“ජනවාරි 27-පෙබරවාරි 2: ‘මාගේ ක්‍රියා ඉදිරියට යනු ඇත’: දහම සහ ගිවිසුම් 3-5,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 3–5,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
ජනවාරි 27-පෙබරවාරි 2: “මාගේ ක්‍රියා ඉදිරියට යනු ඇත”
දහම සහ ගිවිසුම් 3-5
ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා ලෙස ජෝසෆ් ස්මිත් ගත කළ පළමු අවුරුදු කීපය තුළ, ඔහුට කිරීමට කැඳවා තිබූ “පුදුමාකාර ක්‍රියාව” ගැන සියල්ලක්ම ඔහු දැන සිටියේ නෑ. නමුත් දෙවියන්වහන්සේගේ කාර්යය කිරීමට නම්, ඔහු “දෙවියන්වහන්සේගේ මහිමය සඳහා ඒකායන අරමුණකින්” සිටිය යුතු බව ඔහුගේ මුල් අත්දැකීම් ඔහුට උගන්වා තිබුණා (දහම සහ ගිවිසුම් 4:1, 5). නිදසුනක් වශයෙන්, ඔහු කළ යුතු බව ඔහුට විශ්වාස නැති දෙයක් කිරීමට ස්වාමින්වහන්සේ ඔහුට උපදෙස් දුන් විට, ඔහු ස්වාමින්වහන්සේගේ උපදෙස් අනුගමනය කළ යුතු බව ඔහු දැන සිටියා. ඔහුට “බොහෝ එළිදරව් සහ … බොහෝ බලවත් ක්‍රියාවන් කිරීමට බලය ලැබුණත්,” දෙවියන්වහන්සේගේ කැමැත්තට වඩා තමාට අවශ්‍ය දේ වැදගත් යැයි ඔහුට හැඟේ නම්, ඔහු “වැටිය යුතුව” තිබුණා (දහම සහ ගිවිසුම් 3:4). නමුත් ජෝසෆ් දෙවියන්වහන්සේගේ කාර්යය ඉටුකිරීම වගේම වැදගත් තවත් දෙයක් ඉගෙන ගත්තා: “දෙවියන්වහන්සේ කරුණාවන්තය”, ඒවගේම ජෝසෆ් අවංකව පසුතැවිලි වුවහොත්, ඔහුව “තවමත් තෝරාගෙන ඇත්තේය” (10 වෙනි පදය). මක්නිසාදයත්,දෙවියන්වහන්සේගේ කාර්යය, මිදීමේ කාර්යයකි. තවද එම කාර්යය “ශුන්‍යත්වයට පැමිණවිය නොහැක්කේය” (1 වෙනි පදය).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
මට දෙවියන්වහන්සේව විශ්වාස කරන්න පුළුවන්.
ජෝසෆ් ස්මිත්ගේ දේවසේවයේ මුල් කාලයේදී හොඳ මිතුරන් සොයා ගැනීම දුෂ්කර වුණා—විශේෂයෙන්ම ජෝසෆ්ගේ කාර්යයට සහය වීමට විශාල කැපකිරීම් කළ, ගෞරවනීය, සමෘද්ධිමත් මිනිසෙකු වූ මාටින් හැරිස් වැනි මිතුරන්. ඒ නිසා මාටින් මොර්මොන්ගේ පොත පරිවර්තනයේ මුල් පිටු 116 ඔහුගේ බිරිඳට පෙන්වීමට අවසර ඉල්ලා සිටි විට, ස්වාමින්වහන්සේ ඊට එරෙහිව අනතුරු අඟවා තිබුණද, ඔහුගේ ඉල්ලීමට ගරු කිරීමට ජෝසෆ්ට වුවමනා වුණා. ඛේදජනක ලෙස, මාටින් සන්තකයේ තිබියදී එම පිටු අහිමි වූ අතර, ජෝසෆ් සහ මාටින් හට ස්වාමින්වහන්සේගෙන් තදින්ම අවවාද ලැබුණා
ඔබ දහම සහ ගිවිසුම් 3:1–15 කියවන විට, ඔවුන්ගේ අත්දැකීම්වලින් ඔබ ඉගෙනගන්නවාට ස්වාමින්වහන්සේට කැමති දේ ගැන මෙනෙහි කරන්න. උදාහරණයක් ලෙස, පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද:
-
දෙවියන්වහන්සේගේ කාර්යය? (බලන්න 1–3, 16 පද).
-
දෙවියන්වහන්සේවමනුෂ්‍යයාට විශ්වාස කරනවාට වඩා බිය වීමේ ප්‍රතිවිපාක? (බලන්න 4–8 පද).
-
ඇදහිලිවන්තව සිටීමෙන් ලැබෙන ආශිර්වාද? (බලන්න 8 වෙනි පදය).
-
ස්වාමින්වහන්සේ ජෝසෆ්ව නිවැරදි කර සහ දිරිමත් කළ ආකාරය? (බලන්න 9–16පද ).
මෙම වාර්තාවලින් ඔබ ඉගෙන ගන්නේ කුමක්ද? වෙනස් දෙයක් කිරීමට බලපෑම් ඇති වූ විට ඔබ ස්වාමින්වහන්සේව විශ්වාස කළ අත්දැකීම් මොනවාද? ඔබගේ ක්‍රියාවන්ගේ ප්රතිඵල මොනවාද?
තවත් බලන්න ඩේල් ජී. රෙන්ලන්ඩ්, “පුද්ගලික එළිදරව්ව සඳහා රාමුවක්,” ලියහෝනා, නොවැම්බර් 2022, 16-19.
මගේ මුළු හදවතින්ද, බලයෙන්ද, මනසින්ද සහ ශක්තියෙන්ද දෙවියන්වහන්සේට සේවය කරන්න මට පුළුවන්.
4 වෙනි කොටස බොහෝ විට පූර්ණ-කාලීන ධර්මදූතයින්ට අදාළ වෙනවා. කෙසේ වෙතත්, මෙම එළිදරව්ව ධර්මදූත මෙහෙවරකට කැඳවා නොතිබූ නමුත් තවමත් “දෙවියන්වහන්සේට සේවය කිරීමට ආශාවන්” (3 වෙනි පදය) තිබූ ජෝසෆ් ස්මිත් ජ්‍යේෂ්ඨ වෙත ලබා දී ඇති බව සටහන් කිරීම සිත්ගන්නා කරුණකි.
මෙම කොටස කියවීමට එක් ක්‍රමයක් නම්, එය ස්වාමින්වහන්සේගේ කාර්යයට උපකාර කිරීමට කැමති කෙනෙකුගේ කාර්ය පිළිබඳ විස්තරයක් ලෙස සිතීමයි. ස්වාමින්වහන්සේ සොයන්නේ කුමක් ද? උන්වහන්සේ ලබා දෙන ප්‍රතිලාභ මොනවාද?
මෙම එළිදරව්වෙන් ස්වාමින්වහන්සේට සේවය කිරීම ගැන ඔබ ඉගෙන ගන්නේ කුමක්ද?
සභාපති රසල් එම්. නෙල්සන් ඊශ්‍රායලය එක්රැස් කිරීම හැඳින්වූයේ “ශ්‍රේෂ්ඨතම අභියෝගය, ශ්‍රේෂ්ඨතම හේතුව සහ පොළොවේ ශ්‍රේෂ්ඨතම කාර්යය” ලෙසයි (“ Hope of Israel” [worldwide youth devotional, June 3, 2018], Gospel Library). ඔබ මෙම ලිපියෙන් සොයාගත්, මෙම කාර්යයට සහභාගී වීමට ඔබව පොළඹවන දේවල් මොනවාද?
දෙවියන්වහන්සේට සේවය කිරීමට ආශාවක් ඇති සෑම කෙනෙකුවම එම කාර්යයට කැඳවා ඇත.
ශුද්ධාත්මයාණන් තුළින් මට මොර්මොන්ගේ පොත ගැන සාක්ෂියක් ලබා ගත හැකිය.
1829 මාර්තු මාසයේදී, මාටින් හැරිස්ගේ බිරිඳ, ලුසී, ජෝසෆ් ස්මිත් රන් තහඩු පරිවර්තනය කිරීම මවාපාමින් මිනිසුන් රවටන බවට උසාවියට නඩුවක්ගොනු කළා ඒ නිසා මාටින් ජෝසෆ්ගෙන් රන් තහඩු සැබෑ බවට තවත් සාක්ෂි ඉල්ලා සිටියා. දහම සහ ගිවිසුම් 5 යනු මාටින්ගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස ලැබුණු එළිදරව් කිරීමක්. පහත සඳහන් දේ ගැන මෙම කොටසෙන් ඔබ ඉගෙන ගන්නේ මොනවාද:
-
ලෝකයාට පෙනෙන පරිදි රන් තහඩු ප්‍රදර්ශනය කළහොත් සිදුවනු ඇති බවට ස්වාමින්වහන්සේ පවසන දේ (බලන්න දහම සහ ගිවිසුම් 5:7). ඒ ගැන ඔබ සිතන්නේ මොනවාද?
-
ස්වාමින්වහන්සේගේ කාර්යයේ සාක්ෂිකරුවන්ගේ භූමිකාව (බලන්න 11-15 පද; තවත් බලන්න 2 කොරින්ති 13:1).
-
ඔබ ඔබ සඳහාම මොර්මොන්ගේ පොත ගැන සාක්ෂියක් ලබා ගන්නේ කෙසේද (බලන්න 16, 24 පද; තවත් බලන්න මොරෝනි 10:3–5).
ජෝසෆ් ස්මිත් මාර්ගයෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට උන්වහන්සේගේ වචනය ලබා දුන්නා.
දහම සහ ගිවිසුම් 5:1–10 අපගේ කාලයේ—සහ ඔබේ ජීවිතයේ—ජෝසෆ් ස්මිත්ගේ භූමිකාව ගැන ඔබට උගන්වන්නේ කුමක්ද? (තවත් බලන්න 2 නෙපී 3:6-24.)
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
දහම සහ ගිවිසුම් 3:5–10; 5:21–22
අනිත් අය මාව වරදට පොලඹවන්න හදනකොට මට හරි දේ තෝරගන්න පුළුවන්.
-
ස්වර්ගික පියාණන්වහන්සේව විශ්වාස කිරීමට ඉගෙනීම පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීමට, ඔබට නැතිවූ අත්පිටපත් වල කතාව සමාලෝචනය කිරීමට අවශ්‍ය විය හැකිය . ඔබේ දරුවන් වැරදි දෙයක් කිරීමට පරීක්ෂාවට ලක් වන අවස්ථා ඔබට ඔවුන් සමඟ රඟ දක්වන්නට පුළුවන්. මෙම තත්ත්වයන් තුළ ඔවුන්ට උපකාර කළ හැකි දහම සහ ගිවිසුම් 3:5–8; 5:21–22 හි ඇති වචන හෝ වාක්‍ය ඛණ්ඩ මොනවාද?
4:39Martin Harris Helps Joseph: Learning to trust the Lord
ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කාර්යයට උදව් කිරීමට මට ආරාධනා කරයි.
-
දහම සහ ගිවිසුම් 4 හි සෑම පදයකම දෙවියන්වහන්සේට සේවය කිරීම ගැන ඔබේ දරුවන්ට ඉගෙන ගැනීමට උපකාර කළ හැකි වටිනා සත්‍යයන් අඩංගු වේ. මෙම සත්‍යයන් සොයා ගැනීමට ඔවුන්ට උපකාර කිරීමට අදහස් කිහිපයක් මෙන්න:
-
ඔබට දහම සහ ගිවිසුම් 4:1 එකට එක්ව කියවිය හැකි අතර (ධර්මදූතයින්, දේවමාළිගා සහ මොර්මොන්ගේ පොත වැනි) දෙවියන්වහන්සේගේ “පුදුමාකාර” පසු-දවස්වල කාර්යය නිරූපණය කරන පින්තූර පෙන්විය හැකිය.
