Doctrine and Covenants 2025
ජනවාරි 20-26: “දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන් වෙතට හැරෙනු ඇත”: දහම සහ ගිවිසුම් 2; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:27-65


“ජනවාරි 20–26: ‘දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන් වෙතට හැරෙනු ඇත’: දහම සහ ගිවිසුම් 2; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:27–65,”එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 2; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:27–65,” එන්න, මාව අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ජෝසෆ් ස්මිත්ට මොරෝනි දේවදූතයාගෙන් දර්ශනයක් ලැබෙමින්

මයිකල් මැල්ම් විසින් He Called Me by Name [උන්වහන්සේ මට මාගේ නමින් කතා කළේය]

ජනවාරි 20-26: “දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන් වෙතට හැරෙනු ඇත”

දහම සහ ගිවිසුම් 2; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:27–65

පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජෝසෆ් ස්මිත්ට පූජනීය වනයේ පෙනී සිට වසර තුනක් ගත වී ඇති අතර එතැන් සිට ජෝසෆ්ට අමතර එළිදරව් කිරීම් ලැබී තිබුණේ නෑ. ස්වාමින්වහන්සේ තමා කෙරෙහි නොසතුටෙන්ද කියා ඔහු කල්පනා කරන්නට වුණා. අපි හැමෝම වගේ ඔහුත් වැරදි කරලා තියෙනවා, ඉතින් ඔහුට ඒවයින් ඔහු යටපත් වී ඇති බවක් දැනුණා. එහෙත් දෙවියන්වහන්සේට තවමත් ඔහු ලවා කරගැනීමට කාර්යයක් තිබුණා. ජෝසෆ්ට කරන්නට ඔහුව කැඳවා ඇති කාර්යය දෙවියන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින දෙයට සම්බන්ධ වෙනවා. ජෝසෆ් මොර්මොන්ගේ පොත ඉදිරියට ගෙන එනවා; එහි ඇති පණිවිඩය බෙදා ගැනීමට අපට ආරාධනා කරලා තිබෙනවා. දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන් වෙතට හැරවීමට ජෝසෆ්ට පූජකත්ව යතුරු ලැබුන නිසා; දැන් අපිට පුළුවන් අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් දේවමාළිගා වල නියෝග ලබාගන්න. අපිව කැඳවනු ලබා ඇත්තේ මේ එළිදරව් සම්පූර්ණ කිරීමට උපකාර වීමටයි. අපි දෙවියන්වහන්සේගේ කාර්යයන්ට සහභාගි වන විට, අනාගතවක්තෘවරයාට වුනා වගේම, අපටත් විරුද්ධවාදිකම්වලට හා පීඩාවලට පවා මුහුණ දීම අපේක්ෂා කරන්න පුළුවන්. එහෙත්, ජෝසෆ්ට කළාක් මෙන්, ස්වාමින්වහන්සේ අපව උන්වහන්සේගේ හස්තයේ මෙවලම් බවට පත් කරන බවට අපට ඇදහිල්ලක් තබාගන්නත් පුළුවන්.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:27-33

සෙමනේරි නිරූපකය
මා ලවා කරවාගැනීමට දෙවියන්වහන්සේට කාර්යයක් තිබෙනවා.

ජෝසෆ් ස්මිත් ලවා කරවාගැනීමට කිරීමට දෙවියන්වහන්සේට කාර්යයක් තිබූ බව විශ්වාස කිරීම එක දෙයකි—අපට ඔහුගේ ජීවිතය දෙස ආපසු හැරී ඔහු ඉටු කරගත් දේ පැහැදිලිව දැකගන්න පුළුවන්. නමුත් දෙවියන්වහන්සේට ඔබ ලවා කරවාගැනීමට කාර්යයක් ඇති බව ඔබ කවදා හෝ සිතුවාද? ඔබ ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:27–33 කියවන විට, එම කාර්යය කුමක් විය හැකිදැයි සිතන්න. ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචිය අඛණ්ඩව නැවත පිහිටුවීමට එය දායක වන්නේ කොහොමද?

වැඩිහිටි ගැරී ඊ. ස්ටීවන්සන් මෙසේ ඉගැන්වුවා: “අපි ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ අන් අයටත් ඒ දේ කිරීමට උදව් කරන විට, දිව්‍යමය වශයෙන් නියම කරන ලද වගකීම් කෙරෙහි අවධානය යොමුකරන දෙවියන්වහන්සේගේ ගැලවීමේ හා උත්කර්ෂවත් කිරීමේ කාර්යයට අපි සහභාගී වෙනවා. … මෙම වගකීම් සරල, ආශ්වාදජනක, පොළඹවන සුළු සහ කළ හැකි දේවල්. එම දේවල් මෙන්න:

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම

  • අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම

  • ශුභාරංචිය ලබාගැනීමට සැමට ආරාධනා කිරීම

  • සදාකාලිකත්වය සඳහා පවුල් එකමුතු කිරීම” (“සරලව අලංකාරයි—අලංකාර ලෙස සරලයි,” ලියහෝනා, නොවැම්බර් 2021, 47).

දිව්‍යමය වශයෙන් පත් කරන ලද මෙම එක් එක් වගකීම්වලට සහභාගී වීමෙන් ඔබ ලැබූ අත්දැකීම් ගැන මෙනෙහි කරන්න. ගැලවුම්කරුවාණන් බලාපොරොත්තු වන්නේ ඔබ මීළඟට කුමක් කරයි කියාද?

ඔබ කළ වැරදි නිසා ස්වාමින්වහන්සේට ඔබව භාවිතා කළ නොහැකි බව සමහර විට ඔබට හැඟෙන්න පුළුවන්. ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:28–29 හි ජෝසෆ් ස්මිත්ගේ අත්දැකීමෙන් ඔබ ඉගෙන ගන්නේ කුමක්ද? ඔබේ “[දෙවියන්වහන්සේ] ඉදිරියෙහි සිටීම” ඔබට දැනගත හැක්කේ කෙසේද?

අර්ථවත් සාකච්ඡාවක් දිරිගන්වන ප්‍රශ්න අසන්න. නිවැරදි පිළිතුරු එකකට වඩා ඇති ප්‍රශ්න මගින් ඔවුන්ගේ පුද්ගලික සිතුවිලි, හැඟීම් සහ අත්දැකීම් මත පදනම්ව ප්‍රතිචාර දැක්වීමට, ඉගෙන ගන්නන්ට ආරාධනා කරයි. මෙම දළ සටහනේ ඇති ප්‍රශ්න මෙයට උදාහරණ වේ.

බලන්න; “ගැලවීමේ සහ උසස් කිරීමේ කාර්යය,” ප්‍රධාන අත්පොත, 1.2.

3:15

Youth Responsibility in the Work of Salvation

ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:34-47

උන්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීමෙන් ගැලවුම්කරුවාණන් පුරාණ අනාවැකි සම්පූර්ණ කළා.

මොරෝනි ජෝසෆ් ස්මිත්ට පෙනී සිටි විට, ඔහු යෙසායා 11 වැනි පරණ සහ අලුත් ගිවිසුමේ අනාවැකි කිහිපයක් උපුටා දැක්වූවා; ක්‍රියා 3:22–23; සහ යෝවෙල් 2:28–32. ඔබ ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:34–47 කියවන විට, ජෝසෆ් මෙම අනාවැකි දැන ගැනීම වැදගත් වූයේ මන්දැයි සිතා බලන්න. ඔබ ඒවා දැනගැනීම වැදගත් වන්නේ ඇයි?

ශ්‍රේෂ්ඨ මහිමයේ දෙවියන්වහන්සේගේ බලය සමඟ” (ලියාහෝනා, නොවැම්බර් 2021, 28) හි ජෝසෆ් ස්මිත් වෙත මොරෝනිගේ පළමු බැහැදැකීම ගැන වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් ඉගැන්වූ දේ ද ඔබට කියවිය හැකිය.

13:17

ශ්රේෂ්ඨ මහිමයේ දෙවියන්වහන්සේගේ බලය සමඟ

ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:48-60

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ රාජ්‍යයේ කාර්යය කිරීමට මා සූදානම් කරනු ඇත.

ජෝසෆ් මුලින්ම රන් තහඩු දකින විට ඔහුට වයස අවුරුදු 17 කි. කෙසේ වෙතත්, වසර හතරක් පසුවන තුරු ඒවා ඔහුගේ රැකවරණය සඳහා භාර දුන්නේ නැත. එම කාලය තුළ ජෝසෆ්ගේ ජීවිතයේ සිදුවූයේ කුමක්දැයි සොයමින් ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:48–60 කියවන්න. ඔබ සිතන ආකාරයට දෙවියන්වහන්සේ ඔහු ලවා කරවාගැනීමට ඔහුව කැඳවූ කාර්යයන් සඳහා ඔහුව සූදානම් කළේ කෙසේද? දෙවියන්වහන්සේට සහ අන් අයට සේවය කිරීමට ඔබව සූදානම් කළ, ඔබට ඇති අත්දැකීම් මොනවාද? අනාගත සේවය සඳහා සූදානම් වීමට ඔබට උපකාර කළ හැකි ඔබ දැනට අත්දකිමින් සිටින දේවල් මොනවාද?

නිව් යෝර්ක්හි මැන්චෙස්ටර් අසල පිහිටි හිල් කුමෝරාහි සිතුවමක්

ඇල් රවුන්ඩ්ස් විසින්, Hill Cumorah [කුමෝරා කන්ද]

දහම සහ ගිවිසුම් 2

මාගේ හදවත මාගේ මුතුන්මිත්තන් වෙතට හරවන පිණිස ස්වාමින්වහන්සේ විසින් එලයිජාව එවූ සේක.

මෙම කොටසේ ඇති “සිටුවීම,” “හදවත” සහ “හැරීම” වැනි වචන එලයිජාගේ මෙහෙවර සහ ඔහු නැවත පිහිටුවන ලද පූජකත්ව යතුරුවල ආශීර්වාද ගැන ඔබට උගන්වන්නේ මොනවාද? ඔබේ හදවත ඔබේ මුතුන් මිත්තන් දෙසට හැරෙන බව ඔබට දැනී ඇත්තේ කෙසේද? ඔබට එවැනි හැඟීම් නිතර අත්විඳිය හැකි ආකාර ගැන සිතන්න. ඔබේ මුතුන් මිත්තන්ව සෙවීම සහ දේවමාළිගාවේ ඔවුන් වෙනුවෙන් නියෝග ඉටු කිරීම එක් ආකාරයකි (FamilySearch.orgබලන්න). ඔබට සිතිය හැකි වෙනත් දේවල් මොනවාද?

තවත් බලන්න දහම සහ ගිවිසුම් 110:13–16; ගෙරිට් ඩබ්ලිව්. ගොං, “සතුටින් සහ සදහටම,” ලියහෝනා, නොවැම්බර් 2022, 83-86.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:28-29

මට පසුතැවිලි වී සමාව ලැබිය හැකිය.

  • ජෝසෆ් ස්මිත් කළාක් මෙන් අපි සියලු දෙනාටම සමහර විට “[අපගේ] දුර්වලකම් සහ අසම්පූර්ණත්වය පිළිබඳව දෝෂ සහිත බවක්” හැඟෙන්නට පුළුවන්. ජෝසෆ්ට එසේ හැඟුණු විට ඔහු කළේ කුමක්දැයි සොයමින්, ඔබට සහ ඔබේ දරුවන්ට ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:29 එකට අධ්‍යයනය කරන්න පුළුවන්. ඔහුගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැකි අපි වැරදි කරන විට අපට උපකාර කළ හැකි දේවල් මොනවාද? ජෝසෆ් පරිපූර්ණ නොවූවත් ඔහුව දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබූ බව දැනගැනීම වැදගත් වන්නේ ඇයි?

ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:27-54

ස්වර්ගික පියාණන්වහන්සේ ජෝසෆ් ස්මිත්ව කැඳවුයේ උන්වහන්සේගේ කාර්යය කිරීමට උන්වහන්සේට උපකාර කිරීමටයි.

  • ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:27–54 හි ඇති මොරෝනිගේ පැමිණීම් පිළිබඳ විස්තරය පවසන විට, ඔබේ දරුවන්ට ජෝසෆ් ස්මිත් ලෙස රඟපෑමෙන් විනෝද විය හැකිය. නිදසුනක් වශයෙන්, ඔවුන්ට යාච්ඤා කරන ආකාරයට තම දෑත් බැඳගෙන සිටීමට හෝ කුමෝරා කන්ද තරණය කරන ලෙස රඟපෑමට හැකිය. එවිට දෙවියන්වහන්සේ ජෝසෆ් ස්මිත්ව කැඳවූයේ කුමක් කිරීමටද යන්න සහ එහි ප්‍රතිඵලයක් ලෙස අප ආශිර්වාද ලබන ආකාරය ගැන කතා කරන ලෙස ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. නිදසුනක් වශයෙන්, ජෝසෆ් ස්මිත් මොර්මොන්ගේ පොත පරිවර්තනය කළ නිසා අප ආශිර්වාද ලබා ඇත්තේ කෙසේද? ස්වර්ගීය පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප වීමට ඔහුගේ සේවය අපට උපකාර කර ඇත්තේ කෙසේද?

    2:29

    The Angel Moroni Visits Joseph Smith: Learning about a sacred book

දහම සහ ගිවිසුම් 2

පවුල් දේවමාළිගාවේදී මුද්‍රා වීම ස්වර්ගීය පියාණන්වහන්සේට අවශ්‍යයි.

  • සමහර විට ඔබ සහ ඔබේ දරුවන් දේවමාළිගාවකදී ඔබ ලබාගත් පවුලේ පින්තූරයක් ඇතුළුව ඔබේ පවුලේ පින්තූර කිහිපයක් නැරඹීමෙන් සතුටක් ලබනු ඇත. එවිට ඔබට දහම සහ ගිවිසුම් 2 කියවා අපට දේවමාළිගා තිබෙන්නේ ඇයි සහ ස්වර්ගීය පියාණන්වහන්සේට පවුල් සදහටම එකට සිටීම අවශ්‍ය වන්නේ ඇයිද යන්න පිළිබඳව ඔබේ අදහස් එකිනෙකා සමඟ බෙදා ගත හැකිය.

Young Couple Going to the Temple, English
පැල්මයිරා නිව්යෝර්ක් දේවමාළිගාව

පැල්මයිරා නිව්යෝර්ක් දේවමාළිගාව

දහම සහ ගිවිසුම් 2

මගේ මුතුන් මිත්තන් ගැන ඉගෙනගැනීම මට සතුටක් ගෙන දෙන්න පුළුවන්.

  • පවුල් ඉතිහාසය ගැන දරුවන් උද්යෝගිමත් විය හැකි අතර, එමගින් ඔවුන්ට ප්‍රීතියක් විඳිය හැකිය. ඔවුන්ට උපකාර කිරීම සඳහා, ඔබට ඔබේ මුතුන් මිත්තන්ගේ කථා හෝ පින්තූර බෙදා ගත හැකිය. ඔබේ දරුවන් සමඟ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ කුඩා කාලයේ ජීවිතය කෙබඳුද යන්න ගැන කතා කරන්න. ඔබේ දරුවන්ට FamilySearch.org/discovery හි සමහර පවුල් ඉතිහාස ක්‍රියාකාරකම් භුක්ති විඳිය හැකිය.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

මෝරෝනි දේවදූතයා ජෝසෆ් ස්මිත්ට රන් තහඩු සඟවා ඇති ස්ථානය පෙන්වයි

ගැරී ඊ. ස්මිත් විසින්, Joseph Receives the Plates [ජෝසෆ් තහඩු ලබාගනිමින්]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව