“නොවැම්බර් 24–30: ‘ඔහු ‘ඔහුගේ කාර්යය ඔහුගේම ස්වකීය රුධිරය මගින් මුද්‍රා කළේය”’: දහම සහ ගිවිසුම් 135–136,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 135–136,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
කාර්තේජ් සිරගෙදර
නොවැම්බර් 24–30: ඔහු “ඔහුගේ කාර්යය ඔහුගේම ස්වකීය රුධිරය මගින් මුද්‍රා කළේය”
දහම සහ ගිවිසුම් 135–136
1844 ජුනි 27 වෙනි දින පස්වරුවේ, ජෝන් ටේලර් සහ විලාර්ඩ් රිචඩ්ස් සමඟ ජෝසෆ් සහ හයිරම් ස්මිත් නැවත වරක් සිරගතව සිටිනු සොයා ගනු ලැබුණා. ඔවුන් කිසිඳු අපරාධයකට වරදකරුවන් නොවන බව විශ්වාස කළ නමුත්, ඔවුන් ඒ අත්අඩංගුවට ගැනීමට යටත් වූයේ, ශුද්ධවන්තයින්ව නාවූ හි සුරක්ෂිතව තබා ගැනීමට බලාපොරොත්තු වූ නිසයි. සභාවේ සතුරන් ජෝසෆ් අනාගතවක්තෘවරයාව සිරගත කළ පළමු අවස්ථාව මෙය නොවේ, නමුත් මෙවර ඔහු පණපිටින් ආපසු නොඑන බව ඔහු දැන සිටි බවක් පෙනෙන්නට තිබුණා. ඔහු සහ ඔහුගේ මිතුරන් මොර්මොන්ගේ පොතෙන් කියවමින් සහ ගීතිකා ගායනා කරමින් එකිනෙකාව සනසන්නට උත්සාහ කළා. ඉන්පසු වෙඩි හඬ ඇසුණු අතර, මිනිත්තු කිහිපයකින් ජෝසෆ් ස්මිත්ගේ සහ ඔහුගේ සහෝදර හයිරම්ගේ ලෞකික ජීවිතය අවසාන වුණා.
එසේ වුවද එය ඔවුන් වැළඳගත් දිව්‍යමය කාරණයේ අවසානය නොවේ. එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීමේ අවසානය නොවේ. එහි කිරීමට බොහෝ කාර්යයන් තිබෙනවා ඒවගේම සභාව ඉදිරියට මෙහෙයවන්න බොහෝ එළිදරව් තිබෙනවා. අනාගතවක්තෘවරයාගේ ජීවිතයේ අවසානය දෙවියන්වහන්සේගේ කාර්යයේ අවසානය නොවේ.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
දහම සහ ගිවිසුම් 135; 136:37–39
ජෝසෆ් සහ හයිරම් ස්මිත් ඔවුන්ගේ ලේ වලින් ඔවුන්ගේ සාක්ෂි මුද්‍රා තැබුවා.
ජෝසෆ් සහ හයිරම් ස්මිත්ව ඝාතනය කරන විට ඔබ නාවූ හි ජීවත් වූවා නම් ඔබට කෙසේ හැඟේවිදැයි කියා සිතන්න (බලන්න Saints, 1:554–55). මෙම ඛේදජනක සිදුවීම ඔබට කෙසේ දැනෙන්නට ඉඩ තිබෙයිද? මාස තුනකට පසුව ප්‍රකාශයට පත් කරන ලද දහම සහ ගිවිසුම් 135 ඒ සඳහා උපකාරයක් වෙන්න පුළුවන්. ඔබ මෙම කොටස උවමනාවෙන් කියවන විට, ඔබට අවබෝධය සහ සහතිකය ගෙන එනු ඇත්තේ මොනවාදැයි කියා සලකා බලන්න. “දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාව ඝාතනය කිරීමට උන්වහන්සේ ඉඩ හැරියේ ඇයි?” කියා අසන කෙනෙකුට ඔබ පවසන්නේ කුමක්ද? (බලන්න දහම සහ ගිවිසුම් 136:37–39).
ජෝසෆ් සහ හයිරම් මෙන් අවසානය දක්වා ක්‍රිස්තුස්වහන්සේට ඇදහිලිවන්තව සිටීමට ඔබව පොළඹවන වචන හෝ වාක්‍ය ඛණ්ඩ සඳහා ඔබට 135 වෙනි කොටස උවමනාවෙන් කියවිය හැකිය.
