Doctrine and Covenants 2025
නැවත පිහිටුවීමේ හඬවල්: අපේ මුතුන් මිත්තන් සඳහා බව්තීස්මය, “මහිමාන්විත දහමක්”


“නැවත පිහිටුවීමේ හඬවල්: අපේ මුතුන් මිත්තන් සඳහා බව්තීස්මය, ‘මහිමාන්විත දහමක්,’” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“අපේ මුතුන් මිත්තන් සඳහා බව්තීස්මය, ‘මහිමාන්විත දහමක්,’” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

නැවත පිහිටුවීමේ හඬවල් නිරූපකය

නැවත පිහිටුවීමේ හඬවල්

අපේ මුතුන් මිත්තන් සඳහා බව්තීස්මය, “මහිමාන්විත දහමක්”

නාවූ දේවමාළිගාවේ බව්තීස්ම තටාකයේ දළ රූප සටහන

මෙම දළ රූප සටහනේ දැක්වෙන්නේ ගෝනුන් දොළොස් දෙනෙකු මත රැඳී තිබෙන නාවූ දේවමාළිගාවේ බව්තීස්ම තටාකයයි.

ෆීබි සහ විල්ෆර්ඩ් වුඩ්රෆ්

Portrait engraving of Orson Pratt

කලින් ජීවත් වූ අය සඳහා බව්තීස්ම වීමේ හැකියාව ගැන ජෝසෆ් ස්මිත් ඉගැන්වීම ආරම්භ කරන විට, ෆීබි වුඩ්රෆ් ජීවත් වූයේ නාවූ අසලයි. ඇය ඒ ගැන එංගලන්තයේ ධර්මදූත සේවයේ යෙදී සිටි ඇගේ සැමියා වන විල්ෆර්ඩ්ට මෙසේ ලිව්වා:

“මෙම සභාවේ සිටින අයට ඔවුන්ගේ දරුවන්, දෙමාපියන්, සහෝදරයන්, සහෝදරියන්, ආච්චිලා සීයලා, මාමලා, නැන්දලා ඇතුළු ශුභාරංචිය ඇසීමෙන් තොරව මිය ගිය ඔවුන්ගේ ඥාතින් වෙනුවෙන් බව්තීස්ම විය හැකි බව, සහෝදර ජෝසෆ් එළිදරව්වකින් ඉගෙනගෙන තිබෙනවා. … ඔවුන් තම මිතුරන් වෙනුවෙන් බව්තීස්ම වූ වහාම, ඔවුන්ව ආත්මික සිරගෙදරින් නිදහස් වන අතර ඔවුන්ට නැවත නැගිටීමේදී සෙලෙස්ටියල් රාජ්‍යය වෙත යන්නට පුළුවන් වෙනවා—මෙම දහම සභාව විසින් සුහදව පිළිගෙන තිබෙනවා, ඔවුන් සමූහයන් ලෙස ඉදිරියට යමින් සිටිනවා, සමහරු එක් දිනක් තුළ 16 වතාවක් පමණ බව්තීස්ම වන්න නියමිතයි.”

විල්ෆර්ඩ් වුඩ්රෆ් පසුව මෙම මූලධර්මය ගැන මෙසේ පැවසුවා: “මම ඒ ගැන ඇසූ මොහොතේ මගේ ආත්මය ප්‍රීතියෙන් පිනා ගියා. … මම ඉදිරියට ගොස් මට සිතිය හැකි මගේ මියගිය සියලුම ඥාතීන් වෙනුවෙන් මම බව්තීස්ම වුණා. … මළවුන් සඳහා බව්තීස්මය අපට හෙළි කරමින් පැමිණි එළිදරව්ව වෙනුවෙන් මට හාලේලූයියා කියන්නට සිතුණා. ස්වර්ගයේ මෙම ආශිර්වාදය නිසා ප්‍රීති වීමට අපට අයිතියක් ඇති බව මට හැඟුණා.”

විලේට් කිම්බල්

Portrait of Vilate Kimball.

වුඩ්රෆ් සහෝදරිය මෙන්ම, විලේට් කිම්බල්ටද ඇයගේ ස්වාමිපුරුෂයා වූ හීබර් ශුභාරංචිය ප්‍රකාශ කරන්නට ඉවතට ගොස් සිටියදී, මෙම නියෝජිත බව්තීස්මය ගැන අසන්නට ලැබුණා. ඇය ඔහුට මෙසේ ලිව්වා:

“සභාපති ස්මිත් නව හා තේජාන්විත කාරණයක් ගෙන හැර දක්වා තිබෙනවා … එය සභාවේ තරමක ප්‍රබෝධයක් ඇති කර තිබෙනවා. ඒ තමයි, මළවුන් වෙනුවෙන් බව්තීස්මය. පාවුල් ඒ ගැන පළමු කොරින්ති 15 වන පරිච්ඡේදයේ 29 වන පදයේ කතා කරනවා. ජෝසෆ්ට එළිදරව් තුළින් ඒ පිළිබඳ වඩාත් සම්පූර්ණ පැහැදිලි කිරීමක් ලැබී තිබෙනවා. … මෙම ශුභාරංචිය ප්‍රකාශයට පත් වීමට පෙර මිය ගිය ඔවුන්ගේ සියලුම ඥාතීන් වෙනුවෙන් බව්තීස්ම වීමට, එමෙන්ම ඔවුන්ගේ මී-මුත්තන් සහ මිත්තණියන් වෙනුවෙන් පවා බව්තීස්ම වීමට මෙම සභාව වරප්‍රසාද ලබා තිබෙනවා. එසේ කිරීමෙන්, අපි ඔවුන්ගේ නියෝජිතයන් ලෙස කටයුතු කරනවා; ඒවගේම පළමු නැවත නැගිටීමේදී ඔවුන්ට පෙරට පැමිණීමේ වරප්‍රසාදය ලබා දෙනවා. ඔහු පවසන ආකාරයට ඔවුන්ට ශුභාරංචිය දේශනා කරනු ලැබෙනවා … නමුත් ආත්මයන් බව්තීස්ම කිරීම වැනි දෙයක් එහි නැහැ. … මෙම නියෝගය මෙහි දේශනා කර ඇති දා පටන්, ජලය නිරන්තරයෙන් කැළඹී තිබෙනවා. සම්මන්ත්‍රණය අතරතුර සමහර විට වැඩිහිටියන් අට-දෙනෙකුගේ සිට දහ-දෙනෙකු දක්වා වරකට ගඟේ බව්තීස්ම කරමින් සිටිනවා. … මට මගේ අම්මා වෙනුවෙන් බව්තීස්ම වෙන්න අවශ්‍යයි. ඔබ නිවසට පැමිණෙන තෙක් බලා සිටීමට මම දින ගණන් කළා, නමුත් ජෝසෆ් මෙම කාරණය පිළිබඳව අවසන් වරට කතා කළ විට, ඔහු සෑම කෙනෙකුටම උපදෙස් දුන්නේ ඉදිරියට ඇවිත් එය කරන ලෙසයි, ඒවගේම හැකි ඉක්මනින් ඔවුන්ගේ මිතුරන්ව වහල්භාවයෙන් නිදහස් කරගන්නා ලෙසයි. ඉතින් අසල්වැසියන් ගණනාවක් ඉදිරියට යන නිසා, මම මේ සතියේ එය ඉටුකිරීමට සිතා ඉන්නවා. සමහර අය දැනටමත් කිහිප වතාවක් බව්තීස්ම වෙලා තිබෙනවා. … මේ අනුව, සෑම කෙනෙකුටම අවස්ථාවක් ඇති බව එයින් පෙනී යනවා. මෙය තේජාන්විත දහමක් නේද?”

