පුස්තකාලය
නොවැම්බර් 8–14. හේබ්‍රව් 7–13: ‘මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයෙක්’


“නොවැම්බර් 8–14. හේබ්‍රව් 7–13: ‘මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයෙක්”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“නොවැම්බර් 8–14. හේබ්‍රව් 7–13,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021

මෙල්කිසදෙක් ආබ්‍රම්හට ආශිර්වාදයක් ලබාදීම

වෝල්ටර් රනේ විසින්, මෙල්කිසදෙක් ආබ්‍රම්ව ආශිර්වාද කිරීම

නොවැම්බර් 8–14

හේබ්‍රව් 7–13

“මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයෙක්”

ඔබ හේබ්‍රව් 7–13 කියවන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ තුලින් ඔබට හැඟීම් ලැබිය හැකිය. ඒවා සටහන් කරගත හැකි ක්‍රම ගැන සලකා බලන්න; උදාහරණයක් ලෙස, ඔබට ඒවා මෙම ආකෘතිය තුල, ඔබේ ශුද්ධලියවිලි මායිම් තුල, හෝ ශුභාරංචි පුස්තකාල යෙදුම තුල සටහන් කළ හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ඇදහිලිවන්ත සාන්තුවරයන් පවා ඇතැම් විට ඔවුන්ගේ ආත්මවිශ්වාසය සෙලවිය හැකි “නින්දා සහ පීඩා” විඳිති (හේබ්‍රව් 10:32–38). ක්‍රිස්තිස්යානි ආගමට හැරුණු යුදෙව්වන් ඔවුන්ගේ නව ඇදහිල්ල නිසා දරුණු පීඩා විඳින බව පාවුල් දැනසිටියේය. ඔවුන්ගේ සාක්ශියට සත්‍යව සිටීමට ඔවුන්ට දිරිදීම සඳහා, ඔවුන්ගේ ඉතිහාසයෙන්ම විශ්වාසවන්ත ඇදහිලිවන්තයන්ගේ දීර්ඝ ඉතිහාසය ඔහු ඔවුන්ට මතක්කර දුන්නේය: ආබෙල්, ඒනොක්, නෝවා, ආබ්‍රහම්, සාරා, ජෝසෙප්, මෝසෙස්—වැනි “මහත් සාක්ශිකාර සේනාවක්” තුළින් දෙවියන්වහන්සේගේ පොරොන්දු සත්‍ය බව සහ ඒ සඳහා බලාසිටීම වටින බව මතක්කර දුන්නේය (හේබ්‍රව් 12:1). මෙම ඇදහිල්ලේ උරුමය බෙදාගනු ලබන්නේ “ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණකරන්නාද ලෙස යේසුස්වහන්සේ” දෙස බලන අය විසිනි (හේබ්‍රව් 12:2). විපත්තීන් අපට “පසුබසින්න” ඉඩ සැලැස්සුවද, ඒ වෙනුවට, උන්වහන්සේ නිසා, අපට “ඇදහිල්ල පිළිබඳ පූර්ණ සහතිකයකින් යුත් සැබෑ හදවතක් සමග ළංවිය හැකිය” (හේබ්‍රව් 10:22, 38). අපට මෙන්ම, පුරාණ සාන්තුවරයන්ටද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ “මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයාය” (හේබ්‍රව් 9:11).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

හේබ්‍රව් 7:1–22

මෙල්කිසදෙක් පූජකවරය උසස්ම පූජකවරයයි.

ශතවර්ශ ගණනාවක සිට, යුදෙව්වරුන් ලෙවීගේ පූජකවරය ක්‍රියාත්මක කළ අතර එය ආරෝනික පූජකවරය ලෙසද හඳින්වේ. නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචියේ සම්පූර්ණත්වයත් සමග එයටත් වඩා උසස් ආශිර්වාද පිරිනැමෙන, උසස්ම මෙල්කිසදෙක් පූජකවරය පැමිණියේය. හේබ්‍රව් 7 හි ඔබ මෙල්කිසදෙක් පූජකවරය ගැන ඉගෙනගන්නේ කුමක්ද? ඔබට සොයාගත හැකිවන සත්‍යයන් කිහිපයක් සඳහා උදාහරණ මෙන්න:

Joseph Smith Translation, Hebrews 7:3, 21:මෙල්කිසදෙක් පූජකවරය සඳහා නියමකරනු ලබන අය “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ට සමාන වන අතර” සදාකාලිකවම [පූජකයන්] වේ.

හේබ්‍රව් 7:11:ලෙවීගේ පූජකවරය තුලින් “සම්පූර්ණත්වය” පිරිනොනැමෙන අතර එනිසා මෙල්කිසදෙක් විසින් අවලංගු කරන ලදි (දහම සහ ගිවිසුම 84:18–22 බලන්න).

හේබ්‍රව් 7:20–21:මෙල්කිසදෙක් පූජකවරය ලැබෙන්නේ දිවුරුම්දීමකින්ය (දහම සහ ගිවිසුම 84:19–44 බලන්න).

මෙල්කිසදෙක් පූජකවරයෙන් සහ ඒ ආශ්‍රිත වත්පිළිවෙත් වලින් ඔබට ලැබී ඇති ආශිර්වාද මොනවාද?

තවත් බලන්න ඇල්මා 13:1–13; දහම සහ ගිවිසුම 121:36–46; Gospel Topics, “Melchizedek Priesthood,” topics.ChurchofJesusChrist.org; Guide to the Scriptures, “Melchizedek,” scriptures.ChurchofJesusChrist.org; Henry B. Eyring, “Faith and the Oath and Covenant of the Priesthood,” Ensign or Liahona, May 2008, 61–64; Dallin H. Oaks, “The Keys and Authority of the Priesthood,” Ensign or Liahona, May 2014, 49–52.

හේබ්‍රව් 9:1–10:22

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත යොමුකරන පුරාණ සහ නූතන වත්පිළිවෙත්.

මෙම සංදේශයේ මුල් හේබ්‍රව් පාඨකයන්ට පුරාණ මණ්ඩපය සහ පාවුල් විස්තර කළ වත්පිළිවෙත් ගැන හොඳ අවබෝධයක් තිබෙන්නට ඇත. නමුත් මෙම වත්පිළිවෙත් වල අරමුණ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයට යොමුකිරීම බව සමහරුන් සම්පූර්ණයෙන්ම තේරුම්ගත්තේ නැත.

බයිබලානුකූල කාලවලදී, වන්දිගෙවීමේ දවස ලෙස හැඳින්වුන වාර්ශික නිවාඩුවකදී, උත්තම පූජකයෙක් යෙරුසලමේ දේවමාළිගාවේ ශුද්ධමවූ (හෝ ශුද්ධ දේවලත් ශුද්ධම වූ) ස්ථානයට ඇතුලුවී ඊශ්‍රායෙල්වරුන්ගේ පව් වලට වන්දිගෙවීමක් පිණිස එළුවෙකු හෝ බැටළුවෙකු පූජාකරයි. ලෝකයේ පව් සඳහා වන්දිගෙවීමට—උන්වහන්සේගේම ජීවිතය—එක් පරිත්‍යාගයකින් පූජාකළ උත්තම පූජකයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව පාවුල් පැහැදිලි කළේය (හේබ්‍රව් 9:24–10:14 බලන්න).

ඔබ අද සහභාගී වන වත්පිළිවෙත් පිළිබඳව සිතාබලන්න. මෙම වත්පිළිවෙත් ඔබව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමුකරන්නේ කෙසේද?

පුරාණ යුදෙව් උත්සව සහ ඒවායේ සංකේතවාදය පිළිබඳ වැඩිදුර දැනගැනීමට, මෙම වීඩියෝ බලන්න “The Tabernacle” and “Sacrifice and Sacrament” (ChurchofJesusChrist.org).

හේබ්‍රව් 11

ඇදහිල්ලට දෙවියන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍ය වේ.

ඇදහිල්ල නිර්වචනය කිරීමට කෙනෙකු ඔබෙන් ඉල්ලාසිටින්නේ නම්, ඔබ කියන්නේ කුමක්ද? ප්‍රධාන සහන සමිති සභාපතිත්වයේ හිටපු සාමාජිකාවක වන ඈන් සී. පින්ග්‍රී සහෝදරිය, මෙම නිර්වචනය ලබාදීම සඳහා හේබ්‍රව් 11 හි වචන උකහාගෙන ඇත: “ඇදහිල්ල,“ දුරින් ”පෙනෙන නමුත් මේ ජීවිතයේ අත්කරගත නොහැකි පොරොන්දු ඉටුකිරීමට ඇති අධ්‍යාත්මික හැකියාව, සැබවින්ම විශ්වාස කරන අයගේ මිනුමකි” (“Seeing the Promises Afar Off,” Ensign or Liahona, Nov. 2003, 14).

හේබ්‍රව් 11 හි අදහස් මෙනෙහිකරන අතරතුර ඇදහිල්ලට ඔබේම අර්ථකතනයක් ගොඩනැගීම සලකා බලන්න. මෙම පරිච්ඡේදයේ සඳහන් වන මිනිසුන්ගේ ආදර්ශයන් ඔබට ඇදහිල්ල පිළිබඳව උගන්වන්නේ මොනවාද? (ඊතර් 12:6–22 ද බලන්න).

තවත් බලන්න ඇල්මා 32:21, 26–43; Jeffrey R. Holland, “An High Priest of Good Things to Come,” Ensign, Nov. 1999, 36–38; Gospel Topics, “Faith in Jesus Christ,” topics.ChurchofJesusChrist.org.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

හේබ්‍රව් 10:32–36

සත්‍ය සමග “ආලෝකමත්” වූ බවක් හැඟෙන විට අධ්‍යාත්මික අත්දැකීම් බෙදාගැනීමට ඔබට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කළ හැකිය. පරීක්ශා හෝ සැකසහිත කාලවලදී “[අපගේ] නිසැකකම අත්නොහැර සිටීමට” මෙම අත්දැකීම් අපට උපකාර වන්නේ කෙසේද ?

හේබ්‍රව් 11

හේබ්‍රව් 11 හි සඳහන් විශ්වාසවන්ත උදාහරණ වලින් ඉගෙනගැනීමට ඔබේ පවුලේ සාමාජිකයන්ට ඔබ උපකාර කරන්නේ කෙසේද? මෙම උදාහරණ කිහිපයක කතන්දර රඟදැක්වීම විනෝදජනක විය හැකිය. නැතිනම් මුතුන්මිත්තන්, සභාවේ නායකයන්, සහ ප්‍රජාවේ සාමාජිකයන්ද ඇතුලුව—ඔබ දන්නා ඇදහිලිවන්න්ත පුද්ගලයින්ගේ උදාහරණ ඔබේ පවුලට සාකච්ඡා කළහැකිය.

හේබ්‍රව් 12:2

මෙම පදයට අනූව, යේසුස්වහන්සේ කුරුසිය මත දුක සහ වේදනාව දරාගැනීමට කැමතිවූයේ ඇයි? අපගේ පරීක්ශාවන් විඳදරාගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙය අපට උගන්වන්නේ කුමක්ද? සභාපති රසල් එම්. නෙල්සන් මෙම පදය පිළිබඳව ප්‍රයෝජනවත් දර්ශනයක් ඔහුගේ පණිවිඩය තුලින් ලබාදුන්නේය “Joy and Spiritual Survival” (Ensign or Liahona, Nov. 2016, 81–84).

හේබ්‍රව් 12:5–11

ස්වාමින්වහන්සේ අපව තරවටුකරමින් නිවැරදි කරන්නේ ඇයි? ඔබ මෙම පද එකට අධ්‍යයනය කරන විට ස්වාමින්වහන්සේ තරවටුව දකින ආකාරය පිළිබඳව පවුලේ සාමාජිකයන් දකින්නේ කුමක්ද? මෙම පද ඔබ තරවටු දෙන හෝ ලබාගන්නා ආකාරයට බලපෑමක් ඇතිකරන්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

ශුද්ධාත්මයාණන්වහන්සේට ආරාධනා කිරීමට සහ දහම ඉගෙනගැනීමට සංගීතය භාවිතාකරන්න. “[අපව] වඩාත් අධ්‍යාත්මික දෙසට යොමුකිරීමට සංගීතයට අසීමිත බලයක් ඇති” බව පළමු සභාපතිත්වය පවසයි (“First Presidency Preface,” Hymns, x). සමහරවිට “True to the Faith”(Hymns, no. 254), වැනි ඇදහිල්ල පිළිබඳ ගීතයක්, හේබ්‍රව්11 හි පවුලේ සාකච්ඡාවකට අතිරේකයක් වනු ඇත.

පුරාණ යෙරුසලමේ ආකෘතියක්

පුරාණ දේවමාළිගාවේ සංඛේතයන් සහ එහි වත්පිළිවෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාර්යභාරය ගැන ඉගැන්වීය.