Doctrine and Covenants 2025
නොවැම්බර් 10–16: “මම නුඹගේ කීකරුකමේ කැපකිරීම් දැක ඇත්තෙමි”: දහම සහ ගිවිසුම් 129–132


“නොවැම්බර් 10–16: ‘මම නුඹගේ කීකරුකමේ කැපකිරීම් දැක ඇත්තෙමි’: දහම සහ ගිවිසුම් 129–132,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 129–132,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ජෝසෆ් ස්මිත් උගන්වමින්

තියඩෝර් ගොර්කා විසින්, Joseph Smith in Nauvoo, 1840 [1840 දී, නාවූ හි ජෝසෆ් ස්මිත්]

නොවැම්බර් 10–16: “මම නුඹගේ කීකරුකමේ කැපකිරීම් දැක ඇත්තෙමි”

දහම සහ ගිවිසුම් 129–132

ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත් හරහා සදාකාලිකත්වයෙන් සමහර අභිරහස් ඉවත් කර දැමුවා. දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, ස්වර්ගයේ මහිමය සහ සදාකාලිකත්වයේ විශාලත්වය, නැවත පිහිටුවන ලද ශුභාරංචියේ ආලෝකය තුළ, අප වැනි සීමිත ධාරිතාවකින් යුත් මනසකට පවා පාහේ ඒවා හුරුපුරුදු ලෙස පෙනෙන්නට පුළුවන්. දහම සහ ගිවිසුම් 129–32 හි ඇති එළිදරව් ඒ සඳහා හොඳ උදාහරණයක්. දෙවියන්වහන්සේ මොන වගේද? උන්වහන්සේට “මනුෂ්‍යයාගේ මෙන් ස්පර්ශ කළ හැකි ශරීරයක් ඇත්තේය.” ස්වර්ගය මොන වගේද? “එනම් අප අතර මෙහිවූ එම සමාජිකත්වයම එහි අප අතර පවතිනු ඇත” (දහම සහ ගිවිසුම් 130:22, 2). ඇත්තවශයෙන්ම, ස්වර්ගය පිළිබඳ වඩාත් ප්‍රීතිමත් සත්‍යයක් තමයි, නිසි අධිකාරිත්වය යටතේ මුද්‍රා වී ඇත්නම්, එහි අපගේ ආදරණීය පවුල් සබඳතා නොවෙනස්ව තිබිය හැකිය. මෙවැනි සත්‍යයන් නිසා ස්වර්ගය එතරම් දුරස්ථ නොවන බවක් දැනෙනවා—එය තේජාන්විත නමුත් ළඟා විය හැකි තැනක්.

නමුත් සමහර විට, අපට අපහසු සහ කළ නොහැකි දේවල් කරන ලෙස දෙවියන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්න පුළුවන්. බොහෝ මුල් ශුද්ධවන්තයින් සඳහා, බහු විවාහය එවැනි ආඥාවක් වුණා. එය ජෝසෆ් ස්මිත්ට, ඔහුගේ බිරිඳ එමාට සහ එය ලැබූ සෑම කෙනෙකුටම පාහේ ඇදහිල්ලේ දැඩි පරීක්ෂණයක් වුණා. මෙම අභියෝගය හරහා එය සිදු කිරීමට, ඔවුන්ට නැවත පිහිටුවන ලද ශුභාරංචිය ගැන ඇති හිතකර හැඟීම්වලට වඩා වැඩි යමක් අවශ්‍ය වුණා; ඔවුන්ට දෙවියන්වහන්සේ කෙරෙහි ඊටත් වඩා ගැඹුරට ගිය ඇදහිල්ලක් අවශ්‍ය වුණා. එම ආඥාව තවදුරටත් අද පවතින්නේ නෑ, නමුත් ඒ අනුව ජීවත් වූ මිනිසුන්ගේ ඇදහිලිවන්ත ආදර්ශය තවමත් පවතිනවා. අපගේම “කීකරුකමේ කැපකිරීම්” (දහම සහ ගිවිසුම් 132:50) කිරීමට අපෙන් ඉල්ලා සිටින විට මෙම උදාහරණය අපව දිරිමත් කරයි.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 130–132

තම දරුවන්ව උත්කර්ෂවත් කිරීමට දෙවියන්වහන්සේට අවශ්‍යයි.