ෆීබි චේස්

Portrait of Phebe Chase

නාවූ දේවමාළිගාවේ බව්තීස්ම තටාකය ඉදි වී අවසන් වූ පසු, ගඟේ වෙනුවට ඒ තුළ එම නියෝජිත බව්තීස්මයන් ඉටු කළා. නාවූ හි පදිංචි ෆීබි චේස්, දේවමාළිගාව ගැන ඇගේ මවට ලිව්වා, බව්තීස්ම තටාකය විස්තර කළ ඇය එය “අපගේ මළවුන් වෙනුවෙන් බව්තීස්ම වී සයොන කන්දේ ගැලවුම්කරුවන් විය හැකි” ස්ථානයක් ලෙස හැඳින්වුවා. ඇය තවදුරටත් මේ තටාකය ගැන මෙසේ පැහැදිලි කළා, “මගේ ආදරණීය පියා වෙනුවෙන් සහ මගේ මියගිය සියලුම මිතුරන් වෙනුවෙන් මම බව්තීස්ම වුණා. … දැන් මට ඔබේ පියාගේ සහ මවගේ නම් මොනවාදැයි දැන ගැනීමට අවශ්‍යයි, එවිට මට ඔවුන්ව නිදහස් කිරීමට පුළුවන්, මන්ද මම මළවුන්ට සහනයක් ලබා දීමට කැමතියි. … ස්වාමින්වහන්සේ නැවත කතා කර මේ පැරණි පිළිවෙළ නැවත පිහිටුවා තිබෙනවා.”

සැලී රැන්ඩල්

කලින් ජීවත් වූ පවුලේ සාමාජිකයන් සඳහා බව්තීස්මය ගැන ඇගේ මිතුරන්ට සහ පවුලේ අයට ලියූ සැලී රැන්ඩල්, ඇගේ පුත් ජෝර්ජ්ගේ අභාවය සිහිපත් කළා:

“අනේ එය මට මොනතරම් දුෂ්කර කාලයක්ද, එය එසේ සිදු වී තිබුණත් තවමත් මට එය සිතාගන්නට බැහැ, නමුත් ඔහුගේ පියා ඔහු වෙනුවෙන් බව්තීස්ම වුණා, ඉතින් අපි ඒ විශ්වාස කරන දේ කොයි තරම් මහිමාන්විත දෙයක්ද, ශුභාරංචියේ පූර්ණත්වය, එය දැන් දේශනා කර තිබෙන ආකාරයට අපි විශ්වාස කරනවා සහ ලබාගන්නවා, ඒවගේම අපිට ආපස්සට ගොස් මිය ගිය අය ගැන තොරතුරු දැනගන්න පුළුවන් තරමටම, අපිට දැන් අපේ මියගිය මිතුරන් වෙනුවෙන් බව්තීස්ම වෙන්න පුළුවන්, ඒවගේම ඔවුන්ව ගලවාගන්න පුළුවන්.

“සීයලා සහ ආච්චිලා දක්වා මිය ගිය අපගේ සියලු සම්බන්ධතා වල මුල් නම් ඔබ මට ලියනවානම් මම කැමතියි. මගේ මිතුරන් බේරා ගැනීම සඳහා මට කළ හැකි දේ කිරීමට මම අදහස් කරගෙන සිටිනවා, ඒවගේම ඔබගෙන් කිහිප දෙනෙකු පැමිණ මට උදව් කරන්නේ නම් මම ඉතා සතුටුයි, මොකද එය කෙනෙකුට තනිවම කළ හැකි විශාල කාර්යයකි. … මෙය අමුතු දහමක් යැයි ඔබ සිතාවි කියා මම සිතනවා, නමුත් එය සත්‍ය බව ඔබට පෙනී යයි.”

සටහන්

  1. Phebe Woodruff letter to Wilford Woodruff, Oct. 6, 1840, Church History Library, Salt Lake City; spelling and punctuation standardized.

  2. Wilford Woodruff, “Remarks,” Deseret News, May 27, 1857, 91; punctuation modernized.

  3. Vilate Kimball letter to Heber C. Kimball, Oct. 11, 1840, Church History Library, Salt Lake City; spelling and punctuation standardized.

  4. Phebe Chase letter, undated, Church History Library, Salt Lake City; spelling and punctuation standardized. ශුද්ධවන්තයින් මුලින්ම මළවුන් සඳහා බව්තීස්ම කිරීමට පටන් ගත් විට, සමහර විට පුද්ගලයන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම මුතුන් මිත්තන් වෙනුවෙන් බව්තීස්ම වුණා. පිරිමින් සඳහා පිරිමින් සහ කාන්තාවන් සඳහා කාන්තාවන් බව්තීස්ම කළ යුතු බව පසුව අනාවරණය වුණා.

  5. Sally Randall letter, Apr. 21, 1844, Church History Library, Salt Lake City; spelling and punctuation modernized.