පුස්තකාලය
නොවැම්බර් 1–7. හෙබ්‍රෙව් 1–6: ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ‘සදාකාලික ගැලවීමේ මූලිකයාණන්’’


“නොවැම්බර් 1–7. හෙබ්‍රෙව් 1–6: ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ‘සදාකාලික ගැලවීමේ මූලිකයාණන්,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“නොවැම්බර් 1–7. හෙබ්‍රෙව් 1–6,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

ක්‍රිස්තුස්වහන්සේ තරුණ ගැහැණු ළමයෙකු හා පිරිමියෙකු සමග සිටගෙන සිටිමින්

ඇනී හෙන්රි විසින්, ගිලියද්හි බාම්

නොවැම්බර් 1–7

හෙබ්‍රෙව් 1–6

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, “සදාකාලික ගැලවීමේ මූලිකයාණන්”

අධ්‍යාත්මික හැඟීම් වාර්තා කිරීම ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට ඉගැන්වීමට කැමති දේ හඳුනාගැනීමට උපකාරී වේ. ඔබේ හැඟීම් මත ක්‍රියාකිරීමෙන් පෙන්නුම් කරන්නේ එම ඉල්ලීම් සැබෑවක් බවට ඇති ඔබේ ඇදහිල්ලයි.

ඔබේ හැඟීම් සටහන් කරන්න

එය නරක පුරුදු, වැරදි විශ්වාසයන්, අහිතකර ආශ්‍රයන් හෝ වෙනත් දෙයක් වේවා—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිගැනීම සඳහා අප සියල්ලන්ම යමක් අත්හැරිය යුතුය. අන්‍යජාතීන්ට, හැරීම යනු බොහෝවිට බොරු දෙවිවරුන් අතහැර දැමීමයි. කෙසේවෙතත්, හෙබ්‍රෙව්වරුන්ට (යුදෙව්වන්ට) හැරීම වඩා දුෂ්කර නොවන්නේ නම්, එය ටිකක් සංකීර්ණ බව ඔප්පු විය. ඇත්තවශයෙන්ම, ඔවුන්ගේ ආදරණීය විශ්වාසයන් හා සම්ප්‍රදායන් මුල්බැස ඇත්තේ සැබෑ දෙවියන්වහන්සේට නමස්කාර කිරීම සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් තුළය, එය වසර දහස් ගණනක් පුරාවට දිවයයි. නමුත් ප්‍රේරිතයන් ඉගැන්වූයේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණවී ඇති බවත් උසස් නීතියක් දැන් ඇදහිලිවන්තයන්ට ප්‍රමිතියක් බවත්ය. ක්‍රිස්තියානි දහම පිළිගැනීම යන්නෙන් අදහස් කරන්නේ හෙබ්‍රව්වරු ඔවුන්ගේ පෙර විශ්වාසයන් හා ඉතිහාසය අත්හැරිය යුතු බවද? මෝසෙස්, අනාගතවක්තෘවරුන් හා වත්පිළිවෙත් සියල්ලම වැදගත් බවත්, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊටත් වඩා උසස් බවත් ඉගැන්වීමෙන් හේබ්‍රව්වරුන්ට ලියූ ලිපිය මගින් එවැනි ප්‍රශ්ණ විසඳීමට සෙවීය (හේබ්‍රව් 1:1–4; 3:1–6; 7:23–28 බලන්න). ඇත්තවශයෙන්ම, මේ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෙසත් යුදෙව්වන් බලාසිටි පොරොන්දු වූ මෙසියස් ලෙසත් පෙන්වාදෙයි. හේබ්‍රව්වරුන්ට සහ අප සැමට දෙන පණිවිඩය නම්, සමහරවිට අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අපගේ නමස්කාරයේ හා අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම සඳහා සම්ප්‍රදායන් අත්හැරිය යුතුය—මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන “අපට දයාව ලැබෙනු ඇත” (හේබ්‍රෙව් 4:16).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

හේබ්‍රෙව්

හේබ්‍රව් ලිපිය ලිව්වේ කවුද?

සමහර විශාරදයන් පාවුල් හෙබ්‍රෙව්වරුන්ගේ ලිපිය ලිව්වාදැයි ප්‍රශ්න කර තිබේ. හේබ්‍රව් පොතේ භාෂාවේ සාහිත්‍ය ශෛලිය පාවුල්ගේ අනෙක් ලිපිවලට වඩා තරමක් වෙනස් වන අතර පාඨයන්හි මුල්ම අනුවාදයේ කතුවරයකු නම්කර නැත. කෙසේවෙතත්, හේබ්‍රව් භාෂාවෙන් ප්‍රකාශ වන අදහස් පාවුල්ගේ වෙනත් ඉගැන්වීම් වලට අනුකූල වන හෙයින්, පසුකාලීන සාන්තුවරයන්, ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුකූලව, මෙම ලිපිය ලිවීමට පාවුල් අවම වශයෙන් සම්බන්ධවී ඇති බව සාමාන්‍යයෙන් පිළිගෙන තිබේ.

තවත් බලන්න Bible Dictionary, “Pauline Epistles.”

හේබ්‍රව් 1–5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගික පියාණන්ගේ “ප්‍රකාශිත රූපය” වේ.

බොහෝ යුදෙව්වන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෙස පිළිගැනීම දුෂ්කර විය. හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපියේ උගන්වන්නේ යේසුස්වහන්සේ ගැන සෑමදෙයක්ම උන්වහන්සේගේ පියාණන්වහන්සේ ගැන සාක්ෂි සපයන බවත් ආදර්ශවත් කරන බවත්ය. ඔබ හේබ්‍රරෙව් පළමු පරිච්ඡේද පහ කියවන විට, ඔබ සඳහන් කළ පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නම්, භූමිකාවන්, ගුණාංග සහ කෘති ලැයිස්තුවක් ඔබට තබාගත හැකිය. ගැලවුම්කරුවාණන් ගැන මේ දේවල් ඔබට උගන්වන්නේ මොනවාද? ස්වර්ගික පියාණන්වහන්සේ ගැන ඒවා ඔබට උගන්වන්නේ මොනවාද?

වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ්ගේ පහත දැක්වෙන පහත ප්‍රකාශය මෙම පරිච්ඡේදවල ඉගැන්වීම් පිළිබඳ ඔබේ අවබෝධයට එකතු කරන්නේ මොනවාද? “යේසුස්වහන්සේ… පැමිණියේ දෙවියන්වහන්සේ පිළිබඳව මනුෂ්‍යයාගේ දෘෂ්ටිය වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ගේ ස්වර්ගික පියාණන් සැමවිටම සහ ඉදිරියටත් සැමවිටම ප්‍රේම කරන ලෙසටම උන්වහන්සේටත් ප්‍රේම කරන ලෙස අයැදීමටය. … එබැවින් කුසගින්නෙන් පෙළෙන අයව පෝෂණය කිරීම, රෝගීන් සුව කිරීම, කුහකකමට තරවටු කිරීම, ඇදහිල්ල ඉල්ලාසිටීම—මෙලෙස ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේගේ මාර්ගය අපට පෙන්වයි” (“The Grandeur of God,” Ensign or Liahona, Nov. 2003, 72).

හේබ්‍රව් 2:9–18; 4:12–16; 5:7–8

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාව තේරුම්ගැනීමට සහ මට උපකාර කිරීමට හැකිවන පරිදි පරීක්ෂාවන්ට හා දුර්වලතාවන්ට ගොදුරු විය.

ඔබට “නිර්භීතව කරුණාවේ සිංහාසනය වෙතට පැමිණ” දයාව සෙවිය හැකියි කියා ඔබට හැඟෙනවාද? (හේබ්‍රව් 4:16). හේබ්‍රව්වරුන්ට ලියන ලද එක් පණිවිඩයක් නම්, අපගේ පාප හා දුර්වලතා තිබියදීත්, දෙවියන්වහන්සේට ළඟාවිය හැකි අතර උන්වහන්සේගේ කරුණාව අත්කරගත හැකි බවය. ඔබගේ ලෞකික අභියෝගයන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට උපකාර කරයි යන විශ්වාසය ශක්තිමත් කරන කුමක් ඔබට හේබ්‍රව් 2:9–18; 4:12–16; 5:7–8 තුලින් සොයාගත හැකිද? ගැළවුම්කරුවාණන් ඔබ වෙනුවෙන් කර ඇති දේ පිළිබඳ ඔබේ සිතුවිලි සහ හැඟීම් දිනපොතක වාර්තා කිරීම සලකා බලන්න.

මොසායා 3:7–11; ඇල්මා 7:11–1334 ද බලන්න.

හේබ්‍රව් 3:7–4:11

දෙවියන්වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමට නම්, මම මගේ හදවත “දැඩි නොකළ යුතුය.”

ඔවුන් ක්‍රිස්තියානි ආගමට හරවා තිබුණත්, සමහර යුදෙව් සාන්තුවරයන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සහ එහි ආශිර්වාද සම්පූර්ණයෙන්ම පිළිගැනීම දුෂ්කර විය. පුරාණ ඊශ්‍රායෙලිතයන්ගේ කථාව නැවත කියවීමෙන්, ඔවුන්ගේ මුතුන්මිත්තන් අවිශ්වාසය නිසා දෙවියන්වහන්සේගේ ආශිර්වාද ප්‍රතික්ෂේප කිරීමෙන්—කළ වැරැද්දෙන් වැළකීසිටීමට යුදෙව්වන්ව පොළඹවාගැනීමට පාවුල් බලාපොරොත්තු විය. (ගණන් කථාව 14:1–12, 26–35 දක්වා පාවුල් සඳහන් කළ කතාව ඔබට කියවිය හැකිය.)

හේබ්‍රව් 3:7–4:11 ඔබට අදාළ වන්නේ කෙසේදැයි සලකා බලන්න. මෙය සිදුකිරීම සඳහා, ඔබට මෙවැනි ප්‍රශ්න මෙනෙහි කළ හැකිය:

  • ඊශ්‍රායෙල්වරුන් ස්වාමින්වහන්සේව කෝපගැන්වූයේ කෙසේද? (හේබ්‍රව් 3:8–11 බලන්න). දැඩි හදවතක් තිබීමේ ප්‍රතිවිපාක මොනවාද?

  • මගේ හදවත දැඩිවීමට මා ඉඩදුන්නේ කවදාද? දෙවියන්වහන්සේ මට ලබාදීමට කැමති නමුත් මගේ ඇදහිල්ලේ ඌනතාවක් නිසා මට නොලැබෙන ආශිර්වාද තිබේද?

  • මෘදු හා විචක්ෂණශීලී හදවතක් ඇතිකරගැනීමට මට කුමක් කළ හැකිද? (ඊතර් 4:15; හිතෝපදේශ 3:5–6; ඇල්මා 5:14–15 බලන්න).

තවත් බලන්න 1 නෙපි 2:16; 15:6–11; යාකොබ් 1:7–8; ඇල්මා 12:33–36.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

හේබ්‍රව් 1:8–9

යේසුස්වහන්සේ ධර්මිෂ්ටකමට ප්‍රේම කරන බවත් අයුක්තියට වෛර කරන බවත් පෙන්වාදී ඇත්තේ කිනම් ආකාර වලින්ද? අපට අධර්මිෂ්ට ආශාවන් තිබේ නම්, ඒවා වෙනස් කිරීමට අපට කුමක් කළ හැකිද?

හේබ්‍රව් 2:1–4

“අප අසා ඇති” ශුභාරංචි සත්‍යයන් තදින් අල්ලාගෙන සිටීම යන්නෙහි තේරුම ඔබේ පවුලේ අයට තේරුම්ගැනීමට උපකාර වන වස්තු පාඩමක් ගැන ඔබට සිතිය හැකිද? ඔබට මෙය අල්ලාගැනීමට අපහසු වස්තුවක් සමග නිදර්ශනය කළ හැකිය. මෙම වස්තුව අල්ලාගැනීම හා රඳවාගැනීම වැනි අපගේ සාක්ෂිය පවත්වාගැනීමට අප ගන්නා උත්සාහයන් කෙසේද? “අප අසා ඇති දේවල්” අපෙන් ඉවතට ලිස්සා නොයන බවට අපට සහතික වියහැක්කේ කෙසේද? (1 පදය).

හේබ්‍රව් 2:9–10

“ඔවුන්ගේ ගැළවීමේ කපිතාන්” යන වාක්‍ය ඛණ්ඩය ගවේෂණය කිරීම සඳහා කපිතාන්වරයෙකු යනු කුමක්ද යන්න සාකච්ඡා කිරීමෙන් ඔබට ආරම්භ කළ හැකිය. කපිතාන්වරයෙකු කරන්නේ කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප හා අපගේ ගැලවීම සඳහා කපිතාන්වරයෙකු වන්නේ කෙසේද?

හේබ්‍රව් 5:1–5

පූජකත්වය දැරීමට දෙවියන්වහන්සේ කැඳවීම හෝ අධිකාරියක් ඇති අයෙකු විසින් වෙනත් සභාවේ කැඳවීම් ඉටුකිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම පද ඔබට උපකාර කරයි. කැඳවීම් ලැබීම හා ඉටුකිරීම පිළිබඳව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

විවිධ ප්‍රවේශයන් උත්සාහ කරන්න. සෑමවිටම එකම ආකාරයකින් ශුද්ධලියවිලි අධ්‍යයනය කරනවා වෙනුවට විවිධ අධ්‍යයන අදහස් සලකා බලන්න. යම් යම් අදහස් සඳහා, මෙම ආකෘතිය ආරම්භයේ “ඔබේ පෞද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීමේ අදහස්” බලන්න.

ක්‍රිස්තුස්වහන්සේ නෙපිවරුන්ට පෙනීසිටිමින්

වෝල්ටර් රනේ විසින්, ක්‍රිස්තුස්වහන්සේ නව ලෝකය බැහැදකිමින්