“නොවැම්බර් 22–28. 1 සහ 2 පේත්‍රැස්: ‘තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“නොවැම්බර් 22–28. 1 සහ 2 පේත්‍රැස්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021
රොබර්ට් ටී. බැරට් විසින්, ක්‍රිස්තුස්වහන්සේ ආත්මික ලෝකයේ දේශනාකරමින්
නොවැම්බර් 22–28
1 සහ 2 පේත්‍රැස්
“තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය”
ඔබ පේත්‍රැස්ගේ ලිපි කියවන විට, ඔබට ක්‍රියාකිරීමට පෙළඹවීම් ලැබිය හැකිය. ඔබ “තවමත් ආත්මයාණන් තුළ” (දහම සහ ගිවිසුම 76:80) සිටියදී මෙම පෙළඹවීම් සටහන් කරගන්න එවිට ඔබට උගන්වනු ලබන දේ නිවැරදිව ග්‍රහණය කරගත හැකිය.
ඔබේ හැඟීම් සටහන් කරන්න
උන්වහන්සේගේ නැවත නැගිටීමෙන් ටික කලකට පසු, ගැලවුම්කරුවාණන් පේත්‍රැස්ට වියවුලක් විය යුතු අනාවැකියක් කළේය පේත්‍රැස් මහලු වූ විට, “ඔහු කොයි ආකාර මරණයකින් දෙවියන්වහන්සේව ගෞරවයට පමුණුවනවා ඇත්දැයි හඟවාදෙමින් … , ඔහුව ගෙනයනු ලබන්නේ [ඔහු] කැමති නැති තැනකට” බව උන්වහන්සේ පැවසීය (යොහාන් 21:18–19). පේත්‍රැස් ඔහුගේ ලිපි ලියනවිට, මෙම අනාවැකි පළකළ ප්‍රාණ පරිත්‍යාගය ළංවී ඇති බව ඔහු දැනසිටියේය: “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට පෙන්වූ ලෙසම මාගේ කූඩාරම පහකර දැමිය යුතුය” (2 පේත්‍රැස් 1:13). අවාසනාවකට මෙන්, පේත්‍රැස් ලියමින් සිටි රෝම පළාත්වල සාන්තුවරයන්ට, එවැනි දරුණු පීඩා පොදු විය (බලන්න 1 පේත්‍රැස් 1:1). නමුත් ඔහුගේ වචන භියෙන් හෝ අසුභවාදී හැඟීම් වලින් පිරී නොතිබුණි. ඒවෙනුවට, ඔහු සාන්තුවරයන්ට ඉගන්වූයේ “අනේකාකාර පරීක්ශා වලින් ශෝකයට පත්වන නමුත්“ ඒ ගැන “ඉතා ප්‍රීතිවන්න” කියාය. “[ඔවුන්ගේ] ඇදහිල්ලේ පරීක්ශාව” මගපාදන්නේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවටත්, මහිමයටත්, ගෞරවයටත්” සහ [ඔවුන්ගේ] ආත්ම ගැළවීමට” බව මතකතබාගනීමට ඔහු ඔවුන්ට උපදේශ දුන්නේය (1 පේත්‍රැස් 1:6–7, 9). පේත්‍රැස්ගේ ඇදහිල්ල මුල් සාන්තුවරයන්ට සැනසීමක් වන්නට ඇති අතර, “ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමේ පංගුකාරයන්” වන අද දින සාන්තුවරයන්ටද එය දිරිගැන්වීමකි, උන්වහන්සේගේ තේජසේ එළිදරව්වීමේද [අප] ඉතාමහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නෙමු” (1 පේත්‍රැස් 4:13).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
1 පේත්‍රැස් 1:3–9; 2:19–24; 3:14–17; 4:12–19
පීඩා සහ දුක්වේදනා වලදී මට ප්‍රීතිය සොයාගත හැකිය.
බැලූ බැල්මට, පේත්‍රැස් ප්‍රීතිය, සතුට, මහිමය සහ අධික ප්‍රීතිය වැනි වචන අප සාමාන්‍යයෙන් දුශ්කරතා සමග ඇසුරු කරන: බර, පරීක්ශා, ශෝකය, දැවෙන පරීක්ශා, සහ දුක්වේදනා වැනි වචන සමඟ භාවිතා කිරීම පුදුමයක් සේ පෙනේ (බලන්න1 පේත්‍රැස් 1:6; 2:19; 4:12–13). මුල් සාන්තුවරයන්ට පේත්‍රැස් දුන් පණිවිඩය සභාපති රසල් එම්. නෙල්සන් විසින් ඉගන්වූ එකම පණිවිඩයයි: සාන්තුවරයන්ට සෑම තත්වයක් යටතේම සතුටු විය හැකිය. … අපගේ ජීවිතයේ අවධානය යොමුවී ඇත්තේ දෙවියන්වහන්සේගේ ගැලවීමෙ සැලැස්ම … හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ සුභාරංචිය මත නම්, අපගේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ—හෝ සිදුනොවන දේ කුමක් වුවත් අපට ප්‍රීතිය දැනිය හැකිය. ප්‍රීතිය පැමිණෙන්නේ උන්වහන්සේ තුලින් සහ උන්වහන්සේ නිසාය. සියලු ප්‍රීතියේ උල්පත් උන්වහන්සේය” (“Joy and Spiritual Survival,” Ensign or Liahona, Nov. 2016, 82).
ඔබ 1 පේත්‍රැස් 1:3–9; 2:19–24; 3:14–17; 4:12–19 කියවන විට, දුශ්කර තත්වයන් මධ්‍යයේ වුවද ඔබට ප්‍රීතිය ලබාගත හැකිය යන බලාපොරොත්තුව ලබාදෙන්නේ කුමක්ද?
1 පේත්‍රැස් 3:18–20; 4;1–6
මළවුන්ට ශුභාරංචිය දේශනාකරනු ලබන්නේ ඔවුන්ව සාධාරණ ලෙස විනිශ්චය කළ හැකිවන පිණිසය.
එක් දිනක, සෑම පුද්ගලයෙකුම විනිශ්චය ස්ථානය අසල සිට “ජීවතුන්ද මළවුන්ද විනිශ්චය කිරීමට සූදානම්ව සිටින තැනැන්වහන්සේට ගණන්දෙන්නට වෙනවා ඇත” (1 පේත්‍රැස් 4:5). ශුභාරංචිය අවබෝධ කරගැනීමට හා ජීවත්වීමට ඇති අවස්ථා වෙනස් වනවිට දෙවියන්වහන්සේ සියලු මිනිසුන්ට සාධාරණ ලෙස විනිශ්චය කරන්නේ කෙසේදැයි සමහරු කල්පනා කළ හැකිය. දෙවියන්වහන්සේගේ විනිශ්චයන් යුක්තිසහගත බව උන්වහන්සේගේ දවස්වල සාන්තුවරයන්ට තේරුම්ගැනීමට උපකාර කිරීමට 1 පේත්‍රැස් 3:18–20; 4:6 පේත්‍ස් ඉගැන්වූ දහම සැලකිල්ලට ගන්න. මෙම පද දෙවියන්වහන්සේගේ සාධාරණත්වය සහ යුක්තිය පිළිබඳ ඔබේ විශ්වාසය ශක්තිමත් කරන්නේ කෙසේද?
මෙම දහම තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා, පේත්‍රැස්ගේ මෙම ලියවිලි ගැන මෙනෙහි කරද්දී සභාපති ජෝසෆ් එෆ්. ස්මිත්ට ලැබුණු එළිදරවුවක් වන දහම සහ ගිවිසුම 138 ගවේශණය කරන්න මියගොස් තවමත් මෙම වත්පිළිවෙත් බලාපොරොත්තුවෙන් සිටින තම පවුලේ සාමාජිකයන්ට ශුභාරංචියේ වත්පිළිවෙත් ලැබෙන්නට සලස්වන අයට ලබෙන ආශිර්වාද මොනවාද?
තවත් බලන්න “Baptisms for the Dead,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
2 පේත්‍රැස් 1:1–11
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය තුලින් මට මගේ දිව්‍යමය ස්වභාවය වර්ධනය කරගත හැකිය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමානවීම සහ උන්වහන්සේගේ ගුණාංග වර්ධනය කිරීම කළ නොහැකි බව ඔබට කවදා හෝ හැඟී තිබේද? වැඩිහිටි රොබට් ඩී. හේල්ස් අපට ක්‍රිස්තුස්වහන්සේ හා සමාන ගුණාංග වර්ධනය කරගත හැකි ආකාරය පිළිබඳ මෙම දිරිගන්වනසුලු අදහස ඉදිරිපත් කළේය: “ගැළවුම්කරුවාණන්ගේ ගුණාංග… අප තුළ අන්‍යෝන්‍යව ක්‍රියාකරන ආකාරයෙන් වර්ධනය වන, එකිනෙකට එකතු කර ඇති, සම්මිශ්‍ර චරිත ලක්ශණ වේ. වෙනත් වචන වලින් කිවහොත්, අනෙකුත් ඒවා ලබාදීමෙන් හා බලපෑම් කිරීමෙන් තොරව අපට එක් ක්‍රිස්තුස් වැනි ලක්‍ෂණයක් ලබාගත නොහැකිය. එක් ලක්ෂණයක් ශක්තිමත් වනවිට තවත් බොහොමයක් වර්ධනය වේ” (“Becoming a Disciple of Our Lord Jesus Christ,” Ensign or Liahona, May 2017, 46).
අප වර්ධනය කරන සෑම ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ගුණාංගයක්ම අනුගාමිකත්වයේ අධ්‍යාත්මික පටිය විවීම සඳහා අපට උපකාර කරයි.
වැඩිහිටි හේල්ස්ගේ පණිවිඩයට සමගාමීව 2 පේත්‍රැස් 1:1–11 කියවීමට සලකා බලන්න. ක්‍රිස්තුස්වහන්සේට සමානවීමට ඔබ දරන උත්සාහයට උපකාර වන මෙම ප්‍රේරිතවරුන් දෙදෙනාගෙන් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?
තවත් බලන්න 1 පේත්‍රැස් 4:8; David A. Bednar, “Exceeding Great and Precious Promises,” Ensign or Liahona, Nov. 2017, 90–93.
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
1 පේත්‍රැස් 2:5–10
ඔබගේ පවුලේ අය සමග මෙම පද කියවන විට, ගැලවුම්කරුවාණන් අපගේ “ප්‍රධාන කොන්ගල” බව පේත්‍රැස්ගේ ඉගැන්වීම් දෘශ්‍යමාන කිරීමට පවුලේ සාමාජිකයන්ට උපකාර කිරීම සඳහා පාෂාණ භාවිතා කිරීම ගැන සලකා බලන්න. අප දෙවියන්වහන්සේ උන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීම සඳහා භාවිතා කරන “සජීවී [ජීවමාන] ගල්” හා සමාන වන්නේ කෙසේද? ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ රාජ්‍යය තුළ අපගේ කාර්යභාරය ගැන අප පේත්‍රැස්ගෙන් ඉගෙනගන්නේ කුමක්ද? ඔබේ පවුලට පේත්‍රැස් දුන් පණිවිඩය කුමක්ද?
1 පේත්‍රැස් 3:8–17
අපගේ ඇදහිල්ල ගැන අපෙන් අසන අයට “පිළිතුරක් දීමට සැමවිටම සූදානම්” වන්නේ කෙසේද? ශුභාරංචිය පිළිබඳ ප්‍රශ්නයක් සමග යමෙකු ඔවුන් වෙත එළඹෙන තත්වයන් වල භූමිකාවන් රඟපෑම තුලින් ඔබේ පවුලට විනෝද විය හැකිය.
1 පේත්‍රැස් 3:18–20; 4:6
ඔබගේ මියගිය මුතුන් මිත්තන් ගැන දැනගැනීමට පවුලක් ලෙස ඔබට කුමක් කළ හැකිද? සමහරවිට මියගිය මුතුන් මිත්තෙකුගේ උපන්දිනයකදී ඔබට ඔබේ මුතුන් මිත්තාගේ ප්‍රියතම ආහාරය පිසීමට, පින්තූර ප්‍රදර්ශනය කිරීමට හෝ ඔබේ මුතුන් මිත්තාගේ ජීවිතයේ කතන්දර පැවසීමට හැකිය. හැකි නම්, දේවමාළිගාවේ මෙම මුතුන් මිත්තා සඳහා වත්පිළිවෙත් ලබාගැනීමටද ඔබට සැලසුම් කළ හැකිය.
2 පේත්‍රැස් 1:16–21
මෙම පද වලින් පේත්‍රැස් කන්ද මත අන්‍යරූප විලාසවීම පිළිබඳ තම අත්දැකීම් සාන්තුවරයන්ට මතක්කර දුන්නේය (මතෙව් 17:1–9 ද බලන්න). (දහම සහ ගිවිසුම 1:38 ද බලන්න). දිවැසිවරුන්ගේ ඉගැන්වීම් ගැන මෙම පද වලින් අප ඉගෙනගන්නේ කුමක්ද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම
“සෑමවිටම සූදානම්ව සිටින්න.” නිවසේ අවිධිමත් ඉගැන්වීමේ අවස්ථා ඉක්මනින් පැමිණ යා හැකිය, එබැවින් ඒවා පැනනගින විට ඒවායින් ප්‍රයෝජන ගැනීම වැදගත්ය. ඉගැන්වීමේ අවස්ථාවන් පැනනගින විට ඔබගේ පවුලේ සාමාජිකයන්ට ශුභාරංචි සත්‍යයන් ඉගැන්වීමට සහ “ඔබ තුළ ඇති බලාපොරොත්තුව” (1 පේත්‍රැස් 3:15) ඉගැන්වීමට “සැමවිටම සූදානම්ව” සිටීමට ඔබට උත්සාහ කළ හැක්කේ කෙසේද? (Teaching in the Savior’s Way, 16 බලන්න.)