-
“ඔබේ මුළු හදවතින්ද, බලයෙන්ද, මනසින්ද සහ ශක්තියෙන්ද උන්වහන්සේට සේවය කරන්න” (දහම සහ ගිවිසුම් 4:2) යන වාක්‍ය ඛණ්ඩය නිරූපණය කරන ක්‍රියාවන් ගැන සිතීමට හෝ චිත්‍ර ඇඳීමට ඔබේ දරුවන්ට හැකිය.
-
කෙතක වැඩ කිරීමට භාවිතා කරන මෙවලම් ඔබට එකට එක්ව බැලිය හැකිය. මෙම මෙවලම් අපට උපකාර කරන්නේ කෙසේද? එවිට ඔබේ දරුවන්ට දහම සහ ගිවිසුම් 4:5–6 තුළ දෙවියන්වහන්සේගේ කාර්යය කිරීම සඳහා අවශ්‍ය වන මෙවලම් වැනි දේවල් සොයා ගත හැකිය.
-
වැඩිමහල් දරුවන්ට තනිව දහම සහ ගිවිසුම් 4 උවමනාවෙන් කියවිය හැකි අතර දෙවියන්වහන්සේට සේවය කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔවුන් ඉගෙන ගන්නා දේවල් ලැයිස්තුවක් සෑදිය හැකිය.
-
අන් අයට සේවය කිරීමෙන් මට දෙවියන්වහන්සේගේ කාර්යයට උදව් කළ හැකිය.
ආබාධ සහිත පුද්ගලයින්ට පහසුකම් සැලසීමට මෙම ක්‍රියාකාරකම් අනුවර්තනය කරගන්න. ක්‍රියාකාරකම් සඳහා කරන කුඩා වෙනස්කම් මගින් වුවද සෑම කෙනෙකුටම ඉගෙනීමට අවස්ථාවක් ඇති බව සහතික කළ හැකිය. නිදසුනක් වශයෙන්, කිසියම් ක්‍රියාකාරකමක් පින්තූරයක් පෙන්වීමට යෝජනා කරන්නේ නම්, දෘශ්‍යාබාධිත සිසුන්ව ඇතුළත් කරගැනීම සඳහා ඔබට එයට අදාළ ගීතයක් ගායනා කළ හැකිය.
දහම සහ ගිවිසුම් 5:1-7, 11, 16, 23-24
මොර්මොන්ගේ පොත සත්‍ය බවට මට සාක්ෂිකරුවෙකු විය හැකිය.
-
සාක්ෂිකරුවන් ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීමට, බළලෙකු තම ඉදිරිපස කකුල් දෙකෙන් පමණක් ඇවිදින ආකාරය දුටු බව මිතුරෙකු ඔවුන්ට එය පැවසූ බව සිතන්නැයි ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. ඔවුන් එය විශ්වාස කරයිද? තවත් මිතුරෙකු එකම දේ පැවසුවහොත් කුමක් කළ යුතුද? “සාක්ෂියක්” යනු කුමක්ද සහ සාක්ෂිකරුවන් වැදගත් වන්නේ මන්දැයි කතා කරන්න. එවිට ඔබට මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සඳහා දහම සහ ගිවිසුම් 5:1–3, 7, 11 උවමනාවෙන් කියවීමට ඔබේ දරුවන්ට උදවු කළ හැකිය:
-
මාටින් හැරිස්ට දැන ගැනීමට අවශ්‍ය වූයේ කුමක්ද?
-
ජෝසෆ් ස්මිත්ට රන් තහඩු පෙන්විය හැකි වුණේ කාටද?
-
තහඩු දැකීමෙන් මොර්මොන්ගේ පොත සත්‍ය බව යමෙකුට ඒත්තු ගැන්වෙන්නේ නැත්තේ ඇයි?
-
මොර්මොන්ගේ පොතේ සාක්ෂිකරුවන් වීමට අපට කුමක් කළ හැකිද? (බලන්න දහම සහ ගිවිසුම් 5:16; මොරෝනි 10:3–5).
-
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.