Doctrine and Covenants 2025
එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා භාවිතය


එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා භාවිතය,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

එන්න, මා අනුගමනය කරන්න භාවිතය,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

එක්ව අධ්‍යයනය කරන යුවළක්

එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා භාවිතය

මෙම පොත කා සඳහාද?

මෙම පොත තනි තනිව, පවුලක් ලෙස සහ සභාවේ පන්තිවල—දහම සහ ගිවිසුම් අධ්‍යයනය කිරීමට කැමති ඕනෑම අයෙකු සඳහා වේ. ඔබ අතීතයේදී ශුද්ධලියවිලි නිතිපතා අධ්‍යයනය කර නොමැති නම්, එය ආරම්භ කිරීමට මෙම පොත ඔබට උපකාරී වෙයි. ඔබට දැනටමත් ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමේ හොඳ පුරුද්දක් තිබෙනවා නම්, මෙම පොත ඔබට වඩාත් අර්ථවත් අත්දැකීම් ලබාගැනීමට උපකාරී වෙයි.

නිවසේ සිටින පුද්ගලයින් සහ පවුල්

ශුභාරංචිය ඉගෙන ගැනීමට සුදුසුම ස්ථානය නිවසයි. සභාවේ ඔබේ ගුරුවරුන්ට ඔබට සහාය වෙන්න පුළුවන්, ඒවගේම අනෙකුත් කොට්ඨාශ සාමාජිකයින්ගෙන් ඔබට දිරිගැන්වීමක් ලබාගන්න පුළුවන්. නමුත් අධ්‍යාත්මිකව නොනැසී සිටීමට, අපි එක් එක්කෙනාට “දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන්” දිනපතා පෝෂණය අවශ්‍ය වෙනවා (මොරෝනි 6:4; තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “ආරම්භක පණිවිඩය”, ලියහෝනා, නොවැ. 2018, 6–8).

ඔබට ප්‍රයෝජනවත් වන ඕනෑම ආකාරයකින් මෙම පොත භාවිතා කරන්න. මෙහි දළ සටහන් මගින් දහම සහ ගිවිසුම් හි ඇති සදාකාලික සත්‍යයන් කිහිපයක් ඉස්මතු කරයි. ඒවා මගින් ඔබට තනි තනිව, පවුලේ සාමාජිකයන් සමඟ හෝ මිතුරන් සමඟ ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට උපකාර වන අදහස් සහ ක්‍රියාකාරකම් ද යෝජනා කරයි. ඔබ අධ්‍යයනය කරද්දී, ඔබට අර්ථවත් වන සදාකාලික සත්‍යයන් සොයා ගැනීමට ආත්මයාණන්ගේ මගපෙන්වීම අනුගමනය කරන්න. දෙවියන්වහන්සේට ඔබ වෙනුවෙන් දීමට තිබෙන පණිවිඩ සොයන්න, ඒවගේම ඔබට ලැබෙන පෙළඹවීම් අනුගමනය කරන්න.