උත්කර්ෂවත් වීම ගැන හෝ සෙලෙස්ටියල් රාජ්‍යයේ ඉහළම තත්වය—එනම් දෙවියන්වහන්සේ ජීවත් වන ආකාරයේ ජීවිතය ගැන අපි නොදන්නා බොහෝ දේ තිබෙනවා. ඒවායින් බොහොමයක් අපගේ වර්තමාන තේරුම් ගැනීමේ හැකියාවෙන් ඔබ්බට තිබෙන්න පුළුවන්. නමුත් දෙවියන්වහන්සේ අගනා ඉඟි කිහිපයක් හෙළි කර ඇති අතර, ඒවායින් බොහොමයක් දහම සහ ගිවිසුම් 130–32 හි දකින්නට පුළුවන්. මෙවැනි ප්‍රශ්න මනසේ තබාගෙන ඔබට ඒවා කියවිය හැකියි: මම දෙවියන්වහන්සේ ගැන ඉගෙනගන්නේ මොනවාද? මරණින් පසු ජීවිතය ගැන මා ඉගෙන ගන්නේ කුමක්ද? සදාකාල ජීවනය පිළිබඳ මෙම තොරතුරු දැන් මගේ ජීවිතයට ආශිර්වාද කළ හැක්කේ කෙසේද?

දහම සහ ගිවිසුම් 130:20–21; 132:5

දෙවියන්වහන්සේගේ නීතිවලට කීකරු වන පුද්ගලයින්ට උන්වහන්සේ ආශිර්වාද කරන සේක.

දහම සහ ගිවිසුම් 130:20–21 සහ 132:5 හි ස්වාමින්වහන්සේ උගන්වන දේ ඔබ ඔබේම වචනවලින් ප්‍රකාශ කරන්නේ කෙසේද? මෙම මූලධර්මය ඔබේ ජීවිතය තුළ පෙන්නුම් කර ඇති ආකාරය ගැන මෙනෙහි කරන්න.

සමහර විට, අපි දෙවියන්වහන්සේට කීකරු වන විට පවා, අප බලාපොරොත්තු වන ආශිර්වාද එසැණින්ම ලැබෙන්නේ නෑ. මෙය මේ ආකාරයෙන් සිදුවන විට ඔබ ඔබේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව පවත්වා ගන්නේ කෙසේද? වැඩිහිටිඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්ගේ “දෙවියන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය” (ලියහෝනා, 2022 මැයි, 78–80) යන පණිවිඩය තුළ ඇති තවත් අදහස් සොයන්න.

තවත් බලන්න 1 නෙපී 17:35; දහම සහ ගිවිසුම් 82:10.

දහම සහ ගිවිසුම් 132:13–21

සෙමනේරි නිරූපකය
පවුල්වලට සදාකාලික වීමට ස්වර්ගික පියාණන්වහන්සේ ඉඩ සලසා දුන් සේක.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් තුළින්, විවාහය සහ පවුල් සබඳතා සදාකාලික විය හැකි බවෙහි සත්‍යය ස්වාමින්වහන්සේ නැවත පිහිටෙව්වා. ඔබ දහම සහ ගිවිසුම් 132:13–21 කියවන විට, සදාකාලිකව “පවතින” දේ සහ නොපවතින දේ අතර වෙනස තේරුම් ගැනීමට උපකාර වන වාක්‍ය ඛණ්ඩ සොයන්න. ඔබ සිතන ආකාරයට, විවාහ සබඳතාවයක් “[ස්වාමින්වහන්සේ] මගින්” වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (14 වෙනි පදය).

