පුස්තකාලය
ඔක්තෝම්බර් 11–17. පිලිප්පි; කොලොස්සි: ‘මා බලවත් කරන්නාවූ තැනැන්වහන්සේ තුළ මට සියළු දේ කරන්ට පුළුවන’


“ඔක්තෝම්බර් 11–17. පිලිප්පි; කොලොස්සි: ‘මා බලවත් කරන්නාවූ තැනැන්වහන්සේ තුළ මට සියළු දේ කරන්ට පුළුවන’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“ඔක්තෝම්බර් 11–17. පිලිප්පි; කොලොස්සි, “එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

පාවුල් සිරගෙයි සිට ලිපියක් කියවමින්

ඔක්තෝම්බර් 11–17

පිලිප්පි; කොලොස්සි

“මා බලවත් කරන්නාවූ තැනැන්වහන්සේ තුළ මට සියළු දේ කරන්ට පුළුවන”

අලුත් ගිවිසුම අධ්‍යයනය කිරීමේදී ඔබ වාර්තා කර ඇති අධ්‍යාත්මික හැඟීම් අවසන් වරට කියවූයේ කවදාද? ඔබට ලැබෙමින් පවතින පෙළඹවීම් නැවත සිතාබැලීම ප්‍රයෝජනවත් විය හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

පාවුල් සිරගෙදර සිටියදී පිලිප්පිවරුන්ට සහ කොලොස්සිවරුන්ට සිය ලිපි ලිවීය. නමුත් මෙම ලිපිවල සිරගෙදර සිටින අයෙකුගෙන් ඔබ අපේක්ෂා කළ හැකි විලාසයක් නොමැත. පාවුල් දුක් පීඩා හා පරීක්ශා ගැන කළාට වඩා සතුට, ප්‍රීතිවීම හා ස්තුති දීම ගැන කතා කළේය: “ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශකරනු ලබන සේක,” ඔහු පැවසීය, “මම ඊට ප්‍රීතිවෙමි, එසේය, තවත් ප්‍රීතිවන්නෙමි” (පිලිප්පි 1:18). “මම මාංසාකාරයෙන් ඈතව සිටින නමුත්, ආත්මයෙන් නුඹලා සමග සිට, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථීරකමත් බලමින් ප්‍රීතිවෙමි” (කොලොස්සි 2:5). නිසැකවම, අසීරු කාලවලදී පාවුල් අත්විඳි “දෙවියන්වහන්සේගේ සමාදානය, කිසි නුවණකින් දැනගත නොහැකිය” (පිලිප්පි 4:7), නමුත් එය යථාර්ථයක් විය. අපගේම පරීක්ෂා වලදී, අපට මෙම සමාදානයම දැනෙන අතර “ස්වාමින්වහන්සේ තුළ නිතරම ප්‍රීති විය හැකිය” (පිලිප්පි 4:4). “අපගෙ ගැලවීම ඇති තැනැන්වහන්සේ” වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත සම්පූර්ණයෙන්ම රඳාසිටීමට, පාවුල් කලාක් මෙන් අපටද කළ හැකිය (කොලොස්සි 1:14). පාවුල් පැවසුවාක් මෙන් අපටද, “මා බලවත්කරන්නාවූ තැනැන්වහන්සේ තුල මට සියලු දේ කරන්ට පුළුවන” කියා පැවසිය හැකිය (පිලිප්පි 4:13; තවත් බලන්න කොලොස්සි 1:11).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

පිලිප්පි 2:12–13

අපි “අපගේම ගැලවීම සකසාගන්නේද”?

අප ගැලවීම ලබන්නේ අපගේම උත්සාහයෙන් පමණක් යන අදහසට සහය දැක්වීමට සමහර අය “ඔබේම ගැලවීම සකසා ගන්න” යන වාක්‍ය ඛණ්ඩය භාවිතා කරයි. නමුත් එය සීමිත අදහසකි, පාවුල්ගේ ඉගැන්වීම තේරුම්ගැනීමට සීමිත වූවාක් මෙන්—“ඇදහිල්ල කරුණුකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය” (එපීස 2:8)—යන්නෙහි අදහස වන්නේ ගැලවීම සඳහා කිසිම ක්‍රියාවක් අවශ්‍ය නොවන බවයි. ගැලවීම ලබාගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වරප්‍රසාදය සහ පෞද්ගලික උත්සාහය යන දෙකෙහිම අවශ්‍යතාවය පාවුල්ගේ ලියවිලි ඇතුළු ශුද්ධලියවිලිවල පැහැදිලිව උගන්වයි. නෙපි පැවසූ පරිදි, “අප ගැලවී සිටින්නේ අනුග්‍රහය නිසා බව අපි දන්නෙමු, අපට කළ හැකි සියල්ල එය වන්නේය” (2 නෙපි 25:23) අපගේ ගැලවීම සාර්ථක කරගැනීමට අප දරන උත්සාහයේදී පවා “නුඹලා තුල ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේමය” (පිලිප්පි 2:13; තවත් බලන්න පිලිප්පි 1:6; බයිබල් ශබ්ධකෝශය, “Grace”).

පිලිප්පි 3:5–14

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වෙනුවෙන් කරන සෑම කැපකිරීමක්ම වටී.

පාවුල් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට හැරුණු විට පරිසිවරයෙකු ලෙස යුදෙව් සමාජයේ ඔහු දැරූ බලවත් තත්වයන්ද ඇතුළුව බොහෝ දේ අත්හැරියේය. පිලිප්පි 3:5–14 හි, පාවුල් ශුභාරංචිය වෙනුවෙන් කැපකිරීම් කිරීමට කැමැත්තෙන් සිටි නිසා ඔහු ලැබූ දේ සොයාබලන්න. ඔහුට ඔහුගේ කැපකිරීම් ගැන හැඟුනේ කොහොමද?

පසුව ඔබගේම අනුගාමිකත්වය ගැන සලකා බලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය වෙනුවෙන් ඔබ කර ඇති කැපකිරීම් මොනවාද? ඔබට ලැබී ඇත්තේ මොනවාද? ගැළැවුම්කරුවාණන්ගේ වඩාත් කැපවුනු අනුගාමිකයෙක් වීමට ඔබට කළයුතු යැයි හැඟෙන තවත් අමතර කැපකිරීම් තිබෙනවාද?

තවත් බලන්න 3 නෙපි 9:19–20; දහම සහ ගිවිසුම 58:2–5; Robert C. Gay, “What Shall a Man Give in Exchange for His Soul?” Ensign or Liahona, Nov. 2012, 34–36.

පිලිප්පි 4:1–13

මගේ තත්වයන් නොසලකා මට ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීතිය සොයාගත හැකිය.

පාවුල්ගේ ජීවිතය සභාපති රසල් එම්. විසින් ප්‍රකාශ කරන ලද සත්‍යය පිළිබඳ පැහැදිලි නිදර්ශනයකි: “අපගේ ජීවිතයේ අවධානය … යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය වෙත යොමුවී ඇති විට, අපේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ—හෝ සිදුනොවන දේ කුමක් වුවත් අපට ප්‍රීතිය දැනිය හැකිය. “ප්‍රීතිය පැමිණෙන්නේ උන්වහන්සේ තුලින් සහ උන්වහන්සේ නිසාය” (“Joy and Spiritual Survival,” Ensign or Liahona, Nov. 2016, 82).

ඔබ පිලිප්පි කියවන විට—විශේෂයෙන්ම 4 වන පරිච්ඡේදයෙහි—ඔබේ ජීවිතයේ ඕනෑම තත්වයක් තුළ ප්‍රීතිය සොයාගැනීමට උපකාරී වන ප්‍රකාශ සොයන්න. අභියෝගාත්මක කාලයකදී ඔබ “දෙවියන්වහන්සේගේ සමාදානය” අත්දැක තිබෙන්නේ කවදාද? (7 වන පදය). අසීරු කාර්‍යයන් කිරීමට ඔබ “ක්‍රිස්තුස්වහන්සේ තුළ” ශක්තිය සොයාගත්තේ කවදාද? (3 වන පදය). සියලු තත්වයන් වලදී “සෑහීමකට පත්වීම” වැදගත් යැයි ඔබ සිතන්නේ ඇයි? (11 වන පදය). 8 වන පදයෙහි ඇති ගුණාංග ප්‍රගුණ කිරීමෙන් ඔබේ තත්වයන් තුළ ප්‍රීතිය සොයාගත හැක්කේ කෙසේද?

ඇල්මා 33:23; Dieter F. Uchtdorf, “Grateful in Any Circumstances,” Ensign or Liahona, May 2014, 70–77.

කොලොස්සි 1:12–23

මගේ ඇදහිල්ල පදනම් වී ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මතය.

කොලොස්සි 1:12–23 සමග විශේෂයෙන් හොඳින් ක්‍රියා කළද, ඔබට ඕනෑම ශුද්ධලියවිලි පාඨයක් සමග අත්හදා බැලිය හැකි අධ්‍යයන ප්‍රවේශයක් මෙන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ ඉගෙනගන්නා ඕනෑම දෙයක් සඳහා පද සොයන්න, ඔබ සොයාගන්නා දේවල ලැයිස්තුවක් සාදන්න. ගැළවුම්කරුවාණන් ගැන මේ දේවල් දැනගැනීම වැදගත් යැයි ඔබට හැඟෙන්නේ ඇයි?

කොලොස්සි 3:1–17

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් උන්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වන විට “අලුත්” බවට පත්වේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය “අලුත් මනුෂ්‍යයෙකු [හෝ ස්ත්‍රියක්]” වීමට ඔබට උපකාර කරන්නේදැයි ඔබ දන්නේ කෙසේද? මෙය සොයාගැනීමට එක් ක්‍රමයක් නම් කොලොස්සි 3:1–17 ගවේෂණය කර “පරණ මනුෂ්‍යයාගේ” ආකල්ප, ගතිලක්ෂණ සහ ක්‍රියාවන් ලැයිස්තුවක් සහ “අලුත් මනුෂ්‍යයාගේ” ආකල්ප, ගුණාංග සහ ක්‍රියා ලැයිස්තුවක් සාදන්න.

මෙම පද පිළිබඳව ඔබ අධ්‍යයනය කිරීමෙන් ශුභාරංචිය ඔබව වෙනස් කරන්නේ කෙසේද යන්න පිළිබඳ කිසියම් පෙළඹවීමක් ඇති කරයිද? ඔබේ සිතුවිලි සටහන් කරන්න එවිට ඔබට ඒවා අනාගතයේදී නැවත සිතාබලා ඔබ ඉදිරියට යන ආකාරය ගැන මෙනෙහි කල හැකිය.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

පිලිප්පි

සතුට හෝ ප්‍රීතිය යන වචන පිලිප්පි වල නැවත නැවතත් භාවිතා වනවා ඔබේ පවුල දැක තිබෙනවා විය හැකිය. මේ වචන වලින් එකක් ඔබට හමුවූ සෑම අවස්ථාවකම, ප්‍රීතිය සොයාගන්නේ කෙසේද යන්න ගැන පාවුල් ඉගැන්වූ දේ සාකච්ඡා කළ හැකිය.

පිලිප්පි 2:14–15

අප “ආලෝකවල් මෙන් ලෝකයෙහි බබළන්නේ” කෙසේද?

පිලිප්පි 4:8

සමහරවිට මෙම පදයෙහි විස්තරයට ගැලපෙන “සිතා බැලිය යුතු” දේවල් ඔබේ පවුලේ අයට හඳුනාගත හැකිය (තවත් බලන්න Articles of Faith 1:13). පාවුල්ගේ උපදෙස් පිළිපැදීමෙන් ඔබේ පවුලට ආශිර්වාද ලැබෙන්නේ කෙසේද?

කොලොස්සි 1:9–11; 2:2–3

“දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙන්” වර්ධනය වීමට අපට කුමක් කළ හැකිද? ශුභාරංචියේ කුමන “ප්‍රඥාවෙත් දැනගැන්මෙන් නිධානයන්” අපට සොයාගත හැකිද?

කොලොස්සි 1:23: 2:7

සමහරවිට ඔබේ පවුලට ගසක් වටා වාඩිවී සිටින විට හෝ ගසක පින්තූරයක් දෙස බලන විට (මෙම ආකෘතියත් සමග පැමිණෙන වැනි) මෙම පද කියවිය හැකිය. ක්‍රිස්තුස්වහන්සේ තුල “ස්ථීරව” සහ “පිහිටා” සිටීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද ? අපගේ අධ්‍යාත්මික පිහිටීම් ශක්තිමත් කිරීමට එකිනෙකාට උපකාර කරන්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

ඔබේ සාක්ෂිය අනුව ජීවත්වන්න. “ඔබ උගන්වන්නේ ඔබ කවුද කියායි,” යනුවෙන් වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් ඉගැන්වීය. “විශේෂිත පාඩමක නිශ්චිත සත්‍යයකට වඩා … ඔබේ ගතිලක්ෂණ වඩාත් මතකයේ රැඳෙනු ඇත” (Teaching in the Savior’s Way, හි 13).

ගස

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල අපගේ ඇදහිල්ල “පිහිටිය” යුතු බව පාවුල් ඉගැන්වීය (කොලොස්සි 2:7).