එන්න, මා අනුගමනය කරන්න
මාර්තු 16–22. “දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස් කළ සේක”: උත්පත්ති 42–50


“මාර්තු 16–22. ‘දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස් කළ සේක’: උත්පත්ති 42–50,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“මාර්තු 16–22. ‘දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස් කළ සේක’,” එන්න, මා අනුගමනය කරන්න: 2026

යෝසෙප් ඔහුගේ සහෝදරයන්ට සමාව දෙයි

මේගන් රීකර් විසින්, Forgiveness [සමාව දීම]

මාර්තු 16–22:“දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස් කළ සේක”

උත්පත්ති 42–50

ඒ වන විට යෝසෙප්ගේ සහෝදරයන් ඔහුව වහල්භාවයට විකුණා වසර 22ක් පමණ ගතවී තිබුණා. බොරු චෝදනා සහ සිරගත කිරීම් ඇතුළු බොහෝ පරීක්ෂාවලට යෝසෙප් මුහුණ දී තිබුණා. අවසානයේදී ඔහු තම සහෝදරයන්ව නැවත දුටු විට, යෝසෙප් මුළු ඊජිප්තුවේම ආණ්ඩුකාරයා වූ අතර, ඔහු දෙවෙනි වුණේ පාරාවෝට පමණයි. ඔහුට තම සහෝදරයන්ගෙන් පහසුවෙන් පළිගැනීමට හැකිව තිබුණා, ඒවගේම ඔවුන් යෝසෙප්ට කළ දේවල් ගැන සලකා බැලීමේදී, එය පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් දෙයක්. නමුත් යෝසෙප් ඔවුන්ට සමාව දුන්නා. ඒ විතරක් නොවේ, ඔහුගේ දුක් වේදනා තුළ තිබූ දිව්‍යමය අරමුණ දැකීමට ඔහු ඔවුන්ට උපකාර කළා. “තමාගේ පියාගේ ගෙයි වැසි සියල්ලන්” (උත්පත්ති 47:12) සාගතයෙන් ගලවා ගැනීමට ඔහුට එමගින් හැකියාව ලබා දී තිබූ නිසා, “දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස් කළ සේක” (උත්පත්ති 50:20) කියා ඔහු ඔවුන්ට පැවසුවා.

බොහෝ ආකාරවලින්, යෝසෙප් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වුණා. අපගේ පාපයන් යේසුස්වහන්සේට මහත් පීඩාවක් ගෙන දුන්නද, උන්වහන්සේ සමාව ලබාදෙන අතර, සාගතයට වඩා දරුණු ඉරණමකින් අප සියල්ලන්ම ගලවා ගන්නවා. අපට සමාව ලැබීමට හෝ එය ලබාදීමට අවශ්‍ය වුවද—යම් අවස්ථාවකදී අප සියල්ලන්ම ඒ දෙකම කළ යුතුයි—යෝසෙප්ගේ ආදර්ශය අපව සුවකිරීමේ සහ සංහිඳියාවේ සැබෑ මූලාශ්‍රය වන ගැලවුම්කරුවාණන් වෙතට යොමුකරනවා.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

උත්පත්ති 45:5–7; 47:12

“දෙවියන්වහන්සේ නුඹලාගේ ජීවිත ආරක්ෂාකරන පිණිස නුඹලාට පෙරටුව මා එවූ සේක.”

යෝසෙප්ගේ ජීවිතය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ මෙහෙයුම අතර යම් යම් සමානකමක් ඔබ දැක තිබෙනවාද? මෙම සමානකම් සඳහා උදාහරණ කිහිපයක් බැලීමට, පහත පද සන්සන්දනය කිරීමට උත්සාහ කරන්න:

  • උත්පත්ති 37:3 සමඟ මතෙව් 3:17.

  • උත්පත්ති 37:26–28 සමඟ මතෙව් 26:14–16.

  • උත්පත්ති 45:5–7 සමඟ ලූක් 4:18.

  • උත්පත්ති 47:12 සමඟ යොහන් 6:35.

ඔබ මෙම ඡේද කියවන විට ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ මෙහෙවර ගැන ඔබට ඇතිවන හැඟීම් මොනවාද?

උත්පත්ති 45; 50:15–21

සෙමනේරි නිරූපකය
සමාව දීමෙන් සුවය ලැබේ.

යෝසෙප් තම සහෝදරයන් කළ දරුණු දේවලට සමාව දීම ගැන කියවීමෙන්, ඔබ දැනට සමාව දීමට පොරබදිමින් සිටින කෙනෙකු ගැන සිතීමට ඔබව පොළඹවයි. ඔබ මෙම මූලධර්මය අදාළ කර ගැනීමට උත්සාහ කරන විට පහත ප්‍රශ්න උපකාරී වෙන්න පුළුවන්:

  • යෝසෙප්ට තම සහෝදරයන්ට සමාව දීම දුෂ්කර විය හැකි වන්නට තිබුණේ ඇයි? (ඔවුන් ඔහුට කළ දේ සමාලෝචනය කිරීමට බලන්න, උත්පත්ති 37). සමාව දීමට යෝසෙප්ට ශක්තිය ලබා දුන් අත්දැකීම් සහ ආකල්පද මොනවාද? (උදාහරණයක් ලෙස බලන්න, උත්පත්ති 45:1–15 හෝ 50:15–21).

  • යෝසෙප් තම සහෝදරයන්ට සමාව දීමෙන් ලැබුණු ආශිර්වාද මොනවාද? උදාහරණයක් ලෙස, කතාවේ ආරම්භයේ ඇති යාකොබ්ගේ පවුලේ සබඳතා (උදාහරණයක් ලෙස බලන්න, උත්පත්ති 37:3–11) අවසානයේ ඇති සබඳතා සමඟ සසඳන්න (බලන්න උත්පත්ති 45:9–15; 50:15–21). යෝසෙප් සමාව දීමට අකමැති වූවා නම් තත්වය වෙනස් වන්නට තිබුණේ කෙසේද?

  • ඔවුන් සමාව ඉල්ලා සිටියත් නැතත්—ඔබේ සමාව අවශ්‍ය විය හැකි කෙනෙකුගේ නම ලිවීම ගැන සලකා බලන්න. එම තත්වයට ගැලවුම්කරුවාණන්ගේ සුව කිරීමේ බලයට ආරාධනා කිරීමට ඔබට කළ හැක්කේ මොනවාද? සමාව දීම ඉතා අපහසු බව පෙනේ නම්, වැඩිහිටි ගෙරිට් ඩබ්. ගොන්ග්ගේ “සතුටින් සහ සදහටම” (ලියහෝනා, නොවැ. 2022, 85) යන පණිවිඩයේ අවසාන ඡේද හයේ උපදෙස් සමාලෝචනය කිරීම ගැන සලකා බලන්න. ඔබ සොයාගත්, ඔබට සමාව දිය හැකි බවට බලාපොරොත්තුවක් ලබා දෙන දේවල් මොනවාද?

තවත් බලන්න දහම සහ ගිවිසුම් 64:9–11.

8:24

Forgiveness: My Burden Was Made Light

උත්පත්ති 49

යාකොබ් ඔහුගේ පවුලට අනාවැකිමය ආශිර්වාද ලබා දුන්නේය.

යාකොබ්ගේ පරම්පරාවට ඔහු ලබාදුන් ආශිර්වාද වල විචිත්‍රවත් රූප සටහන් ඇත, නමුත් ඒවා තේරුම් ගැනීම පහසු නැහැ. ස්තූතිවන්ත වන්නට, නැවත පිහිටුවන ලද ශුභාරංචිය අපට යම් උපකාරයක් ලබා දෙනවා. උත්පත්ති 49:22–26 තුළ යෝසෙප්ට ලබාදුන් ආශිර්වාදය ගැන ඔබ කියවන විට, පහත සඳහන් පදද කියවා, ඒවා සපයන අවබෝධය කුමක්දැයි බලන්න: 1 නෙපී 15:12; 2 නෙපී 3:4–5; යාකොබ් 2:25; දහම සහ ගිවිසුම් 50:44.

ඔබ උත්පත්ති 49:8–12 තුළ යුදාගේ ආශිර්වාදය ගැන කියවන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යුදාගෙන් පැවත එන්නෙකු බව මතක තබාගන්න. ඔබ මෙම පදවල සොයාගන්නා ගැලවුම්කරුවාණන් ගැන ඔබට මතක් කර දෙන දේවල් මොනවාද? (තවත් බලන්න එළිදරව් 5:5–6, 9; 1 නෙපී 15:14–15; දහම සහ ගිවිසුම් 45:59; 133:46–50).

මෙම ආශිර්වාද ගැන කියවීමෙන්, ඔබට ඔබේ ආදිපීතෘ ආශිර්වාදය සමාලෝචනය කිරීමට හෝ, ඔබට එකක් නොමැති නම්, එකක් ලබා ගැනීමට ඔබව පෙලඹවීමක් දැනෙන්න පුළුවන්. ඔබේ සිතුවිලි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමු කරන, ඔබේ ආශිර්වාදයේ ඇති වචන සහ වාක්‍ය ඛණ්ඩ මොනවාද?

