“අගෝස්තු 30–සැප්තැම්බර් 5. 1 කොරින්ති 14–16: ‘මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව, සමාදානයේ දෙවියන්වහන්සේය’” එන්න, මා අනුගමනය කරන්න–පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“අගෝස්තු 30–සැප්තැම්බර් 5. 1 කොරින්ති 14–16,” එන්න, මා අනුගමනය කරන්න–පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021
අගෝස්තු 30–සැප්තැම්බර් 5
1 කොරින්ති 14–16
“මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව, සමාදානයේ දෙවියන්වහන්සේය”
ඔබ 1 කොරින්ති 14–16 කියවන අතරතුර ඔබේ හැඟීම් සටහන් කරන්න. ආත්මයාණන් ඔබට ඉගැන්වු දේ පිළිබඳව යාච්ඤා කර, ඔබට ඉගෙනගැනීමට ස්වර්ගික පියාණන්වහන්සේ කැමති තවත් දේ තිබේදැයි උන්වහන්සේගෙන් අසා දැනගන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
කොරින්තියේ සභාව සහ එහි ධර්මයන් සාපේක්ශව නව ඒවා වූ නිසා කොරින්ති සාන්තුවරයන් ව්‍යාකූලත්වයට පත්ව ඇති බව තේරුම්ගත හැකිය. “අපේ පවු නිසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණු බවත් … උන්වහන්සේ තැන්පත්කරනු ලැබූ බවත්, තුන්වෙනිදා උන්වහන්සේ නැගිටුවනු ලැබූ බවත්” 1 කොරින්ති 15:3–4 යන සුභාරංචියේ මූලික සත්‍යයන් පාවුල් මීට පෙර ඔවුන්ට උගන්වා ඇත. නමුත් සමහර සාමාජිකයන් “මළවුන්ගෙන් නැවත නැගිටීමක් නැතැයි” ඉගැන්වීමට පටන්ගත්හ 1 කොරින්ති15:12. ඔවුන්ට ඉගැන්වූ සත්‍යයන් “අල්ලාගෙන සිටින්න” කියා පාවුල් ඔවුන්ගෙන් අයැද සිටියේය 1 කොරින්ති 15:2). සුභාරංචියේ සත්‍යයන් පිළිබඳ පරස්පර මතයන් අපට මුණගැසුනු විට “දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව, සමාදානයේ දෙවියන්වහන්සේ” බව මතකතබාගැනීම යහපත්ය (1 කොරින්ති 14:33). ස්වාමින්වහන්සේ පත්කළ සේවකයන්ට ඇහුම්කන්දීම සහ ඔවුන් නැවත නැවතත් උගන්වන සරල සත්‍යයන් අල්ලාගෙන සිටීම අපට සාමය සොයාගැනීමට සහ “ඇදහිල්ලේ ස්ථීරව සිටීමට උපකාරී වේ (1 කොරින්ති 16:13).
පෞද්ගලික ශුද්ධලියවිලි අධ්‍යනය සඳහා අදහස්
1 කොරින්ති 14
මට අනාගත වාක්‍යයේ දීමනාව සොයාගත හැකිය.
අනාගත වාක්‍යයේ දීමනාව කුමක්ද කියා ඔබ කවදා හෝ කල්පනාකර තිබෙනවාද? එය අනාගතය ගැන අනාවැකි කීමේ හැකියාවද? ඕනෑම කෙනෙකුට මෙම දීමනාව ලබාගත හැකිද? නැතිනම් එය දිවැසිවරුන් සඳහා පමණක්ද?
මුළු සභාව වෙනුවෙන්ම අනාවැකි කීමට සහ එළිදරව් ලබාගැනීමට හැකි එකම පුද්ගලයා සභාවේ සභාපතිවරයා වේ; කෙසේවෙතත් ශුද්ධලියවිලි වලට මගපෙන්වීම් අනාගත වාක්‍යය අර්ථදක්වන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ එළිදරව් කිරීම තුලින් පුද්ගලයෙකුට ලැබෙන “දිව්‍යමය දේවානුභාවයෙන් යුත් වචන හෝ ලියවිලි ලෙසයි. … පුද්ගලයෙකු අනාවැකි කියන විට, ඔහු කථාකරන්නේ හෝ ලියන්නේ ඔහුගේ යහපත හෝ අන් අයගේ යහපත වෙනුවෙන් දෙවියන්වහන්සේ ඔහු දැනගන්නවාට කැමති දේයි” (Guide to the Scriptures, “Prophecy,” scriptures.ChurchofJesusChrist.org; දහම සහ ගිවිසුම 100:5–8)ද බලන්න. එළිදරව් 19:10 ද අනාවැකි ආත්මය “යේසුස්වහන්සේගේ සාක්ශිය” ලෙස අර්ථදක්වයි.
