Doctrine and Covenants 2025
දෙසැම්බර් 30–ජනවාරි 5: “පොරොන්දු වූ නැවත පිහිටුවීම ඉදිරියට යයි”: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම


“දෙසැම්බර් 30–ජනවාරි 5: ‘පොරොන්දු වූ නැවත පිහිටුවීම ඉදිරියට යයි’: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා:: දහම සහ ගිවිසුම් 2025 (2025)

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

හිරු අහසේ නැගී එයි

දෙසැම්බර් 30–ජනවාරි 5: “පොරොන්දු වූ නැවත පිහිටුවීම ඉදිරියට යයි”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම

ලෝකය වෙනස් කළ සිදුවීමක 200 වෙනි සංවත්සරය ඔබ සමරන්නේ කෙසේ ද? ජෝසෆ් ස්මිත්ගේ පළමු දර්ශනයෙන් වසර 200ක් සනිටුහන් කරමින් 2020 අප්‍රියෙල් මාසය ළං වන විට පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය කල්පනා කළ ප්‍රශ්නය එයයි. “ස්මාරකයක් ඉදිකළ යුතුදැයි අපි කල්පනා කළා,” යනුවෙන් සභාපති රසල් එම්. නෙල්සන් පැවසුවා. නමුත් එම පළමු දර්ශනයේ අද්විතීය ඓතිහාසික හා ජාත්‍යන්තර බලපෑම අප සලකා බැලූ විට, ග්‍රැනයිට් හෝ ගලෙන් නොව වචන වලින් ස්මාරකයක් නිර්මාණය කිරීම ගැන අප සිත්වලට කාවැදුනා … , වචන ලිවීමෙන්, ‘ගල් ලෑලිවල’ කැටයම් කිරීමට නොව නමුත් ඒ අපගේ හදවතේ ‘මාංසමය ලෑලිවල’ කෙටීමටයි [2 කොරින්ති 3:3]” (“උන්වහන්සේට සවන් දෙන්න,” ලියහෝනා, 2020 මැයි, 90).

ඔවුන් විසින් නිර්මාණය කරන ලද වචන ස්මාරකය නම් කර ඇත්තේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පරිපූර්ණත්වය නැවත පිහිටුවීම: ලෝකය සඳහා ද්විශතවාර්ෂික ප්‍රකාශය” ලෙසයි. එය පළමු දර්ශනයට පමණක් නොව, එතැන් සිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කළ—සහ තවමත් කරමින් සිටින—සෑම දෙයකම ස්මාරකයක්. උන්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීම ආරම්භ වූයේ එක් පුද්ගලයෙක් දෙවියන්වහන්සේ වෙත හැරී උන්වහන්සේට සවන් දීමෙන් පසුව ය. ඔබ ද ඇතුළුව, එක් හදවතක්, එක් වරකට එක් පරිශුද්ධ අත්දැකීමක් ලෙස, එය එලෙසම දිගටම පවතී.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

“ලෝකයේ සෑම ජාතියකම තම දරුවන්ට දෙවියන්වහන්සේ ප්‍රේම කරන සේක.”

ඔබේ මතය අනුව, නැවත පිහිටුවීම පිළිබඳ ප්‍රකාශයක් දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ ප්‍රකාශයකින් ආරම්භ වන්නේ ඇයි? ඔබ මෙම ප්‍රකාශය අධ්‍යයනය කරන විට, “ලෝකයේ සෑම ජාතියකම සිටින දෙවියන්වහන්සේගේ දරුවන්ට” උන්වහන්සේ දක්වන එම ප්‍රේමයේ ප්‍රකාශයන් සොයන්න. ශුභාරංචිය නැවත පිහිටුවීම උන්වහන්සේගේ ආදරය දැනීමට ඔබට උපකාර වී ඇත්තේ කෙසේ ද?

තවත් බලන්න ජෙරිට් ඩබ්. ගොන්ග්, “සියලු ජාතීන්, වර්ගයන්, සහ භාෂාවන්,” ලියහෝනා, නොවැම්බර් 2020, 38-41.

නැවත පිහිටුවීම ආරම්භ වූයේ ප්‍රශ්නයකට පිළිතුරකිනි.

ගැලවුම්කරුවාණන් තම ශුභාරංචිය නැවත පිහිටුවීම ආරම්භ කළේ ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් බව පැවසිය හැක. ඔබට සිතෙන ආකාරයට දෙවියන්වහන්සේ ගැන, ශුභාරංචිය ගැන හෝ “ඔහුගේ [හෝ ඇයගේ] ආත්මයේ ගැළවීම ගැන” ප්‍රශ්න ඇති පුද්ගලයෙකුට නැවත පිහිටුවීමේ ප්‍රකාශය තුළ ඇති පණිවිඩය කුමක්ද? ශුභාරංචි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම ගැන ජෝසෆ් ස්මිත්ගෙන් ඔබට ඉගෙන ගත හැකි දේවල් ගැන බැලීමට ඔබට ජෝසෆ් ස්මිත්-ඉතිහාසය 1:5-20 අධ්‍යයනය කළ හැක.

වනාන්තරයක ඉහළ බලා සිටින ජෝසෆ් ස්මිත් සිතුවම

වෝල්ටර් රේන් විසින්, The Desires of My Heart [මගේ හදවතේ ආශාවන්]

සෙමනේරි නිරූපකය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සභාව නැවත පිහිටුවා ඇත.

ජෝසෆ් ස්මිත් හරහා ගැලවුම්කරුවාණන් නැවත පිහිටවූ “ක්‍රිස්තුස්වහන්සේගේ නව ගිවිසුමේ සභාව” ගැන ඔබ දන්නේ මොනවාද? මෙම ශුද්ධලියවිලි පාඨ අධ්‍යනය කිරීම සහ උන්වහන්සේගේ සභාවේ සමහර විශේෂාංග ලැයිස්තුගත කිරීම ගැන සලකා බලන්න:

  • මතෙව් 16:15–19

  • මාර්ක් 16:15–18

  • ලූක් 6:12–13

  • ක්‍රියා 4:34–35

  • 1 කොරින්ති 15:29

  • එපීස 4:11–15

ඊළඟට, ඔබට ඉහත සඳහන් ශුද්ධලියවිලි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජෝසෆ් ස්මිත් හරහා උන්වහන්සේගේ සභාවේ එම අංග නැවත පිහිටුවීම කළ ආකාරය විස්තර කරන පහත සඳහන් ශුද්ධලියවිලි සමග ගැළපිය හැකිය:

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීම ගැන ඔබ කෘතඥ වන්නේ ඇයි?

සභාව නැවත පිහිටුවීමට පෙර ඔවුන් ජීවත් වූවා නම් ඔවුන්ට හැඟෙන්නට තිබූ දේ සිතා ගැනීමට වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් සහ ඔහුගේ බිරිඳ වරක් උත්සාහ කළා. “අපිට මොනවා තිබුනා නම් හොඳයි ද?” ඔවුන් ඔවුන්ගෙන්ම අසා ගත්තා. “බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියක්” (ලියහෝනා, මැයි 2020, 81-82) හි ඇති ඔවුන්ගේ අත්දැකීම් ගැන කියවන්න. ඔබේ අධ්‍යාත්මික බලාපොරොත්තු ඉටු කරගැනීමට නැවත පිහිටුවීම උපකාර වී ඇත්තේ කෙසේ ද?

“පොරොන්දු වූ නැවත පිහිටුවීම ඉදිරියට යයි.”

ශුභාරංචිය නැවත පිහිටුවීමේ කොටසක් ලෙස ඔබ කවදා හෝ ඔබ ගැනම සිතා තිබේද? සභාපති ඩියේටර් එෆ්. උක්ඩෝර්ෆ්ගේ මෙම වචන සලකා බලන්න: “සමහර විට අපි සිතන්නේ ශුභාරංචිය නැවත පිහිටුවීම සම්පූර්ණ වී ඇති, දැනටමත් අපට පිටුපසින් ඇති දෙයක් ලෙසයි. … යථාර්ථය නම්, නැවත පිහිටුවීම අඛණ්ඩ ක්‍රියාවලියකි; අපි දැන් ඒ තුළ ජීවත් වෙමින් සිටින්නෙමු” (“Are You Sleeping through the Restoration?,” Liahona, May 2014, 59).