තවත් බලන්න රැන්ඩල් කේ. බෙනට්, “ඔබගේ ආදිපීතෘ ආශිර්වාදය—ස්වර්ගීය පියාණන්වහන්සේගේ ආනුභාව ලත් මගපෙන්වීම,” ලියහෝනා, මැයි 2023, 42–44.

උත්පත්ති 50:19-21

මගේ අභියෝග වල අර්ථය සොයා ගැනීමට දෙවියන්වහන්සේට මට උපකාර කළ හැකිය.

යෝසෙප් ඒ හරහා යමින් සිටියදී එය පැහැදිලිව නොතිබුණද, අවසානයේදී ඔහුට ඊජිප්තුවේ ඔහුගේ විපත්ති දෙස ආපසු හැරී බලද්දී, “දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස් කළ” බව දැකගන්න පුළුවන් වුණා (උත්පත්ති 50:20). යෝසෙප් වළේ සිටියදී හෝ සිරගෙදර සිටියදී ඔබට ඔහුව බැලීමට හැකි වූවා නම්, ඔබ ඔහුව සනසන්නේ කෙසේද? උත්පත්ති 50:19–21 ඔබේ අභියෝග වලදී ඔබට උපකාර කරන්නේ කෙසේද?

තවත් බලන්න දහම සහ ගිවිසුම් 122.

ඊජිප්තුවේ යෝසෙප්, ජෝසෆ් ස්මිත් මෝරෝනි දේවදූතයාගෙන් රන් තහඩු ලබා ගන්නා දර්ශනයක් දකිමින්

පෝල් මෑන් විසින්, Joseph Smith among the Prophets [අනාගතවක්තෘවරුන් අතර සිටිනා ජෝසෆ් ස්මිත්] (විස්තර)

උත්පත්ති 50:24-25

“ස්වාමින්වහන්සේ වූ දෙවියන්වහන්සේ දිවැසිවරයෙක්ව නගා සිටුවන සේක.”

ඔබ උත්පත්ති 50:24–25 කියවන විට, මෝසෙස් සහ ජෝසෆ් ස්මිත් ගැන මෙතරම් සියවස් ගණනාවකට පෙර යෝසෙප් දැනගැනීම වැදගත් වූයේ මන්දැයි සිතා බලන්න. ජෝසෆ් ස්මිත් ඔහු ගැන වූ යෝසෙප්ගේ අනාවැකි ඉටු කළේ කෙසේද? (බලන්න දහම සහ ගිවිසුම් 1:17–23; 20:7–12; 39:11; 135:3).

තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

උත්පත්ති 42–44; 45:4–15

මට මගේ පවුලට ආදරය සහ සමාව පෙන්විය හැකිය.

  • යෝසෙප් තම පවුල සමඟ නැවත එක් කිරීමේ කතාව ඔබේ දරුවන්ට නැවත ප්‍රකාශ කිරීමෙන් ඔබට විනෝද වෙන්න පුළුවන් (බලන්න උත්පත්ති 42–44). එසේත් නැතිනම් ඔවුන් එකිනෙකාට මේ කතාව ඉගැන්වීමට මෙම දළ සටහනේ පින්තූර භාවිතා කරන්න පුළුවන්. ඔබේ දරුවන්ට මෙම කතාවෙන් ඉගෙන ගැනීමට උපකාර කළ හැකි ප්‍රශ්න කිහිපයක් මෙන්න:

    • තම පවුලට ආදරය පෙන්වීමට යෝසෙප් කළේ කුමක්ද? (බලන්න උත්පත්ති 45:4–15).

    • ඔබට හැඟෙන ආකාරයට යෝසෙප් තම සහෝදරයන්ට සමාව දුන්නේ ඇයි?

    • ඔබ සිතන ආකාරයට, යෝසෙප් ඔවුන්ට සමාව දුන් බව දැනගත් විට යෝසෙප්ගේ සහෝදරයන්ට හැඟුණේ කෙසේද? ඔබේ ජීවිතයේ සමාව ලැබිය යුත්තේ කාටද? ඔබට ආදරය සහ සමාව පෙන්විය හැක්කේ කෙසේද?

