Doctrine and Covenants 2025
පෙබරවාරි 10-16: “එනම් නුඹ ජයග්‍රාහකයා වීම පිණිසය”: දහම සහ ගිවිසුම් 10-11


“පෙබරවාරි 10-16: ‘එනම් නුඹ ජයග්‍රාහකයා වීම පිණිසය’: දහම සහ ගිවිසුම් 10-11,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 10–11,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

මේසයක් මත තබා ඇති මොර්මොන්ගේ පොතේ අත්පිටපත

මොර්මොන්ගේ පොතේ මුල් පිටපතේ අනුරුව

පෙබරවාරි 10–16: “එනම් නුඹ ජයග්‍රාහකයා වීම පිණිසය”

දහම සහ ගිවිසුම් 10–11

මොර්මොන්ගේ පොතේ පරිවර්තනය දිගටම කරගෙන යද්දී, ප්‍රශ්නයක් මතු වුණා: එම පරිවර්තනයේ නැතිවූ පිටු සම්බන්ධයෙන් ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්‍රි කළ යුත්තේ කුමක්ද? එම කොටස නැවත පරිවර්තනය කිරීම අර්ථාන්විත විය හැකි නමුත්, ඔවුන්ට නොපෙනුණු දෙයක් ස්වාමින්වහන්සේට පෙනුණා: ජෝසෆ් දේවානුභාවයෙන් කළ කාර්යය ගැන සැකයක් ඇති කරවීම පිණිස ඔවුන්ගේ සතුරන් එම පිටුවල වචන වෙනස් කිරීමට සැලසුම් කරමින් සිටියා. ඒ ප්‍රශ්නය මග හරවාගෙන එම කාර්යය ඉදිරියටම ගෙනියන්න දෙවියන්වහන්සේ හට සැලසුමක් තිබුණා. දෙවියන්වහන්සේ තුළ ඇති වූ “ඥාණාන්විත අරමුණක් නිසා” (1 නෙපී 9:5) එම කාල පරිච්ඡේදය ආවරණය වන ලෙස දෙවන වාර්තාවක් ලිවීමට, වසර දහස් ගණනකට පෙර උන්වහන්සේ නෙපීව පොළඹවා තිබුණා.

ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත් හට මෙසේ පැවසුවා, “මාගේ ප්‍රඥාව, යක්ෂයාගේ කපටිකමට වඩා මහත්ය” (දහම සහ ගිවිසුම් 10:43). විරුද්ධවාදියා විසින් ඇදහිල්ල දුර්වල කිරීමට ඔහුගේ ප්‍රයත්න තර කරන මෙවැනි කාලයක, එය සැනසිලිදායක පණිවිඩයක්. ජෝසෆ් මෙන්, අපටත් දෙවියන්වහන්සේ අපව කිරීමට කැඳවා ඇති කාර්යයේ “ඇදහිලිවන්තව හා දිගටම” සිටිය හැකිය (3 වෙනි පදය). එවිට අපට විරුද්ධව “නිරයේ දොරටු ජය නොගැනීමට” මාර්ගයක් උන්වහන්සේ දැනටමත් සපයා ඇති බව අපට පෙනී යනු ඇත (69 වෙනි පදය).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 10:1–33

දෙවියන්වහන්සේ “සාතන්ට ඔහුගේ නපුරු සැලැස්ම ඉටු කරගැනීමට ඉඩ නොදෙන සේක.”

සාතන් සිටින බව අපි අමතක කරනවාට—එසේත් නැතිනම් ඔහු අපට කරන බලපෑම් හඳුනා ගන්නට අපි අසමත් වෙනවාට, සාතන් කැමැත්තෙන් ඉන්නවා. (බලන්න 2 නෙපී 28:22-23). නමුත් දහම සහ ගිවිසුම් 10 හි ඇති ස්වාමින්වහන්සේගේ වචන තුළින් සාතන් සැබෑවක් බව සනාථ කරනවා—ඔහු ස්වාමින්වහන්සේගේ කාර්යයට ක්‍රියාකාරීවම විරුද්ධ වෙනවා. 1–33 පදවල, සාතන්ගේ උත්සාහයන් ගැන දෙවියන්වහන්සේ දැන සිටි දේ හඳුනා ගන්න (තවත් බලන්න 62–63 පද). සාතන් ඔබව පොළඹවන්නේ කෙසේදැයි දැනගැනීමට ඔබට උපකාර කරන ලෙස ඔබට ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. ඔබ 10 වෙනි කොටස කියවන විට, සාතන්ගේ ප්‍රයත්නයන්ට එරෙහි වීමට ගැලවුම්කරුවාණන් ඔබට උපකාර කරන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න.

දහම සහ ගිවිසුම 10:34–52

සෙමනේරි නිරූපකය
ස්වාමින්වහන්සේගේ “ප්‍රඥාව යක්ෂයාගේ කපටිකමට වඩා මහත්ය.”

තම මිනිසුන්ගේ වාර්තා කට්ටල දෙකක් සෑදීමට ඔහු පෙලඹුණේ මන්දැයි නෙපී දැන සිටියේ නෑ. එමෙන්ම රන් තහඩු සමඟ දෙවන කට්ටලයක් ඇතුළත් කිරීමට ඔහු පෙලඹුණේ මන්දැයි මොර්මොන් දැන සිටියේ නෑ. නමුත් මේ අනාගතවක්තෘවරුන් දෙදෙනාම දෙවියන්වහන්සේට “ප්‍රඥාවන්ත අරමුණක්” ඇති බව විශ්වාස කළා (1 නෙපී 9:5; මොර්මොන්ගේ වචන 1:7). අද අපි අවම වශයෙන් එම අරමුණෙන් කොටසක් දන්නවා: ඒ හේතුව තමයි මොර්මොන්ගේ පොතේ නැතිවූ පිටු 116 වෙනුවට වාර්තාවක් ලබාදීම. ඔබ සිතන ආකාරයට දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ මේ සියල්ලෙන් ඔබ මොනවා ඉගෙන ගන්නවාටද? ඔබදහම සහ ගිවිසුම් 10:34–52 කියවන විට එම ප්‍රශ්නය මෙනෙහි කරන්න. මෙම පදවලින් ස්වාමින්වහන්සේ ගැන ඔබ ඉගෙන ගන්නා සත්‍යයන් ලැයිස්තුවක් ද ඔබට සෑදිය හැකිය. මෙම සත්‍යයන් උන්වහන්සේ සමඟ ඔබේ සම්බන්ධතාවයට බලපාන්නේ කෙසේද? පිටු 116 අහිමි වීම සඳහා සූදානම් වීමේදී ස්වාමින්වහන්සේගේ ප්‍රඥාව සහ දූරදර්ශීභාවය ගැන ඔබව විශ්මයට පත් කරන්නේ කුමක්ද?

ඔබේ ජීවිතය තුළ උන්වහන්සේගේ ප්‍රඥාව සහ දූරදර්ශී බව පිළිබඳ සාක්ෂි සෙවීමට ඔබට පෙළඹවීමක් දැනෙන්නට පුළුවන්. “දිව්‍යමය නිර්මාණය මගින්” යන වැඩිහිටි රොනල්ඩ් ඒ. රස්බෑන්ඩ්ගේ පණිවිඩයේ විස්තර කියවන්න —ඒවා ඔබේ මනසට උදාහරණ ගෙන එනු ඇත (ලියහෝනා, නොවැම්බර් 2017, 55–57). ඒවා ඔබ වෙත පැමිණෙන විට ඒවා ලිවීම ගැන සලකා බලන්න. ස්වාමින්වහන්සේ ඔබේ ජීවිතයේ ක්‍රියා කරමින් සිටින්නේ කෙසේද? නිදසුනක් වශයෙන්, උන්වහන්සේ සූදානම් කර ඇති “අහඹු සිදුවීම්” මොනවාද? ඔබේ ආශිර්වාද සඳහා උන්වහන්සේ තබා ඇති අත්තිවාරම් මොනවාද? අවශ්‍යතා ඇති කෙනෙකුට දේවසේවය කිරීමට උන්වහන්සේ ඔබව මෙහෙයවූයේ කවදාද?

තවත් බලන්න රෝම 8:28; දහම සහ ගිවිසුම් 90:24.

අනාගතවක්තෘ මොර්මොන් රන් තහඩු සහිත මේසයක වාඩි වී සිටිමින්

ටොම් ලවෙල් විසින්, Mormon Abridging the Plates [මොර්මොන් විසින් තහඩු සංක්ෂිප්ත කරමින්]

දහම සහ ගිවිසුම් 11

“[ස්වාමින්වහන්සේගේ] ආත්මයාණන් කෙරෙහි නුඹලාගේ විශ්වාසය තබන්න.”

ජෝසෆ්ගේ වැඩිමහල් සොහොයුරා වන හයිරම් ඔහු වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට මහත් ආශාවෙන් සිටි නිසා, ඔහු වෙනුවෙන් එළිදරව්වක් ඉල්ලා සිටින ලෙස ඔහු ජෝසෆ්ගෙන් ඉල්ලා සිටියා. අනාගතවක්තෘවරයාඑසේ කිරීමට සතුටු වුණා, නමුත් එම එළිදරව්වේ තිබුණු (දහම සහ ගිවිසුම් 11) එක් පණිවිඩයක් තමයි, හයිරම්ට ද තමා වෙනුවෙන් එළිදරව් සෙවිය හැකි බව. “යහපත් ආශාවන් ඇති, අස්වැන්න නෙළීමට දෑකැත්ත දමා ඇති සියල්ලන්ට” (27 වෙනි පදය) එසේ එළිදරව් ලබන්න පුළුවන්. ඔබ 11 වෙනි කොටස කියවන විට, ඔබට හැඟෙන ආකාරයට, පුද්ගලික එළිදරව් ලැබීම ගැන ස්වාමින්වහන්සේ ඔබට උගන්වන්නේ කුමක්ද? 6–9 කොටස්වල උන්වහන්සේ ඔලිවර් කවුඩ්‍රිට ඉගැන්වූ දෙයට මෙය සම්බන්ධ වන්නේ කෙසේද? උන්වහන්සේට ඔබ සඳහාඇති වෙනත් පණිවිඩ මොනවාද?

ඉගෙන ගන්නන්ට ප්‍රශ්න ඇසීමට ආරාධනා කරන්න. එළිදරව් ලබාගැනීමට ප්‍රශ්න බොහෝ විට උපකාරී වේ. ඔබ ඔබේ පවුලට හෝ සභාවේ පන්තියකට උගන්වන්නේ නම්, ප්‍රශ්න ඇසීමට ඔවුන්ව දිරිමත් කරන්න, එමෙන්ම ශුද්ධලියවිලිවලින් පිළිතුරු සොයා ගැනීමට ඔවුන්ට උපකාර කරන්න. නිදසුනක් වශයෙන්, ඔවුන්ට පුද්ගලික එළිදරව් ලබාගැනීම පිළිබඳ ප්‍රශ්න තිබේ නම්, පිළිතුරු සඳහා එකට එක්ව දහම සහ ගිවිසුම් 11:12-14 බලන්න.

දහම සහ ගිවිසුම 11:15-26

මම “[දෙවියන්වහන්සේගේ] වචනය ලබා ගැනීමට” උත්සාහ කරන විට, මට උන්වහන්සේගේ ආත්මය සහ බලය ලැබෙනු ඇත.

මොර්මොන්ගේ පොත පරිවර්තනය කිරීමට පෙර සිටම, නැවත පිහිටුවීමේ කාර්යයට සහාය වීමට හයිරම් ස්මිත් උත්සුක වුණා. ඔහුගේ ආශාවන්ට ස්වාමින්වහන්සේ දක්වන ප්‍රතිචාරය ඔබ කියවන විට, “[දෙවියන්වහන්සේගේ] වචනය ලබාගැනීම” යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්දැයි සලකා බලන්න (21 වෙනි පදය). දෙවියන්වහන්සේගේ වචනය ලබාගැනීම මගින් ඔබට බලයෙන් යුතුව උන්වහන්සේට සේවය කිරීමට උපකාර වන්නේ කෙසේද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 10:5

මම නිතරම යාච්ඤා කරන විට, මට දෙවියන්වහන්සේගෙන් ශක්තිය ලැබෙනවා.

  • ඔබේ දරුවන්ට මෙම පදය හඳුන්වා දීමට, ඔවුන් “සැමවිටම” කරන දේවල් ගැන ඔවුන්ගෙන් විමසන්න. දහම සහ ගිවිසුම් 10:5 හි ස්වාමින්වහන්සේ පවසන ආකාරයට අපි සෑම විටම කළ යුත්තේ මොනවාද? අපි එසේ කිරීම උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි?

