Doctrine and Covenants 2025
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම වැඩි දියුණු කරගැනීම සඳහා අදහස්


“නිවසේදී සහ සභාවේදී ඉගෙනීම වැඩි දියුණු කරගැනීම සඳහා අදහස්” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“නිවසේදී සහ සභාවේදී ඉගෙනීම වැඩි දියුණු කරගැනීම සඳහා අදහස්” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

පවුලක් එකට අධ්‍යයනය කරමින්

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම වැඩි දියුණු කරගැනීම සඳහා අදහස්

ඔබ නිවසේදී සහ සභාවේදී ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචිය අධ්‍යයනය කරන විට, පහත ප්‍රශ්න සලකා බලන්න:

  • ඔබේ අධ්‍යයනයට ඔබ ආත්මයාණන්වහන්සේට ආරාධනා කරන්නේ කෙසේ ද?

  • ඔබට ඔබේ අධ්‍යයනයේදී ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කළ හැක්කේ කෙසේ ද?

  • එදිනෙදා ඉගෙනීමේ අවස්ථා වලින් ඔබට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේ ද?

  • තනිවම ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට සහ ඔවුන් ඉගෙන ගන්නා දේ බෙදා ගැනීමට පවුලේ සාමාජිකයන්ව සහ පන්තියේ සාමාජිකයන්ව ඔබට දිරිමත් කළ හැක්කේ කෙසේ ද?

දෙවියන්වහන්සේගේ වචනය පිළිබඳ ඔබගේ අධ්‍යයනය වැඩිදියුණු කරගැනීම සඳහා සරල ක්‍රම කිහිපයක් මෙන්න.

පෙළඹවීම් සඳහා යාච්ඤා කරන්න

ශුද්ධලියවිලි දෙවියන්වහන්සේගේ වචනයයි, එබැවින් ඒවා තේරුම් ගැනීමට උන්වහන්සේගෙන් උපකාර ඉල්ලා සිටින්න.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සත්‍යයන් සොයන්න

සෑම දෙයක්ම ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරයි (බලන්න 2 නෙපී 11:4; මෝසෙස් 6:63), එබැවින් ගැලවුම්කරුවාණන් ගැන සාක්ෂි දරන, උන්වහන්සේ කෙරෙහි ඔබේ ආදරය ගැඹුරු කරන සහ උන්වහන්සේව අනුගමනය කරන ආකාරය උගන්වන පද සටහන් කිරීම හෝ සලකුණු කිරීම සලකා බලන්න. සමහර විට ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ සත්‍යයන් කෙළින්ම ප්‍රකාශ කර ඇති අතර සමහර විට ඒවා උදාහරණයකින් හෝ කතාවකින් ඇඟවුම් කරයි. ඔබෙන්ම මෙසේ අසන්න, “මෙම පදවල උගන්වා ඇති සදාකාලික සත්‍යයන් මොනවාද? මේ සත්‍යයන් ගැලවුම්කරුවාණන් ගැන අපට උගන්වන්නේ මොනවාද?”

ආත්මයාණන්වහන්සේට සවන්දෙන්න

ඔබේ සිතුවිලි සහ හැඟීම් ඔබ කියවන දෙයට සම්බන්ධ නැති වුවද, ඒවා කෙරෙහි අවධානය යොමුකරන්න. මෙම හැඟීම් ඔබේ ස්වර්ගික පියාණන්වහන්සේ ඔබ ඉගෙනගන්නවාට කැමති දේ වෙන්න පුළුවන්.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ඔබ අධ්‍යයනය කරන විට ඇතිවන හැඟීම් සටහන් කිරීමට බොහෝ ක්‍රම තිබේ. නිදසුනක් වශයෙන්, ශුද්ධලියවිලිවල ඇති ඇතැම් වචන සහ වාක්‍ය ඛණ්ඩ ඔබේ සිත් ඇදගන්නා බව ඔබට පෙනී යා හැකිය; ඔබට ඒවා සලකුණු කර ඔබේ සිතුවිලි ඔබේ ශුද්ධලියවිලිවල සටහනක් ලෙස සටහන් කළ හැකිය. ඔබට ලැබෙන පෙළඹවීම්, හැඟීම් සහ සංකල්පනා පිළිබඳ දින පොතක්ද ඔබට තබාගත හැකිය.