සභාපති හෙන්රි බී. අයරින් තම පවුලේ තත්වය ගැන කනස්සල්ලට පත් වූ විට ඔහුට ලැබුණු මෙම උපදෙස බෙදාගත්තා: “ඔබ සෙලෙස්ටියල් රාජ්‍යයට සුදුසු ලෙස ජීවත් වෙන්න, පවුල් සැලසුම් වන ආකාරය එහිදී ඔබට සිතාගත නොහැකි තරම් අපූරු වනු ඇත” (in “A Home Where the Spirit of the Lord Dwells,” Liahona, May 2019, 25). මෙම උපදෙස ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට උපකාර කරන්නේ කෙසේද?

දේවමාළිගාවෙන් පිටත සිටින පිරිමියෙක් සහ කාන්තාවක්

ස්වාමින්වහන්සේගේ දේවමාළිගාව තුළ විවාහයක් සදාකාලිකව මුද්‍රා තැබිය හැකිය.

දහම සහ ගිවිසුම් 132:1–2, 29–40

බහු විවාහය දෙවියන්වහන්සේට පිළිගත හැක්කේ උන්වහන්සේ ඒ සඳහා ආඥා කළ විට පමණයි.

ආබ්‍රහම්, යාකොබ්, මෝසෙස් සහ තවත් අය බහු භාර්යාවන් විවාහ කර ගැනීම ගැන පරණ ගිවිසුම කියවන බොහෝ අය පුදුම වෙනවා. ස්වාමින්වහන්සේගේ මෙම සේවකයන් අනාචාරයේ යෙදී සිටියාද? ඔවුන්ගේ විවාහයන් දෙවියන්වහන්සේ අනුමත කළාද? ජෝසෆ් ස්මිත්ටත් ඒ හා සමාන ප්‍රශ්න තිබුණා. දහම සහ ගිවිසුම් 132:1–2, 29–40 හි දෙවියන්වහන්සේ ඒ සඳහා ලබා දුන් පිළිතුරු සොයන්න.

එක් පුරුෂයෙකු සහ එක් කාන්තාවක් අතර විවාහය විවාහය සඳහා දෙවියන්වහන්සේ ලබා දී ඇති සම්මතයයි (බලන්න නිල ප්‍රකාශනය 1 හි කොටස් ශීර්ෂය; යාකොබ් 2:27, 30). කෙසේවෙතත්, දෙවියන්වහන්සේගේ දරුවන්ට බහු විවාහය සිදු කරන ලෙස උන්වහන්සේ ආඥා කළ අවස්ථා තිබෙනවා.

නැවත පිහිටුවන ලද සභාවේ මුල් වසර කිහිපය එම ව්‍යතිරේක කාලවලින් එකක්.

10:8

Why was it necessary for Joseph Smith and others to practice polygamy?

ළමුන්ගේ කොටස නිරූපකය 03

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 130:2, 18–19; 132:13, 19

මම සදාකාලික දේවල් කෙරෙහි අවධානය යොමු කිරීම ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍යයි.

  • දහම සහ ගිවිසුම් 132:13 තුළ ලෝකයේ දේවල් ගැන අපට උගන්වන්නේ කුමක්ද? සමහරවිට ඔබට සහ ඔබේ දරුවන්ට දහම සහ ගිවිසුම් 130:2, 18–19; 132:19 හි කියවෙන අපට අප සමඟ ඊලඟ ජීවිතයට ගෙන යා හැකි දේවල් නියෝජනය කරන භාණ්ඩ සහිත ගමන් මල්ලක් හෝ බෑගයක් අසුරා ගන්න පුළුවන්.

දහම සහ ගිවිසුම් 130:20–21132:5, 21–23

මම දෙවියන්වහන්සේගේ නීතිවලට කීකරු වන විට උන්වහන්සේ මට ආශිර්වාද කරන සේක.

