එන්න, මා අනුගමනය කරන්න
පෙබරවාරි 16–22. “ධර්මිෂ්ඨකම අනුව යන බලවත් අනුගාමිකයෙක් වීමට”: උත්පත්ති 12–17; ආබ්‍රහම් 1–2


“පෙබරවාරි 16–22. ‘ධර්මිෂ්ඨකම අනුව යන බලවත් අනුගාමිකයෙක් වීමට’: උත්පත්ති 12–17; ආබ්‍රහම් 1–2,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“පෙබරවාරි 16–22. ‘ධර්මිෂ්ඨකම අනුව යන බලවත් අනුගාමිකයෙක් වීමට’,” එන්න, මා අනුගමනය කරන්න: 2026

මෙල්කිසදෙක් ආබ්‍රම්ගේ හිස මත අත් තබා ඔහුට ආශිර්වාද කරයි

වෝල්ටර් රේන් විසින්, Melchizedek Blesses Abram [මෙල්කිසදෙක් ආබ්‍රම්ව ආශිර්වාද කිරීම]

පෙබරවාරි 16–22:“ධර්මිෂ්ඨකම අනුව යන බලවත් අනුගාමිකයෙක් වීමට”

උත්පත්ති 12–17; ආබ්‍රහම් 1–2

දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ ඇති කරගත් ගිවිසුම නිසා, ඔහුව “ඇදහිලිවතුන්ගේ පියා” (දහම සහ ගිවිසුම් 138:41) සහ “දෙවියන්වහන්සේගේ මිත්‍රයා” (යාකොබ් 2:23) ලෙස හැඳින්වුවා. අද මිලියන ගණනක් ඔහුට ඔවුන්ගේ සෘජු මුතුන්මිත්තෙකු ලෙස ගෞරව කරන අතර, තවත් අය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වෙත හැරීම හරහා ඔහුගේ පවුලට එකතු වී තිබෙනවා. නමුත් ආබ්‍රහම් පැමිණියේ කරදරවලින් පිරුණු පවුලකින්—දෙවියන්වහන්සේගේ සැබෑ නමස්කාරය අත්හැර දැමූ ඔහුගේ පියා, ආබ්‍රහම්ව බොරු දෙවිවරුන්ට පූජා කිරීමට උත්සාහ කළා. එසේ තිබියදීත්, ආබ්‍රහම්ගේ ආශාව වූයේ “ධර්මිෂ්ඨකම අනුව යන බලවතෙක් වීමටයි” (ආබ්‍රහම් 1:2), එමෙන්ම ඔහුගේ ජීවිතය පිළිබඳ වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ දෙවියන්වහන්සේ ඔහුගේ ආශාවට ගරු කළ බවයි. පුද්ගලයෙකුගේ පවුල් ඉතිහාසය කුමක් වුවත්, අනාගතය බලාපොරොත්තුවෙන් පිරවිය හැකි බවට, ආබ්‍රහම්ගේ ජීවිතය සාක්ෂියක් වෙනවා.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

ආබ්‍රහම් 1:1–19

මගේ ඇදහිල්ල සහ ධර්මිෂ්ඨ ආශාවන් සඳහා දෙවියන්වහන්සේ මට ආශිර්වාද කරන සේක.

වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් මෙසේ ඉගැන්වුවා “අපි සියල්ලෝම අපගේ පවුල්වලින් [සහ] අපගේ සංස්කෘතියෙන් බලපෑමට ලක්ව සිටිනවා, එසේ වුවද, අප අද්විතීයව සහ තනි තනිව පාලනය කරන සහ නිර්මාණය කරන ස්ථානයක් අප තුළ ඇති බව මම විශ්වාස කරනවා. … අවසානයේදී, අපගේ අභ්‍යන්තර ආශාවන්ට ජීවය ලබා දෙන අතර, ඒවා අපගේ තේරීම් සහ අපගේ ක්‍රියාවන්හි දක්නට ලැබෙනවා” (“Educate Your Desires, Elder Andersen Counsels,” ChurchofJesusChrist.org). වැඩිහිටි ඇන්ඩර්සන් ඉගැන්වූ දේ ආබ්‍රහම් 1:1–19 තුළ නිරූපණය කරන ආකාරය ගැන සලකා බලන්න. මෙවැනි ප්‍රශ්න උපකාරී වෙන්න පුළුවන්:

  • ආබ්‍රහම් ආශා කළේ කුමකටද? ඔහුගේ ක්‍රියාවලින් ඔහුගේ ආශාවන් පැහැදිලි වූයේ කෙසේද? දෙවියන්වහන්සේ ඔහුගේ ආශාවන්ට සහය වූයේ කෙසේද?