කොරින්ති 14:3, 31, 39–40 තුලින් ඔබ මෙම ආත්මික දීමනාව පිළිබඳව ඉගෙනගත්තේ කුමක්ද? “අනාගත වාක්‍ය කීමට අශාවෙයල්ලා” කියා කොරින්තිවරුන්ට ආරාධනා කළවිට පාවුල් අදහස් කළේ කුමක් විය හැකිද? (1 කොරින්ති 14:39). මෙම ආරාධනය ඔබට පිළිගත හැක්කේ කෙසේද?
ගණන් කතාව 11:24; යාකොබ් 4:6–7; ඇල්මා17:3; දහම සහ ගිවිසුම 11:23–28 ද බලන්න.
1 කොරින්ති 14:34–35
සභාවේ කාන්තාවන් නිශ්ෂබ්දව සිටිය යුතු යැයි පාවුල් පැවසුවේ ඇයි?
1 කොරින්ති 14:34–35 හි පාවුල්ගේ ඉගැන්වීම් වල ව්‍යාකූල බවක් පෙනෙන්නට තිබේ, මන්ද මීට පෙර මෙම ලිපියේම කාන්තාවන් යාච්ඤා කර අනාගත වාක්‍ය පැවසූ බව ඔහු විසින්ම ලියා ඇත 1 කොරින්ති 11:5). ජොසෆ් ස්මිත්ගේ පරිවර්තනයෙහි 34 සහ 35 වන වගන්ති වල කථාකරන්න යන වචනය පාලනය යන වචනයත් සමග ප්‍රතිස්ථාපනය කර ඇත. මෙම පැහැදිලි කිරීමෙන් ඇඟවෙන්නේ සහාවේ රැස්වීම් වලදී බලය පැහැරගැනීමට උත්සහ කල කාන්තාවන් ගැන පාවුල් සඳහන් කරන්නට ඇති බවයි. (1 තිමොති 2:11–12 ද බලන්න.)
“Women in the Church” Gospel Topics, topics.ChurchofJesusChrist.org ද බලන්න.
1 කොරින්ති 15:1–34, 53–58
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් ජයගත්තේය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම ක්‍රිස්තියානි දහමට කෙතරම් මූලිකදයත්, එය නොමැතිව ක්‍රිස්තියනි දහමක් නොමැති බව කෙනෙකුට පැවසිය හැකිය— පාවුල්ගේ වචන වලින් පවසනවානම්, “එසේනම් අපගේ දේශනාකිරීම නිෂ්ඵලය, නුඹලාගේ ඇදහීමත් නිෂ්ඵලය (1 කොරින්ති 15:14). එසේවුවත් සමහර කොරින්ති සාන්තුවරයන් උගන්වමින් සිටියේ “මළවුන්ගෙන් නැගිටීමක් නැතැයි” කියාය (1 කොරින්ති 15:12). ඔබ 1 කොරින්ති 15 හි පාවුල්ගේ ප්‍රතිචාරය කියවන විට, ඔබ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳව විශ්වාස නොකළේ නම් ඔබේ ජීවිතය වෙනස්වන්නේ කෙසේදැයි මොහොතක් මෙනෙහි කරන්න. එය ඔබට ආශිර්වාද කර ඇත්තේ කෙසේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි නිසා ඔබට ලැබෙන ආශිර්වාද මොනවාද? (2 නෙපි 9:6–19; ඇල්මා40:19–23; දහම සහ ගිවිසුම 93:33–34 බලන්න). “ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නොනැගිටුණු සේක්නම්, නුඹලාගේ ඇදහීම නිශ්ඵලය” යන වාක්‍යයෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? (17 වන පදය).
1 කොරින්ති 15:35–54
මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ ශරීර මරණීය ශරීර වලට වඩා වෙනස්ය.
මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ ශරීරයක් කුමනාකාරයිද කියා ඔබ කවදා හෝ කල්පනාකර තිබේද? 1 කොරින්ති 15:35 අනුව , සමහර කොරින්තිවරුන් එසේ කල්පනාකර තිබේ. 36–54 පද තුල පාවුල්ගේ පිළිතුර කියවා, මරණීය ශරීර සහ මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ ශරීර අතර ඇති වෙනස්කම් පැහැදිලි කරන වචන සහ පද සටහන් කරන්න. උදාහරණයක් ලෙස 40–42 පද සූර්‍යයා, චන්ද්‍රයා සහ තාරකා දීප්තියෙන් වෙනස්වනවා සේම, මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ ශරීර විවිධාකාර තේජසින් බැබළෙන බව උගන්වයි (ජොසෆ් ස්මිත් පරිවර්තනයේ 1 කොරින්ති 15:40; දහම සහ ගිවිසුම 76:50–112 ද බලන්න).
ඇල්මා 11:43–45; ලූක් 24:39 ද බලන්න.
“සූර්‍යාගේ තේජස එකක්ය” (1 කොරින්ති 15:41).
පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
1 කොරින්ති 15:29
පුරාණ සාන්තුවරයන් අපි අද සභාව තුල කරනවාසේම, මළවුන් බෞතිස්මය සඳහා සහභාගී වූ බව 29 පදයෙන් අපි ඉගෙනගනිමු. දේවමාළිගා වත්පිළිවෙත් සඳහා අපගේ මුතුන්මිත්තන්ගේ නම් සූදානම් කිරීමේදී පවුලක් ලෙස අප එය කරන්නේ කෙසේද? “Baptisms for the Dead,” Gospel Topics, topics.ChurchofJesusChrist.org ද බලන්න.
1 කොරින්ති 15:35–54
මරණීය ශරීර වලට වඩා මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ ශරීර වෙනස්වන්නේ කෙසේද යන්න විස්තර කිරීමට පාවුල් භාවිතා කරන සමහර යෙදුම් තේරුම්ගැනීමට ඔබේ පවුලට උපකාර කිරීමට ඔබට පෙන්විය හැකි වස්තූන් හෝ පින්තූර මොනවාද? උදාහරණයක් ලෙස, දිරන සුළු සහ නොදිරන සුළු අතර වෙනස පෙන්වීමට (52–54 පදබලන්න) ඔබට මලකඩ බැඳෙන (යකඩ වැනි) සහ මලකඩ නොබැඳෙන (මල නොබැඳෙන වානේ වැනි) ලෝහ පෙන්විය හැකිය. නැතිනම් දුර්වල දෙයක් ශක්තිමත් දෙයක් සමග සැසඳිය හැකිය (43 පදය බලන්න).
1 කොරින්ති 15:55–57
අභාවප්‍රාප්ත වූ අයෙකු ඔබේ පවුලේ අය දන්නවා නම් මෙම වගන්ති පිළිබඳ සාකච්ඡාවක් විශේෂයෙන් අර්ථවත් වනු ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “මරණයේ කටුව“ ඉවත්කරන්නේ කෙසේද කියා පවුලේ සාමාජිකයන්ට සාක්ශි බෙදාගත හැකිය (56 පදය). ”And There Shall Be No More Death“ යන වැඩිහිටි පෝල් වී. ජොන්සන්ගේ පණිවිඩය (Ensign or Liahona, May 2016, 121–23) ඔබේ සාකච්ඡාවට හොඳ එකතු කිරීමක් විය හැකිය.
1 කොරින්ති 16:13
ඔබේ පවුලේ සාමාජිකයන්ට මෙම වගන්තිය අදාළ කරගැනීමට උපකාර කිරීම සඳහා, බිම රවුමක් ඇඳ පවුලේ සාමාජිකයෙකුට රවුම තුල දෑස් ආවරණය කර “වේගයෙන් නැගීසිටීමට උපදෙස් දෙන්න, ඒ අතරතුර අනෙක් අය ඔහුව හෝ ඇයව රවුමෙන් ඉවත්කිරීමට උත්සහ කරන්න. රවුම තුල සිටින පවුලේ සාමාජිකයාගේ දෑස් ආවරණය නොකර “බැලීමට” හැකියාව ඇත්නම් එයින් ඇතිවන වෙනස කුමක්ද? වැරදි තීරණ ගැනීමට අපව පරික්ශාවට ලක්වන විට අපගේ ජීවිත තුල “ශක්තිමත්ව නැගීසිටීමට” අපට කුමක් කළ හැකිද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me–For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
රටාවන් සොයා බලන්න. ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කාර්‍යය කරන ආකාරය පෙන්වන රටා ශුද්ධලියවිලි තුල අපට හමුවේ. එකිනෙකාට උගන්වන්නේ සහ උපදේශ කරන්නේ කෙසේද කියා තේරුම්ගැනීමට අපට උපකාර වන 1 කොරින්ති 14 හි ඔබට සොයාගත හැකි රටාවන් මොනවාද? දහම සහ ගිවිසුම 50:13–23 ද බලන්න.