“නැවත පිහිටුවීමේ හඬවල්: ජෝසෆ් ස්මිත්ගේ පවුල,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“ජෝසෆ් ස්මිත්ගේ පවුල,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
නැවත පිහිටුවීමේ හඬවල්
ජෝසෆ් ස්මිත්ගේ පවුල
අපි සෑම කෙනෙකුටම අපගේ පවුල් ජීවිතය දැඩි ලෙස බලපානවා, ඒවගේම ඒක ජෝසෆ් ස්මිත්ටත් වෙනස් වුණේ නෑ. ඔහුගේ දෙමව්පියන්ගේ ආගමික විශ්වාසයන් සහ පිළිවෙත් නැවත පිහිටුවීමට තුඩු දුන් ඇදහිල්ලේ බීජ රෝපණය කළා. ජෝසෆ්ගේ දිනපොත මෙම උපහාරය මෙසේ වාර්තා කරනවා: “මට මෙතරම් ගෞරවනීය දෙමව්පියන් ලබා දීම ගැන මම දෙවියන්වහන්සේට කළ යුතු කෘතඥතාව ප්‍රකාශ කිරීමට වචන සහ භාෂාව ප්‍රමාණවත් නොවේ.”
ඔහුගේ මව වන ලුසී මැක් ස්මිත්ගේ, ඔහුගේ සහෝදරයා විලියම් ස්මිත්ගේ; සහ අනාගතවක්තෘවරයා ඔහු විසින්ම කළ පහත උපුටා දැක්වීම්; ස්මිත් නිවසේ ආගමික බලපෑම පිළිබඳව අපට දර්ශනයක් ලබා දෙනවා.
ඩෑන් බැක්ස්ටර් විසින්, Joseph Smith Family [ජෝසෆ් ස්මිත් පවුල]
ලුසී මැක් ස්මිත්
“[1802 දී පමණ], මාම අසනීප වුණා. … මම මටම මෙසේ කියා ගත්තා, මම ක්‍රිස්තුස්වහන්සේගේ මාර්ගයන් නොදන්නා නිසා මම මිය යාමට සූදානම් නැහැ, මා සහ ක්‍රිස්තුස්වහන්සේ අතර අඳුරු හා හුදකලා ආගාධයක් ඇති බව මට පෙනුන අතර මා එය තරණය කිරීමට සූදානම්ව සිටියේ නෑ. …
“මට මගේ දරුවන් ඇති දැඩි කිරීමට සහ මගේ ස්වාමිපුරුෂයාගේ සිත සැනසීමට හැකිවන පිණිස, මාගේ ජීවිතය ඉතිරි කරන ලෙස මම ස්වාමින්වහන්සේ දෙස බලා උන්වහන්සේගෙන් අයැද සිටියා; මෙසේ මම මුළු රාත්‍රිය පුරාම වැතිර සිටියා. … උන්වහන්සේ මට ජීවත් වීමට ඉඩ දෙන්නේ නම්, උන්වහන්සේට නිවැරදිව සේවය කිරීමට මට හැකි වන එම ආගම, එය බයිබලයේ තිබුණත්, එය කොතැනක තිබුණත්, එය යාච්ඤාවෙන් හා ඇදහිල්ලෙන් ස්වර්ගයෙන් ලබා ගන්නට අවශ්‍ය වුවත් එය ලබා ගැනීමට මම උත්සාහ කරන බවට, මම දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කර ගත්තා. අවසා නයේ හඬක් මට කතා කර මෙසේ පැවසුවා, ‘සොයන්න, එවිට ඔබට සම්බවේ, තට්ටු කරන්න,එවිට එය ඔබට විවෘත වනු ඇත. ඔබේ සිතට සැනසීමක් ලැබේවා. ඔබ දෙවියන්වහන්සේව විශ්වාස කරන්න; මා ගැනත් විශ්වාස කරන්න.’ …
“මේ වෙලාවේ ඉඳන් මට අඛණ්ඩවම ශක්තිය ලැබුණා. මම ආගම පිළිබඳ කාරණය මගේ මනස සම්පූර්ණයෙන්ම අල්ලාගෙන සිටියත්, මම ඒ ගැන කතා කළේ බොහොම අල්ප වශයෙන්. ඒවගේම ස්වර්ගයේ දේවල් ගැන මට උපදෙස් දීමට දෙවියන්වහන්සේගේ මාර්ගයන් දන්නා යම් භක්තිමත් පුද්ගලයෙකු සොයා ගැනීමට හැකි වූ වහාම මම සියලු උත්සාහයන් කරන බවට සිතා ගත්තා.”
විලියම් ස්මිත්
“ඉතා භක්තිමත් ස්ත්‍රියක් වූ, මෙලොවදීත්, මෙලොවින් පසුවදීත් තම දරුවන්ගේ සුබසාධනය ගැන බොහෝ සෙයින් උනන්දු වූ මගේ මව, ඇයගේ ආදරය ලබාදිය හැකි සෑම ක්‍රමයක්ම ප්‍රයෝජනයට ගත්තේ, අපගේ ආත්මයන්ගේ ගැලවීම සෙවීමට අපව සම්බන්ධ කර ගැනීමට හෝ (එකල පදය වූ පරිදි) ‘ආගමක් ලබා ගැනීමටයි.’ රැස්වීම්වලට සහභාගි වීම සඳහා ඇය අපව අභිබවා ගිය අතර, මුළු පවුලම පාහේ මේ කාරණය ගැන උනන්දු වීමට පටන් ගෙන සත්‍යය සොයන්නන් බවට පත්වුණා.”
“මට මතක ඇති දා සිට අපි නිතරම පවුලක් ලෙස යාච්ඤා කළා. මට හොඳට මතකයි තාත්තා එයාගේ කණ්නාඩි දෙක දාගෙන හිටියෙ එයාගෙ සාක්කුවේ, … ඔහු ඔහුගේ කණ්නාඩි දෙක සොයනවා අපි දැක්කාම, ඒ යාච්ඤා කරන්න සූදානම් වීමට සංඥාවක් කියලා පිරිමි ළමයි වුණු අපි දන්නවා, ඒවගේම අපි ඒක දැක්කෙ නැත්නම්, ‘විලියම්’ එහෙම නැත්නම් සැලකිල්ලක් නොදක්වා ඉන්න කෙනෙක්ගෙ නමක් කියලා, අම්මා මෙහෙම කියනවා, ‘යාච්ඤා කරන්න ලෑස්ති වෙන්න.’ යාච්ඤාවෙන් පස්සේ අපි ගායනා කරන ගීතයක් තිබුණා.”
ජ්‍යෙෂ්ඨ ජෝසෆ් සහ ලුසී ස්මිත් ඔවුන්ගේ පවුලේ අයට ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට ඉගැන්වූවා.
ජෝසෆ් ස්මිත්
“මම දැන් මෙහෙම කියනවා, [මගේ පියා] ඔහුගේ ජීවිතයේ, මා දන්නා පරිදි, ත්‍යාගශීලී නොවන බව පැවසිය හැකි නපුරු ක්‍රියාවක් කිසි විටෙකත් කර නැහැ. මම මගේ පියාට සහ ඔහුගේ මතකයට ආදරය කළා; ඒවගේම ඔහුගේ උතුම් ක්‍රියාවන් පිළිබඳ මතකය, මගේ මනසෙහි ගැඹුරු බරකින් යුක්තව තිබෙනවා; ඒවගේම ඔහුගේ කාරුණික සහ දෙමාපියෙක් ලෙස පැවසූ වචන බොහොමයක් මගේ හදවතේ රැඳී තිබෙනවා. ඒවා මට පූජනීයයි, මා උපන් දා සිට මගේම නිරීක්‍ෂණයෙන් මගේ මනස හරහා රැඳුණු, එහි තැන්පත් වී ඇති ඔහුගේ ජීවිත ඉතිහාසය පිළිබඳ සිතුවිලි මම ඇත්තෙන්ම අගය කරනවා. … මගේ මව ද උතුම්ම කාන්තාවක්, සියලු කාන්තාවන් අතරින් හොඳම කෙනෙක්.”