1800 ගණන්වල ශුභාරංචිය නැවත පිහිට වූ ආකාරය අධ්‍යයනය කිරීමට ඔබ සූදානම් වන විට, එය ඔබේ ජීවිතය තුළ නැවත පිහිටුවාගෙන ඇති ආකාරය ගැන මෙනෙහි කිරීමෙන් ඔබට ආරම්භ කළ හැකිය. මෙවැනි ප්‍රශ්න මනසේ තබාගෙන නැවත පිහිටුවීමේ ප්‍රකාශය කියවන්න: මෙය සත්‍ය බව මම දැනගන්නේ කොහොමද? මම වර්තමානයේ නැවත පිහිටුවීමට සහභාගී වන්නේ කොහොමද?

“ස්වර්ගයන් විවෘතයි.”

“ස්වර්ගයන් විවෘතයි” යන වාක්‍ය ඛණ්ඩයෙන් ඔබට අදහස් වන්නේ කුමක් ද? ස්වර්ගයන් සැබවින්ම විවෘතව ඇති බවට—නැවත පිහිටුවීමේ ප්‍රකාශය තුළ, වර්තමාන සභාව තුළ, ශුද්ධලියවිලිවල, සහ ඔබේ ජීවිතය තුළ—ඔබ දකින සාක්ෂි මොනවා ද?

තවත් බලන්න ක්වින්ටින් එල්. කුක්, “අනාගතවක්තෘවරුන්ට අඛණ්ඩව එළිදරව් සහ අපගේ ජීවිත මෙහෙයවීම සඳහා පුද්ගලික එළිදරව් ලැබීමේ ආශිර්වාදය,” ලියහෝනා,, 2020 මැයි, 96–100.

එක්ව ඉගෙනගන්න. “[නැවත පිහිටුවීමේ ප්‍රකාශය] පුද්ගලිකව සහ [අපගේ] පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමග අධ්‍යයනය කිරීමට” සභාපති නෙල්සන් අපට ආරාධනා කළා (“උන්වහන්සේට ඇහුම්කන් දෙන්න,” 92). ඔබේ අධ්‍යයනයට අන් අයව ඇතුළත් කළ හැකි ආකාර ගැන සලකා බලන්න.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

“අපි ඒකාන්තයෙන්ම ප්‍රකාශ කර සිටින්නෙමු.”

  • ඔබ ඔබේ දරුවන් සමග නැවත පිහිටුවීමේ ප්‍රකාශය තුළ ඇති කොටස් කියවන විට, “අපි ප්‍රකාශ කරමු,” “අපි සඳහන් කරමු,” හෝ “අපි සාක්ෂි දෙමු” වැනි වාක්‍ය ඛණ්ඩවලින් ආරම්භ වන වාක්‍ය සොයා ගැනීමට ඔවුන්ට උපකාර කරන්න. අපගේ අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් ප්‍රකාශ කරන සත්‍යයන් මොනවාද? සමහර විට ඔබට සහ ඔබේ දරුවන්ට මෙම සත්‍යයන් සමහරක් පිළිබඳ ඔබේම සාක්ෂි බෙදාගන්න පුළුවන්.

    6:0

    The Restoration of the Fulness of the Gospel of Jesus Christ

“ජෝසෆ් ස්මිත්ට … ප්‍රශ්න තිබුණා.”

  • ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචිය නැවත පිහිටුවීමට තුඩු දුන් ජෝසෆ් ස්මිත්ට තිබූ ප්‍රශ්න කිහිපයක් ගවේෂණය කිරීමට ඔබේ දරුවන් කැමති වෙන්නට පුළුවන්. ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:10, 29, 68 හි උදාහරණ කිහිපයක් සොයා ගැනීමට ඔවුන්ට උපකාර කරන්න. ජෝසෆ් ස්මිත්ගේ ප්‍රශ්නවලට දෙවියන්වහන්සේ පිළිතුරු දුන් නිසා අද අපි ආශිර්වාද ලබා ඇත්තේ කෙසේ ද?