  • ඔබේ ආශාවන් මොනවාද? ඒවා ඔබේ ක්‍රියාවන් වලින් පැහැදිලි වන්නේ කෙසේද? දෙවියන්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේද?

  • ධර්මිෂ්ඨකමට කැමති නැති පවුලේ සාමාජිකයන්ට මෙම පදවලින් දෙන පණිවිඩය කුමක්ද?

ආබ්‍රහම් සහ සාරාගේ ලොකුම ආශාවන්ගෙන් එකක් වූ—දරුවෙකු ලැබීම—වසර ගණනාවක් තිස්සේ ඉටු වුණේ නෑ (බලන්න උත්පත්ති 15:1–6). ආබ්‍රහම් සහ සාරා මෙම පරීක්ෂණයට මුහුණ දුන් ආකාරය ගැන හෙබ්‍රෙව් 11:8–13 තුළින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ගැලවුම්කරුවාණන්ගේ පොරොන්දු “දුරින්” තිබුණත්, ඒවා “වැළඳ ගැනීමට” උන්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේද?

1:38

Deliverance of Abraham

උත්පත්ති 12:1–3; 13:15–16; 15:1–6; 17:1–8, 15–22; ආබ්‍රහම් 2:6–11

සෙමනේරි නිරූපකය
දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ මා උන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගෙන, ඒවා තබාගැනීමයි.

දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ ඇතිකරගත් ගිවිසුම ගැන දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි? මොකද ඔබ සමඟත් එවැනිම ගිවිසුමක් ඇති කරගැනීමට දෙවියන්වහන්සේට අවශ්‍යයි. මෙම ගිවිසුම ආබ්‍රහම්ගේ පසු පරම්පරාවේ නොහොත් “වංශය” පුරාවට පවතින බවටත්, “මෙම ශුභාරංචිය ලබාගන්නා සියල්ලන්ව නුඹගේ නාමයෙන් හඳුන්වනු ලබන” බවටත් උන්වහන්සේ පොරොන්දු වුණා (බලන්න ආබ්‍රහම් 2:10–11). වෙනත් වචන වලින් කිවහොත්, ඔබ බව්තීස්ම වන විට මේ ගිවිසුම ඔබ තුළ දිගටම පවතිනවා, ඒවගේම ඔබ දේවමාළිගාවේ ගිවිසුම් ඇති කරගන්නා විට එය තවත් සම්පූර්ණ වෙනවා. (බලන්න ගලාති 3:26–29; දහම සහ ගිවිසුම් 132:30–32).

එම හේතුව නිසා, ඔබට ආබ්‍රහම් 2:6–11 අධ්‍යයනය කර, ඇත්තෙන්ම දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට සහ සාරාට පොරොන්දු වූ දේවල් ගැන ලැයිස්තුවක් සෑදීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන් (තවත් බලන්න උත්පත්ති 12:1–3; 13:15–16; 15:1–6; 17:1–8, 15–22). මෙම ආශිර්වාද ඔබට අදාළ විය හැක්කේ කෙසේද?

මෙම පොරොන්දු වලින් සමහරක් ඒවාට සදාකාලික සමානකම් තිබෙනවා. උරුම දේශයක් හෝ විශාල පරම්පරාවක් වැනි පොරොන්දු සදාකාලිකව ඉටු වන්නේ කෙසේද? (බලන්න දහම සහ ගිවිසුම් 131:1–4; 132:20–24, 28–32).

පොරොන්දු වූ ආශිර්වාදවලට අමතරව, දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට “ආශිර්වාදයක් වන්න” කියා පැවසුවා (උත්පත්ති 12:2; අවධාරණය කිරීම් එකතු කර ඇත). ඔබ සිතන ආකාරයට එහි තේරුම කුමක්ද? ඔබ ආශිර්වාදයක් වන්නේ කෙසේද? (බලන්න ආබ්‍රහම් 2:11).

ගිවිසුම් ගැන ඉගැන්වීමට, වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් ඇමේසන් ගඟේ උදම් රළ ගැන කතා කළ අතර, එමිලි බෙල් ෆ්‍රීමන් සභාපතිනිය කැඩුණු වළලුකරක් සහිතව ගල් සහිත මාර්ගයක ඇවිදීම ගැන කතා කළා (බලන්න “ගිවිසුම් හරහා දෙවියන්වහන්සේගේ බලයට ප්‍රවේශ වීම,” ලියහෝනා, මැයි 2023, 35–37; “ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගිවිසුම් සම්බන්ධතාවකින් ගමන් කිරීම,” ලියහෝනා, නොවැ. 2023, 76–79). “දෙවියන්වහන්සේ සමඟ මා ගිවිසුම් ඇති කරගැනීම උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි?” යන ප්‍රශ්නයට පිළිතුරු දීමට උපකාර වන වාක්‍ය සඳහා, මෙම පණිවිඩවලින් එකක් හෝ දෙකම උවමනාවෙන් කියවා බලන්න.

එකිනෙකාට ඉගැන්වීමට පුද්ගලයින්ට ආරාධනා කරන්න. ඔබ ඔබේ පවුලට හෝ සභාවේ පන්තියකට ගිවිසුම් ගැන උගන්වන්නේ නම්, ඒ එක් එක් පුද්ගලයාට වැඩිහිටි රෙන්ලන්ඩ්ගේ හෝ ෆ්‍රීමන් සභාපතිනියගේ පණිවිඩ වලින් කොටසක් අධ්‍යයනය කිරීමට ලබාදීම ගැන සලකා බලන්න. එවිට ඔවුන් ඉගෙනගත් දේ පවුලේ සෙසු සාමාජිකයන් සමඟ හෝ පන්තිය සමඟ බෙදාගැනීමට ඔවුන්ට පුළුවන්. මෙය පුද්ගලයින්ට සාක්ෂි දැරීමට සහ එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට ඉඩ සලසනවා, එය ආත්මයාණන්වහන්සේට ආරාධනා කරනවා. (බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම26.)

ආබ්‍රහම් සහ සාරා

ඩිලීන් මාෂ් විසින්, The Abrahamic Covenant [ආබ්‍රහමික ගිවිසුම]

උත්පත්ති 14:18–19.

“මෙල්කිසදෙක් යනු ඇදහිල්ලේ මනුෂ්‍යයෙක් විය.”

ඔබ මෙල්කිසදෙක්ව නොදන්නා කෙනෙකුට ඔහුව හඳුන්වා දෙනවා යැයි සිතන්න. ඔබ කුමක් කියයිද? අදහස් සඳහා බලන්න ඇල්මා 13:13–19; දහම සහ ගිවිසුම් 107:1–4. මෙල්කිසදෙක් ගැන මෙම විස්තරවල ඔබ දකින ක්‍රිස්තුස්වහන්සේට සමාන ගුණාංග මොනවාද? මෙල්කිසදෙක්ගේ ජීවිතය පිළිබඳ ඔබේ අධ්‍යයනය, ඔබ මෙල්කිසදෙක් පූජකවරය දෙස බලන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද?

උත්පත්ති 14:18-24.

ආබ්‍රහම් දසයෙන් කොටස ගෙව්වේය.

උත්පත්ති 14:18–24 තුළින්, ධනය කෙරෙහි ආබ්‍රහම්ගේ ආකල්පය ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? උදාහරණයක් වශයෙන්, උත්පත්ති 14:23 හි සොදොම් රජුට ඔහු දැක්වූ ප්‍රතිචාරය සැලකිල්ලට ගන්න. දසයෙන් කොටස දීමේ නීතියට කීකරු වීම, මුදල් පිළිබඳ ඔබේ අදහසට බලපා ඇත්තේ කෙසේද?

උප්පත්ති 16

දෙවියන්වහන්සේ මට ඇහුම්කන් දෙන සේක.

ඔබ උත්පත්ති 16 කියවන විට, හාගර්ට දැනුණාක් මෙන් ඔබටත් අසාධාරණයක් සිදු වන බව ඔබට හැඟුණු කාලයක් ගැන ඔබ සිතන්න පුළුවන්. “ඉෂ්මායෙල්” යන්නෙහි තේරුම “දෙවියන්වහන්සේ ඇහුම්කන් දෙයි” යන බව දැනගන්න. දෙවියන්වහන්සේ ඔබට ඇහුම්කන් දුන් බව, උන්වහන්සේ ඔබට පෙන්වා දී ඇත්තේ කෙසේද?

තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ආබ්‍රහම් 1:18; 2:8

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අතින් අල්ලාගෙන මාව මෙහෙයවන සේක.

  • ඔබ සහ ඔබේ දරුවන් ආබ්‍රහම් 1:18 සහ 2:8 කියවන විට, මේ පද දෙකෙහිම සඳහන් කර ඇති ශරීරයේ කොටස ගැන සවන් දීමට ඔබට ඔවුන්ට ආරාධනා කරන්න පුළුවන්. සමහර විට ඔබට දරුවෙකුගේ ඇස් වසාගෙන, ඔබ අතින් අල්ලාගෙන එම දරුවාව කොහේ හෝ ගෙන යන ක්‍රීඩාවක් ඔබට කරන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපව අතින් අල්ලාගෙන ගෙන යාම හෝ අපව ආරක්ෂා කර ගැනීම ගැන හැඟෙන ආකාරය ගැන ඉන්පසු ඔබට කතා කරන්න පුළුවන්.

උත්පත්ති 13:5-12

මට සාමය ඇති කරන්නෙකු විය හැකිය.

  • ඔබේ දරුවන්ට ආබ්‍රහම්, ලොත් සහ එඬේරුන් ලෙස පෙනී සිටිමින්, උත්පත්ති 13:5–12 තුළ ඇති කතාව රඟපාමින් සතුටු වෙන්න පුළුවන්. අපේ පවුලේ අය හෝ මිතුරන් සමඟ සාමය ඇතිකරන්නෙකු වීමෙන් අපට ආබ්‍රහම්ගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද? ඔවුන්ගේ පිළිතුරු රඟ දැක්වීමට උත්සාහ කරන්න.

ආබ්‍රහම් ලොත් සමඟ කතා කරමින්

විලියම් ෆ්‍රෙඩෙරික්ස් විසින්, Lot’s Choice ලොත්ගේ තේරීම © Providence Collection/licensed from goodsalt.com

උත්පත්ති 13:16; උත්පත්ති 15:1–6; 17:1–8; ආබ්‍රහම් 2:9–11

මා දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගැනීම උන්වහන්සේට අවශ්‍යයි.

  • ඔබේ දරුවන්ට වැලි කන්ටේනරයක්, රාත්‍රී අහසේ තරු හෝ මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය පෙන්වීම ගැන සලකා බලන්න. උත්පත්ති 13:16; 15:1–6 තුළ ඇති දෙවියන්වහන්සේගේ පොරොන්දු තේරුම් ගැනීමට මෙය ඔවුන්ට උදව් වෙන්න පුළුවන්. දෙවියන්වහන්සේගේ පොරොන්දු සිදුවිය නොහැකි ලෙස පෙනුනද, ඒවා විශ්වාස කිරීමට ඔබ ඉගෙනගත් ආකාරය ගැන කතා කරන්න.

  • ගිවිසුම් ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීමට, ඔවුන් යමෙකුට පොරොන්දු වූ හෝ යමෙකු ඔවුන්ට පොරොන්දු වූ අවස්ථවක් ගැන ඔබට පවසන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. එය ප්‍රයෝජනවත් නම්, බව්තීස්මයේදී හෝ දේවමාළිගාවේදී ඔබ දෙවියන්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම් ඇතුළුව—ඔබේම උදාහරණ කිහිපයක් බෙදාගන්න. ඔබේ ගිවිසුම් දෙවියන්වහන්සේ සමඟ ඇති ඔබේ සම්බන්ධතාවයට බලපෑවේ කෙසේද? දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට සහ සාරාට පොරොන්දු වූ ආශීර්වාද කිහිපයක් බෙදාගැනීම සඳහා, උත්පත්ති 15:1–6; 17:1–8; ආබ්‍රහම් 2:9–11 තුළින් වාක්‍ය ඛණ්ඩ කිහිපයක් තෝරන්න.

  • ඔබේ දරුවන් බව්තීස්ම වූ විට ඔවුන්ට දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගැනීම සඳහා සූදානම් වීමට උපකාර කිරීම සඳහා, ඔබට උපග්‍රන්ථය A හෝ උපග්‍රන්ථය B හි යෝජනා කර ඇති ක්‍රියාකාරකම් අදහස් කිහිපයක් භාවිත කරන්න පුළුවන්.

ආබ්‍රහම් 1:12–17; උත්පත්ති 16:7–11

දෙවියන්වහන්සේ මට ඇහුම්කන් දෙන සේක.

  • ආබ්‍රහම්ගේ ජීවිතය අනතුරේ වැටුණු විට ඔහු දෙවියන්වහන්සේට කන්නලව් කළා. හාගර් පාළුකරයේ තනිව සිටින විට, දෙවියන්වහන්සේ ඇයට ඇහුම්කන් දුන් බව ඇය දැනගත්තා. මේ කතාවලින් අපි දෙවියන්වහන්සේ ගැන ඉගෙනගන්නේ මොනවාද? ඉන්පසු දෙවියන්වහන්සේ ඔබට ඇහුම්කන් දුන් බව ඔබට හැඟුනු අත්දැකීම් ඔබට එකිනෙකා සමඟ බෙදාගන්න පුළුවන්.

2:20

Abraham and Sarah

1:23

Hagar

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

සාරා තරු දෙස බලා සිටිමින්

කෝට්නි මැට්ස් විසින්, Pondering God’s Promise [දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන මෙනෙහි කිරීම]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: මා දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගැනීම උන්වහන්සේට අවශ්‍යයි