  • නිතරම යාච්ඤා කිරීමට මතක තබා ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේද? සමහර විට ඔවුන්ට කුඩා, සිනිඳු ගල් කිහිපයක් එකතු කර ඒවා මත “දහම සහ ගිවිසුම් 10:5” පදය හෝ “සැමවිටම යාච්ඤා කරන්න” කියා ලියමින් ඒවා පින්තාරු කළ හැකිය. ඔවුන්ට යාච්ඤා කිරීමට මතක් කිරීමට අවශ්‍ය විවිධ ස්ථානවල, ඔවුන්ගේ ඇඳ අසල, ඔවුන්ගේ පාසල් පොත් සමඟ හෝ ඔවුන් ආහාර ගන්නා ස්ථානවල ඔවුන්ට ඔවුන්ගේ ගල් තැබිය හැකිය. දහම සහ ගිවිසුම් 10:5 පදයට අනුව, අප යාච්ඤා කරන විට දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කරන්නේ කෙසේද?

තරුණ ගැහැණු ළමයෙක් කුඩා ගල් පින්තාරු කරමින්

දහම සහ ගිවිසුම් 11:12–13

ශුද්ධාත්මයාණන්වහන්සේ යහපත් දේ කිරීමට මට මගපෙන්වනවා.

  • දරුවන්ට ආත්මයාණන්වහන්සේ කතා කරන විට ඒ හඬ හඳුනා ගැනීමට ඔවුන්ට ඉගෙන ගත හැකිය. ඔවුන්ට උපකාර කිරීම සඳහා, ඔබට ආලෝක බල්බයක් හෝ විදුලි පන්දමක් සහ ප්රීතිමත් මුහුණක පින්තූරයක් කාමරයේ කොතැනක හෝ සැඟවිය හැකිය; ඉන්පසු මෙම අයිතම සොයා ගන්නා ලෙස ඔබේ දරුවන්ට කියන්න. දහම සහ ගිවිසුම් 11:13 කියවා, ඔබේ දරුවන්ට ඔවුන් සොයාගත් අයිතමවලට අදාළ වචන හඳුනා ගැනීමට උදවු කරන්න. ශුද්ධාත්මයාණන් අපට උපකාර කරන ආකාරය ගැන මෙම වචනවලින් උගන්වන්නේ කුමක්ද?

  • ඔබේම අධ්‍යාත්මික අත්දැකීම් බෙදාගැනීමෙන් ඔබේ දරුවන්ට ඔවුන්ගේ ජීවිත තුළ ශුද්ධාත්මයාණන්ගේ බලපෑම හඳුනාගැනීමට උපකාර කළ හැකිය. ඔබ එය බෙදා ගන්නා විට, ඔවුන්ගේ අත්දැකීම් ද බෙදා ගැනීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. ශුද්ධාත්මයාණන්වහන්සේ අපට මගපෙන්වන විට අපට එය හඳුනා ගත හැකි ආකාරය ගැන සොයමින් ඔබට එකට එක්ව දහම සහ ගිවිසුම් 11:12-13 කියවිය හැකිය. ශුද්ධාත්මයාණන් තුළින් අපට මගපෙන්වීමට ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍ය බව සාක්ෂි දරන්න.

දහම සහ ගිවිසුම් 11:21, 26

මට ශුභාරංචිය දැන ගැනීමට අවශ්‍යයි, එවිට මට සත්‍යය සොයා ගැනීමට අන් අයට උපකාර කරන්න පුළුවන්.

  • හයිරම් ස්මිත් මෙන්, ඔබේ දරුවන්ටත් අන් අය සමඟ ශුභාරංචිය බෙදා ගැනීමට බොහෝ අවස්ථාවන් තිබෙන්නට පුළුවන්. ඔබට එකට එක්ව දහම සහ ගිවිසුම් 11:21, 26 කියවා, ස්වාමින්වහන්සේ පැවසූ ආකාරයට ශුභාරංචිය බෙදා ගැනීම සඳහා හයිරම් කළ යුතුව තිබුණේ කුමක්ද කියා සොයාගන්නා ලෙස ඔබේ දරුවන්ට ආරාධනා කළ හැකිය. දෙවියන්වහන්සේගේ වචනය “ලැබීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපට මෙය කළ හැක්කේ කෙසේද? අපි දෙවියන්වහන්සේගේ වචනය අපේ හදවත් තුළ “රැස්කරගන්නේ” කෙසේද? සමහර විට ඔබේ දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන හෝ මොර්මොන්ගේ පොත ගැන යමක් අන් අය සමඟ බෙදාගන්නා ආකාරය රඟ දක්වමින් පුහුණු වන්නට පුළුවන්.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

ජෝසෆ් සහ හයිරම් ස්මිත්ගේ පින්තූරය

කෙන් කෝබට් විසින්, Joseph and Hyrum Smith [ජෝසෆ් සහ හයිරම් ස්මිත්]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව