“ජනවාරි 3–9: ‘මෙය එළිදරව්වේ ආත්මයයි’: දහම සහ ගිවිසුම් 6–9,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 6–9,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
පෙබරවාරි 3–9: “මෙය එළිදරව්වේ ආත්මයයි”
දහම සහ ගිවිසුම් 6-9
1828 සරත් ඍතුවෙහිදී, ඔලිවර් කවුඩ්‍රි නම් තරුණ පාසල් ගුරුවරයා නිව් යෝර්ක්හි මැන්චෙස්ටර් හි ගුරු රැකියාවක් ලබා ගත් අතර, ලුසී සහ ජෝසෆ් ස්මිත් ජ්‍යෙෂ්ඨගේ පවුල සමඟ නවාතැන් ගෙන සිටියා. ඔවුන්ගේ පුතෙක් වූ ජෝසෆ් සහ ඔහුගේ විශිෂ්ට අත්දැකීම් ගැන ඔලිවර් අසා තිබූ අතර, සත්‍යය සොයන්නෙකු ලෙස තමා ගැන සැලකූ ඔලිවර්ට ඒ ගැන තවත් දැන ගැනීමට අවශ්‍ය වුණා. දේවදූතයන්ගේ පැමිණීම්, පුරාණ වාර්තාවක් සහ දෙවියන්වහන්සේගේ බලයෙන් පරිවර්තනය කිරීම සඳහා වූ දීමනාව ගැන ස්මිත් පවුල විස්තර කළා. ඔලිවර් ඒ ගැන මවිත වුණා. එය ඇත්තක් විය හැකිද? සත්‍යය සොයන ඕනෑම කෙනෙකුට අදාළ වන උපදෙස් ලුසී සහ ජෝසෆ් ජ්‍යෙෂ්ඨ විසින් ඔහුට ලබා දුන්නා: යාච්ඤා කර ස්වාමින්වහන්සේගෙන් අහන්න.
ඔලිවර් එසේ කළ අතර, ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “[ඔහුගේ] මනසට සාමය” ලබාදුන්නා (දහම සහ ගිවිසුම් 6:23). එළිදරව් යනු, ජෝසෆ් ස්මිත් වැනි අනාගතවක්තෘවරුන්ට පමණක් ලැබෙන ඒවා නොවන බව ඔලිවර් දැනගත්තා. ඒවා අවශ්‍ය සහ ඒවා උනන්දුවෙන් සොයන ඕනෑම කෙනෙකුට ඒවා ලැබෙනවා. ඔලිවර්ට තවමත් ඉගෙනගැනීමට බොහෝ දේ තිබුණත්, ඔහුගේ ඊළඟ පියවර ගැනීමට තරම් ඔහුට පැහැදීමක් තිබුණා. ජෝසෆ් ස්මිත් හරහා ස්වාමින්වහන්සේ වැදගත් දෙයක් කරන බව ඔහු දැන සිටි අතර ඔලිවර්ට අවශ්‍ය වූයේ එහි කොටසක් වීමටයි.
Days of Harmony
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
ස්වර්ගීය පියාණන්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ මාර්ගයෙන් මට කතා කරයි.
1829 වසන්තයේ දී, ජෝසෆ් ස්මිත් මොර්මොන්ගේ පොත පරිවර්තනය කරගෙන යන අතරතුර, ඔලිවර් කවුඩ්‍රි ඔහුගේ ලියන්නා වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. මෙම අත්දැකීම ඔහුව සතුටට පත් කළ අතර, ඔහුටත් එළිදරව් සහ පරිවර්තනය කිරීමේ දීමනාව ලබා ගත හැකිදැයි ඔහු කල්පනා කළා. ඔහුගේ පළමු උත්සාහය සාර්ථක වුණේ නෑ.
ඔබ කවදා හෝ එළිදරව්වක් ලබා ගැනීමට හෝ තේරුම් ගැනීමට වෙහෙස වී ඇත්නම්, සමහර විට ඔබටත් ඔලිවර්ගේ අත්දැකීමට සම්බන්ධ වී එමගින් ඉගෙන ගන්න පුළුවන්. ඔබ දහම සහ ගිවිසුම් 6 8, සහ 9, කියවන විට, ස්වාමින්වහන්සේ ඔලිවර්ට පුද්ගලික එළිදරව් ගැන ඉගැන්වූ දේ සැලකිල්ලට ගන්න. උදාහරණයක් ලෙස:
-
තම කැමැත්ත හෙළි කිරීමට පෙර ස්වාමින්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන දේ ගැන දහම සහ ගිවිසුම් 6:5–7; 8:1; 9:7–8 යෝජනා කරන්නේ කුමක්ද?
-
දහම සහ ගිවිසුම් 6:14–17, 22–24 8:2–3; 9:7–9 වෙතින් එළිදරව් පැමිණිය හැකි විවිධ ආකාර ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද? ඔබට එය හඳුනාගත හැක්කේ කෙසේද?
-
මෙම කොටස් වලින් ඔබ එළිදරව් ගැන ඉගෙනගන්නා තවත් දේවල් මොනවාද?
ඔලිවර්ගේ අත්දැකීම් හේතු කරගෙන, ඔබට ස්වාමින්වහන්සේ කතා කරන බව ඔබට හැඟෙන අවස්ථා වෙත “ඔබේ මනස යොමු කිරීමට” හැකි වෙන්න පුළුවන් (දහම සහ ගිවිසුම් 6:22). මෙම අත්දැකීම් පිළිබඳ ඔබේ සිතුවිලි හෝ හැඟීම් ඔබ කවදා හෝ වාර්තා කර තිබේද? එසේ නම්, ඔබ ලියූ දේ කියවීම ගැන සලකා බලන්න. එසේ නොවේ නම්, ඔබට මතක ඇති දේ ලිවීම ගැන සලකා බලන්න. මෙම අත්දැකීම්වලින් ඔබට දිගින් දිගටම ශක්තිය ලබා ගත හැකි ආකාරය ගැන සලකා බලන්න. සමහර අදහස් සඳහා, වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන්ගේ පණිවිඩය බලන්න “ආත්මිකව නිර්වචනය කළ මතකයන්” (ලියහෝනා, මැයි 2020, 18-22).
දහම සහ ගිවිසුම් 6:18-21, 29-37
සෑම සිතුවිල්ලකදීම ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලීම.
ඉදිරි වසරවලදී ජෝසෆ් ස්මිත් “දුෂ්කර තත්වයන්” අත්විඳින බව ස්වාමින්වහන්සේ දැන සිටියා (දහම සහ ගිවිසුම් 6:18). ඔබේ අනාගතයේ ඇති පීඩා මොනවාදැයි උන්වහන්සේ දන්නවා. දහම සහ ගිවිසුම් 6:18-21, 29-37 හි ජෝසෆ් සහ ඔලිවර් වෙත උන්වහන්සේ දුන් උපදේශය තුළ ඔබට උන්වහන්සේ තුළ විශ්වාසය තැබීමට උපකාරවත් වන්නේ කුමක්ද?
ඔබට සිතෙන ආකාරයට “සෑම සිතිවිල්ලකදීම [ක්‍රිස්තුස්වහන්සේ] දෙස බැලීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (36 වෙනි පදය). හොඳ කාලවලදී සහ “අපහසු අවස්ථා” තුළ ඔබට මෙය වඩාත් ස්ථාවර ලෙස කරන්නේ කෙසේද? සභාපති රසල් එම්. නෙල්සන්ගේ මෙම උපදෙස සලකා බලන්න: “සෑම සිතිවිල්ලකදීම උන්වහන්සේ දෙස බැලීමට උත්සාහ කිරීම මානසිකව අමාරු වෙන්න පුළුවන්. නමුත් අප එසේ කරන විට, අපගේ සැකයන් සහ බිය පලා යනවා” (“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය අපගේ ජීවිතවලට ඇදගැනීම,” ලියහෝනා, 41).
තවත් බලන්න නීල් එල්. ඇන්ඩර්සන්, “මගේ මනස යේසුස් ක්‍රිස්තුස්වහන්සේපිළිබඳ මේ සිතුවිල්ලට නතු වුණා ,” ලියහෝනා, මැයි 2023, 91-94.
ජෙෆ්‍රි වෝඩ් විසින්, Behold My Hand [මාගේ හස්තය බලන්න]
“යහපත කිරීමට බිය නොවන්න.”
අපි සමහර වෙලාවට “යහපත කිරීමට … බිය වන්නේ” ඇයි? (33 වෙනි පදය). ඔබ දහම සහ ගිවිසුම් 6:29–37 හි සොයා ගන්නා යහපත කිරීමට ධෛර්යය ලබා දෙන දේවල් මොනවාද? ක්‍රිස්තුස්වහන්සේ තුළ ධෛර්යය ඇති කර ගැනීමට ඔබව පොළඹවන ගීතිකාවක් ගායනා කිරීම හෝ සවන් දීම ගැන සලකා බලන්න.
දහම සහ ගිවිසුම් 6–7; 9:3, 7–14
“නුඹලා මාගෙන් ආශා වන්නාක් මෙන්ම නුඹලා හට එය කරනු ලබන්නේය.”
6 සහ 7 කොටස් වල “ආශාව” හෝ “ආශාවන්” වැනි වචන කොපමණ වාර ගණනක් දිස්වේදැයි බලන්න. ඔබේ ආශාවන්ට දෙවියන්වහන්සේ දෙන වැදගත්කම ගැන මෙම කොටස්වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? දහම සහ ගිවිසුම් 7:1 හි ඇති ස්වාමින්වහන්සේගේ මෙම ප්‍රශ්නය ඔබෙන්ම අසන්න: “නුඹ ආශාවන්නේ කුමක්ද?”
ජෝසෆ් ස්මිත් කළ ආකාරයට පරිවර්තනය කිරීමට ඔලිවර් කවුඩ්‍රිට තිබූ ආශාව ඉටු වූයේ නෑ. ඔබ දහම සහ ගිවිසුම් 9:3, 7–14 කියවන විට ඔබට ලැබුණු, ඔබේ ධර්මිෂ්ඨ ආශාවන් දැනට ඉටු නොවන විට ඔබට උපකාර විය හැකි හැඟීම් මොනවාද?
තවත් බලන්න දහම සහ ගිවිසුම් 11:8.
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
දහම සහ ගිවිසුම් 6:5, 15-16, 22-23; 8:2; 9:7–9
ස්වර්ගීය පියාණන්වහන්සේ ශුද්ධාත්මයාණන් මාර්ගයෙන් මට කතා කරයි.
-
ඔලිවර් කවුඩ්‍රි පුද්ගලික එළිදරව් ගැන ඉගෙන ගත් සත්‍යයන්, ඔබේ දරුවන්ට ශුද්ධාත්මයාණන්වහන්සේව හඳුනා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට උපකාර කළ හැකිය.
3:11The Lord Sends Oliver Cowdery: Learning about how God speaks to us
ජෝසෆ් ස්මිත්ට මොර්මොන්ගේ පොත පරිවර්තනය කිරීමට උදව් කරන අතරතුර ඔලිවර් කවුඩ්‍රි එළිදරව් ගැන ඉගෙන ගත්තා.
-
ඔබ දහම සහ ගිවිසුම් 8:2 හි “මනස” සහ “හදවත” යන වචන කියවන විට ඔබේ දරුවන්ට ඔවුන්ගේ හිස සහ පපුව ස්පර්ශ කිරීමට ආරාධනා කළ හැකිය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ මනසට සහ හදවතට කතා කරන විට එය කෙබඳුදැයි ඔබේ අත්දැකීම්වලින් ඔබේ දරුවන්ට කියන්න. දහම සහ ගිවිසුම් 6:15-16, 22-23; 8:2; 9:7–9 මෙම පද කියවා “ශුද්ධාත්මයාණන්වහන්සේ අපට කතා කරන්නේ කෙසේද?” යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ඔවුන්ට උපකාර කරන්න.
කතන්දර භාවිතා කරන්න. කතන්දර ඔස්සේ අනෙක් අය මෙම මූලධර්ම අනුව ජීවත් වන ආකාරය නිරූපණය කරන නිසා, දරුවන්ට ශුභාරංචිය මූලධර්ම තේරුම් ගැනීමට ඒවා උපකාර වෙනවා. ඔබ උගන්වන විට, ශුද්ධලියවිලි පද වලින්, සභා ඉතිහාසයෙන් හෝ ඔබේම ජීවිතයෙන්—ශුද්ධලියවිලිවල ඇති මූලධර්ම නිදර්ශනය කරන කතන්දර ඇතුළත් කිරීමට ක්‍රම සොයා ගන්න.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා මට “බිය නොවන්න” පුළුවන්.
-
ස්වාමින්වහන්සේ ජෝසෆ් සහ ඔලිවර්ට මෙසේ පැවසුවා, “කුඩා රැළ, බිය නොවන්න” (දහම සහ ගිවිසුම් 6:34). එම වාක්‍ය ඛණ්ඩය ඔබ සමඟ කිහිප වතාවක් පුනරුච්චාරණය කිරීමට ඔබට ඔබේ දරුවන්ට ආරාධනා කළ හැකිය. ඔවුන් බියට පත් බැටළු රැළක් ලෙස පෙනී සිටීමෙන්ද සතුටක් ලබන්න පුළුවන්. බැටළුවන් බිය විය හැක්කේ මොනවාට ද? එවිට ඔබට සහ ඔබේ දරුවන්ට ගැලවුම්කරුවාණන් එඬේරෙකු ලෙස සිටින පින්තූරයක් දෙස බලා (මෙම දළ සටහනේ අවසානයේ එකක් ඇත) එඬේරෙකු තම බැටළුවන් දෙස බලා සිටින්නාක් මෙන් උන්වහන්සේ අප දෙස බලා සිටින ආකාරය ගැන කතා කළ හැකිය.
සෑම සිතුවිල්ලකදීම මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලිය හැකිය.
-
එකට එකතු වී දහම සහ ගිවිසුම් 6:36 කියවීමෙන් පසු, ඔබට සහ ඔබේ දරුවන්ට “සෑම සිතුවිල්ලකදීම [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] දෙස බැලීම මතක තබා ගැනීමට උපකාර වන චිත්‍ර ඇඳීමට හැකිය. ඔබේ චිත්‍ර එකිනෙකා සමඟ බෙදාගන්න, සහ ඔබේ දරුවන්ට ඒවා නිතර දකින පිණිස තැබිය හැකි ස්ථාන ගැන සිතීමට උදවු කරන්න.
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.