පුස්තකාලය
ජුනි 28–ජූලි 4. ක්‍රියා 1–5: ‘ඔබ මට සාක්ෂිකරුවන් වනු ඇත’


“ජුනි 28–ජූලි 4. ක්‍රියා 1–5: ‘ඔබ මට සාක්ෂිකරුවන් වනු ඇත’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“ජුනි 28–ජූලි 4. ක්‍රියා 1–5,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

පෙන්තකොස්ත දිනය

සිඩ්නි කින්ග් විසින්, පෙන්තකොස්ත දිනය

ජුනි 28–ජූලි 4

ක්‍රියා 1–5

“ඔබ මට සාක්ෂිකරුවන් වනු ඇත”

ඔබ ක්‍රියා 1–5 අධ්‍යයනය කරන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ ජීවිතයට අදාළ සත්‍යයන් සොයාගැනීමට ඔබව පොළඹවනු ඇත. ඔබව විශ්මයට පත්කරන පද සැලකිල්ලට ගන්න, ඔබ ඉගෙනගන්නා දේ බෙදාගැනීමට අවස්ථා සොයන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

යේසුස්වහන්සේ තම පියාණන් වෙතට නැගෙද්දී පේත්‍රැස්, වෙනත් ප්‍රේරිතයන් සමග “ස්වර්ගය දෙස ස්ථිරව බැලූවිට” ඔහු සිතුවේ කුමක්ද සහ ඔහුට හැඟුනේ කෙසේද කියා ඔබ කෙදිනක හෝ සිතුවාද? (ක්‍රියා 1:10). දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් විසින් ආරම්භ කරන ලද සභාව දැන් යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු වන පේත්‍රැස් හරහා මෙහෙයවනු ලබයි. “සියලු ජාතීන්ට ඉගැන්වීමේ” ප්‍රයත්නයට නායකත්වයදීමේ කාර්යය දැන් රඳාපවතින්නේ පේත්‍රැස් මතය (මතෙව් 28:19). නමුත් ඔහුට ප්‍රමාණවත් නොමැති බවක් හෝ බියක් දැනුනේ නම්, ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් ක්‍රියා පොතේ අපට හමුනොවේ. අපි සොයාගන්නා දේවල් නම් නිර්භීත සාක්ෂිය සහ හැරීම, ආශ්චර්යමත් සුවකිරීම්, අධ්‍යාත්මික ප්‍රකාශනයන් සහ සභාවේ සැලකිය යුතු වර්ධනයයි. දැන්, ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගයත් සමග, පේත්‍රැස් තවදුරටත් ගලීල මුහුදේ වෙරළ තීරයේ යේසුස්වහන්සේට හමුවූ නූගත් ධීවරයා නොවීය. සති කිහිපයකට පෙර ඔහු නාසරෙත්හි යේසුස්වහන්සේව හඳුනන්නේ නැති බව ප්‍රතික්ෂේප කළ නිසා දැඩිලෙස හඬා වැලපුණු මිනිසාද නොවීය.

ක්‍රියා පොතේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් උන්වහන්සේගේ ශුභාරංචිය ගැනත් ප්‍රබල ප්‍රකාශ ඔබ කියවනු ඇත. එම ශුභාරංචිය ඔබද ඇතුළුව—මිනිසුන්ව—ධෛර්යසම්පන්න අනුගාමිකයන් බවට පත්කරන්නේ කෙසේදැයි ඔබ දකිනු ඇත.

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ක්‍රියා 1:1–8, 15–26; 2:1–42; 4:1–13, 31–33

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ශුද්ධාත්මයාණන් හරහා උන්වහන්සේගේ සභාව මෙහෙයවයි.

ගැලවුම්කරුවාණන්ගේ ස්වර්ගාරෝහණයෙන් පසු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව පිහිටුවීමට ප්‍රේරිතවරුන් දැරූ උත්සාහයන් ක්‍රියා පොතෙහි වාර්තා වේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තවදුරටත් පොළොවේ නොසිටියද, උන්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ හරහා එළිදරව් කිරීම මගින් සභාව මෙහෙයවීය. ඔබ පහත සඳහන් ඡේද සමාලෝචනය කරන විට ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ නව නායකයින්ට මගපෙන්වූ ආකාරය සලකා බලන්න: ක්‍රියා 1:1–8, 15–26; 2:1–42; 4:1–13, 31–33.

ස්වාමින්වහන්සේ ඔබට දී ඇති සමහර පැවරුම්, කැඳවීම් හෝ වගකීම් මොනවාද? ඔබට මගපෙන්වීම සඳහා ශුද්ධාත්මයාණන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ආකාරය පිළිබඳව මෙම මුල් ප්‍රේරිතයන්ගේ අත්දැකීම් වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

තවත් බලන්න Bible Dictionary, “Holy Ghost.”

ක්‍රියා 2:1–18

අන්‍යභාෂා ත්‍යාගයේ අරමුණ කුමක්ද?

අන්‍යභාෂාව යනු කිසිවෙකුට නොතේරෙන භාෂාවකින් කථාකිරීම ලෙස යම් අවස්ථා වල විස්තර කරයි. කෙසේවෙතත්, මේ පිළිබඳ විස්තර කිරීමට ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා ක්‍රියා 2 හි සිදුවීම් ගැන මෙසේ සඳහන් කළේය මෙම ආත්මයාණන්ගේ ත්‍යාගය දී ඇත්තේ “පෙන්තකෝස්ත දිනයේදී මෙන්; භාෂාව නොතේරෙන අය අතර [ශුභාරංචිය] දේශනා කිරීම සඳහාය. … අන්‍යභාෂා [දීමනාවේ] ප්‍රධාන සැලසුම වන්නේ විදේශිකයන්ට කතාකිරීමය” (Teachings of Presidents of the Church: Joseph Smith [2008], 383–84). ප්‍රධාන යුදෙව් නිවාඩු දිනයක් වූ පෙන්තකොස්ත මංගල්‍යය, බොහෝ ජාතීන්ගෙන් යුදෙව්වන්ව යෙරුසලමට ගෙනාවේය. අන්‍යභාෂා ත්‍යාගය මෙම අමුත්තන්ට ඔවුන්ගේ මව් භාෂා වලින් ප්‍රේරිතවරුන්ගේ වචන තේරුම්ගැනීමට ඉඩ ලබාදුන්නේය.

ක්‍රියා 2:36–47; 3:13–21

ශුභාරංචියේ පළමු මූලධර්ම හා වත්පිළිවෙත් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට මට උපකාර කරයි.

පෙන්තකොස්ත දවසේදී යුදෙව්වන් මෙන් “අනිනලද සිත්” ඇති බවක් ඔබට කවදා හෝ දැනී තිබේද? (ක්‍රියා 2:37). සමහරවිට ඔබ කනගාටුවන දෙයක් කළා විය හැකිය, නැතහොත් ඔබේ ජීවිතය වෙනස්කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය. ඔබට මෙම හැඟීම් ඇතිවිට ඔබ කළ යුත්තේ කුමක්ද? පේත්‍රැස් යුදෙව්වන්ට දුන් උපදෙස් ක්‍රියා 2:38 හි සොයාගත හැකිය. ක්‍රියා 2:37–47 හි සඳහන් පරිදි ශුභාරංචියේ පළමු මූලධර්ම හා වත්පිළිවෙත් (ඇදහිල්ල, පසුතැවීම, බව්තීස්මය සහ ශුද්ධාත්මයාණන්ගේ දීමනාව —හෝ සමහරවිට ක්‍රිස්තුස්වහන්සේගේ දහම ලෙස හඳුන්වනු ලබන එය ඇතුළුව) මෙම හැරුණු අයට බලපෑ ආකාරය සැලකිල්ලට ගන්න.

ඔබ දැනටමත් බව්තීස්ම වී ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය ලබාගෙන ඇති නිසා ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ දහම දිගටම ක්‍රියාත්මක කරන්නේ කෙසේද? වැඩිහිටි ඩාලේ ජී. රෙන්ලන්ඩ්ගේ මෙම වචන සලකා බලන්න: “නැවත නැවතත්… [ක්‍රිස්තුස්වහන්සේ] කෙරෙහි ඇදහිල්ල තැබීමෙන්, පසුතැවිලි වීමෙන්, බව්තීස්මයෙහි ගිවිසුම් හා ආශිර්වාද අලුත් කිරීම සඳහා සක්‍රමේන්තුවට සහභාගි වීමෙන් සහ වැඩි වැඩියෙන් ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර සහකාරීත්වය ලැබීම තුළින් අප පරිපූර්ණ විය හැකිය. අප එසේ කරන විට, අපි ක්‍රිස්තුස්වහන්සේට වඩාත් සමාන වන අතර, ඒ සියල්ලම සමග අවසානය දක්වා විඳදරාගත හැකිය (“Latter-day Saints Keep on Trying,” Ensign or Liahona, May 2015, 56).