  • සමහරවිට සරල සැසඳීමකින් දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වීම ගැන ඔබට ඔබේ දරුවන්ට ඉගැන්විය හැකිය. නිදසුනක් වශයෙන්, ඔබට පාසලකට හෝ සභා ගොඩනැගිල්ලකට වැනි ස්ථානයකට ඇවිද යාම සඳහා උපදෙස් දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. අපි උපදෙස් අනුගමනය නොකරන විට කුමක් සිදුවේද? ඉන්පසු ඔබට දහම සහ ගිවිසුම් 130:21 කියවා මෙම මගපෙන්වීම් දෙවියන්වහන්සේ අපට දී ඇති ආඥා සමඟ සන්සන්දනය කළ හැකිය.

  • අපි දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට උත්සාහ කරන විට උන්වහන්සේ අපට ආශිර්වාද කරන්නේ කෙසේද?

දහම සහ ගිවිසුම් 130:22

ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අමරණීය භෞතික ශරීර ඇත.

  • එකට එක් වී දහම සහ ගිවිසුම් 130:22 කියවීමෙන් පසු, ඔබට සහ ඔබේ දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරයක් දෙස බලා උන්වහන්සේගේ ඇස්, මුඛය සහ උන්වහන්සේගේ ශරීරයේ අනෙකුත් කොටස් පෙන්වා දිය හැකිය. ඔබේ දරුවන්ට ඔවුන්ගේම ශරීරයේ එම කොටස් පෙන්විය හැකිය. අපගේ ශරීර ස්වර්ගික පියාණන්වහන්සේගේ සහ යේසුස්වහන්සේගේ ශරීර මෙන් පෙනෙන බව දැනගැනීම වැදගත් වන්නේ මන්දැයි ඔවුන්ට කියන්න.

දේවමාළිගාව පිටත සිටින කාන්තාව සහ ගැහැණු ළමයා

ස්වාමින්වහන්සේගේ ගෘහයේ නියෝග නිසා, පවුල් වලට සදාකාලික විය හැකිය.

දහම සහ ගිවිසුම් 132:19

පවුල්වලට සදාකාලිකව එකට සිටීමට ස්වර්ගික පියාණන්වහන්සේ අවස්ථාව ලබා දී තිබෙනවා.

  • සදාකාලික නොවන දේවල්—එනම් නරක් වන ආහාර, මැලවී යන මල් යනාදිය පිළිබඳ උදාහරණ සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදව් කරන්න. ඉන්පසු එකට එකතු වී දහම සහ ගිවිසුම් 132:19 බලා, “සදාකාලික ගිවිසුම,” “මුද්‍රා කරනු ලැබීම,” “සියලු සදාකාලයටම” සහ “සදාකාලයෙන් සදාකාලයට” වැනි ප්‍රධාන වාක්‍ය ඛණ්ඩ සොයා ගන්න. ඔබට ඔබේ පවුලේ පින්තූර දෙස බලා, පවුල් සදාකාලිකව පැවතීමට දේවමාළිගාවේ නියෝග සහ ගිවිසුම් තුළින් ස්වාමින්වහන්සේ අවස්ථාව ලබා දී ඇති බවට සාක්ෂි දිය හැකිය.

0:42

Chapter 55: A Revelation about Marriage: July 1843

පවුලේ තත්වයන්ට සංවේදී වන්න. “අද ළමයින් විවිධ හා සංකීර්ණ පවුල් වින්‍යාසයන් තුළ සිටිනවා. … තනිව, අත්හැර දමා හෝ වැටෙන් පිටත සිටින [අය] වෙත [අපි] ළඟා විය යුතුයි” (Neil L. Andersen, “Whoso Receiveth Them, Receiveth Me,” Liahona, May 2016, 49, 52).

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

මුද්‍රා තැබීමේ කාමරය

ප්‍රංශයේ පැරිස් දේවමාළිගාවේ මුද්‍රා තැබීමේ කාමරයක්

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව