“ජනවාරි 26–පෙබරවාරි 1. ‘මේ දේවල් නුඹේ දරුවන්ට නිදහසේ උගන්වන්න’: උත්පත්ති 5; මෝසෙස් 6,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“ජනවාරි 26–පෙබරවාරි 1. ‘මේ දේවල් නුඹේ දරුවන්ට නිදහසේ උගන්වන්න’,” එන්න, මා අනුගමනය කරන්න: 2026
කෙන්ඩල් රේ ජොන්සන් විසින්, Better Than Paradise [පාරාදීසයට වඩා හොඳය]
ජනවාරි 26–පෙබරවාරි 1: “මේ දේවල් නුඹේ දරුවන්ට නිදහසේ උගන්වන්න”
උත්පත්ති 5; මෝසෙස් 6
උත්පත්ති 5 තුළ ඇති බොහෝමයක් පද ආදම් සහ ඒව සහ නෝවා අතර ඇති පරම්පරා ලැයිස්තුවකි. අපි නම් ගොඩක් කියවනවා, නමුත් අපි ඔවුන් ගැන වැඩි යමක් ඉගෙන ගන්නේ නැහැ. ඉන්පසු අපි මෙම කුතුහලය දනවන නමුත් පැහැදිලි කළ නොහැකි පේළිය කියවනවා: “තවද ඒනොක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය; දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේය” (උත්පත්ති 5:24). නිසැකවම එම පදය පිටුපස කතාවක් තිබෙනවා! නමුත් වැඩිදුර පැහැදිලි කිරීමකින් තොරව, පරම්පරා ලැයිස්තුව නැවත ආරම්භ වෙනවා.
වාසනාවකට මෙන්, මෝසෙස් 6 ඒනොක්ගේ කතාවේ විස්තර හෙළි කරනවා—එය තරමක් සැලකිය යුතු කතාවක්. ඒනොක්ගේ නිහතමානිකම, ඔහුගේ අනාරක්ෂීභාවය, දෙවියන්වහන්සේ ඔහු තුළ දුටු විභවය සහ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා ලෙස ඔහු ඉටු කළ විශිෂ්ට කාර්යය ගැන අපි ඉගෙන ගන්නවා. ආදම් සහ ඒවගේ පවුල පරම්පරා ගණනාවකින් ඉදිරියට යන විට අපට ඒ ගැන පැහැදිලි චිත්‍රයක් ද ලැබෙනවා. සාතන්ගේ “විශාල ආධිපත්‍යය” ගැන පමණක් නොව, දරුවන්ට “දෙවියන්වහන්සේගේ සියලු මාර්ග” ගැන ඉගැන්වූ දෙමාපියන් ගැනද අපි කියවනවා” (මෝසෙස් 6:15, 21). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල, පසුතැවීම, බව්තීස්මය සහ ශුද්ධාත්මයාණන්වහන්සේ ලබා ගැනීම යන මෙම දෙමාපියන් ඉගැන්වූ දහම ගැන අප ඉගෙන ගන්නා දේ විශේෂයෙන් වටිනවා (බලන්න මෝසෙස් 6:50–52). එම දහම, ඒ සමඟ, “දැන් ආරම්භයේ පටන්ම තිබූ, මෙම පූජකවරයම [මෙන්], ලෝකයේ අවසානය දක්වාමද තිබෙන්නේය.” (මෝසෙස් 6:7).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
දෙවියන්වහන්සේගේ දේවල් දැකීමට, දැනීමට සහ ඇසීමට මට ඇති හැකියාව, පාපය මගින් සීමා කරනවා.
ඔබ මෝසෙස් 6:26–36 අධ්‍යයනය කරන විට, පාපයේ බලපෑම් ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔබ මෙම බලපෑම් අත්විඳ ඇත්තේ කෙසේද? ඒනොක්ට මෙම බලපෑම් ජයගැනීමට උදව් වුණු ගුණාංග මොනවාද? එහි ප්‍රතිඵලයක් ලෙස දෙවියන්වහන්සේ ඔහුට ආශිර්වාද කළේ කොහොමද?
මගේ දුර්වලකම් තිබියදීත් දෙවියන්වහන්සේගේ කාර්යය කිරීමට උන්වහන්සේ මට ආරාධනා කරන සේක.
ස්වාමින්වහන්සේ ඔබට කිරීමට කැඳවා ඇති දේ බර වැඩි යැයි ඔබට කවදා හෝ හැඟෙන්නේ නම්, ඔබ තනිවී නැහැ. අනාගතවක්තෘවරයෙකු වීමට ස්වාමින්වහන්සේ ඒනොක්ව කැඳවූ විට ඔහුටත් හැඟුණේ එහෙමයි. ඔබ මෝසෙස් 6:26–36 කියවන විට, ඒනොක්ට එය බර වැඩි බවක් දැනීමට හේතුව සහ ඔහුට ධෛර්යය ලබා දීමට ස්වාමින්වහන්සේ පැවසූ දේ ගැන සොයා බලන්න.
37–47 පදවල, ස්වාමින්වහන්සේ ඒනොක්ට සහය දුන් ආකාරය සහ උන්වහන්සේගේ කාර්යය කිරීමට ඔහුට බලය දුන් ආකාරය ගැන ඔබට සොයන්න පුළුවන් (තවත් බලන්න මෝසෙස් 7:13). මෝසෙස් (බලන්න නික්මයාම 4:10–16), යෙරෙමියා (බලන්න යෙරෙමියා 1:4–10), නෙපී (බලන්න 2 නෙපී 33:1–4) සහ මොරෝනි (බලන්න ඊතර් 12:23–29) වැනි ප්‍රමාණවත් නොවන බව හැඟුණු අනෙකුත් අනාගතවක්තෘවරුන් සමඟ ඔබට ඒනොක්ගේ අත්දැකීම සන්සන්දනය කරන්න පුළුවන්. ඔබට හැඟෙන ලෙස, දෙවියන්වහන්සේ ඔබට කිරීමට දී ඇති කාර්යය ගැන මෙම ශුද්ධලියවිලි පදවලින් ඔබ ඉගෙන ගැනීමට අවශ්‍ය මොනවාද?
ඒවා තිමොති විසින්, A Seer Hath the Lord Raised Up (Moses 6:36) [ස්වාමින්වහන්සේ මෙම ජනතාව හට අනාගතය දකින්නෙකු නැගිටුවා ඇති සේක (මෝසෙස් 6:36)]
බොහෝ නවීන දින ප්‍රේරිතවරුන් සහ අනාගතවක්තෘවරුන් ඔවුන්ගේ කැඳවීම් ලැබීමේදී ඔවුන්ට හැඟුණු ආකාරය විස්තර කරන විට, ඒනොක්ට සමාන හැඟීම් ප්‍රකාශ කර තිබෙනවා. උදාහරණයක් ලෙස, “අනාගතවක්තෘවරුන් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුලින් කතාකරයි” (ලියහෝනා, මැයි 2018, 98–99) තුළ වැඩිහිටි උලිසෙස් සෝරෙස්ගේ සාක්ෂිය බලන්න.
ප්‍රමාණවත් නොවන බවක් ඔබට දැනෙන විට ඒ හැඟීම් ගැන මෙම අනාගතවක්තෘවරුන්ගෙන් සහ ප්‍රේරිතවරුන්ගෙන් ඔබට ඉගෙනගත හැක්කේ මොනවාද? අමාරු දේවල් කිරීමට ගැලවුම්කරුවාණන් ඔබෙන් ඉල්ලා සිටින විට, උන්වහන්සේ ඔබට උපකාර කරන බව ඔබට හැඟී ඇත්තේ කොයි ආකාරයෙන්ද? ඔබට ගැලවුම්කරුවාණන්ගේ උපකාරය මත විශ්වාසය තැබීමට අවශ්‍ය වූ විට, ඔබට අනාගතයේදී ලැබිය හැකි අත්දැකීම් කිහිපයක් ගැන ලිවීම සලකා බලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඔබට මෙම සිදුවීම් වෙත ළඟා විය හැක්කේ කෙසේද?
තවත් බලන්න ඩේවිඩ් ඒ. බෙඩ්නර්, “තවද නුඹ මා තුළත්, මා නුඹ තුළත් වාසය කරන්නෙහිය; එමනිසා මා සමඟ ගමන් කරපන්න,” ලියහෝනා, මැයි 2023, 123–25.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ආරම්භයේ සිටම උගන්වා ඇත.
