32).

අන් අයට ඔවුන්ගේ ඉගෙනීමේ වගකීම භාරගැනීමට උදව් කරන්න. සමහර විට ඉගැන්වීමට ඇති පහසුම ක්‍රමය ලෙස පෙනෙන්නේ, ඉගෙන ගන්නන් දැනගත යුතු යැයි අප සිතන දේ පැවසීමයි. කෙසේ වෙතත්, පහසුම ක්‍රමය සෑම විටම හොඳම ක්‍රමය නොවේ. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ පැවසුවා: “අපේ අභිප්‍රාය විය යුත්තේ ‘මම ඔවුන්ට කුමක් කියන්නේද?’ යන්න නොවේ. ඒ වෙනුවට, අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්න නම් ‘ඔවුන්ට කුමක් කිරීමට මට ආරාධනා කළ හැකිද? යන්නයි. ඔවුන් ප්‍රතිචාර දැක්වීමට කැමති නම්, ඔවුන්ගේ ජීවිත වලට ශුද්ධාත්මයාණන්ට ආරාධනා කිරීමට පටන්ගන්නා කුමන පෙළඹවීම් සහිත ප්‍රශ්න මට ඇසිය හැකිද?”’ (evening with a General Authority, Feb. 7, 2020, broadcasts.ChurchofJesusChrist.org; තවත් බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම25). ඉගෙන ගන්නන්ට ඔවුන්ගේ ඉගෙනීමේ වගකීම භාර ගැනීමට උපකාර කිරීමට බොහෝ ක්‍රම තියෙනවා. උදාහරණයක් ලෙස, මෙම දළ සටහනේ ඉගෙන ගන්නන්ට සෙවීමට, මෙනෙහි කිරීමට, ලැයිස්තු සෑදීමට, පින්තූර බැලීමට, භාණ්ඩ යොදාගන්නා පාඩම් වලට සහභාගී වීමට, ඇඳීමට සහ බෙදා ගැනීමට සහ ඔවුන් ඉගෙන ගන්නා දේ අදාළ කර ගැනීමට ආරාධනා කරනු ලැබෙනවා.

ළමුන්ගේ කොටස නිරූපකය

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

යෙරමියා 31:3

ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස්වහන්සේ මට “සදාකාලික ප්‍රේමයකින්” ප්‍රේම කරන සේක.

  • ඔබ ඔබේ දරුවන් සමඟ යෙරමියා 31:3 කියවන විට, ලෝහ කාසියක් වැනි දිගු කාලයක් පවතින වස්තූන් (හෝ වස්තූන්ගේ පින්තූර) සහ පලතුරු කැබැල්ලක් වැනි නොපවතින සමහරක් සොයා ගැනීමට ඔවුන්ට උපකාර කළ හැකිය. ඔබට “සදාකාලික” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන කතා කළ හැකි අතර, ස්වර්ගීය පියාණන්වහන්සේගේ “සදාකාලික ප්‍රේමය” ඔබට දැනුණු ආකාරය එකිනෙකා සමඟ බෙදා ගත හැකිය.

යෙරමියා 31:31–34; 32:38–41

මාගේ ගිවිසුම් පවත්වා ගැනීමට දෙවියන්වහන්සේ මට උපකාර කරන සේක.

  • ඔබේ දරුවන්ට කඩදාසි කැබැල්ලක් මත හදවතක් ඇඳීමට හා පසුව දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගැනීම ගැන යෙරමියා 31:31–34 තුළ ඔවුන් ඉගෙන ගන්නා දේවල් එම හදවතේ ලිවීමට කැමති විය හැකිය. බව්තීස්මයේදී ඔවුන් කරන ගිවිසුම සමාලෝචනය කිරීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන් (බලන්න මොසායා 18:10, 13) එමෙන්ම ඔවුන්ගේ හදවත් තුළ මෙම පොරොන්දු ලියා තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා සාකච්ඡා කරන්න.

