පුස්තකාලය
ඔක්තෝම්බර් 25–31. 1 සහ 2 තිමොති; තීතස්; පිලෙමොන්: ‘අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙයන්න’


“ඔක්තෝම්බර් 25–31. 1 සහ 2 තිමොති; තීතස්; පිලෙමොන්: ‘අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙයන්න’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“ඔක්තෝම්බර් 25–31. 1 සහ 2 තිමොති; තීතස්; පිලෙමොන්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

දේවමාළිගාවෙන් පිටත සිටගෙන සිටින කාන්තාවන් තිදෙනෙක්

ඔක්තෝම්බර් 25–31

1 සහ 2 තිමොති; තීතස් ; පිලෙමොන්

“අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙයන්න”

සමහරවිට ප්‍රශ්ණ එකක් හෝ කිහිපයක් මනසේ තබාගෙන ඔබගේ ශුද්ධලියවිලි අධ්‍යයනයට ප්‍රවේශවීම ප්‍රයෝජනවත් වේ. ඔබ අධ්‍යයනය කරන විට පිළිතුරු දීමට ඔබට මගපෙන්වීමට ශුද්ධාත්මයාණන්වහන්සේට ආරධනා කරන්න, ඒවගේම ඔබට ලැබෙන ඕනෑම පෙළඹවීමක්ම සටහන් කරගන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

පාවුල් තිමොතිට, තීතස්ට සහ පිලෙමොන්ට ලියූ ලිපිවල, අපට ස්වාමින්වහන්සේගේ සේවකයෙකුගේ හදවත දැකගත හැකිවේ. පාවුල්ගේ මුළු සභාවටම ලියන වෙනත් ලිපි මෙන් නොව, මේවා ලියා ඇත්තේ පාවුල්ගේ කිට්ටු මිතුරන් හා දෙවියන්වහන්සේගේ වැඩවල යෙදීසිටින පුද්ගලයන්ටය—එමෙන්ම ඒවා කියවීම සංවාදයකට සවන්දෙනවා හා සමාන වේ. සභා නායකයන් දෙදෙනෙකු වන තිමොති සහ තීතස්, සභාවේ සේවය කිරීමේදී , පාවුල් විසින් ධෛර්යමත් කලබව අපට පෙනේ. සෙසු සාන්තුවරයෙකුට සමාවදී ශුභාරංචියේ සහෝදරයෙකු මෙන් සලකන ලෙස ඔහු තම මිතුරා වූ පිලෙමොන්ට ආයාචනා කිරීම අපට පෙනේ. පාවුල්ගේ වචන අපට කෙලින්ම ආමන්ත්‍රණය නොකළ අතර, බොහෝ අය කවදා හෝ ඒවා කියවනු ඇතැයි ඔහු කිසිවිටෙකත් බලාපොරොත්තු නොවන්නට ඇත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේගේ සේවයෙහි අපගේ පෞද්ගලික දේවසේවය කුමක් වුවත්, මෙම ලිපි වලින් අපට උපදේශ සහ දිරිගැන්වීම් හමුවේ.

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

1 සහ 2 තිමොති; තීතස්

තිමොති සහ තීසස් යනු කවුරුන්ද?

තිමොති සහ තීතස් පාවුල් සමග ඔහුගේ සමහර ධර්මදූත ගමන්වලදී සේවය කළහ. ඔවුන්ගේ සේවයන් වලදී, ඔවුන් පාවුල්ගේ ගෞරවය සහ විශ්වාසය දිනාගත්හ. පසුකාලීනව තිමොති එපීසයේ සභාවේ නායකයා ලෙස, සහ තීතස් ක්‍රීතෙහි සභාවේ නායකයා ලෙසද කැඳවීය. මෙම ලිපිවල, පාවුල් නායකයන්ට ශුභාරංචිය ඉගැන්වීම සහ සභානායකයන් ලෙස සේවය කිරීමට පුද්ගලයන් කැඳවීමද ඇතුලුව, ඔවුන්ගේ වගකීම් සම්බන්ධයෙන් උපදෙස් සහ දිරිගැන්වීම් ලබාදුන්නේය.

බයිබල් ශබ්දකෝශයේ, “Pauline Epistles,” “Timothy,” “Titus” ද බලන්න.

සභානායකයෙකු ඔහුගේ කාර්‍යාලය තුළ තරුණයෙකුට කතාකරමින්

කොට්ඨාශ සාමාජිකයන්ට අධ්‍යාත්මික මගපෙන්වීම් ලබාදීමට සභානයකයන් කැඳවා ඇත.

1 තිමොති 4:10–16

මම “අදහන්නෙකුගේ ආදර්ශයක්” නම්, මට අන් අයව ගැළවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ශුභාරංචිය වෙත ගෙනයා හැකිය.

තිමොති සාපේක්ශව තරුණවියේ පසුවිය, නමුත් ඔහුගේ තරුණකම නොසළකා ඔහුට සභාවේ ශ්‍රේෂ්ට නායකයෙකු වියහැකි බව පාවුල් දැනසිටියේය. 1 තිමොති 4:10–16 හි පාවුල් තිමොතිට ලබාදුන් උපදෙස කුමක්ද? අන් අයව ගැළවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ශුභාරංචිය වෙත යොමුකිරීමට මෙම උපදෙස ඔබට උපකාරී වන්නේ කෙසේද?

ඇල්මා 17:11 ද බලන්න.

2 තිමොති

“දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයේත් ප්‍රේමයෙත් හික්මවීමේත් ආත්මයක්ය”.

2 තිමොති පාවුල් ලියූ අවසාන ලිපිය බවට විශ්වාසයක් තිබෙන අතර, පොළොව තුළ ඔහුගේ කාලය කෙටි බවට ඔහු දැනසිටි බවක් පෙනේ (2 තිමොති 4:6–8 බලන්න). ඔබ මෙම ලිපිය කියවන අතරතුර, තමන්ගේ විශ්වාසවන්ත උපදේශකයා සහ නායකයා නොමැතිව තමන්ට සිටීමට සිදුවන බව දැනසිටීම තිමොතිට කෙසේ හැඟෙන්නට ඇතිද කියා සිතාබලන්න. ඔහුව දිරිමත් කිරීමට පාවුල් පැවසුවේ කුමක්ද? ඔබගේම පරීක්ශාවන් සහ බිය වලට මුහුණදීම පිළිබඳව පාවුල්ගේ වචන ඔබට උගන්වන්නේ කුමක්ද?

2 තිමොති 3

ශුභාරංචිය තුළ ජීවත්වීම අවසාන දවස්වල අධ්‍යාත්මික අන්තරායන්ගෙන් ආරක්ශාව සපයයි.

අප ජීවත්වන්නේ පාවුල් කතාකළ “අවසාන දවස්වල” වන අතර, “අන්තරා සහිත කාලවල්” පැමිණ ඇත (2 තිමොති 3:1). ඔබ 2 තිමොති 3, කියවන අතරතුර, සඳහන්ව ඇති අවසාන කාලයේ උපද්‍රව සටහන් කරගන්න (1 තිමොති 4:1–3 බලන්න).

ඔබගේම ජීවිතයේ හෝ—ඔබ අවට ලෝකයේ මෙම උපද්‍රව පිලිබඳ උදාහරණ ගැන ඔබට සිතිය හැකිද? 6 වන පදයෙහි විස්තර කර ඇති අය මෙන් මෙම උපද්‍රව, “[ඔබේ නිවෙස්] වලට ඇතුලුවී, [ඔබව] වහල්කමට ගෙනයන” අය මෙන් වන්නේ කෙසේද? මෙම අධ්‍යාත්මික අන්තරා වලින් ඔබව සහ ඔබේ පවුලේ අයව ආරක්ශා කරගැනීමට 2 තිමොති 3, සහ මෙම ලිපිවල වෙනත් තැනක, ඔබට සොයාගත හැකි උපදෙස් මොනවාද? (උදාහරණ ලෙස 1 තිමොති 1:3–11; 2 තිමොති 2:15–16; තීතස් 2:1–8 බලන්න).

පිලෙමොන්

පිලෙමොන් යනු කවුරුන්ද?

පිලෙමොන් යනු පාවුල් විසින් ශුභාරංචියට හරවන ලද කිතුනුවෙකි. වහල්භාවයෙන් මිදී, පාවුල්ව මුණගැසී, ශුභාරංචියටද පරිවර්තනය වූ ඔනෙසිමස් නම් දාසයෙක් ඔහුට සිටියේය. පිලෙමොන් වෙත ලියූ ලියුමක, පාවුල් තම මිතුරාට ඔනෙසිමස්ට සමාවදෙන ලෙස සහ ඔහුව “දැන් සේවකයෙකු ලෙස නොව, සේවකයෙකුට වැඩියෙන්, ආදරණීය සොහොයුරෙකු ලෙස” පිළිගැනීමට දිරිමත් කළේය (16 පදය).

පිලෙමොන්

ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් එකිනෙකාට සමාවදෙනු ඇත.

කෙනෙකු ඔබගෙන් සමාව ඉල්ලා සිටින තත්වයකට කවදා හෝ ඔබ මුහුණදී තිබේද? ඔබ පිලෙමොන්ට ලියූ ලිපිය කියවන විට එම තත්වය ගැන සිතන්න. ඔහු ඔනෙසිමස්ට සමාව දියයුත්තේ ඇයි යන්න පිළිබඳව පාවුල් පිලෙමොන්ට ඉගැන්වූයේ කුමක්ද? මෙම ලිපියේ ඔබට යම් පණිවිඩයක් තිබේද?

1 නෙපි 7:16–21; මොසායා 26:30–31; Gospel Topics, “Forgiveness,”topics.ChurchofJesusChrist.org ද බලන්න.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

1 තිමොති 2:9–10

කාන්තාවන්ට විනීත බවින් ඇඳුම් ඇඳීමට පාවුල් දුන් උපදේශ වල සමහර අංශ අපගේ කාලයට අදාළ නොවන අතර, “යහපත් ක්‍රියා වලින් [අපව] අලංකාර කරන්න” යන ඔහුගේ උපදේශයෙන් අප සැමටම ඉගෙනගත හැකිය. පවුලේ සාමාජිකයන් විවිධ ආකාරයේ යහපත් ක්‍රියා සමග ලේබල් කර ඇති ඇඳුම් හෝ ආභරණ පැළඳීමෙන්, විලාසිතා සංදර්ශණයක් ඉදිරිපත්කිරීම මගින් සතුටට පත්විය හැකිය. මෙම සතියේ ඔබේ පවුලට කළ හැකි යහපත් වැඩ මොනවාද?

1 තිමොති 4:12

“ඇදහිලිවන්තයන්ගේ ආදර්ශයක්” වීමට ඔබේ පවුලේ සාමාජිකයන්ට උපකාර කිරීම සඳහා, පුද්ගලයන් ඔවුන්ට හොඳ ආදර්ශ වූ ආකාර චිත්‍රයට නැගීමට ආරාධනා කිරීම සලකා බලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට මෙම පුද්ගලයන් අපව පොළඹවා ඇත්තේ කෙසේද? සභාපති තෝමස් එස්. මොන්සන්ගේ පණිවිඩයට “Be an Example and a Light” (Ensign or Liahona, Nov. 2015, 86–88) අදහස් සමහරක් ලබාදිය හැකිය.

1 තිමොති 6:7–12

“මුදලට ඇති ආදරය” “සියලු නපුරේ මුල” ලෙස සලකන්නේ ඇයි? අපගේ ජීවිතය මුදල් කෙරෙහි යොමුකිරීමේ අන්තරායන් මොනවාද? අපට ඇති ආශිර්වාද සමග අප තෘප්තියට පත්වන්නේ කෙසේද?

2 තිමොති 3:14–17

මෙම පද වලට අනුව, ශුද්ධලියවිලි දන්නා සහ අධ්‍යයනය කරන අයට ලැබෙන ආශිර්වාද මොනවාද? සමහරවිට පවුලේ සාමාජිකයින්ට ඔවුන්ට “ප්‍රයෝජනවත්” යයි සොයාගත් ශුද්ධලියවිලි පද බෙදාගත හැකිය.

පිලෙමොන් 1:17–21

ඔනෙසිමස් වෙනුවෙන් පාවුල් කිරීමට කැමති වූයේ කුමක්ද? මෙය ගැළවුම්කරුවාණන්වහන්සේ කැමැත්තෙන්ම අපට කළ දෙයට සමාන වන්නේ කෙසේද? (1 තිමොති 2:5–6; දහම සහ ගිවිසුම 45:3–5 ද බලන්න). පාවුල්ගේ සහ ගැළවුම්කරුවාණන්ගේ ආදර්ශය අප අනුගමනය කරන්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

පැහැදිලි සහ සරල දහම උගන්වන්න. ශුභාරංචිය එහි සරල බවින් ලස්සන වේ (දහම සහ ගිවිසුම 133:57 බලන්න). බොහෝ සූදානම්වීමට අවශ්‍යවන පාඩම් තුලින් ඔබගේ පවුල විනෝදවීමට උත්සහ කරනවා වෙනුවට, පිරිසිඳු සහ සරල දහම් ඉගැන්වීමට වෙහෙසවන්න (1 තිමොති 1:3–7 බලන්න).

සහෝදරයා සහ සහෝදරිය ශුද්ධලියවිලි අධ්‍යයනය කරමින්

දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීම අවසාන දවස්වල අධ්‍යාත්මික අන්තරා වලින් ආරක්ශාවීමට අපට උපකාරී වේ.