තවත් බලන්න දහම සහ ගිවිසුම් 5:21–22.
Testimony of the Book of Mormon
ජෝසෆ් ස්මිත් යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනාගතවක්තෘවරයෙක් සහ සාක්ෂිකරුවෙකි.
දහම සහ ගිවිසුම් 135:3 හි ජෝසෆ් ස්මිත් “වසර විස්සක් වැනි කෙටි කාලයක් තුළ” ඉටු කළ සමහර දේවල් සඳහන් කරනවා. මේ දේවල් ඔබට සහ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති ඔබේ සම්බන්ධතාවයට බලපෑවේ කෙසේද? ඔබ මෙවැනි වාක්‍යයක් සම්පූර්ණ කරන්නේ කෙසේදැයි සලකා බලන්න: ජෝසෆ් ස්මිත් හරහා ස්වාමින්වහන්සේ කළ දේ නිසා, මම … ඔබට ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා පිළිබඳ ඔබේ සාක්ෂිය වාර්තා කර එය අන් අය සමඟ බෙදා ගත හැකිය.
ජෝසෆ් ස්මිත්ගේ ධර්මදූත සේවය ගැන ඉගෙනගැනීමට තවත් ක්‍රමයක් තමයි, ඔහු වෙනුවෙන් කෙටි චරිත කතාවක් හෝ වර්ණනාවක් ලිවීමට උත්සාහ කිරීම. ක්‍රිස්තුස්වහන්සේ තුළ සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල ගොඩනගා ගැනීමට ඔබට එහි පැවසිය හැක්කේ මොනවාද? ඔබට දහම සහ ගිවිසුම් 135 තුළ හෝ පහත ඇති සම්පත්වල සඳහන් වැදගත් සිදුවීම් හෝ ජයග්‍රහණ එයට ඇතුළත් කිරීමට අවශ්‍ය විය හැකිය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජෝසෆ් ස්මිත් හරහා උන්වහන්සේ ගැනත් එමෙන්ම උන්වහන්සේගේ වන්දිගෙවීම ගැනත් බොහෝ සත්‍යයන් හෙළි කළා. මෙම වසරේ දහම සහ ගිවිසුම් අධ්‍යයනය කිරීමෙන් ඔබ ලැබූ අත්දැකීම් ගැන මෙනෙහි කරන්න. ඔබට කැපී පෙනුණු සත්‍යයන් මොනවාද? ඔබ මෙම සතියේ අධ්‍යයනය කරන විට, ඔබට ඒවා ඔබේ පවුලේ අය, පන්තිය හෝ ගණපූරණ සාමාජිකයන් හෝ වෙනත් අය සමඟ බෙදා ගැනීමට අවශ්‍ය විය හැකිය. මෙම සත්‍යයන් ඔබට තේරුම් ගැනීමට සහ ගැලවුම්කරුවාණන් වෙත සමීප වීමට උපකාර කරන්නේ කෙසේද?
Joseph Smith: The Prophet of the Restoration
ආශ්රිත සංගීතය
ගීතිකා ගායනා කිරීමෙන් හෝ වීඩියෝ නැරඹීම මගින්, ශුද්ධාත්මයාණන්ට ආරාධනා කිරීමට හෝ ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගේ කාර්යයන් සහ ඔහුගෙන් පසුව පැමිණි ශුද්ධවන්තයින්ගේ කැපකිරීම් පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීමට හැකිය.
Praise to the Man – The Tabernacle Choir at Temple Square
Come, Come, Ye Saints - Mormon Tabernacle Choir
Faith in Every Footstep - Mormon Tabernacle Choir
මම ස්වාමින්වහන්සේගේ උපදෙස් පිළිපදින විට, උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට මට උපකාර කළ හැකිය.
ජෝසෆ් ස්මිත්ගේ මරණයෙන් පසු, ශුද්ධවන්තයින්ව නාවූ වෙතින් පලවා හරින ලදි. ඔවුන් එම අවස්ථාවේ සැතපුම් 1,300 (කිලෝමීටර් 2,100) ගමනකට මුහුණ දුන්නේ කටුක පාළුකරයක් හරහායි. ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති බ්‍රිගම් යන්ග්, මෙම ශුද්ධවන්තයින් එය කෙසේ සම්පූර්ණ කරාවිද යන්න ගැන කනස්සල්ලට පත්ව සිටියා. වින්ටර් ක්වාටර්ස් හි තාවකාලිකව නැවතී සිටියදී, ඔහු මගපෙන්වීම ඉල්ලා යාච්ඤා කළා. ස්වාමින්වහන්සේ එයට ලබාදුන් ප්‍රතිචාරය 136 වෙනි කොටසේ සටහන් කර තිබෙනවා. “මෙම ගමනේදී ඔවුන්ගේ හැසිරීම ඔවුන්ගේ ගමනාන්තය තරම්ම වැදගත් බව මතක තබා ගැනීමට ශුද්ධවන්තයින්ට උපකාර කිරීමෙන්, බටහිර දෙසට සංක්‍රමණය වීම අවාසනාවන්ත අවශ්‍යතාවයක් ලෙස දැනෙනවා වෙනුවට, වැදගත් හවුල් අධ්‍යාත්මික අත්දැකීමක් බවට පරිවර්තනය කිරීමට මෙම එළිදරව්ව උපකාරී වුණා” (“This Shall Be Our Covenant,” in Revelations in Context, 308).
ඔබ 136 වෙනි කොටස අධ්‍යයනය කරන විට මෙය මතක තබාගන්න. ඔබේ ජීවිතයේ අසීරු අභියෝගයක් “වැදගත් අධ්‍යාත්මික අත්දැකීමක්” බවට පරිවර්තනය කරගැනීමට උපකාරී වන, ඔබ සොයාගන්නා උපදෙස කුමක්ද? මෙම උපදේශය මුල් ශුද්ධවන්තයින්ගේ චාරිකා වලට උපකාර වූවාක් මෙන්, ඔබගේ ජීවිතය තුළ ස්වාමින්වහන්සේගේ කැමැත්ත ඉටුකර ගැනීමට එය ඔබට උපකාර කරන්නේ කෙසේදැයි ඔබට මෙනෙහි කළ හැකිය.
ග්‍රෙග් ඔල්සන් විසින්, Winter Quarters [වින්ටර් ක්වාටර්ස්]
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
ජෝසෆ් සහ හයිරම් ස්මිත් ඔවුන්ගේ ජීවිත යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් සහ උන්වහන්සේගේ ශුභාරංචිය වෙනුවෙන් කැප කළා.
-
ඔබේ දරුවන් වෙනුවෙන් දහම සහ ගිවිසුම් 135:1 සාරාංශ කරන්න. ගැලවුම්කරුවාණන් වෙනුවෙන් සහ උන්වහන්සේගේ ශුභාරංචිය වෙනුවෙන් ජෝසෆ් සහ හයිරම් කළ කැපකිරීම ගැන ඔබේ හැඟීම් බෙදා ගැනීමට, ඔබට සහ ඔබේ දරුවන්ට මෙය හොඳ අවස්ථාවක් විය හැකිය.
3:21Chapter 57: The Prophet Is Killed: June 1844
-
දහම සහ ගිවිසුම් 135:4–5 හි සඳහන් වන ආකාරයට හයිරම් ස්මිත් කාර්තේජ් සිරගෙදරට යාමට පෙර ඔහු මොර්මොන්ගේ පොතෙන් කොටසක් කියවා තිබෙනවා. ඔබට සහ ඔබේ දරුවන්ට එම කොටස එකට එක්වී කියවිය හැකිය (බලන්න ඊතර් 12:36–38). මේ පද හයිරම්ව සනසන්න ඇත්තේ කෙසේද? ඔබ කනස්සල්ලෙන් හෝ දුකෙන් සිටින විට ඔබට සැනසිල්ල ගෙන දෙන ශුද්ධලියවිලිද ඔබට බෙදාගත හැකිය.
-
ඔබට සහ ඔබේ දරුවන්ට අනාගතවක්තෘවරුන්ගේ පින්තූර දෙස බලා දෙවියන්වහන්සේ අනාගතවක්තෘවරුන්ට කුමන දේවල් කිරීමට ආරාධනා කරනවාදැයි සාකච්ඡා කළ හැකිය. මෙම අනාගතවක්තෘවරුන් ගැලවුම්කරුවාණන් වෙනුවෙන් කැප කර ඇත්තේ මොනවාද?
නිවස තුළ, ඉගෙනීම සහ ජීවත්වීම වෙන් කළ හැකි දේවල් නොවේ. “ශුභාරංචිය නිවස තුළ අදාළ කරගැනීමට පුළුවන්. ඔබ ශුභාරංචිය ඉගෙන ගන්නා අය, සහ සෑම දිනකම ඔබ සමඟ ඒ අනුව ජීවත් වන අය සිටින්නේ නිවසේයි. ඇත්තෙන්ම, බොහෝ වේලාවට, ශුභාරංචිය අනුව ජීවත්වීම යනු අපි ශුභාරංචිය ඉගෙනගන්නා ආකාරයයි” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 31).
ජෝසෆ් ස්මිත් යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනාගතවක්තෘවරයෙක් මෙන්ම සාක්ෂිකරුවෙකි.
-
ජෝසෆ් ස්මිත්ගේ ධර්මදූත සේවය තුළින් ස්වාමින්වහන්සේ අපට ආශිර්වාද කර ඇති ආකාරය මතක තබා ගැනීමට සහ එය අගය කිරීමට ඔබේ දරුවන්ට උපකාර කිරීම සඳහා, ඔබට ජෝසෆ් කළ දේවල් නියෝජනය කරන මොර්මොන්ගේ පොත, දහම සහ ගිවිසුම්, හෝ දේවමාළිගාවක පින්තූරයක් වැනි වස්තූන් ප්‍රදර්ශනය කළ හැකිය (තවත් බලන්න මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව). ඉන්පසු, ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප වීමට අපට උපකාර කිරීමට ජෝසෆ් ස්මිත් කළ සමහර දේවල් බැලීම සඳහා ඔබේ දරුවන්ට දහම සහ ගිවිසුම් 135:3 කියවන්න පුළුවන්. මේ දේවල් සඳහා ඔබේ දරුවන් ස්තූතිවන්ත වන්නේ මන්දැයි බෙදා ගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න.
ඩෙල් පාර්සන් විසින්, American Prophet [අමෙරිකානු අනාගතවක්තෘවරයා]
මම අරගල කරන විට ස්වාමින්වහන්සේට මට ආශිර්වාද කළ හැකිය.
-
කාමරයක එක් පැත්තක නාවූ දේවමාළිගාවේ පින්තූරයක් තබා, අනෙක් පැත්තෙන් සරල නවාතැනක් නිර්මාණය කිරීම ගැන සලකා බලන්න. පින්තූරය අසලට රැස් වීමට ඔබේ දරුවන්ට ආරාධනා කර, ජෝසෆ් ස්මිත්ගේ මරණයෙන් පසු නාවූ හැර යාමට සිදු වූ ශුද්ධවන්තයින් ගැන ඔවුන්ට කියන්න. මෙම ශුද්ධවන්තයින්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබූ ඇදහිල්ල ගැන අවධාරණය කරන්න, ඒවගේම වින්ටර් ක්වාටර්ස් වෙත යන ගමන නියෝජනය කිරීම සඳහා ඔබ නිර්මාණය කළ නවාතැනට ඇවිදගෙන යාමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න.
1:31Chapter 58: A New Leader for the Church: July–August 1844
3:51Chapter 60: The Saints Leave Nauvoo: September 1845–September 1846
2:29Chapter 62: The Saints Establish Winter Quarters: 1846–1847
-
දහම සහ ගිවිසුම් 136 තුළ, ශුද්ධවන්තයින් සෝල්ට් ලේක් නිම්නය වෙත යන ගමනේදී උපකාර කිරීම උදෙසා, ස්වාමින්වහන්සේ විසින් ඔවුන්ට උපදෙස් දුන් බව පැහැදිලි කරන්න. මෙම ගමන සඳහා ධෛර්යය ලබා දිය හැකි යමක් මෙම එළිදරව්ව තුළ තිබේදැයි සොයාගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න (බලන්න 4, 10–11, 18–30 පද). අද අප මුහුණ දෙන පීඩාවලට මෙම උපදෙස උපකාරවත් වන්නේ කෙසේද?
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.