පුස්තකාලය
නොවැම්බර් 15–21. යාකොබ්: ‘නුඹලා වචනය අසන්නෝ පමණක් නොවේ, එය පිළිපදින්නෝ වෙයල්ලා’


“නොවැම්බර් 15–21. යාකොබ්: ‘නුඹලා වචනය අසන්නෝ පමණක් නොවේ, එය පිළිපදින්නෝ වෙයල්ලා’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“නොවැම්බර් 15–21. එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

ආබ්‍රහම් තම කූඩාරමෙන් පිටත යාච්ඤා කරමින්

ග්‍රාන්ට් රොම්නි ක්ලවුසන් විසින්, ආබ්‍රහම් මාමරේ තැනිතලාව මත

නොවැම්බර් 15–21

යාකොබ්

“නුඹලා වචනය අසන්නෝ පමණක් නොවේ, එය පිළිපදින්නෝ වෙයල්ලා”

ඔබ යාකොබ්ගේ ලිපිය කියවන විට, ඔබට කැපීපෙනෙන වාක්‍ය ඛණ්ඩ කෙරෙහි අවධානය යොමුකර, ඒවා වාර්තා කරන්න. මෙම සත්‍යයන් අනුව ජීවත්වීමට ඔබ පෙලඹෙන්නේ කෙසේද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

සමහර අවස්ථාවල ශුද්ධලියවිල්ලේ එක් පදයකට පමණක් ලෝකය වෙනස් කළ හැකිය. යාකොබ් 1:5 සරල උපදෙස් මෙන් පෙනේ—ඔබට ප්‍රඥාව අවශ්‍ය නම් දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න. නමුත් 14 හැවිරිදි ජෝසෆ් ස්මිත් එම පදය කියවූ විට, “එය [ඔහුගේ] හදවතේ සෑම හැඟීමකටම බලවත් ලෙස ඇතුල් වන බවක් පෙනෙන්නට තිබුණි” (Joseph Smith—History 1:12). මෙයින් පෙළඹවීමක් ලද, ජෝසෆ් යාකොබ්ගේ අවවාදයට අනුව ක්‍රියාකළ අතර යාච්ඤාව තුලින් දෙවියන්වහන්සේගෙන් ප්‍රඥාව ලබාගත්තේය. දෙවියන්වහන්සේ සැබවින්ම නොමසුරුව දුන් අතර, ජෝසෆ්ට මිනිස් ඉතිහාසයේ වඩාත්ම කැපීපෙනෙන ස්වර්ගීය සංචාරයක් වන—පළමු දර්ශනය ලබාදුන්නේය. මෙම දර්ශනය ජෝසෆ්ගේ ජීවිතයේ ගමන්මග වෙනස් කළ අතර පොළොවේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත පිහිටුවීමට එය හේතුවිය. ජෝසෆ් ස්මිත් යාකොබ් 1:5 හි කියවා ක්‍රියා කළ නිසා අද අප සැම අශිර්වාදිතය.

ඔබ යාකොබ්ගේ ලිපිය අධ්‍යයනය කරන විට ඔබට සොයාගත හැක්කේ කුමක්ද? සමහරවිට පදයක් හෝ දෙකක් ඔබව හෝ ඔබ ආදරය කරන කෙනෙකු වෙනස් කරයි. ඔබ ඔබේ ජීවිතයේ මෙහෙවර ඉටුකිරීමට උත්සාහ කරන විට ඔබට මගපෙන්වීමක් සොයාගත හැකිය. කාරුණිකව කතාකිරීමට හෝ වඩා ඉවසිලිවන්තව කටයුතු කිරීමට ඔබට දිරිගැන්වීමක් ලැබිය හැකිය. ඔබව පෙලඹවූ දේ කුමක් වුවත්, මෙම වචන වලට “ඔබේ හදවතේ සෑම හැඟීමකටම ඇතුල්වන්නට” ඉඩදෙන්න. යාකොබ් ලියූ පරිදි “ඔබේ ප්‍රාණයන් ගලවාගත හැකි” “වචනය… නිහතමානීව ලැබීමට” මතකතබාගන්න (යාකොබ් 1:21).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

යාකොබ්

යාකොබ් යනු කව්ද?

යාකොබ්ගේ ලිපියේ කතුවරයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මව වූ මරියාගේ පුත්‍රයෙකු බවත්, එබැවින් ගැලවුම්කරුවාණන්ගේ අර්ධ සහෝදරයා බවත් සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. මතෙව් 13:55; මාර්ක් 6:3; ක්‍රියා 12:17; 15:13; 21:18; සහ ගලාති 1:19; 2:9 හි යාකොබ් පිළිබඳ සඳහන් වේ. යාකොබ් යෙරුසලමේ සභාවේ නායකයෙකු වූ අතර ඔහුව ප්‍රේරිතයෙකු ලෙස කැඳවා තිබූ බව මෙම ශුද්ධලියවිලි පද වලින් පෙනේ (ගලාති 1:19 බලන්න).

යාකොබ් 1:2–4; 5:7–11

ඉවසිලිවන්ත විඳදරාගැනීම පරිපූර්ණත්වයට මගපාදයි.

“බලාසිටීම දුෂ්කර වියහැකිය,” සභාපති ඩියේටර් එෆ්. උච්ඩ්‍රොෆ් ඉගැන්වීය. “අපට අවශ්‍ය දේ අපට අවශ්‍යයි, දැන් අපට එය අවශ්‍යයි. එමනිසා, ඉවසීම පිළිබඳ අදහස අප්‍රසන්න යැයි පෙනේ ” (“Continue in Patience,” Ensign or Liahona, May 2010, 56). යාකොබ් 1:2-4; 5:7–11 කියවීමෙන් පසු, ඉවසීම පිළිබඳ යාකොබ්ගේ ප්‍රධාන පණිවිඩය කුමක් යැයි ඔබ කියන්නේද? සභාපති උච්ඩ්‍රොෆ්ගේ පණිවිඩයේ ඉතිරිය කියවීමෙන් පසු ඔබ ලබාගත් අමතර අවබෝධයන් මොනවාද? ඔබ ඉවසිලිවන්ත වීමට කැමති බව ඔබ ස්වාමින්වහන්සේට පෙන්වන්නේ කෙසේද?

යාකොබ් 1:3–8, 21–25; 2:14–26; 4:17

ඇදහිල්ලට ක්‍රියාව අවශ්‍යයි.

ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසයක් තිබෙනවාදැයි ඔබ දන්නේ කෙසේද? ඔබේ ක්‍රියාවන් දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල පෙන්නුම් කරන්නේ කෙසේද? ඇදහිල්ල පිළිබඳ යාකොබ්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කරන විට මෙම ප්‍රශ්න ගැන සිතන්න. යාකොබ් සඳහන් කළ උදාහරණ දෙකක් වන, ආබ්‍රහම් සහ රාහාබ් ගැන කියවීමද සිත්ගන්නාසුළු වියහැකිය (උත්පත්ති 22:1–12; යොෂුවා 2 බලන්න). ඔවුන්ට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසයක් ඇති බව ඔවුන් පෙන්වූයේ කෙසේද?

යාකොබ් 1:3–8, 21-25; 2: 14–26; 4:17 කියවීම, ඔබට වචනයට අනුව හොඳින් ක්‍රියාකළ හැකි ක්‍රම ගැන සිතීමට උපකාරී වේ. ඔබට ලැබෙන ඕනෑම පෙළඹවීමක් සටහන් කර, ඒවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්න.

තවත් බලන්න ඇල්මා 34:27–29; 3 නෙපි 27:21.

යාකොබ් 1:263:1–18

මා කතාකරන වචන වලට අන් අයට රිදවීමට හෝ ආශිර්වාද කිරීමට බලය ඇත.

යාකොබ් සිය ලිපිය පුරාම භාවිතා කළ පොහොසත් නිරූපණයන් අතර, ඔහුගේ වඩාත් විචිත්‍රවත් භාෂාව, භාෂාව පිළිබඳ ඔහුගේ උපදෙස් වලින් සොයාගත හැකිය. යාකොබ් දිව හෝ මුඛය විස්තර කළ සියලු ආකාර ලැයිස්තුවක් සෑදීම ගැන සලකා බලන්න. අප කතා කරන වචන ගැන එක් එක් සංසන්දනය හෝ රූපය යෝජනා කරන්නේ මොනවාද? ඔබේ වචන වලින් කෙනෙකුට ආශිර්වාද කිරීම සඳහා ඔබට කළ හැකි දෙයක් ගැන සිතන්න (දහම සහ ගිවිසුම 108:7 බලන්න).

යාකොබ් 2:1–9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වශයෙන්, සියලු මිනිසුන්ගේ තත්වයන් නොසලකා මම ඔවුන්ට ප්‍රේම කළ යුතුයි.

යාකොබ් සාන්තුවරයන්ට විශේෂයෙන් අනතුරු ඇඟවූයේ ධනවතුන්ට අනුග්‍රහය දැක්වීමට හා දුප්පතුන් හෙළාදැකීමට එරෙහිවය, එහෙත් ඔහුගේ අනතුරු ඇඟවීම අන් අය කෙරෙහි අපට ඇති ඕනෑම පක්ෂග්‍රාහී හෝ අගතියකට අදාළ වේ. අප අන් අයව සෘණාත්මකව විනිශ්චය කරන ආකාරය හඳුනාගැනීම දුෂ්කර වියහැකි නමුත්, අප දියුණු වියයුතු ආකාරය දැනගැනීමට උන්වහන්සේ අපට උපකාර කරන බවට ස්වාමින්වහන්සේ පොරොන්දු වී ඇත (ඊතර් 12:27 බලන්න). ඔබ යාකොබ් 2:1–9 යාච්ඤාපූර්වකව අධ්‍යයනය කරන විට, ඔබේම හදවත සොයන්න සහ ශුද්ධාත්මයාණන්ගේ ඉල්ලීම් වලට සවන්දෙන්න. ඔබ අන් අයට සලකන ආකාරයට හෝ සිතන ආකාරයට කළ යුතු වෙනස්කම් ඔබට දැනෙනවාද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමඟ ශුද්ධලියවිලි පද කියවන විට, ඔබගේ පවුලේ අවශ්‍යතා මත පදනම්ව කුමන මූලධර්ම අවධාරණය කිරීමට හා සාකච්ඡා කිරීමට අවශ්‍යදැයි දැනගැනීමට ආත්මයාණන්ට ඔබට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

යාකොබ් 1:5

යාකොබ් 1:5 කියවීම සහ පළමු දර්ශනය පිළිබඳ විස්තරයක් සාරාංශ කිරීමට පවුලේ සාමාජිකයෙකුට ආරාධනා කිරීම සලකා බලන්න (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:8-13 හෝ “Ask of God: Joseph Smith’s First Vision” on ChurchofJesusChrist.orgවීඩියෝව බලන්න). ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා පිළිබඳ සාක්ෂි සහ ස්වර්ගික පියාණන්වහන්සේ ඔවුන්ගේ යාච්ඤා වලට පිළිතුරු දුන් ආකාරය බෙදාගැනීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න.

යාකොබ් 1:26–27

මෙම පද හා සම්බන්ධ “True Christianity” (ChurchofJesusChrist.org) වීඩියෝව නැරඹීම සලකා බලන්න. ඉන්පසු යාකොබ්ගේ නිර්මල ආගම පිළිබඳ අර්ථදැක්වීම කියවා ඔබේ පවුලට ඔබගේ ආගමේ භාවිතාව වඩාත් පිරිසිඳු කිරීමට හැකි ක්‍රම සාකච්ඡා කරන්න.

යාකොබ් 3

ඔබේ පවුලේ අයට කාරුණිකව කථා කිරීමට මතක තබාගැනීමට මතක තබාගත හැකි වස්තු පාඩම් සඳහා පෙළඹවිය හැකි බොහෝ රූප යාකොබ් 3 හි ඇතුළත් වේ. නිදසුනක් වශයෙන්, කුඩා ගිනි පුපුරක් හෝ ගිනිකූරක් විශාල ගින්නක් ඇති කරන්නේ කෙසේදැයි ඔබට සාකච්ඡා කළ හැකි අතර, අකාරුණික වචනයක් නිසා ගැටළුවක් ඇති වූ අවස්ථා ගැන පවුලේ සාමාජිකයින්ට සිතිය හැකිය (5–6 පද බලන්න). හෝ පැණි බඳුනක ලෙමන් යුෂ වැනි— සාමන්‍යයෙන් පැණිරස ආහාරයක් සඳහා ඇඹුල් හෝ තිත්ත යමක් දමා ඔබට ලබාදිය හැකිය. මෙය අපගේ වචන මිහිරි හා උසස් බව සහතික කිරීම පිළිබඳ සාකච්ඡාවකට තුඩුදිය හැකිය (9–14 පද බලන්න).

යාකොබ් 4:5–8

අපි පරීක්ෂාවන්ට මුහුණදෙන විට අපි “දෙවියන්වහන්සේට ළංවිය යුත්තේ” ඇයි?

යාකොබ් 5:14–16

සමහරවිට පූජකත්ව ආශිර්වාදයක් ලැබීම පිළිබඳව පෞද්ගලික අත්දැකීමක් බෙදාගැනීම පවුලේ සාමාජිකයින්ට “[ඔවුන්ට] අධ්‍යාත්මික බලය අවශ්‍ය වූ විට පූජකත්ව ආශිර්වාදයක් ඉල්ලාසිටීමට” දිරිගැන්විය හැකිය” (Dallin H. Oaks, “The Importance of Priesthood Blessings,” New Era, July 2012, 4).

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ඔබ ඉගෙනගන්නා දේ අනුව ක්‍රියාකරන්න. ඔබ අධ්‍යයනය කරන විට, ඔබ ඉගෙනගන්නා දේ ඔබේ ජීවිතයට අදාළ කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ආත්මයාණන්ගෙන් ලැබෙන පෙළඹවීම් වලට සවන්දෙන්න. මෙම ඉල්ලීම් පිළිපැදීමටත් ශුභාරංචියට අනුව වඩාත් හොඳින් ජීවත්වීමටත් කැපවන්න. (බලන්න Teaching in the Savior’s Way, 35.)

තරුණ ජෝසෆ් ස්මිත් ඔහුගේ නිවසෙන් පිට ශුද්ධලියවිලි කියවමින්

ජෝන් මැක්නෝටන් විසින්, ඔහු දෙවියන්වහන්සේගෙන් අසත්වා