තවත් බලන්න 2 නෙපි 31; 3 නෙපි 11:31–4127; Brian K. Ashton, “The Doctrine of Christ,” Ensign or Liahona, Nov. 2016, 106–9.

ක්‍රියා 3:19–21

“ප්‍රබෝධමත් කාලය” සහ “සියල්ල නැවත පිහිටුවීමේ කාලය” යනු කුමක්ද?

“ප්‍රබෝධමත් කාලය” යන්නෙන් අදහස් කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පොළොවට පැමිණෙන සහස්‍රයයි. “සියල්ල නැවත පිහිටුවීමේ කාලය” යන්නෙන් අදහස් කරන්නේ ශුභාරංචිය නැවත පිහිටුවීමයි.

ක්‍රියා 3; 4:1–31; 5:12–42

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේගේ නාමයෙන් හාස්කම් කිරීමට බලය ලබාදී ඇත.

කොර වූ මිනිසා දේවමාළිගාවට පැමිණි අයගෙන් මුදල් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියේය. නමුත් ස්වාමින්වහන්සේගේ සේවකයෝ ඔහුට තවත් බොහෝ දේ ඉදිරිපත් කළහ. ඔබ ක්‍රියා 3; 4:1–31; සහ 5:12–42 කියවන විට; පසුව සිදුවූ ප්‍රාතිහාර්ය බලපෑ ආකාරය සලකා බලන්න:

කොර මිනිසා

පේත්‍රැස් සහ යොහාන්

දේවමාළිගාවේ සිටි සාක්ෂිකරුවන්

උත්තම පූජකයන් සහ පාලකයන්

අනෙකුත් සාන්තුවරුන්

මෙම වීඩියෝද බලන්න “Peter and John Heal a Man Crippled Since Birth,” “Peter Preaches and Is Arrested” (ChurchofJesusChrist.org).

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

ක්‍රියා 2:37

යමෙක් ශුභාරංචිය උගන්වන විට “[අපට] අනිනලද සිත්” ඇති බවක් අපට දැනුණේ කවදාද? මෙම හැඟීම අදහස් කරන්නේ කුමක්ද? අපට එවැනි හැඟීම් ඇති විට “අප කුමක් කළ යුතුද?” යනුවෙන් පැවසීම වැදගත් වන්නේ ඇයි?

ක්‍රියා 3:1–8

දේවමාළිගාවේ සිටි මිනිසා බලාපොරොත්තු වූවාට වඩා වෙනස් ආකාරයකින් ආශිර්වාද ලැබුවේ කෙසේද? ස්වර්ගික පියාණන්ගේ ආශිර්වාදය අනපේක්ෂිත ආකාරයකින් අප වෙත එන ආකාරය අප දැක ඇත්තේ කෙසේද?

පේත්‍රැස් මිනෙසෙකුව සුවකරමින්

වෝල්ටර් රනේ විසින්, මම ඔබට ලබාදුන්නා මෙන්

ක්‍රියා 3:12–26; 4:1–21; 5:12–42

පේත්‍රැස්ගේ සහ යොහාන්ගේ විශ්වාසවන්තකම ගැන ඔබව පුදුමයට පත්කරන්නේ කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ සාක්ෂියෙන් අපට නිර්භීත විය හැක්කේ කෙසේද?

ක්‍රියා 4:32–5:11

සරල ඇඳුම් හා කාසි කිහිපයක් සමග අනනියාස් සහ සෆීරාගේ විස්තරය රඟපෑමෙන් ඔබේ පවුලේ අය සතුටු විය හැකිය. මෙම කතාවෙන් අප ඉගෙනගන්නා පාඩම් මොනවාද? ඔබේ පවුලේ අවශ්‍යතා මත පදනම්ව, ඔබට අවංකකම, සභාවේ නායකයන් ස්ථීර කිරීම හෝ කැපවීම පිළිබඳව සාකච්ඡා කළ හැකිය.

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

මාතෘකාවක් තෝරාගන්න. එකට එක්ව පාඩම් කිරීම සඳහා ක්‍රියා 1–5 දක්වා මාතෘකාවක් තෝරාගැනීමට පවුලේ සාමාජිකයින්ට ඉඩදෙන්න.

යේසුස්වහන්සේගේ ස්වර්ගාරෝහණය

විලියම් හෙන්‍රි මාර්ගෙස්ටන් විසින්, ස්වාමින්වහන්සේගේ ස්වර්ගාරෝහණය