ගැහැණු ළමයෙකු ශුද්ධලියවිලි කියවමින්

යෙරමියා 36:1–4

ශුද්ධලියවිලි දෙවියන්වහන්සේගේ වචනයයි.

  • මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව ඔබේ දරුවන්ට යෙරමියා, බාරුක් සහ රජු ගැන ඉගෙන ගැනීමට උපකාර කරයි (බලන්න යෙරමියා 36). පොතක ලිවීම (බලන්න 4 වෙනි පදය) සහ මිනිසුන්ට ශුද්ධලියවිලි කියවීම (බලන්න 8, 10 පද) වැනි යෙරෙමියා 36:4–10 තුළ ඇති වචන සමඟ යන ක්‍රියාවන්ද ඔවුන්ට කරන්න පුළුවන්.

  • ඔබට සහ ඔබේ දරුවන්ට ළමා පොතක් සහ ශුද්ධලියවිලිවල පිටපතක් දෙස බලා මෙම පොත් වෙනස් වන ආකාරය ගැන කතා කරන්න පුළුවන්. ශුද්ධලියවිලි විශේෂ වන්නේ කුමක් නිසාද? ඔබට විශේෂිත වූ සමහර ශුද්ධලියවිලි පද එකිනෙකා සමඟ බෙදාගැනීම ආශ්වාදයක් වෙන්න පුළුවන්.

යෙරමියා 38:6–13

මට හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්.

  • යෙරමියා 38:6–13 තුළ එන ඒබෙද්–මෙලෙක්ගේ කතාව ඔබේ දරුවන්ට සිතින් මවා ගැනීමට උපකාර කිරීමට දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය භාවිතා කරන්න පුළුවන්. ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයාට උපකාර කිරීම සඳහා එබෙද්–මෙලෙක් නිර්භීත දෙයක් කළ පදයක් සොයා ගැනීමට ඔබට ඔවුන්ට උපකාර කරන්න පුළුවන්. අද දින අපගේ අනාගතවක්තෘවරයා දෙවියන්වහන්සේ විසින් කැඳවා ඇති බව අප දන්නා බව පෙන්වීමට අපට කුමක් කළ හැකිද?

විලාප ගී 1:1–2, 16; 3:22–26

ගැලවුම්කරුවාණන් මට මගේ පව්වලට සමාව ලබා ගැනීමට හැකියාව ලබාදුන් සේක.

  • විලාප ගී හඳුන්වා දීම සඳහා, ඉශ්‍රායෙල් සෙනඟ පසුතැවිලි නොවූ නිසා යෙරුසලම සහ දේවමාළිගාව විනාශ වූ බව ඔබේ දරුවන්ට පැහැදිලි කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය. ඔබ එම අවස්ථාවේ එහි ජීවත් වූවා නම් ඔබට හැඟෙන්නේ කෙසේද යන්න ඔබට එකිනෙකා සමඟ බෙදා ගන්න පුළුවන් (බලන්න විලාප ගී 1:1–2, 16). විලාප ගී 3:22–26 තුළ ඇති පණිවිඩය ඔබට බලාපොරොත්තුවක් ලබා දෙන්නට තිබුණේ කෙසේද?

  • ඔබ ගත් වැරදි තේරීමක් ගැන ඔබට දුකක් ඇති වූ අවස්ථා ගැන ඔබට එකිනෙකාට කියන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිරිනමන සමාව තේරුම් ගැනීමට අපට විලාප ගී 3:22–26 තුළ උදව් වන වචන මොනවාද?

වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

යෙරමියාව ලණුවලින් සිරගෙයිකින් එළියට ගනිමින්

ඊවා තිමෝති විසින්,I Will Surely Deliver Thee (Jeremiah 39:18) [මම සැබවින් නුඹ මුදාගන්නෙමි (යෙරමියා 39:18)]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: ශුද්ධලියවිලි දෙවියන්වහන්සේගේ වචනයයි