සභාවේ ගුරුවරුන් සහ ඉගෙන ගන්නන්

ඔබ ප්‍රාථමික පන්තියක්, යෞවන හෝ වැඩිහිටි ඉරිදා පාසල් පන්තියක්, ආරෝනික පූජක ගණපූරණයක් හෝ තරුණ ගැහැණු ළමුන්ගේ පන්තියක් උගන්වනවන්නේ නම්, ඔබ ඉගැන්වීමට සූදානම් වන විට මෙම පොතේ දළ සටහන් භාවිතා කිරීමට අපි ඔබව දිරිමත් කරනවා. එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා කියන්නේ ඔබේ ඉරිදා පන්තියේ විෂය මාලාවයි. මෙම පොතේ තිබෙන ඉගෙනුම් අදහස් නිර්මාණය කර තිබෙන්නේ නිවසේදී සහ සභාවේදී ඉගෙන ගැනීම සඳහායි. ඔබ ඉගැන්වීමට සූදානම් වෙද්දී, ශුද්ධලියවිලිවල ඔබේම අත්දැකීම් ලබා ගැනීමෙන් එය ආරම්භ කරන්න. ඔබගේ වැදගත්ම සූදානම සිදුවෙන්නේ ඔබ ශුද්ධලියවිලි පද සොයන විට සහ ශුද්ධාත්මයාණන්ගේ පුද්ගලික ආනුභාවය සොයන විටයි. ඔබ උගන්වන අයගේ අවශ්‍යතා මනසේ තබාගෙන අධ්‍යයනය කිරීමට ද ඔබට පුළුවන්. සදාකාලික සත්‍යයන් සොයන්න. එන්න, මා අනුගමනය කරන්න යන මෙම පොතට මෙම සත්‍යයන් සමහරක් හඳුනා ගැනීමට සහ එම ශුද්ධලියවිලි පද ඔබේ ජීවිතයට අදාළ කරගත හැකි ආකාරය ඉගෙන ගැනීමට ඔබට උපකාර කරන්න පුළුවන්.

ශුභාරංචිය උපරිම විදියට ඉගෙනගැනීමට නම්, එය නිවස කේන්ද්‍ර කරගෙන සහ සභාවේ සහය ඇතිව සිදුවිය යුතු බව මතක තබාගන්න. වෙනත් වචනවලින් කියනවා නම්, ඔබේ ප්‍රධාන වගකීම තමයි ඔබ උගන්වන පුද්ගලයින්ට නිවසේදී ශුභාරංචිය ඉගෙන ගැනීමටත් ඒ අනුව ජීවත් වීමටත් ඔවුන් දරන ප්‍රයත්නයන්ට ඔවුන්ට සහාය වීම . පන්තියේදී ඔවුන් සඳහා ලබා දීමට අද්විතීය අන්තර්ගතයක් සාදා ගැනීම ගැන කරදර වෙන්න එපා. ඒ වෙනුවට, ඔවුන් නිවසේදී කියවා ඇති ශුද්ධලියවිලි පාඨ පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම්, සිතුවිලි සහ ප්‍රශ්න බෙදා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න. ඔවුන් සොයාගත් සදාකාලික සත්‍යයන් බෙදා ගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න. මෙය මෙම පොතේ යම් ප්‍රමාණයක් ආවරණය කරනවාට වඩා වැදගත්.

යෞවන හා වැඩිහිටි ඉරිදා පාසල් පන්ති

අපි ඉරිදා පාසලේ පන්තිවලට එක්රැස් වීමට එක් ප්‍රධාන හේතුවක් තමයි, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැන හඳුනා ගැනීමට සහ අනුගමනය කිරීමට උත්සාහ කරන විට එකිනෙකාට සහයෝගය දැක්වීම සහ දිරිගැන්වීම. මෙය කළ හැකි සරල ක්‍රමයක් තමයි, “ඔබ එන්න, මා අනුගමනය කරන්න තුළින් ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට ශුද්ධාත්මයාණන්වහන්සේ මේ සතියේ ඔබට ඉගැන්වූයේ කුමක්ද?” වැනි ප්‍රශ්නයක් ඇසීම. මෙම ප්‍රශ්නයට පිළිතුරු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සහ උන්වහන්සේගේ ශුභාරංචිය තුළ ඇදහිල්ල ගොඩනගන අර්ථවත් සාකච්ඡාවලට තුඩු දෙන්න පුළුවන්.

එවිට ඔබට එන්න, මා අනුගමනය කරන්න තුළ තිබෙන අධ්‍යයන යෝජනා මත පදනම්ව සාකච්ඡාවකට ආරාධනා කරන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, අධ්‍යයන අදහසකින් ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ වේදනා විස්තර කළ ආකාරය දහම සහ ගිවිසුම් 19:15–20 තුළ සෙවීමට ඔබට යෝජනා කරන්න පුළුවන්. උන්වහන්සේගේ විස්තරය කියවන විට ඔවුන්ට හැඟුණු ආකාරය බෙදා ගැනීමට සහ උන්වහන්සේ ගැන ඔවුන් සිතන ආකාරය කෙරෙහි මෙය බලපාන ආකාරය ගැන කතා කිරීමට ඔබට පන්තියේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. එසේත් නැතිනම් ඔබට මෙම පද, පන්තියක් ලෙස එක්ව පාඩම් කිරීමට යම් කාලයක් ගත කරන්න පුළුවන්.

ආරෝනික පූජක ගණපූරණය සහ තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති

ආරෝනික පූජක ගණපූරණය සහ තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති ඉරිදා දිනවල රැස්වන විට, ඔවුන්ගේ අරමුණ ඉරිදා පාසල් පන්තියකට වඩා තරමක් වෙනස්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගෙන ගැනීමට එකිනෙකාට උපකාර කිරීමට අමතරව, ඔවුන්ගේ පන්තියේ හෝ ගණපූරණයේ සභාපතිත්වය විසින් මෙහෙයවන පරිදි, මෙම කණ්ඩායම් රැස්වෙන්නේ ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය ඉටු කිරීම පිළිබඳව එකට එකතු වී සාකච්ඡා කිරීමටයි (බලන්න ප්‍රධාන අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම, 1.2).

මේ හේතුව නිසා, සෑම ගණපූරණයක්ම හෝ පන්ති රැස්වීමක්ම ආරම්භ විය යුත්තේ ගණපූරණයේ සාමාජිකයෙකු හෝ පන්ති සභාපතිත්වය විසින් ඔවුන්ගේ උත්සාහයන් පිළිබඳ සාකච්ඡාවක් මෙහෙයවමින්. නිදසුනක් වශයෙන්, ශුභාරංචිය අනුව ජීවත් වීමට , අවශ්‍යතා ඇති පුද්ගලයින්ට සේවය කිරීමට, ශුභාරංචිය බෙදා ගැනීමට හෝ දේවමාළිගාවේ සහ පවුල් ඉතිහාස කටයුතුවලට සහභාගී වීමට ඔවුන් දරන උත්සාහයන් පිළිබඳව ඔවුන්ට එක්ව සාකච්ඡා කරන්න පුළුවන්.

එක්ව සාකච්ඡා කරන මෙම කාලයෙන් පසුව, එක්ව ශුභාරංචිය ඉගෙනීම සඳහා උපදේශකයෙකු පන්තිය හෝ ගණපූරණය මෙහෙයවයි පන්ති හෝ ගණපූරණවල වැඩිහිටි නායකයින්ව හෝ සාමාජිකයන්ව ඉගැන්වීම සඳහා පවරන්න පුළුවන්. පන්ති හෝ ගණපූරණ සභාපතිත්වය, වැඩිහිටි නායකයින් සමඟ සාකච්ඡා කර, මෙම පැවරුම් ලබාදෙයි.

ඉගැන්වීමට පවරා ඇති පුද්ගලයින් එන්න, මා අනුගමනය කරන්න හි ඇති සතිපතා දළ සටහනේ ඇති ඉගෙනුම් යෝජනා භාවිතා කරමින් සූදානම් විය යුතුයි. මේ එක් එක් දළ සටහනෙහි, මෙම නිරූපකය සෙමනේරි නිරූපකයමගින් යෞවනයන්ට විශේෂයෙන් අදාළ වන සහ ඔවුන් සෙමනේරියේ ඉගෙන ගන්නා දේ සමග පෙළගැසෙන ක්‍රියාකාරකමක් පෙන්නුම් කරනවා. කෙසේවෙතත්, මෙම දළ සටහනේ ඇති ඕනෑම යෝජනාවක් යෞවනයන් සඳහා ඉගෙනීමේ ක්‍රියාකාරකමක් ලෙස භාවිතා කරන්න පුළුවන්.

ගණපූරණ සහ පන්ති රැස්වීම් සඳහා නියැදි න්‍යාය පත්‍රයක් සඳහා, උපග්‍රන්ථය D බලන්න.

ප්‍රාථමිකය

ප්‍රාථමිකයට ඉගැන්වීමට ඔබේ සූදානම ආරම්භ වන්නේ ඔබ පුද්ගලිකව සහ ඔබේ පවුල සමඟ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විටයි. ඔබ එහෙම කරද්දි, ඔබගේ ප්‍රාථමික පන්තියේ දරුවන් ගැන ශුද්ධාත්මයාණන්ගෙන් ලැබෙන අධ්‍යාත්මික හැඟීම් සහ දේවානුභාවය සඳහා ඉඩ දෙන්න. යාච්ඤාවෙන් සිටින්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගෙන ගැනීමට ඔවුන්ට උපකාර කිරීමට අදහස් සමඟ ආත්මයාණන්වහන්සේට ඔබට දේවානුභාවය ලබාදෙන්න පුළුවන්.

ඔබ ඉගැන්වීමට සූදානම් වෙද්දි, මෙම පොතේ තිබෙන ඉගැන්වීම් අදහස් ගවේෂණය කිරීමෙන් ඔබට අමතරඥානයක් ලබාගන්න පුළුවන්. එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා තුළ තිබෙන සෑම දළ සටහනකම “දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්” යන මාතෘකාව යටතේ කොටසක් තිබෙනවා. මෙම අදහස් ඔබේ ආනුභාවය දිරිමත් කිරීමට තිබෙන යෝජනා ලෙස සිතන්න. ඔබ ඔබේ ප්‍රාථමික පන්තියේ සිටින දරුවන්ව හඳුනනවා—ඒවගේම ඔබ ඔවුන් සමඟ පන්තියේදී අන්තර් ක්‍රියා කරන විට ඔවුන්ව වඩාත් හොඳින් දැන ගන්නවා. දෙවියන්වහන්සේත් ඔවුන්ව හඳුනනවා, ඒවගේම ඔවුන්ට ඉගැන්වීමට සහ ආශිර්වාද කිරීමට හොඳම ක්‍රම සමඟ උන්වහන්සේ ඔබට ආනුභාවය ලබාදෙයි.

ඔබේ පන්තියේ ළමයින් දැනටමත් ඔවුන්ගේ පවුල් සමඟ එන්න, මා අනුගමනය කරන්න හි සමහර ක්‍රියාකාරකම් කර තිබෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. නැවත නැවත කිරීම හොඳයි. නිවසේ දී ඉගෙන ගත් දේ එකිනෙකා සමඟ බෙදා ගැනීමට දරුවන්ට ආරාධනා කිරීම සලකා බලන්න. දරුවන් නිවසේදී ඉගෙන නොගෙන තිබුණා වුණත් ඔවුන්ට සහභාගී වීමට ක්රම ඔබ සැලසුම් කර ගත යුතුයි. විවිධ ක්‍රියාකාරකම් තුළින් මෙම සත්‍යයන් නැවත නැවත උගන්වන විට දරුවන් වඩාත් ඵලදායී ලෙස ශුභාරංචි සත්‍යයන් ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම ඔබ කුඩා දරුවන්ට උගන්වද්දී, යම් ඉගෙනීමේ ක්‍රියාකාරකමක් දරුවන්ට ඵලදායී බව ඔබට පෙනී යනවා නම්, එය නැවත නැවතත් කිරීම ගැන සලකා බලන්න.

ඉරිදා දින පහක් ඇති මාසවලදී, “උපග්‍රන්ථය B: ප්‍රාථමිකය සඳහා—දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිතය ගතකිරීම සඳහා දරුවන් සූදානම් කිරීම” හි ඉගෙනුම් ක්‍රියාකාරකම් එකක් හෝ කිහිපයක් සමඟ පස්වන ඉරිදා දිනට නියමිත එන්න, මා අනුගමනය කරන්න තුළ ඇති දළ සටහන ප්‍රතිස්ථාපනය කිරීමට ප්‍රාථමික ගුරුවරුන්ව දිරිමත් කරනු ලැබෙනවා.