    2:26

    Joseph and the Famine

ඔබ ඉගැන්වීමට සූදානම් වන විට, “මගේ දරුවන් ඉගෙනගැනීමට කුමක් කරයිද?” කියා අසන්න. උදාහරණයක් ලෙස, මෙම ක්‍රියාකාරකමේදී ඔබේ දරුවන් රඟපාමින් හෝ කතාවක් නැවත කියමින් සිටී. එසේ කිරීමෙන් එම කතාවේ සිදු වූ දේ සහ එහි අඩංගු ශුභාරංචි මූලධර්ම යන දෙකම මතක තබා ගැනීමට ඔවුන්ට එය උදව්වක් වෙනවා.

  • ඔබට හෝ ඔබේ දරුවන්ට, ඔවුන් යමෙකුට සමාව දුන් හෝ යමෙකු ඔවුන්ට සමාව දුන් අවස්ථාවක අත්දැකීමක් බෙදා ගැනීමට අවශ්‍ය වෙන්න පුළුවන්.

උත්පත්ති 48:8-9

පූජකවර ආශිර්වාද තුළින් ස්වාමින්වහන්සේ මට උපකාර කරන සේක.

  • ඔබට සහ ඔබේ දරුවන්ට මෙම දළ සටහනේ අවසානයේ යාකොබ් තම පුතුන්ට ආශිර්වාද කරන පින්තූරය දෙස බලා සිදුවෙමින් පවතින දේ ගැන සාකච්ඡා කරන්න පුළුවන් (බලන්න උත්පත්ති 48:8–9). අවශ්‍ය නම්, යෝසෙප්ගේ පියා වන යාකොබ්ට, ඔහුගේ පවුලට පූජකවර ආශිර්වාද ලබා දීමට අවශ්‍ය වූ බව පැහැදිලි කරන්න. සමහර විට ඔබට පූජකවර ආශිර්වාදයක් තුළින් දෙවියන්වහන්සේගෙන් උපකාර ලැබුණු ඕනෑම අත්දැකීමක් එකිනෙකා සමඟ බෙදාගන්න පුළුවන්. පූජකවර ආශිර්වාදයක් ඉල්ලා සිටිය හැකි හේතු මොනවාද?

ආශිර්වාදයක් ලබන කුඩා ගැහැණු ළමයෙක්

උත්පත්ති 45:5-11

ස්වර්ගීය පියාණන්වහන්සේ මාව ගලවා ගැනීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එවූ සේක.

  • යෝසෙප් තම පවුල සාගතයෙන් ගලවා ගැනීමේ කතාව තුළ ගැලවුම්කරුවාණන්ව දැකීමට ඔබ ඔබේ දරුවන්ට උපකාර කරන්නේ කෙසේද? යෝසෙප් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෙස ලේබල් කර ඇති තීරු දෙකක් සහිත ප්‍රස්ථාරයක් සෑදීම ගැන සලකා බලන්න. පහත සඳහන් ශුද්ධලියවිලි පද යුගල උවමනාවෙන් කියවා, යෝසෙප්ට සහ යේසුස්වහන්සේට පොදු දේවල් සමඟ එම ප්‍රස්ථාරය පිරවීමට ඔබේ දරුවන්ට උදව් කරන්න: උත්පත්ති 37:3 සහ මතෙව් 3:17; උත්පත්ති 37:26–28 සහ මතෙව් 26:14–16; උත්පත්ති 45:5–7 සහ ලූක් 4:18; සහ උත්පත්ති 47:12 සහ යොහන් 6:35.

  • යමෙකුව බේරා ගැනීම හෝ මුදාගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබේ දරුවන්ගෙන් විමසන්න. ඔවුන්ගෙන් කවුරුන්ට හෝ අනතුරකින් ගලවාගැනීමේ හෝ බේරාගැනීමේ අත්දැකීමක් තිබේ නම්, එය බෙදා ගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න. යෝසෙප් තම සහෝදරයන්ව බේරාගත්තේ කෙසේද? (බලන්න උත්පත්ති 42:1–3; 45:5–7). ඉන්පසු ඔබට එකට එකතු වී ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයක් දෙස බලා යේසුස්වහන්සේ අපව ගලවා ගන්නා ආකාරය ගැන කතා කරන ලෙස ඔබේ දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්.

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

ඉශ්‍රායෙල් ඔහුගේ පුත්‍රයාට පූජකවර ආශිර්වාදයක් ලබාදෙමින්

හැරී ඇන්ඩර්සන් විසින්, Jacob Blessing Joseph (Jacob Blessing His Sons) [යාකොබ් යෝසෙප්ව ආශිර්වාද කරමින් (යාකොබ් ඔහුගේ පුතුන්ට ආශිර්වාද කරයි)]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: මට සමාව දිය හැක