මෝසෙස්ගේ පොත අප සතුව ඇති නිසා, ආදම් සහ ඒවගේ සිට මිදීම සොයා ගන්නා ආකාරය දෙවියන්වහන්සේ තම දරුවන්ට උගන්වමින් සිටින බව අපි දන්නවා. ඔබ මෝසෙස් 6:48–68 අධ්‍යයනය කරන විට, මිදීම සඳහා අප දැනගත යුතු සහ කළ යුතු දේ ගැන සොයන්න. 53 වෙනි පදයෙහි ආදම්ගේ ප්‍රශ්නය සැලකිල්ලට ගන්න. ඔබ කවදා හෝ ඒ ගැන කල්පනා කර තිබේද? 53-65 පද තුළ ස්වාමින්වහන්සේගේ පිළිතුරෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ආදම්ව බව්තීස්ම කිරීමේදී ස්වාමින්වහන්සේ දුන් පණිවිඩය ලෙස, මෙම පද ගැන ඔබ සිතන්න පුළුවන්. උන්වහන්සේගේ පණිවිඩයෙන් බව්තීස්මය ගැන ඔබ ඉගෙනගන්නේ කුමක්ද? ඔබ සිතන ආකාරයට, උන්වහන්සේ බව්තීස්මය “නැවත ඉපදීමට” සමාන කළේ ඇයි? (59 වෙනි පදය). ඔබේ ජීවිත කාලය පුරාම “නැවත ඉපදීමට” ඔබට කළ හැක්කේ මොනවාද?
සංකේත සොයන්න. ශුද්ධලියවිලිවල, දේවල් හෝ සිදුවීම් වලින් බොහෝ විට ආත්මික සත්‍යයන්, විශේෂයෙන්ම ගැලවුම්කරුවාණන් පිළිබඳ සත්‍යයන් නියෝජනය කිරීමට හෝ සංකේතවත් කිරීමට පුළුවන් (බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 7). මෙම සංකේත මගින් උන්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ දහම ගැන ඔබගේ අවබෝධය පොහොසත් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, මෝසෙස් 6:27 හි හදවත් සහ කන්, මෝසෙස් 6:35 හි ඇස් සහ මැටි, හෝ මෝසෙස් 6:59–60 හි ජලය යන සංකේතවලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද?
“මේ දේවල් නුඹේ දරුවන්ට නිදහසේ උගන්වන්න.”
ආදම්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ සත්‍යයන් ඉගැන්වීමෙන් පසු, අනාගත පරම්පරාවට ඒවා උගන්වන ලෙස මෝසෙස් 6:51–63 හි, ස්වාමින්වහන්සේ ආදම්ට පැවසුවා. මෙම සත්‍යයන් ලැයිස්තුවක් සෑදීම සලකා බලන්න. (එම ඡේදය 51–52, 53–57, 58–60, 61–63 පද වැනි කුඩා කොටස් වලට බෙදීමට උපකාරී වෙන්න පුළුවන්). මෙම සත්‍යයන් අද නැගී එන පරම්පරාවට වටින්නේ ඇයි? මොසායා 4:14–15 සහ දහම සහ ගිවිසුම් 68:25–28; 93:40–50 හි දෙමාපියන්ට ස්වාමින්වහන්සේ ලබාදෙන උපදෙස් වලින් ඔබට ඉගෙනගත හැකි තවත් දේවල් මොනවාද?
ආදම් සහ ඒවගේ පවුලේ අය තබා ගත් “සිහිකිරීමේ පොත” ගැන කියවීමෙන් ඔබට හෝ ඔබේ පවුලේ අයට ඔබේම සිහිකිරීමේ පොතක් සෑදීමට පෙලඹීමක් ඇතිවෙන්න පුළුවන්. ඔබට හැඟෙන ලෙස, ඔබ එහි ඇතුළත් කරනවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ මොනවාද? ඔබගේ සිහිකිරීමේ පොතෙන් තොරතුරු FamilySearch.org තුළ ඇතුළත් කිරීම ගැන සලකා බලන්න.
තවත් බලන්න ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙමාපියන්ගේ ශක්තියයි,” ලියහෝනා, මැයි 2023, 55–59.
තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
අමාරු දේවල් කරන්න මට උදව් කරන්න දෙවියන්වහන්සේට පුළුවන්.
-
ශුභාරංචිය දේශනා කිරීමට ඒනොක්ව කැඳවූ විට, ඔහු අසාර්ථක වේවි කියා ඔහු කනස්සල්ලට පත්වුණා. නමුත් දෙවියන්වහන්සේ ඔහුට උපකාර කළා. මෝසෙස් 6:26–34 හි ඇති මෙම කතාව එකට එක් වී කියවන්න. ඔහුට ශුභාරංචිය දේශනා කළ නොහැකි බව ඒනොක්ට හැඟුණේ ඇයි? (බලන්න මෝසෙස් 6:31). දෙවියන්වහන්සේ ඒනොක්ට උදව් කළේ කොහොමද? (බලන්න මෝසෙස් 6:32–34; 7:13).
-
දුෂ්කර දේවල් කිරීමට දෙවියන්වහන්සේ මිනිසුන්ට උපකාර කළ අවස්ථාවන් පිළිබඳ වෙනත් උදාහරණ බෙදාගැනීමට හෝ ඒවා රඟ දැක්වීමට ඔබේ දරුවන් කැමති වෙන්න පුළුවන්—උදාහරණ ලෙස, නෝවා, දාවිත්, අම්මොන්, හෝ ලාමන්වර සාමුවෙල් වගේ. ඔබට ඔබේම අත්දැකීමක් බෙදාගෙන, ඉන්පසු දුෂ්කර දේ කිරීමට දෙවියන්වහන්සේ ඔවුන්ට උපකාර කරන ආකාරය ගැන ඔබේ දරුවන්ට කතා කිරීමට ඉඩ දෙන්න.
ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල, පසුතැවීම, බව්තීස්මය සහ ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබීම, දෙවියන්වහන්සේ වෙත නැවත යාමට මාව සූදානම් කරයි.
-
දෙවියන්වහන්සේ වෙත ආපසු යාමට අප කළ යුතු දේ උන්වහන්සේ ආදම්ට ඉගැන්වුවා—ඒ තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබා, පසුතැවිලි වී, බව්තීස්ම වී, ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලබා ගැනීම. මෝසෙස් 6:52, 57 තුළ මෙම මූලධර්ම සොයාගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. ඉන්පසු මේ එක් එක් මූලධර්මය ගැන කෙටියෙන් කතාවක් ලිවීමට ඔබට ඔවුන්ට උපකාර වෙන්න පුළුවන්. ඒ සෑම කතාවකටම මෝසෙස් 6 න් ශුද්ධලියවිලි පදයක්, අත්දැකීමක් සහ සාක්ෂියක් ඇතුළත් කරන්න පුළුවන්. ඔවුන්ගේ කතා එකිනෙකා සමඟ බෙදා ගැනීමට ඔවුන්ට ඉඩ දෙන්න.
-
ඔබට ශුභාරංචියේ පළමු මූලධර්ම නියෝජනය කරන පින්තූර ප්‍රදර්ශනය කරන්න පුළුවන් (බලන්න හතරවන ඇදහිල්ලේ කරුණ). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරයක් දෙසට යන ලෙස පේළියකට ඒවා තබන්න. ඔබ මෝසෙස් 6:52 කියවන විට, පින්තූරයෙන් නියෝජනය වන වචන ඇසෙන විට ඔබේ දරුවන්ට නිවැරදි පින්තූරය අසල හිටගන්න පුළුවන්.
-
මෝසෙස් 6:52 තුළ මෙම මූලධර්ම සොයා ගැනීමට ඔවුන්ට උදව් කරන්න.
දෙමාපියන් තම දරුවන්ට ඉගැන්වීම ස්වර්ගීය පියාණන්වහන්සේට අවශ්‍යයි.
-
ශුභාරංචි ගුරුවරුන් ලෙස තම දෙමාපියන්ගේ භූමිකාවට සහයෝගය දැක්වීමට ඔබේ දරුවන්ව දිරිමත් කිරීමට, මෝසෙස් 6:58 කියවීමට සහ දෙවියන්වහන්සේ දෙමාපියන්ට දුන් ආඥාව හඳුනා ගැනීමට දරුවෙකුගෙන් ඉල්ලා සිටීම ගැන සලකා බලන්න. ඉන්පසු ඔබට ආදම් සහ ඒව තම දරුවන්ට උගන්වන පින්තූරයක් පෙන්වන්න පුළුවන් (මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය වැනි) එමෙන්ම එම පින්තූරයේ ඔවුන් දකින දේ ගැන ඔබේ දරුවන්ට කතා කිරීමට ඉඩ දෙන්න. ඔබේ දරුවන්ට ඔවුන්ගේ පවුල් එකට එක්ව ශුද්ධලියවිලි කියවීම, එකට එක්ව යාච්ඤා කිරීම හෝ එකට එක්ව සෙල්ලම් කරන ආකාරය චිත්‍රයට නගන්න පුළුවන්.
තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.