තරුණ කාන්තාවක් අධ්යනය කරමින්

ඔබ ඉගෙන ගන්නා දේ අන් අය සමඟ බෙදා ගන්න

ඔබේ පෞද්ගලික අධ්‍යයනයෙන් ලැබෙන අවබෝධයන් ගැන සාකච්ඡා කිරීම අන් අයට ඉගැන්වීම සඳහා හොඳ ක්‍රමයක් වන අතර, ඔබ කියවා ඇති දේ පිළිබඳ ඔබේ අවබෝධය ශක්තිමත් කිරීමට ද එය උපකාරී වේ. ඔබ ඉගෙන ගන්නා දේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ (පුද්ගලිකව හෝ ඩිජිටල් ලෙස) බෙදා ගෙන ඔවුන්ටත් එය කිරීමට ආරාධනා කරන්න.

ශුද්ධලියවිලි ඔබේ ජීවිතයට අදාළ කරගන්න

ඔබ කියවන කතන්දර සහ ඉගැන්වීම් ඔබේ ජීවිතයට අදාළ වන්නේ කෙසේදැයි සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, “මම කියවන දෙයට සමානව මට ඇති අත්දැකීම් මොනවාද?” කියා ඔබට ඔබෙන්ම අසාගත හැකිය.

ඔබ අධ්‍යයනය කරන විට ප්‍රශ්න අසන්න

ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, ප්‍රශ්න මනසට පැමිණිය හැකිය. මෙම ප්‍රශ්න ඔබ කියවන දේට හෝ පොදුවේ ඔබේ ජීවිතයට සම්බන්ධ විය හැකිය. ඔබ දිගටම ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට මෙම ප්‍රශ්න ගැන මෙනෙහි කර පිළිතුරු සොයන්න.

තරුණයෙක් අධ්යනය කරමින්

ශුද්ධලියවිලි අධ්‍යයන උපකාරයන් භාවිතා කරන්න

ඔබ කියවන පද පිළිබඳව අමතර අවබෝධයක් ලබාගැනීම සඳහා, පාද සටහන්, Topical Guide, Bible Dictionary, ශුද්ධලියවිලි මාර්ගෝපදේශය, සහ අනෙකුත් අධ්‍යයන උපකාර භාවිතා කරන්න.

ශුද්ධලියවිලිවල සම්බන්ධය සලකා බලන්න

ඔබ එහි සම්බන්ධය සලකා බලන විට, එය පැමිණි තත්වයන් හෝ සැකසුම ඇතුළුව, ශුද්ධලියවිලි ඡේදයක් පිළිබඳ අර්ථවත් අවබෝධයක් ඔබට සොයාගත හැකිය. නිදසුනක් වශයෙන්, දෙවියන්වහන්සේ විසින් කතා කළ මිනිසුන්ගේ පසුබිම සහ විශ්වාසයන් දැනගැනීම මගින් උන්වහන්සේගේ වචන වල අභිප්‍රාය තේරුම්ගැනීමට ඔබට උපකාරී වේ. Saints, Revelations in Context, දහම සහ ගිවිසුම්වල කොටස් ශීර්ෂයන් සහ වෙනත් සම්පත් වලින් ඔබට ඒවා ගැන ඉගෙන ගත හැකිය.

පසුදවස්වල අනාගතවක්තෘවරුන්ගේ හා ප්‍රේරිතවරුන්ගේ වචන අධ්‍යයනය කරන්න

ශුද්ධලියවිලිවල ඔබ සොයාගත් මූලධර්ම පිළිබඳව පසුදවස්වල අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් උගන්වා ඇති දේ කියවන්න.

මව සහ පුත්රයා  එකට ඉගෙන ගනී

ඔබ ඉගෙනගන්නා දේ අනුව ජීවත් වන්න

ශුද්ධලියවිලි අධ්‍යයනය අපව පොළඹවනවා පමණක් නොව, අප ජීවත් වන ආකාරය වෙනස් කිරීමටද අපව යොමුකරයි. ඔබ කියවන විට ආත්මයාණන්වහන්සේ ඔබෙන් ඉල්ලා සිටින දෙයට සවන්දෙන්න, ඉන්පසු එම ඉල්ලීම් ඉටුකිරීමට කැපවන්න.

සංගීතය භාවිතා කරන්න

යෝජිත ගීතිකා සහ ළමා ගීත එන්න, මා අනුගමනය කරන්න පුරා සොයාගත හැකිය. ආත්මයාණන්ට ආරාධනා කිරීමට සහ ශුභාරංචි සත්‍යයන් පිළිබඳ ඔබේ ඇදහිල්ල සහ සාක්ෂිය ගැඹුරු කිරීමට පූජනීය සංගීතය භාවිතා කරන්න.

පවුලේ අය එකට ගායනා කරමින්

ශුද්ධලියවිලි කටපාඩම් කරන්න

ඔබට, ඔබේ පවුලට හෝ ඔබේ පන්තියට අර්ථවත් වන ශුද්ධලියවිලි ඡේදයක් තෝරන්න, එය දිනපතා පුනරුච්චාරණය කිරීමෙන් හෝ කටපාඩම් කිරීමේ ක්‍රීඩාවක් කිරීමෙන් එය කටපාඩම් කරන්න.

භාණ්ඩ යොදාගන්නා පාඩම් බෙදාගන්න

ඔබ කියවන පරිච්ඡේදවලට සහ පදවලට ගැලපෙන භාණ්ඩ සොයාගන්න. එම එක් එක් භාණ්ඩ ශුද්ධලියවිලිවල ඉගැන්වීම්වලට සම්බන්ධ වන්නේ කෙසේ දැයි සලකා බලන්න.

අඳින්න, සොයන්න, හෝ පින්තූරයක් ගන්න

පද කිහිපයක් කියවා, ඔබ කියවන දෙයට අදාළ යමක් අඳින්න. නැතහොත් ඔබට Gospel Art Book (ශුභාරංචි රූප පොතේ) හෝ ශුභාරංචි පුස්තකාලයේ වෙනත් ස්ථානයක පින්තූරයක් සොයාගත හැකිය. ඔබ ඉගෙන ගත් දේ නිරූපණය කරන ඡායාරූපයක් ද ඔබට ලබාගත හැකිය.

කතාවක් නාට්‍යයකට හරවන්න

කතන්දරයක් කියවීමෙන් පසුව, එය රඟදැක්වීමට පවුලේ හෝ පන්තියේ සාමාජිකයන්ට ආරාධනා කරන්න. පසුව, ඔබ අත්දකින දේවල්වලට එම කතන්දරය සම්බන්ධ වන්නේ කෙසේද කියා සාකච්ඡා කරන්න.

නිවසේදී නම්‍යශීලී වන්න

පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනයට සහභාගී වීමට කැමති නැති පවුලේ සාමාජිකයන් ඔබේ පවුලේ සිටී නම්, ඔවුන් සමඟ සම්බන්ධ වීමට වෙනත් ක්‍රම සොයන්න. නිදසුනක් වශයෙන්, ඔබට ඔබේ සංවාදවලදී දේශනා කරනවා හෝ බල කරනවාක් මෙන් නැතිව ස්වභාවිකව සදාකාලික සත්‍යයන් බෙදා ගැනීමට හෝ අර්ථවත් ශුද්ධලියවිල්ලක් බෙදාගැනීමට පුළුවන්ද? ශුද්ධලියවිලි අධ්‍යයනය සෑම පවුලකම එක හා සමාන විය යුතු නැත. තනි තනිව ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට සමහර දරුවන් වඩා හොඳ ප්‍රතිචාරයක් දැක්විය හැකිය. යාච්ඤාශීලී වන්න සහ ආත්මයාණන්වහන්සේගේ උපදෙස් අනුගමනය කරන්න.

දෙමාපියන් සඳහා ගුරු සභා රැස්වීම්. ඔබේ දරුවන්ට ඉගැන්වීමට ඔබ දරන උත්සාහයට අමතර උපකාර අවශ්‍ය නම්, ඔබේ කොට්ඨාශයේ දෙමාපියන් සඳහා ගුරු සභා රැස්වීම් පවත්වන්නේ දැයි සොයා බලන්න (ප්රධාන අත්පොත, 17.5 බලන්න). මෙම රැස්වීම් දෙමාපියන්ට ඔවුන්ගේ ඉගැන්වීම වැඩි දියුණු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට සහ එකට එක්ව ඉගෙන ගැනීමට අවස්ථාවකි. ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීමෙහි ඇති මූලධර්ම, පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩි දියුණු කරගැනීම සඳහා මෙම පිටුවල ඇති අදහස් සහ එන්න, මා අනුගමනය කරන්න පුරාවට සොයාගත් ඉගෙනුම් සහ ඉගැන්වීම් යෝජනා ඔවුන්ට සාකච්ඡා කළ හැකිය.