Doctrine and Covenants 2025
ඔක්තෝම්බර් 27–නොවැම්බර් 2: “මාගේ නාමයෙන් ගෘහයක්”: දහම සහ ගිවිසුම් 124


“ඔක්තෝම්බර් 27–නොවැම්බර් 2: ‘මාගේ නාමයෙන් ගෘහයක්’: දහම සහ ගිවිසුම් 124,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 124,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ඉලිනොයිස්, නාවූ හි සිතුවම

ලැරී සී.වින්බර්ග් විසින්, Nauvoo the Beautiful [සුන්දර නාවූ] ප්‍රකාශන හිමිකම 2023

ඔක්තෝම්බර් 27–නොවැම්බර් 2: “මාගේ නාමයෙන් ගෘහයක්”

දහම සහ ගිවිසුම් 124

පසුගිය වසර හය ශුද්ධවන්තයින්ට දුෂ්කර වුණා, 1839 වසන්තයේ දී දේවල් වඩා හොඳ අතට හැරෙන්න පටන් ගත්තා: සරණාගත ශුද්ධවන්තයින් ඉලිනොයිස් ක්වින්සි හි පුරවැසියන් අතර අනුකම්පාව ලබාගෙන තිබුණා. මිසුරි හි වහල්භාවයෙන් මිදීමට, ආරක්ෂකයින් විසින් ජෝසෆ් ස්මිත්ට සහ සභාවේ අනෙකුත් නායකයින්ට ඉඩ දී තිබුණා. ඒවගේම ශුද්ධවන්තයින්ට නැවතත් රැස්විය හැකි පරිදි සභාව විසින් ඉලිනොයිස් හි ඉඩමක් මිලදී ගෙන තිබුණා. ඔව්, එය මඩ වගුරු සහිත, මදුරුවන් බහුල භූමියක් වුණා, නමුත් ශුද්ධවන්තයින් ඒ වන විටත් මුහුණ දී ඇති අභියෝග හා සසඳන විට, මෙය බොහෝ විට කළමනාකරණය කළ හැකි බවක් පෙනෙන්නට තිබුණා. එබැවින් ඔවුහු මඩ වගුර ඉවත් කර නව නගරයක් සඳහා බලපත්‍රයක් නිර්මාණය කළ අතර, එයට ඔවුන් නාවූ යන නම තැබුවා. හෙබ්‍රෙව් භාෂාවෙන් එහි තේරුම “ලස්සන” යන්නයි, නමුත් එය මුලදී නිවැරදි විස්තරයකට වඩා ඇදහිල්ලේ ප්‍රකාශනයක් වුණා. මේ අතර, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයාව හදිසිභාවයේ හැඟීමකින් පොළඹවා තිබුණා. ඔහුට නැවත පිහිටුවීමට තවත් සත්‍යයන් සහ ආඥාවන් තිබූ අතර, “[ඔහුගේ ශුද්ධවන්තයින්ව] තවද ගෞරවය, අමරණීයත්වය, සහ සදාකාලික ජීවිතය සමග නුඹලාව ඔටුනු පළඳවන පිණිස” ඔහුට ශුද්ධ වූ දේවමාළිගාවක් අවශ්‍ය වුණා (දහම සහ ගිවිසුම් 124:55). බොහෝ ආකාරවලින්, ඇදහිල්ල සහ හදිසිභාවය පිළිබඳ මෙම හැඟීම්, අද දවසේ ස්වාමින්වහන්සේගේ කාර්යයන් වලින් පැහැදිලි වෙනවා.

ඉලිනොයිස් හි සභාවේ ඓතිහාසික ස්ථාන ගැන තවත් දැන ගන්න.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 124:2–11

ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන ලෙස මට අන් අයට ආරාධනා කළ හැකිය.

