පුස්තකාලය
ඔක්තෝම්බර් 18–24. 1 සහ 2 තෙසලෝනික: ‘ඉක්මනින්ම මනසින් කම්පා නොවන්න, කරදර නොවන්න’


“ඔක්තෝම්බර් 18–24. 1 සහ 2 තෙසලෝනික: ‘ඉක්මනින්ම මනසින් කම්පා නොවන්න, කරදර නොවන්න’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

ඔක්තෝම්බර් 18–24. 1 සහ 2 තෙසලෝනික,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

ධර්මදූත සහෝදරියන් තරුණ පිරිමි ළමයෙකු සමග කතාකරමින්

ඔක්තෝම්බර් 18–24

1 සහ 2 තෙසලෝනික

“ඉක්මනින්ම මනසින් කම්පා නොවන්න, කරදර නොවන්න”

ආත්මයාණන්ගෙන් අපට ලැබෙන හැඟීම් අප වාර්තා නොකරන්නේ නම්, අපට ඒවා අමතක විය හැකිය. ඔබ 1 සහ 2 තෙසලෝනික කියවන විට ආත්මයාණන්වහන්සේ ඔබව පොළඹවන්නේ මොනවා වාර්තා කිරීමටද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

තෙසලෝනිකයේ පාවුල්ට හා සීලස්ට “ලෝකය උඩු යටිකුරු කළ” බවට චෝදනා එල්ල විය (ක්‍රියා 17:6). ඔවුන්ගේ දේශනා කිරීම යුදෙව්වන් අතර සිටි සමහර නායකයන් කෝපයට පත්කළ අතර, එම නායකයන් ජනතාව කලබලයට පත් කළෝය (ක්‍රියා 17:1–10 බලන්න). එහි ප්‍රතිඵලයක් වශයෙන් තෙසලෝනිකයෙන් පිටව යන ලෙස පාවුල්ට හා සීලස්ට උපදෙස් දෙන ලදි. නව ආගමට හැරුණු තෙසලෝනිකයන් සහ ඔවුන් මුහුණදෙන පීඩා ගැන පාවුල් කනස්සල්ලට පත්වූ නමුත් ඔවුන් බැලීමට නැවත පැමිණීමට ඔහුට නොහැකි විය. ඔහු මෙසේ ලීවේය “මට තවදුරටත් ඉවසා සිටිය නොහැකි වූ විට, මම ඔබේ ඇදහිල්ල දැනගැනීමට යැව්වෙමි.” ඊට ප්‍රතිචාර ලෙස, තෙසලෝනිකයේ සේවය කරමින් සිටි පාවුල්ගේ සහායක තිමෝති “ඇදහිල්ලේත් ප්‍රේමයේත් යහපත් ආරංචි අපට ගෙන ආවේය” (1 තෙසලෝනික 3:5–6). ඇත්තවශයෙන්ම, තෙසලෝනික සාන්තුවරයන් “විශ්වාස කරන සියල්ලන්ට” (1 තෙසලෝනික 1:7) උදාහරණ ලෙස හඳුන්වනු ලැබූ අතර, ඔවුන්ගේ ඇදහිල්ල පිළිබඳ පුවත විදේශයන්හිද පැතිර ගියේය. ඔවුන් අතර ඔහු කළ සේවය “නිෂ්ඵල නොවූ” බව දැනගැනීමෙන් පාවුල්ගේ ප්‍රීතිය හා සහනය ගැන සිතාබලන්න (1 තෙසලෝනික 2:1). අනාගතයේදී අධ්‍යාත්මික පැවැත්ම සඳහා අතීතයේ විශ්වාසවන්තකම ප්‍රමාණවත් නොවන බව පාවුල් දැන සිටි අතර සාන්තුවරයන් අතර බොරු ගුරුවරුන්ගේ බලපෑම ගැන ඔහු සැලකිලිමත් විය (2 තෙසලෝනික 2:2–3 බලන්න). ඔහු ඔවුන්ට සහ අපට දෙන පණිවිඩය නම්, “[අපගේ] ඇදහිල්ලේ අඩුකම් සම්පූර්ණ කිරීම” සහ “වඩ වඩා ප්‍රේම කිරීමයි” (1 තෙසලෝනික 3:10; 4:10 බලන්න).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

1 තෙසලෝනික 1–2

ශුභාරංචියේ දේවසේවකයන් අවංකව හා ප්‍රේමයෙන් දේශනා කරති.

1 තෙසලෝනික පොතෙහි, පාවුල්ගේ වචන වලින් හෙළිවන්නේ දෙවියන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීම සඳහා මුළුමනින්ම කැපවී සිටින කෙනෙකුගේ සැලකිල්ල සහ ප්‍රීතියයි. විශේෂයෙන් 1 තෙසලෝනික පළමු පරිච්ඡේද දෙකෙන්, සැබෑ දේවසේවකයෙකු ශුභාරංචිය උගන්වන ආකාරය විස්තර කරන වචන සහ වාක්‍ය ඛණ්ඩ ඔබට හමුවනු ඇත. ඔබගේ ශුභාරංචිය ඉගැන්වීම වැඩිදියුණු කිරීමට ඔබ පෙලඹී ඇත්තේ කුමක් කිරීමටද?

1 තෙසලෝනික 3:9–4:12

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන විට, මට ශුද්ධ විය හැකියි.

“අපගේ ස්වාමින්වහන්සේගේ පැමිණීමේදී” “දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමට දරාගත නොහැකි හදවත් ඇතිව” උන්වහන්සේ ඉදිරියෙහි සිටීමට අපට හැකිවේ යැයි අපි සැවොම බලාපොරොත්තු වෙමු (1 තෙසලෝනික 3:13). 1 තෙසලෝනික 3:9–13; 4:1–12 හි පාවුල් වඩාත් ශුද්ධවීම ගැන ඉගැන්වූයේ මොනවාද?

තවත් බලන්න මොරෝනි 10:32–33; Bible Dictionary, “Holiness”; Carol F. McConkie, “The Beauty of Holiness,” Ensign or Liahona, May 2017, 9–12.

1 තෙසලෝනික 4:16–18; 5:1–10; 2 තෙසලෝනික 1:4–10

මම විශ්වාසවන්තව හා සෝදිසියෙන් සිටීනම්, ගැළවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම සඳහා මම සූදානම්වනු ඇත.

1 තෙසලෝනික 5:1–10 හි යේසුස්වහන්සේ නැවත පොළොවට පැමිණෙන කාලය පිළිබඳ වැදගත් සත්‍යයන් ඉගැන්වීමට උපමා කිහිපයක් භාවිතා කළේය. ඔබ මෙම උපමා අධ්‍යයනය කරන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව ඔබට ඇති හැඟීම් ලිවීම ගැන සලකා බලන්න:

“රාත්‍රියේ සොරෙකු”:

“ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක් මෙන්”:

ඔබ සොයාගන්නා වෙනත් උපමා:

1 තෙසලෝනික 4:16–18; 5:1–10; 2 තෙසලෝනික 1:4–10 හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම ගැන ඔබ ඉගෙනගන්නා අමතර සත්‍යයන් මොනවාද? උන්වහන්සේගේ පැමිණීම නැරඹීමට හා සූදානම් වීමට ඔබට පෙළඹවීමක් දැනෙන්නේ කුමක් කිරීමටද??

තවත් බලන්න Dallin H. Oaks, “Preparation for the Second Coming,” Ensign or Liahona, May 2004, 7–10.

2 තෙසලෝනික 2

ඇදහිල්ලෙන් වැටීම, නැතහොත් සත්‍යයෙන් ඉවත්වීම, දෙවන පැමිණීමට පෙර සිදුවන බව පුරෝකථනය කරන ලදි.

වැඩිවන පීඩා මධ්‍යයේ, තෙසලෝනික සාන්තුවරයන් බොහෝදෙනෙක් විශ්වාස කළේ ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම ආසන්න විය යුතු බවයි. නමුත් යේසුස්වහන්සේ නැවත පොළොවට පැමිණීමට පෙර ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීමක්—හෝ සත්‍යයෙන් “වැටීම” සිදුවන බව පාවුල් දැනසිටියේය (2 තෙසලෝනික 2:1–4 බලන්න). පහත දැක්වෙන සම්පත් සමහරක් ගවේෂණය කිරීමෙන් ඔබට මහා ඇදහිල්ලෙන් වැටීම පිළිබඳ ඔබේ අවබෝධය—සහ නැවත පිහිටුවීම පිළිබඳ ඔබේ අගය ගැඹුරු කළ හැකිය:

  • ඇදහිල්ලෙන් වැටීම ගැන පුරෝකථනය කළ ශුද්ධලියවිලි: යෙසායා 24:5; ආමොස් 8:11–12; මතෙව් 24:4–14; 2 තිමොති 4:3–4

  • ඇදහිල්ලෙන් වැටීම පාවුල්ගේ කාලයේ පටන් ආරම්භ වී තිබුණු බව ශුද්ධලියවිලි පෙන්වයි: ක්‍රියා 20:28–30; ගලාති 1:6–7; 1 තිමොති 1:5–7

  • ක්‍රිස්තියානි ප්‍රතිසංස්කරණවාදීන් විසින් මහා ඇදහිල්ලෙන් වැටීම පිළිබඳ නිරීක්ෂණ:

    මාටින් ලූතර්: “ශුද්ධලියවිලි වලට අනුකූලව සභාව ප්‍රතිසංස්කරණය කිරීමට වඩා වැඩි යමක් මා සෙව්වේ නැත. … ක්‍රිස්තියානි දහම ආරක්ෂා කළ යුතු අය අතර නොනැසී පවතින බව මම සරලවම කියමි” (in E. G. Schweibert, Luther and His Times: The Reformation from a New Perspective [1950], 590).

    රොජර් විලියම්ස්: “ඇදහිල්ලෙන් වැටීම… මේ දක්වා සියල්ලම දූෂිත වී ඇති අතර, ක්‍රිස්තුස්වහන්සේ නව ප්‍රේරිතයන් නැවත සභාව සිටුවීමට යවනතුරු එම ඇදහිල්ල අත්හැර යෑමෙන් මිදීමට නොහැකි විය” (in Philip Schaff, The Creeds of Christendom [1877], 851).

    ඉරැස්මස්: “සෑමදෙයක්ම දැන් [දහමේ] ප්‍රශ්න වලට පැටලී ඇති අතර ලෝකය සැබෑ ක්‍රිස්තියානි දහමට කැඳවීමට අප බලාපොරොත්තු නොවන බව නියෝග කරයි” (The Praise of Folly, trans. Clarence H. Miller, 2nd ed. [2003], 155–56).

තවත් බලන්න 2 නෙපි 28; “Apostasy,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබගේ පවුලේ අවශ්‍යතා මත පදනම්ව සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

1 තෙසලෝනික 3:9–13

පාවුල් තම මිතුරන්ට දැක්වූ හැඟීම් ගැන ඔබ කැමති කුමකටද? අපගේ පවුලේ අය, මිතුරන් සහ සෙසු සාන්තුවරයන් සඳහා අපි එවැනි හැඟීම් පෝෂණය කරන්නේ කෙසේද?

1 තෙසලෝනික 4:13–18

ආදරණීය කෙනෙකු මියගිය විට අපට හෝ වෙනත් කෙනෙකුට සැනසීමට අපි මෙම පද භාවිතා කරන්නේ කෙසේද?

1 තෙසලෝනික 5:14–25

1 තෙසලෝනික 5:14–25 හි පාවුල්ගේ උපදෙස් සමාලෝචනය කර ඔබේ පවුලේ අය අවධානය යොමුකිරීමට කැමති වාක්‍ය ඛණ්ඩයක් සොයාගන්න. ඔබගේ නිවසේ ප්‍රදර්ශනය කිරීම සඳහා එය පෝස්ටරයක ලිවීම සලකා බලන්න. පවුලේ සාමාජිකයින්ට පෝස්ටරයේ ඇති උපදෙස් අනුව එකිනෙකා ජීවත්වන අයුරු දුටුවිට පෝස්ටරයේ සටහනක් එක් කළ හැකිය.

2 තෙසලෝනික 3:13

“යහපත් ක්‍රියාවලින් වෙහෙසට පත්ව සිටින” බවක්—සමහරවිට අනුගාමිකත්වයේ ඉල්ලීම් වලින් වෙහෙසක් අපට කවදා හෝ දැනී ඇත්ද? අපට මේ ආකාරයෙන් දැනෙන විට අපට උපකාරවත් වන්නේ මොනවාද? (බලන්න ගලාති 6:9; දහම සහ ගිවිසුම 64:33 බලන්න.) මෙය සිදුවූ විට අපට එකිනෙකාට සහයෝගය දැක්විය හැක්කේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

දිනපතා එළිදරව් සොයන්න. “එළිදරව් බොහෝවිට පැමිණෙන්නේ ‘පේළියෙන් පේළියට මිස’(2 නෙපි 28:30), එකවරම නොවේ. … [ශුභාරංචි අධ්‍යයනය] ඔබ කාලය මිඩංගු කරන දෙයක් ලෙස නොව ඔබ සැමවිටම කරන දෙයක් ලෙස සිතන්න” (Teaching in the Savior’s Way, 12).

ක්‍රිස්තුස්වහන්සේ වළාකුළු මත

රොබර්ට් ටී. බැරට් විසින්, නැවත නැගිටි ක්‍රිස්තුස්වහන්සේ