“මතක තබාගත යුතු සිතුවිලි: ඉශ්‍රායෙල් නිවස,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“ඉශ්‍රායෙල් නිවස,” එන්න, මා අනුගමනය කරන්න: 2026
මතක තබාගත යුතු සිතුවිලි
ඉශ්‍රායෙල් නිවස
කානාන් දේශයට නැඟෙනහිර දෙසින් පිහිටි පාළුකරයේ යම් තැනක, යාකොබ් ඔහුගේ නිවුන් සහෝදරයා වන ඒසව් හමුවේ යැයි බලාපොරොත්තුවෙන් යම් බියකින් යුතුව බලා සිටියා. වසර 20කට පමණ පෙර, අවසන් වරට යාකොබ්ට ඒසව් හමු වූ විට, ඒසව්ට අවශ්‍ය වුණේ ඔහුව මරා දැමීමටයි. යාකොබ් දෙවියන්වහන්සේගෙන් ආශිර්වාදයක් බලාපොරොත්තු වෙමින් මුළු රාත්‍රියම පොරබදිමින් ගත කළා. යාකොබ්ගේ ඇදහිල්ල, නොපසුබට උත්සාහය සහ අධිෂ්ඨානය නිසා දෙවියන්වහන්සේ ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු දුන්නා. එදින රාත්‍රියේ යාකොබ්ගේ නම ඉශ්‍රායෙල් ලෙස වෙනස් කළ අතර, එහි අර්ථයන් වලින් එකක් වන්නේ, “දෙවියන්වහන්සේ සමග පොර බදන්නා” යන්නයි (උත්පත්ති 32:28).
යබ්බොක් ගඟ අසලදී, යාකොබ්ට ඉශ්‍රායෙල් යන නම ලැබුණා.
ඉශ්‍රායෙල් යන නම බයිබලයේ දක්නට ලැබෙන පළමු අවස්ථාව මෙය වන අතර, එය මෙම පොත පුරාවටම සහ ඉතිහාසය පුරාවටම පවතින නමක් බවට පත්වෙනවා. මේ නම ඉක්මනින්ම එක් මිනිසෙකුට වඩා වැඩි ගණනක්ව හැඳින්වීම සඳහා භාවිතා වෙන්නට පටන් ගත්තා. ඉශ්‍රායෙල්ට පුතුන් 12 දෙනෙක් සිටි අතර, ඔවුන්ගෙන් පැවතෙන්නන් සාමූහිකව හැඳින්වූයේ “ඉශ්‍රායෙල වංශය”, “ඉශ්‍රායෙල ගෝත්‍ර”, “ඉශ්‍රායෙලයේ දරුවන්” හෝ “ඉශ්‍රායෙල්වරුන්” ලෙසයි.
ඉතිහාසය පුරාවටම, මෙම ඉශ්‍රායෙල් ජනයා, ඉශ්‍රායෙල් ගෝත්‍ර දොළහෙන් එකකින් පැවත එන ඔවුන්ගේ පරම්පරාව අගය කළා. ඔවුන්ගේ පරම්පරාව ඔවුන්ගේ ගිවිසුම් අනන්‍යතාවයේ වැදගත් අංගයක් වුණා. ප්‍රේරිත පාවුල්, ඔහු “බෙන්යමින්ගේ ගෝත්‍රයෙන්” පැවත එන බව ප්‍රකාශ කළා (රෝම 11:1). පිත්තල තහඩු ලබාගැනීමට ලෙහි තම පුතුන්ව යෙරුසලමට යැවීමට එක් හේතුවක් වුණේ, එම තහඩුවල “ඔවුන්ගේ පියවරුන්ගේ පෙළපතක්” තිබීමයි (1 නෙපී 5:14). ඔහු යෝසෙප්ගෙන් පැවත එන්නෙකු බව ලෙහි සොයා ගත් අතර, ඉශ්‍රායෙල් වංශයට ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳ ඔහුගේ පරම්පරාවේ අවබෝධය ඊළඟ වසරවලදී ඔවුන්ට වැදගත් දෙයක් බවට පත්වුණා.
වර්තමානයේදී සභාවේ, “ඉශ්‍රායෙලය එක්රැස් කිරීම” වැනි ප්‍රකාශනවලින් ඉශ්‍රායෙලය ගැන ඔබට අසන්නට ලැබෙනවා ඇති. අපි “Redeemer of Israel,” “Hope of Israel” සහ “Ye Elders of Israel” වැනි දේවල් ගැන ගායනා කරනවා. මෙම අවස්ථා වලදී, අපි කතා කරන්නේ නැත්නම් ගායනා කරන්නේ, පැරණි ඉශ්‍රායෙල රාජධානිය හෝ ඉශ්‍රායෙලය කියන නූතන ජාතිය ගැන නෙවේ. ඒ වෙනුවට අපි මේ හඳුන්වන්නේ, ලෝකයේ ජාතීන්ගෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට එක්රැස් වූ මිනිසුන්වයි. අපි හඳුන්වන්නේ දෙවියන්වහන්සේ සමඟ නොසැලී සිටින, උන්වහන්සේගේ ආශිර්වාද ඉතා ඕනෑකමින් සොයන සහ බව්තීස්මය තුළින් උන්වහන්සේගේ ගිවිසුම් සෙනඟ බවට පත් වූ අය ගැනයි. සභාපති රසල් එම්. නෙල්සන්ගේ වචනවලින් කියනවා නම්, ඉශ්‍රායෙලයේ කෙනෙකු වීම යන්නෙන් අදහස් වන්නේ “දෙවියන්වහන්සේට අපගේ ජීවිත තුළ ජයගැනීමට ඉඩදීම, සහ … අපගේ ජීවිතයේ බලවත්ම බලපෑම දෙවියන්වහන්සේ වීමට ඉඩදීමයි.”
ඔබේ ආදිපීතෘ ආශිර්වාදය මගින් ඉශ්‍රායෙල් වංශයේ එක් ගෝත්‍රයකට ඔබේ ඇති සම්බන්ධය ගැන ප්‍රකාශ කරනවා. එය පවුල් ඉතිහාසයේ රසවත් කොටසකට වඩා වැඩි දෙයක්. එය ඔබගේ වර්තමානය සහ අනාගතය සමඟද සම්බන්ධයි. ඉශ්‍රායෙල් වංශයේ කොටසක් වීම යන්නෙන් අදහස් කරන්නේ, ඔබට ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගිවිසුම් සම්බන්ධයක් ඇති බවයි. එයින් අදහස් කරන්නේ ඔබ, ආබ්‍රහම් මෙන්, දෙවියන්වහන්සේගේ දරුවන්ට “ආශිර්වාදයක්” විය යුතු බවයි (උත්පත්ති 12:2; ආබ්‍රහම් 2:9–11). පේත්‍රැස්ගේ වචනවලින් කියනවානම් එයින් අදහස් කරන්නේ, “නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය” (1 පේත්‍රැස් 2:9). එයින් අදහස් වන්නේ ඔබ “දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදීමයි”—ඔබ උන්වහන්සේ සමඟ ඇති ඔබේ ගිවිසුම්වලට ගරු කරන විට “දෙවියන්වහන්සේ සමඟ පොරබදින” අයෙක් බවයි.
බ්‍රෙන්ට් එවන්ස් විසින්, Family Tree of Jacob (Israel) [යාකොබ්ගේ පවුල් ගස (ඉශ්‍රායෙලය)]