  • ඔබේ දරුවන්ට තිබෙන ප්‍රශ්න ගැන කතා කිරීමට ඔබට ඔවුන්ට අවස්ථාවක් ලබා දිය හැකියි. පිළිතුරු සොයාගන්නා ආකාරය ගැන ජෝසෆ් ස්මිත්ගෙන් අප ඉගෙන ගන්නේ මොනවාද? (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:8-17).

“ස්වර්ගයේ පණිවිඩකරුවන් ජෝසෆ්ට උපදෙස් දීමට පැමිණියා.”

  • ජෝසෆ්ට උපදෙස් දීමට පැමිණි “ස්වර්ගයේ පණිවිඩකරුවන්” කවුද? මෙම සෑම පණිවිඩකරුවෙකුම “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත පිහිටුවීමට” උපකාර කළේ කෙසේ ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුවේ යෝජනා කර ඇති ශුද්ධලියවිලි පද ඔබේ දරුවන්ට උපකාරී වෙන්න පුළුවන්.

The Prophet Joseph Smith sitting on his bed in the Smith farm house. Joseph has a patchwork quilt over his knees. He is looking up at the angel Moroni who has appeared before him. Moroni is depicted wearing a white robe. The painting depicts the event wherein the angel Moroni appeared to the Prophet Joseph Smith three times in the Prophet's bedroom during the night of September 21, 1823 to inform him of the existence and location of the gold plates, and to instruct him as to his responsibility concerning the plates.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්හන්සේගේ සභාව නැවත පිහිටෙව්වා.

  • ගැලවුම්කරුවාණන්ගේ සභාව නැවත පිහිටුවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීමට ඔබට ඔබේ දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේ ද? සමහරවිට ඔවුන්ට සෙල්ලම් කුට්ටි හෝ කෝප්ප යොදාගෙන සරල කුළුණක් ගොඩනැගීමට හෝ “නැවත නැවතත් ගොඩනගන්නට” පුළුවන්. එසේත් නැතිනම්, ඔබේ දරුවන්ට යම් දෙයක් නැතිවී ඇති හෝ හානි වී ඇති නිසා එය ඔවුන්ට නැවත ලබාගැනීමට සිදු වී ඇත්නම්, ඔබට එම අත්දැකීම ගැලවුම්කරුවාණන් උන්හන්සේගේ සභාව නැවත පිහිටුවීම හා සසඳන්න පුළුවන්. ගැලවුම්කරුවාණන් නැවත පිහිටුවීම කළ නැවත පිහිටුවීමේ ප්‍රකාශයේ සඳහන් විශේෂිත දේවල් සොයා ගැනීමට ඔවුන්ට උපකාර කරන්න.

පියා සහ දරුවන් සෙල්ලම් කුට්ටි සමග සෙල්ලම් කරමින්

“ස්වර්ගයන් විවෘතයි.”

  • “ස්වර්ගයන් විවෘතයි” යන වාක්‍ය ඛණ්ඩයේ තේරුම නිදර්ශනය කිරීම සඳහා, සමහර විට ඔබට ඔබේ දරුවන් සමග පණිවිඩයක් බෙදා ගත හැකිය, පළමුව වසා ඇති දොරක් පිටුපස සිටිමින් සහ පසුව විවෘත දොරක් පිටුපස සිටිමින් එම පණිවිඩය බෙදාගන්න. ඔවුන්ටත් මාරුවෙන් මාරුවට පණිවිඩයක් බෙදා ගැනීමට ඉඩ දෙන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් ලබාදෙන පණිවිඩ මොනවා ද? ස්වර්ගයන් අපට විවෘතව තිබෙන බව දැනගැනීමට අපට උපකාර වී ඇති අත්දැකීම් මොනවා ද?