එන්න, මා අනුගමනය කරන්න
මාර්තු 9–15. “ස්වාමින්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක”: උත්පත්ති 37–41


“මාර්තු 9–15. ‘ස්වාමින්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක’: උත්පත්ති 37–41,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“මාර්තු 9–15. ‘ස්වාමින්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක’,” එන්න, මා අනුගමනය කරන්න: 2026

යෝසෙප්ගේ සහෝදරයන් කබාය රැගෙන යයි

සෑම් ලෝලර් විසින්, Joseph and His Brothers [යෝසෙප් සහ ඔහුගේ සහෝදරයන්]

මාර්තු 9–15:“ස්වාමින්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක”

උත්පත්ති 37-41

දෙවියන්වහන්සේව විශ්වාස කරන සහ උන්වහන්සේගේ ආඥා පිළිපදින මිනිසුන්ට දෙවියන්වහන්සේ ආශිර්වාද කරන බව අපි දන්නවා. නමුත් සමහර විට එය එසේ පෙනෙන්නේ නෑ. සමහර අවස්ථා වල දෙවියන්වහන්සේව විශ්වාස කරන පුද්ගලයාව පවුලේ සාමාජිකයන් විසින් අපයෝජනය කර අතහැර දමා තිබෙනවා. සමහර විට නිර්භීතව පවිත්‍රබවේ නීතිය උල්ලංඝනය කිරීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයාව කෙසේ හෝ බොරු චෝදනාවලට ලක් වෙනවා. අපිට ඒ වගේ දේවල් වුණාම, දෙවියන්වහන්සේ එක්ක තරහක් ඇතිකරගන්න අපි පෙලඹෙන්න පුළුවන්. “ජීවිතය දුෂ්කර කරවන බව පෙනෙන විටත්, හරි දේ කිරීමට උත්සාහ කිරීමේ තේරුම කුමක්ද?” කියා අපි කල්පනා කරන්න පුළුවන්.

යාකොබ්ගේ පුත් යෝසෙප්ට, ඒ ගැන පුදුම වෙන්න ඉඩ තිබුණා. සමහර අවස්ථාවලදී, මෙම ඇදහිලිවන්ත මිනිසා සමෘද්ධිමත් වුණා; වෙනත් අවස්ථාවලදී, ඔහු ඇදහිලිවන්තව සිටින තරමට, ඔහු මුහුණ දෙන දුෂ්කරතා වැඩි වන බව පෙනෙන්නට තිබුණා. නමුත් යෝසෙප් කවදාවත් ස්වාමින්වහන්සේව අත්හැරියේ නෑ, ඒවගේම ස්වාමින්වහන්සේ යෝසෙප්ව අත්හැරියේත් නෑ. යෝසෙප්ට නරක දේවල් සිදුවීමෙන් ස්වාමින්වහන්සේ ඔහුව වැළැක්වූ බව එයින් අදහස් කරන්නෙ නෑ, නමුත් ඒ සියල්ල හරහා, “ස්වාමින්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක” (උත්පත්ති 39:3).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

උත්පත්ති 37:1–28; 39; 41:9–45

මාගේ විපත්තියේදී ස්වාමින්වහන්සේ මා සමඟ සිටින සේක.

නැවත නැවතත්, වාසනාව යෝසෙප්ව අත්හරින බවක් පෙනෙන්නට තිබුණත්, ස්වාමින්වහන්සේ කිසි විටෙකත් එසේ කළේ නෑ. ඔබ යෝසෙප්ගේ කතාව කියවන විට, මෙවැනි ප්‍රශ්න ගැන මෙනෙහි කරන්න: ස්වාමින්වහන්සේට සමීපව සිටීමට යෝසෙප් කළේ මොනවාද? ස්වාමින්වහන්සේ “ඔහු සමඟ” සිටියේ කෙසේද? (බලන්න උත්පත්ති 39; 40:1–19; 41:9–45). ඔබගේ ජීවිතයේ ස්වාමින්වහන්සේගේ සහභාගීකම හඳුනාගැනීමට උපකාර වන, යෝසෙප්ගේ කතාවෙන් ඔබ ඉගෙනගන්නා දේවල් මොනවාද?

ඔබත් ඔබේ ජීවිතය ගැන එවැනි ප්‍රශ්න අසන්න පුළුවන්. අභියෝග වලදී ස්වාමින්වහන්සේ ඔබව අත්හැරියේ නැති බවට ඔබ දැක ඇති සාක්ෂි මොනවාද? ඔබේ අත්දැකීම් පවුලේ සාමාජිකයන් සහ අනාගත පරම්පරාවන් සමඟ බෙදා ගත හැකි ආකාරය ගැන සලකා බලන්න (බලන්න 1 නෙපී 5:14).

ඇත්ත වශයෙන්ම, අනාගතයේදී ඔබට තවත් අභියෝග පැමිණෙයි. මෙම අභියෝග ඔබව ස්වාමින්වහන්සේගෙන් ඈත් නොකරන බව වගබලාගැනීමට ඔබට දැන් කළ හැක්කේ මොනවාද? කුමක් වුවත් උන්වහන්සේට සමීපව සිටීමට අනාගතයේ සිටින ඔබව දිරිමත් කිරීම සඳහා ලිපියක් ලිවීම ගැන සලකා බලන්න. ඔබට යෝසෙප්ගේ ජීවිතයෙන් හෝ වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්ගේ “දෙවියන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය” (ලියහෝනා, මැයි 2022, 78–81) යන පණිවිඩයෙන් අදහස් ලබාගන්න පුළුවන්.

තවත් බලන්න යොහන් 14:18; රෝම 8:28; ඇල්මා 36:3; දහම සහ ගිවිසුම් 121:7–8.

උත්පත්ති 37:5–11; 40; 41:1–38

මම ඇදහිලිවන්ත නම්, ස්වාමින්වහන්සේ මට මගපෙන්වා මට පෙළඹවීම් ලබාදෙන සේක.

යෝසෙප්ට සිහින තුළින් ස්වාමින්වහන්සේගෙන් පණිවිඩ තේරුම් ගැනීමේ දීමනාවක් තිබුණා. ස්වාමින්වහන්සේගෙන් එළිදරව් සහ අවබෝධය ලැබීම ගැන, උත්පත්ති 37:5–11; 40:5–8; 41:14–25, 37–38 තුළ ඔබට ඉගෙනගත හැකි දේවල් මොනවාද? උදාහරණයක් වශයෙන්, එළිදරව්ව තේරුම් ගැනීමට අපහසු බව පෙනෙන විට යෝසෙප්ගේ ආදර්ශයෙන් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද? (බලන්න උත්පත්ති 40:8; 41:16).

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත ඔබට හෙළි කරන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න. උන්වහන්සේ ඔබට ලබා දී ඇති එළිදරව් මත ක්‍රියා කිරීමට ඔබ කරන්නේ මොනවාද? ඔබ උන්වහන්සේගෙන් අමතර මගපෙන්වීමක් සොයන්නේ කෙසේද?’

යෝසෙප් සිහින අර්ථකථනය කරමින්

ෆ්‍රන්සුවා ජෙහාර්ඩ් විසින්, Joseph Interpreting the Butler and Baker’s Dreams [යෝසෙප් ප්‍රධාන මෙහෙකරුවා සහ පාන් වෙළෙන්දාගේ සිහින අර්ථකථනය කරයි]

උත්පත්ති 39:1-20

සෙමනේරි නිරූපකය
ස්වාමින්වහන්සේගේ උපකාරයෙන් මට පරීක්ෂාවෙන් පලා යා හැකිය.

ලිංගික පාපයක් කිරීමේ පෙලඹීම වළක්වා ගන්නේ කෙසේද යන්න ගැන යෝසෙප් උපදෙස් දෙනවා නම්, ඔහු කුමක් කියයිද? ඔබ උත්පත්ති 39 තුළ ඔහුගේ අත්දැකීම කියවන විට මේ ගැන සිතන්න. උදාහරණයක් වශයෙන්, මෙවැනි ගැටලුවලට යෝසෙප් ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය ගැන සලකා බලන්න:

  • මා කරන්නේ කුමක්දැයි කිසිවෙකු නොදන්නේ නම්, එහි ඇති බරපතල තත්වය කුමක්ද? (බලන්න 8–9 පද).

  • මම විරුද්ධ වීමට උත්සාහ කරන නමුත් පෙළඹවීම නතර වන බවක් පෙනෙන්නට නැහැ (බලන්න 10 වෙනි පදය).

  • පරීක්ෂාව ශක්තිමත් වන අවස්ථාවක මා කළ යුත්තේ කුමක්ද? (බලන්න 12 වෙනි පදය).

පවිත්‍රබව පිළිබඳ නීතියට කීකරු වීම වැදගත් වන්නේ මන්දැයි ඔබ පැහැදිලි කරන්නේ කෙසේද? (බලන්න යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීම සඳහා මාර්ගෝපදේශයක්, 23–28).

ඇත්තවශයෙන්ම, යෝසෙප්ගේ ආදර්ශය වෙනත් ආකාරයේ පරීක්ෂාවන්ටද අදාළ කරගන්න පුළුවන්. යෝසෙප්ගේ අද්දැකීම මනසේ තබාගෙන, පරීක්ෂාවන් වලින් වැළකී සිටීමට සහ ඊට එරෙහි වීමට සැලැස්මක් සකස් කිරීම ගැන සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, ඔබට පරීක්ෂාවක් ගැන සිතමින්, එය වළක්වා ගත යුතු අවස්ථා සහ එම පරීක්ෂාව ඇති වූ විට ඔබ “පලා යන්නේ” කෙසේද කියා ඔබට ලියන්න පුළුවන්.

පරීක්ෂාව

වළක්වා ගත යුතු අවස්ථා

ප්‍රතිචාර දැක්වීමට සැලසුම

මෙන්න ඔබේ සැලැස්මට උදව්වක් විය හැකි තවත් ශුද්ධලියවිලි පද කිහිපයක්. පරීක්ෂාවට එරෙහි වීමට ගැලවුම්කරුවාණන්ට ඔබට උපකාර කළ හැකි ආකාරය ගැන ඔබ මේ එක් එක් පද වලින් ඉගෙන ගන්නේ මොනවාද? මතෙව් 4:1–11; 1 කොරින්ති 10:13; 1 නෙපී 15:23–24; 3 නෙපී 18:17–18.

ඔබ ඔබේ සැලැස්ම සකස් කරන විට, ඔබ පරීක්ෂාවන් වලින් සාර්ථකව වැළකී සිටි හෝ ප්‍රතිරෝධය දැක්වූ අතීතයේ අවස්ථා ගැන සිතීමද ඒ සඳහා උදව්වක් වෙන්න පුළුවන්. ගැලවුම්කරුවාණන් ඔබට උපකාර කළේ කෙසේද? (බලන්න 2 නෙපී 4:18–33).

උත්පත්ති 41:15-57

විය හැකි දුෂ්කරතා සඳහා සූදානම් වීමට ස්වාමින්වහන්සේ මට උපකාර කරන සේක.

පාරාවෝගේ සිහිනය පිළිබඳ යෝසෙප්ගේ අර්ථ නිරූපණය, සාගතයකින් බේරීම සඳහා ඉතා ප්‍රඥාවන්ත සහ ප්‍රායෝගික උපදෙස් ලබා දීමට හේතු වුණා (බලන්න උත්පත්ති 41:15–57). මෙම වාර්තාවේ ස්වාමින්වහන්සේගෙන් ඔබට තිබිය හැකි අධ්‍යාත්මික පණිවිඩ මොනවාදැයි සලකා බලන්න. අනාගතයේදී ඔබ මුහුණදෙන දුෂ්කරතා සඳහා ඔබ සූදානම් වීම, උන්වහන්සේට අවශ්‍ය බව ඔබට හැඟෙන්නේ කෙසේද?

තවත් බලන්න ඩේවිඩ් ඒ. බෙඩ්නර්, “මේ ආකාරයෙන් අපි ඔවුන්ව පරීක්ෂා කර බලන්නෙමු ,” ලියහෝනා, නොවැම්බර් 2020, 8–11.

තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

උත්පත්ති 37

මට මගේ පවුලට කරුණාවන්ත වෙන්න පුළුවන්.

  • යෝසෙප්ගේ පවුල තුළ ඇති දුෂ්කර හැඟීම් ගැන කියවීමෙන්, පවුලේ සාමාජිකයන්ට අප සැලකිය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡාවක් ඇතිවෙන්න පුළුවන්. උත්පත්ති 37 තුළින් යෝසෙප් සහ ඔහුගේ සහෝදරයන්ගේ කතාව පැවසීමට, ඔබට මෙම දළ සටහනේ ඇති පින්තූර භාවිතා කරන්න පුළුවන්. ඔබේ දරුවන්ට මෙම කතාව ගැන ඔවුන් දන්නා විස්තර බෙදා ගැනීමට ඉඩ දෙන්න. ඔවුන් යෝසෙප්ගේ පවුලේ අය යැයි සිතන ලෙස ඔබට ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. පවුල තුළ සාමය ඇති කරන්නෙකු වීමට ඔවුන් කරන හෝ කියන දේවල් මොනවා වෙයිද? උදාහරණයක් වශයෙන්, අපේ පවුල තුළ “සාමකාමීව කතා කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (4 වෙනි පදය). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පවුල තුළ සාමය ඇති කරන්නෙකු වන්නේ කෙසේද?

    2:17

    Joseph’s Inspired Dreams

උත්පත්ති 37:18–28; 39:20–23; 41:38

නරක දේවල් සිදු වූ විට දෙවියන්වහන්සේට මට උපකාර කළ හැකිය.

  • ඔබේ දරුවන් දුෂ්කර කාලවලට මුහුණ දෙන විට, ස්වාමින්වහන්සේ යෝසෙප් සමඟ සිටියාක් මෙන්, ඔවුන් සමඟත් සිටින බව ඔවුන් දැනගත යුතුයි. සමහරවිට ඔබට යෝසෙප්ට සිදු වූ දුෂ්කර දේවල් ගැන ලැයිස්තුවක් සෑදීමට ඔබේ දරුවන්ට උදව් කරන්න පුළුවන් (බලන්න උත්පත්ති 37:23–28; 39:20). ඔවුන් සොයා ගන්නා සෑම දුෂ්කරතාවයකටම පසුව, “ස්වාමින්වහන්සේ යෝසෙප් සමඟ සිටි සේක” (උත්පත්ති 39:2) යන වාක්‍ය නැවත නැවත කියන්නට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න.

    2:17

    Joseph’s Inspired Dreams

    2:50

    Joseph in Egypt

  • සමහරවිට ඔබේ දරුවන්ට උත්පත්ති 39:1–3, 20–23 තුළ “ස්වාමින්වහන්සේ යෝසෙප් සමඟ සිටි සේක” යන වාක්‍ය ඛණ්ඩය සහ ඒ හා සමාන වාක්‍ය ඛණ්ඩ සොයන්න පුළුවන්. මෙම වාක්‍ය ඛණ්ඩයේ තේරුම ගැන ඔවුන් සිතන දේ බෙදාගැනීමට ඔවුන්ට ඉඩ දෙන්න. ස්වාමින්වහන්සේ අප සමඟ සිටින බව අප දන්නේ කෙසේද? අභියෝගාත්මක කාලයකදී දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටි බව ඔබට හැඟුණු ආකාරය ගැන එකිනෙකාට කියන්න.

යෝසෙප් සිරගෙය තුළ

ජෙෆ් වෝඩ් විසින්, Joseph of Egypt in Prison [යෝසෙප් ඊජිප්තු හිරගෙදර] (විස්තර)

උත්පත්ති 39:7–12

ස්වාමින්වහන්සේගේ උපකාරයෙන් මට පරීක්ෂාවෙන් පලා යා හැකිය.

  • පොතිපර්ගේ භාර්යාව වෙතින් පලා යාමේ යෝසෙප්ගේ ආදර්ශය අනුගමනය කිරීමට ඔබේ දරුවන්ට උපකාර කළ හැකි භාණ්ඩ යොදාගන්නා පාඩමක් මෙන්න: යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සහ සාතන්ව නියෝජනය කිරීමට චුම්බක දෙකක් භාවිතා කරන්න. අපව නියෝජනය කිරීමට කඩදාසි ක්ලිප් එකක් වැනි කුඩා ලෝහ වස්තුවක් භාවිතා කරන්න. ඉන්පසු එම වස්තුව සමීපයට ගෙන යන විට ලෝහ වස්තුවට චුම්බකයකයේ බලපෑම වඩාත් ප්‍රබල වන්නේ කෙසේදැයි බැලීමට ඔබේ දරුවන්ට ඉඩ දෙන්න. උත්පත්ති 39:7–12 තුළ යෝසෙප්ගේ අත්දැකීම මෙම සත්‍යය නිදර්ශනය කරන්නේ කෙසේද? පාපයෙන් ඈත් වී යේසුස්වහන්සේට සමීප වීමට අපට කළ හැක්කේ මොනවාද?

    2:58

    Temptation Fades as We Seek Christ in Every Thought

    සංගීතය භාවිතා කරන්න. “ගීතිකා සහ අනෙකුත් පූජනීය ගීත වලට දරුවන්ට දෙවියන්වහන්සේගේ ආදරය දැනීමට, ආත්මයාණන්වහන්සේව දැනීමට, සහ ශුභාරංචි සත්‍යයන් ඉගෙනගැනීමට උපකාර කළ හැකිය. තනු, රිද්ම, සහ සරල තාල ඉදිරි වසර සඳහා ශුභාරංචි සත්‍යයන් මතකතබාගැනීමට දරුවන්ට උපකාර කරයි. ඔබ දරුවන් සමඟ ගායනා කරන විට, එම ගීත වල උගන්වන මූලධර්ම සොයාගැනීමට සහ තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කරන්න” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම32).

  • ඔබේ දරුවන්ට මුහුණදීමට සිදු විය හැකි පරීක්ෂාවන් ගැන සිතීමට ඔවුන්ට උපකාර කරන්න. මෙම පරීක්ෂාවන්ගෙන් “පලා යා හැකි” ආකාරය රඟ දැක්වීමට ඔවුන්ට ඉඩ දෙන්න.

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

යෝසෙප්ගේ සහෝදරයන් කබාය රැගෙන යයි

ක්‍රිස්ටි ක්‍රිස්බර්ග් හාර්මන් විසින්, Joseph, the Dream Interpreter [යෝසෙප්, සිහින අර්ථ දක්වන්නා]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: මට මගේ පවුලට කරුණාවන්ත වෙන්න පුළුවන්