“ලෝකයේ සියලු රජවරුන්ට” “ඉතා උනන්දුවෙන් [උන්වහන්සේගේ] ශුභාරංචිය ප්‍රකාශ කරන ලෙස” ස්වාමින්වහන්සේ අනාගතවක්තෘවරයාට පවසා තිබුණා (බලන්න දහම සහ ගිවිසුම් 124:2–11). ඔබට මෙම පැවරුම ලැබුණේ නම්, ඔබේ එම ප්‍රකාශය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ නැවත පිහිටුවන ලශ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන කුමක් පවසයිද? ඔබ දිනපතා ඇසුරු කරන පුද්ගලයන් සමඟ ඔබේ සාක්ෂිය සාමාන්‍ය ආකාරයෙන් සහ ස්වභාවිකව බෙදා ගත හැකි ආකාරය ගැනද මෙනෙහි කරන්න.

තවත් බලන්න “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම: ලෝකය සඳහා ද්විශතවාර්ෂික ප්‍රකාශය,” ශුභාරංචි පුස්තකාලය.

දහම සහ ගිවිසුම් 124:12–21

ස්වාමින්වහන්සේගේ විශ්වාස දිනාගත් අනුගාමිකයෙක් වෙන්න මට පුළුවන්.

දහම සහ ගිවිසුම් 124:12–21 තුළ ගැලවුම්කරුවාණන් කළාක් මෙන්, ඔබ අනෙක් අය තුළ දකින ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ගුණාංග ඔවුන් සමඟ බෙදා ගැනීම ගැන සලකා බලන්න. උන්වහන්සේ තම ආදරය හා විශ්වාසය ඔබට ප්‍රකාශ කර ඇත්තේ කෙසේද?

තවත් බලන්න රිචර්ඩ් ජේ. මෙයිනෙස්, “ස්වාමීන්වහන්සේගේ සහ ඔබේ පවුලේ විශ්වාසය ඉපයීම”, ලියහෝනා, නොවැම්බර් 2017, 75–77.

දහම සහ ගිවිසුම් 124:22–24, 60–61

මා අන් අයට සත්කාර කිරීම සහ පිළිගැනීම ස්වාමින්වහන්සේට අවශ්‍යයි.

ඔබ දහම සහ ගිවිසුම් 124:22–24, 60–61 හි ස්වාමින්වහන්සේගේ උපදෙස් ගැන මෙනෙහි කරන විට, ඔබ ඔබගේ නිවස සහ ඔබේ කොට්ඨාශය, ස්වාමින්වහන්සේ නාවූ ගැන අපේක්ෂා කළ ආකාරයේ ස්ථානයක් බවට පත් කරගන්නේ කෙසේදැයි සිතන්න.

4:1

A Friend to All

නාවූ දේවමාළිගාව ඉදිවෙමින්

ගැරී ඊ. ස්මිත් විසින්, Joseph Smith at the Nauvoo Temple [ජෝසෆ් ස්මිත් නාවූ දේවමාළිගාවේ]

දහම සහ ගිවිසුම් 124:25–45, 55

පූජනීය නියෝග ලබා ගැනීම සඳහා අපි ස්වාමින්වහන්සේ වෙතට දේවමාළිගා ගොඩනගන්නෙමු.

ඔබට හැඟෙන ආකාරයට “[උන්වහන්සේගේ] ශුද්ධ වූ නාමයට [දේවමාළිගා] ගොඩනගන ලෙස” ස්වාමින්වහන්සේ තම සෙනඟට ”සෑමවිටම ආඥා කර ඇත්තේ” ඇයි? දහම සහ ගිවිසුම් 124:25–45, 55 තුළ ඔබ සොයා ගන්නා හේතු ලැයිස්තුවක් සෑදීම ගැන සලකා බලන්න. දේවමාළිගා ඉදිකිරීමේ කාර්යය ස්වාමින්වහන්සේ ඔබ කෙරෙහි දක්වන ප්‍රේමයේ ලකුණක් වන්නේ කෙසේද?

5:41

What Is a Temple?

නාවූ දේවමාළිගාව 1840 ගණන්වල ඉදිකළ අතර, එතැන් පටන් දේවමාළිගා 300 කට අධික ප්‍රමාණයක් ඉදිකර හෝ ප්‍රකාශයට පත්කර තිබෙනවා. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වුවා: “අපි දේවමාළිගාවේ ගත කරන කාලය අපගේ ගැලවීමට සහ උත්කර්ෂයටත්, අපගේ පවුල්වලටත් ඉතා වැදගත් බව අපි දනිමු. … විරුද්ධවාදියාගේ ප්‍රහාර ඉතා සීඝ්‍රයෙන්, තීව්‍රතාවයෙන් සහ විවිධත්වයෙන් වැඩි වෙමින් පවතී. නිරන්තරව දේවමාළිගාවට සහභාගී වීමේ අපේ අවශ්‍යතාවය කිසිදා මෙතරම් අවශ්‍ය වී නැත” (“ආදර්ශවත් පසු-දවස්වල සාන්තුවරයින් බවට පත්වීම,” ලියහෝනා, නොවැම්බර් 2018, 114). “විරුද්ධවාදියාගේගේ ප්‍රහාරවලට” ඔරොත්තු දීමට දේවමාළිගාව ඔබට උපකාර කර ඇත්තේ කෙසේද? ඔබට පෙළඹවීමක් දැනෙන්නේ, සභාපති නෙල්සන්ගේ උපදෙස් පිළිපැදීම සඳහා කුමන දේවල් කිරීමටද?

දහම සහ ගිවිසුම් 124:45–55

ස්වාමින්වහන්සේගේ ආඥාවලට කීකරු වීමට උත්සාහ කරන මිනිසුන්ට උන්වහන්සේ ආශිර්වාද කරන සේක.

මිසුරි, ජැක්සන් ප්‍රාන්තයේ දේවමාළිගාවක් තැනීමට ශුද්ධවන්තයින්ට ආඥා කර තිබූ නමුත්, ඔවුන්ට “ඔවුන්ගේ සතුරන් විසින් බාධා කරනු ලැබ” තිබුණා. (දහම සහ ගිවිසුම් 124:51). දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමට අවශ්‍ය නමුත් පවුලේ හෝ වෙනත් තත්වයන් නිසා එසේ කිරීමෙන් වැළැක්වී ඇති මිනිසුන්ට සහනදායී පණිවිඩයක් 49–55 පද තුළ අන්තර්ගත වෙනවා. එවැනි අවස්ථාවක සිටින කෙනෙකුට උපකාර කළ හැකි, ඔබ මෙම පදවලින් සොයාගන්නා උපදෙස් මොනවාද?

දහම සහ ගිවිසුම් 124:91–92

සෙමනේරි නිරූපකය
මාගේ ආදිපීතෘ ආශිර්වාදය තුළින් ස්වාමින්වහන්සේට මට මගපෙන්විය හැකිය.

අනාගතවක්තෘවරයාගේ පියා වන ජෝසෆ් ස්මිත් ජ්‍යෙෂ්ඨ අභාවප්‍රාප්ත වී ටික කලකට පසු, ස්වාමින්වහන්සේ විසින් හයිරම් ස්මිත්ව, ඔහුගේ පියාගේ කැඳවීම වූ, සභාවේ ආදිපීතෘවරයා ලෙස කැඳවනු ලැබුවා. ඔබට දහම සහ ගිවිසුම් 124:91–92 තුළ මේ ගැන කියවිය හැකිය.

ආදිපීතෘවරුන්ගේ ඉතිහාසය සහ ආදිපීතෘ ආශිර්වාද පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, මේ මත ඔබන්න.

ආදිපීතෘ ආශිර්වාදයක් ගැන කවදාවත් අසා නැති කෙනෙකුට ඔබ එය විස්තර කරන්නේ කෙසේද? එම ආශිර්වාදය ලබාගැනීම සඳහා යමෙකුව දිරිමත් කිරීමට ඔබ කුමක් කියන්නේද? වැඩිහිටි රැන්ඩල් කේ. බෙනට්ගේ පණිවිඩය තුළ මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න “ඔබගේ ආදිපීතෘ ආශිර්වාදය—ස්වර්ගීය පියාණන්වහන්සේගේ ආනුභාව ලත් මගපෙන්වීම” (ලියහෝනා, 2023 මැයි, 42–43).

ඔබ අධ්‍යයනය කළ දේ සහ ඔබෙගේ අත්දැකීම් මත පදනම්ව, ඔබට මෙම වාක්‍යය සම්පූර්ණ කළ හැක්කේ කෙසේදැයි සලකා බලන්න: “ආදිපීතෘ ආශිර්වාදය යනු..” තම දරුවන් ආදිපීතෘ ආශිර්වාදයක් ලබාගැනීම, ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි?

ඔබට ආදිපීතෘ ආශිර්වාදයක් ලැබී නොමැති නම්, ඒ සඳහා සූදානම් වීමට ඔබට කුමක් කළ හැකිද? ඔබට ආදිපීතෘ ආශිර්වාදයක් ලැබී ඇත්නම්, ඔබ මෙම දීමනාව නිධානයක් ලෙස සලකන බව ඔබට දෙවියන්වහන්සේට පෙන්විය හැක්කේ කෙසේද?

තවත් බලන්න කසුහිකො යමශිටා, “ඔබේ ආදිපීතෘ ආශිර්වාදය ලබා ගත යුත්තේ කවදාද?,” ලියහෝනා, 2023 මැයි, 88–90; ප්‍රධාන අත්පොත, 18.17, ශුභාරංචි පුස්තකාලය.

හදවතින් උගන්වන්න. ඉගැන්වීම වඩාත් අර්ථවත් වන්නේ එයට පෞද්ගලික අත්දැකීම් සහ සාක්ෂි ඇතුළත් වන විටය. නිදසුනක් වශයෙන්, ඔබට ආදිපීතෘ ආශිර්වාදයක් ලැබී ඇත්නම්, මෙම විශේෂ ආශිර්වාද ගැන ඉගැන්වීමට ඔබ සූදානම් වන විට එය සමාලෝචනය කරන්න. ඔබේ ආශිර්වාදයට ඔබ ස්තූතිවන්ත වන්නේ ඇයි? ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට හෝ ආදිපීතෘ ආශිර්වාද නිතර අධ්‍යයනය කිරීමට ඔබ අන් අයව පොළඹවන්නේ කෙසේද?

ළමුන්ගේ කොටස නිරූපකය 02

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 124:15, 20

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අවංකකමට කැමතියි.

  • ඔබේ දරුවන් දහම සහ ගිවිසුම් 124:15, 20 තුළින් ඉගෙන ගන්නා දේ ඔවුන්ට මතක තබා ගැනීමට උපකාර කිරීම සඳහා, කඩදාසි හදවත් ඇඳීමට සහ ඒවා කපා ගැනීමට ඔබට ඔවුන්ට උපකාර කළ හැකිය. එම හදවත් මත, ඔබට මෙම පද වලින් ලබාගන්නා ප්‍රධාන වාක්‍ය ඛණ්ඩ ලිවීමට ඔවුන්ට උපකාර කළ හැකිය.

  • “[ජෝර්ජ්ගේ] හදවතේ අවංකභාවය නිසා” 20 වෙනි පදයෙහි ජෝර්ජ් මිලර් ගැන ස්වාමින්වහන්සේ විශේෂයෙන් පැවසුවේ කුමක්ද? ඔබට ඔබේම අත්දැකීමකින් හෝ මිතුරා සඟරාවෙන්, අවංකභාවය පෙන්වන දරුවන්ගේ උදාහරණ බෙදා ගත හැකිය. මෙම සතියේ අවංකභාවය පෙන්වීමට ඉලක්කයක් තබාගැනීමටත්, ඉන්පසු එසේ කරන විට ඔවුන්ට හැඟෙන ආකාරය ඔබට කියන ලෙසත් ඔබේ දරුවන්ට ආරාධනා කරන්න.

දහම සහ ගිවිසුම් 124:28–29, 39

යේසුස්වහන්සේ තම සෙනඟට දේවමාළිගා ගොඩනගන ලෙස ආඥා කළ සේක.

  • ඔබේ දරුවන්ට ඔවුන් ජීවත් වන ප්‍රදේශයට ආසන්න දේවමාළිගාවක් සහ පුරාණ දේවමාළිගාවක් ඇතුළුව දේවමාළිගාවල පින්තූර නැරඹීමෙන් සතුටු විය හැකිය (ChurchofJesusChrist.org/temples/list) බලන්න. ඔබට මෙම පින්තූර සහ දහම සහ ගිවිසුම් 124:39 භාවිතා කරමින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පුරාණ කාලයේ සහ අපේ කාලයේ, සැමවිටම තම සෙනඟට දේවමාළිගා ගොඩනගන ලෙස ආඥා කර ඇති බව පැහැදිලි කළ හැකිය (මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුවද බලන්න).

  • ඔබ ජීවත් වන්නේ දේවමාළිගාවක් අසන්නයේ නම්, ඔබේ දරුවන්ව එහි රැගෙන ගොස් දේවමාළිගා භූමියේ ගෞරවයෙන් යුතුව ඇවිදීම ගැන සලකා බලන්න. දේවමාළිගාවේ පිටත “ස්වාමින්වහන්සේට ශුද්ධකම—ස්වාමින්වහන්සේගේ ගෘහය” යන වචන සොයා ගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න. මෙම වචනවල තේරුම ගැන ඔබේ දරුවන් සමඟ කතා කරන්න.

  • ඔබේ දරුවන්ට දේවමාළිගාවට ඇතුළු විය හැකි දිනය දෙස බලා සිටීමට උපකාර කිරීම සඳහා උපග්‍රන්ථ A හි ඇති “මුතුන් මිත්තන් වෙනුවෙන් බව්තීස්ම වීම සහ තහවුරු වීම” තුළ ඇති අදහස් භාවිතා කිරීම ගැන සලකා බලන්න (“දේවමාළිගාව සහ ප්‍රීතියේ සැලැස්ම” උපග්රන්ථයේ B).

සොලමන්ගේ දේවමාළිගාව

සෑම් ලෝලර් විසින්, Solomon’s Temple [සොලමන්ගේ දේවමාළිගාව]

දහම සහ ගිවිසුම් 124:91–92

ආදිපීතෘ ආශිර්වාදයක් තුළින් ස්වාමින්වහන්සේ මට ආශිර්වාද කරන සේක.

  • ඔබ එකට එකතු වී දහම සහ ගිවිසුම් 124:91–92 කියවන විට, ස්වාමින්වහන්සේ හයිරම් ස්මිත්ව කැඳවූවේ කුමක් කරන්නට දැයි සොයාගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. ආදිපීතෘ ආශිර්වාදයක් යනු කුමක්ද කියා කතා කරන්න: එය ස්වාමින්වහන්සේ අප ගැනත්, අප කළ යුතු දේ හා විය යුතු කෙනා ගැනත් අපට උගන්වන විශේෂ ආශිර්වාදයකි. ඔබේ දරුවන්ට ආදිපීතෘ ආශිර්වාදයක් ලබා ගැනීමට සූදානම් වීමට උපකාර කිරීම සඳහා උපග්‍රන්ථයේ A හි “ආදිපීතෘ ආශිර්වාදයක් ලබා ගැනීම” කොටස භාවිතා කිරීම ගැන සලකා බලන්න.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

නාවූ දේවමාළිගාවේ සිතුවම

ජෝර්ජ් ඩී ඩුරන්ට් විසින්, The Nauvoo Temple [නාවූ දේවමාළිගාව]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව